Forever (2014) English Tv Series | Sinhala Article

Forever (2014) English Tv Series

ශ්රිමත් ආතර් කොනන් ඩොයිලගේ ෂර්ලොක් හෝම්ස් කතා පිස්සුවෙන් වගේ කියවපු, ඒ පොත් එකතු කරපු අය අනන්තවත් ඇති.. මාත් ඒ කොටසෙ පිස්සෙක්. එකම පොත දහ පාාරකට වඩා කියලවලා, තාමත් වෙලාවක් තිබුනොත් කියවන්ඩ හිතෙන තරම් ඒ චරිත අපේ හිතේ ඇත්තටම ජීවත් උනා..

ලෝහිත පරීක්ෂණය, සුනඛ ශාපය, අන්තරාය අඩවියක, මේවා මතක් වෙනකොට ඒ කාලයට හිත යනවා ඇති අනිවාර්යයෙන්ම.. මේ කියන්ඩ හදන්නෙත් ඒවගෙ සීරීස් එකක් ගැන.. ඒ වගේ කිව්වෙ ෂර්ලොක් හෝම්ස් චරිතය ගැන කියවෙන එකක් නම් නෙවේ. කට්ටිය Sherlock සීරීස් එක බලලා ඇති ලොවෙත්.. ? මේක ටිකක් වෙනස්.. වෙනස් කියන්නෙ කියන්නේ මේ කතා මාලාවෙ ෂර්ලොක්ලා, වොට්සන්ලා, ලෙස්ට්රේඩ්ලා, ග්රෙග්සන්ලා කවුරුත් නෑ.. හැබැයි ඔයාලට ඒ චරිත මතක් කරාවි කතාවෙන් කතාව.. හරියට Mentalist වගේ..

එහෙනම් බලමු කොහොමද ෂර්ලොක් ට වඩා මේක වෙනස් වෙන්නෙ කියලා..

•Forever •••••••••••••••••••••••••
නොමැරෙන මිනිසා? ඒක කොහොමද ෂර්ලොක් හෝම්ස් චරිතය එක්ක සමාන වෙන්නෙ කියලා හිතයි.. මං ඒක කියන්නම්.. කතාව ටිකක් වෙනස් විදිහෙ එකක්.. පොඩ්ඩක් දිග හෑල්ලක් කියන්ඩ නම් වෙනවා… ??
මේක ABC නාලිකාව මගින් 2014-2015 කාලය අතර විකාශය කෙරුනු Crime, Drama, Fantasy කියන කාණ්ඩ තුනටම වැටෙන සීරිස් එකක්. දුකකට කියන්ඩ තියෙන්නෙ මේ සීරීස් එකේ තියෙන්නෙ එකම එක සීසන් එකක් විතරයි.. ?
දුක් වෙන්ඩ එපා.. සීසන් එකක් උනාට මේකේ විනාඩි 45 ගානේ Episodes 22ක්ම තියනවා අත දිගඇරලා බලන්ඩ..
IMDB 8.3ක ඉහල අගයක් මේ සඳහා හිමි වෙලා තියනවා. Rotten Tomatoes අගය නම් 57%ක් වගේ අඩු අගයක්.. කුණු තක්කලි අගය අඩු උනා කියලා අවුල් ගන්ඩ එපා.. මේක සුපිරිම කතාවක්..
ප්රධාන චරිතයට පණ පොවන්නෙ ප්රසිද්ධ චරිතයක් වන Loan gruffudd (කතාවේ හෙන්රි මෝර්ගන්).. Fantastic Four, Titanic, Harrow වගේම තවත්චිත්රපට රැසක ඔහු රංගනයෙන් දායක වුණා ඔබට මතක ඇති. මීට අමතරව Alana de lagarza (Jo), Donnie keshawarz(හැන්සන්), Jude hirsh (ඇබ්), සහා Joel david (ලූකස්) ප්රධාන චරිතය වටා රංගනයෙන් දායක වෙනවා..
කතාව යන්නෙ කොහොමද,මේක ෂර්ලොක් හෝම්ස් චරිතයට සමපාත වෙන්නෙ කොහොමද කියලා මං පොඩ්ඩක් කියන්නම්..
ප්රධාන චරිතය වන හෙන්රි මෝගන් කියන්නෙ අමරණීය පුද්ගලයෙක්.. කොහොමද එහෙම උනේ කියලා මං කියනවට වඩා සීරිස් එක බලලම දැනගන්න පුලුවන්.. හෙන්රි යම් හේතුවකට මරණයට පත් වුනොත්, එ මොහොතේම තම සිරුර එම ස්ථානයෙන් අතුරුදහන් වෙලා, නැවත ජලය තියන තැනකින් (ගඟක,ඇළක් මොකක් හරි එකකින්) ඒ හිටපු විදිහටම ඉපදෙනවා. හැබැයි ඇඟේ නූල් පොටක් නැතුව.. ? කතාව ගලාගෙන යන්නෙ ඒ ප්රධාන විශ්මිත කරුණ පාදක කරගෙන තමයි..
වෛද්ය වරයෙක්වන හෙන්රි ට වයස් අවුරුදු 200යි.. ? මාරයි නේහ්.. තව කල් ඉන්ඩ පුලුවං.. ? ඔහු නිව්යෝර්ක් නගරයේ ශල්ය වෛද්ය පරීක්ෂක වරයෙක් ලෙස කටයුතු කරනවා. වසර 200ක මතකය නිසා මො⁣හු ඒ කාල පරාසය තුල සිදුවූ සියලු ඉතිහාස, දේශපාලන, වෛද්ය කරුණු වලින් පිරුණු පුස්තකාලයක් වගේ චරිතයක්. නගරයේ සිදුවන මරණයන් වල මෘත ශරීර පරීක්ෂණය සිදු කරන්නෙ මොහු විසින්. විශේෂම දේ තමයි හෙන්රිට පුලුවන් යමක් නිරීක්ෂණය කරලා, ඒ මගින් සිදුවූ දෙය සම්බන්ධව නිගමනයකට එන්න. හරියට ෂර්ලොක් හෝම්ස් වගේ.. ඇත්තම කියනවනම් මොහු ෂර්ලොක් හෝම්ස් රසිකයෙක්.. අන්තර්ගතය තුල හෝම්ස්ගේ නම හා ඔහුගේ වික්රමයන් ගැන කිහිප පොලකම කියවනවා ඔබට වැටහේවි..
කතාවෙන් කතාව බලනකොට හැමෝටම තේරයි හෝම්ස්ගෙයි හෙන්රිගෙයි යම් යම් සමානකම්..
දිනක් අහම්බෙන් වගේ පරීක්ෂණ කටයුත්තකින් පසුව පොලිස් පරීක්ෂක වරියක් වන “ජෝ” සමග එකතුවෙලා නගරයේ සිදුවන මිනීමැරුම් විසඳීමට වෛද්ය වරයෙක් ලෙස දායක වන්න හෙන්රිට සිදුවනවා.. ඔහු නිරීක්ෂකයන් හා නිගමන මගින් අභි රහස් විසඳන අයුරු, ඒවායේ සැකකරුවන් හසු කරගන්නා අයුරු දකින විට ඔබට ඒ විශිෂ්ඨ ⁣ෂර්ලොක් චරිතය සිහියට නැගේවී.. කතාව දිගහැරෙන්නෙ හෙන්රි ගෙ මෙම අභිරහස් විසඳීම් එක්කයි.. පුදුමයට කරුන නම්, මෙම අමරණීය බව නිසාවෙන් සමහර අවස්ථා වලදී සිදුවු අභිරහස් මරන ගැන අධ්යනය කිරීමට හෙන්රි විසින් ඒ ඒ පුද්ගලයන් මරණයට පත්වූ ආකාරයටම මරණයට පත්වී ඒවායේ අත්දැකීම් ලබන්නට පවා පෙලඹෙන අයුරු ඔබට දැක ගැනීමට හැකි වීමයි. මෙහි අතරතුර ඇහෙන නම් ගම් වලින්, පුද්ගල චරිත වලින්, යම යම් අභිරහස් වලින් ඔබට මතක් වේවි ඒ කොනන්ඩොයිල්ගේ ⁣පොත් වල සඳහන් වුනු කතාවන්..

මෙහි ආරම්භය හා අවසානය එකට බැදී පවතින්නෙ හෙන්රි මෝර්ගන් අමරණීයත්වයට පත්වීම හා, ඊට පාදක වූ හේතුව සොයා ලැනීම යන කරුණු අතරය.. ඒ අතරේදී තවත් අභිරහස් අමරණීය එක් පුද්ගලයෙක් මොහුට හමුවෙනවා.. එය මෙහි අවසානය හා සම්බන්ධ වන ආකාරය ඔබට කතාවෙන් කතාව බලන විට තේරේවි..

⁣බොහෝ දෙනා සීරීස් එකේ නම මීට කලින් දැකලා “අප්පො මේක මෙලෝ රහක් නැතුව ඇති..” කියලා අතෑරලා දැන්ඩත් ඇති.. අන්න ඒ අයටයි, මේ කතා මාලාව නොබලපු අයටයි මං මෙච්චර දිග හෑල්ලක් ලියලා කියන්ඩ හදන්නෙ වෙන කිසිම දෙයක් නෙවේ.. අනිවාර්යයෙන්ම බලන්ඩ.. කවදාවත් පොතක පිට කවරෙන් පොතේ කැරැට්ටුව මනින්ඩ යන්ඩ එපා….. ??

හරිනු සුබසිංහ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *