Flowers of the Sky (Akasa Kusum) 2008 by Ashini Randini
? Spoiler Alert ?
ලියමනේ ආරම්භයටම සටහන් කරන්න හිතුනෙ හුදකලාව නැත්තම් තනිකම ගැන . තනිකම ගැන මහා හුඟක් අටුවා ටීකා තෙපලන්න කලියෙන් කියල ඉන්නම් රසයි කියල . මොකද මේ තනිකමේ හුදකලාවෙ වෙන කිසිම හැඟීමක හිතුවිල්ලක නොවූ විරූ අමුතුම රසයක් ගැබ් වෙලා තියෙනව. ඒ තනිකමේ තියෙන තනි රහට අපි කවුරුත් ලෝභයි . ඒ රහේ ඇලිල ගැලිල ඒ රහ විඳින්න කවුරුත් ආසයි . මොහොතකට තනිකම හිත් අස්ස පහුරු ගගා රිදුම් වේදනා දෙනව. තනි වෙච්ච හිතක් මොහොතකට මනසට සංඥාවක් කවනව , බැඳීම් රස නෑ සුවඳ නෑ සුන්දර නෑ කියල . ❤️
සන්ද්‍යා රානි නෝනත් කාලයකට කලින් වර්ණවත් බැඳීම් ගොන්නක් එක්ක හුස්ම ගන්න හිත් දාහක් වටකරගෙන ඉඳපු රටක් ලෝකයක් ආදරේ කරපු නිලි රැජිනක්.
ඕනෙම තරුවක් උනත් නිවුනට පස්සෙ ඒ තරුවෙන් දැනුනු එලිය හුඟාක් දෙනෙකුට අමතකයි . ඉතින් සන්ද්‍යා රානි නෝනත් නිවුනු තරුවක් . ❤️
ඒ තරු රස්නෙ නිවුනු සන්ද්‍යා රානි නෝන තමන් වටේට පවුරක් බැඳගෙන ඉන්න තනිකම තමන්ගෙ පාලු මකනව කියල තේරුන් අරගෙන මම කලින් සඳහන් කලා වගේ ඒ තනිකමේ හුදකලා රහ විඳින්න හුරු උනු තවත් ගෑනියෙක් .
අපිට මේ කතන්දරේ සන්ධ්‍යා නෝනා එක්කම තවත් ප්‍රබල කාන්තා භූමිකා කිහිපයක් මුණගැහෙනව .❤️
අක්කට ඇනුම් පද කිව්වත් නැතිබැරිකමක් කියාගෙන ඇවිත් අක්කගෙ දේවල් වලට ඇඟිලි ගහන අක්කගෙන් කාසි පනමක් ඩැහැගන්න බලාගෙන එන චූටි නංගි .
නිලිකම ජීවිතේම කරගෙන කැමරාව ඉස්සරහදි හම්බවෙන ප්‍රේමවන්තයව මුලු ජීවිතේම ඇස් ඉස්සරහ තියාගන්න හීන මවන තරු රැජින ශාලිකා..
? හුඟ දෙනෙක් අපිව දකින්නෙ ටීවී වලින් විතරයි ආන්ටි .
සන්ද්‍යා රානි නෝනගෙන් පලි ගන්න එක අරමුන කරගෙන ජීවත් වෙන සන්ධ්‍යා නෝනගෙ ලෙයින් උපන්නු කැරෝකේ කෙල්ල ප්‍රියා .
?️ නම මොකක්ද ?
? ප්‍රියා ගුණරත්න
?️ මෙන්සස් නැතිවෙලා කොච්චර කල්ද?
? මාස දෙකක් වගේ
?️ බැඳලද ?
? නෑ
දරුවෙක් කියන්නෙ අම්මෙකුට මේ ලෝකෙ මහඟුම සම්පත උනාට කසාදයක් බැඳල නැතුව දරුගැබක් කුසට පිලිසිඳෙන ගෑනියෙකුට ඒක පේන්නෙ පුදුමාකාර වේදනාවක් විදියට .
මට ඒ ප්‍රියා හිත් වේදනා විඳීම දැක්කම සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ කන්දක් සේමා කෘතියේ ජීවත් උනු නූපාගේ වචන පෙලක් මතක් උනා .
” අකලට කුසට වඩින්නෙපා පැටියො . උබෙ අම්මත් තාම පොඩි දරුවෙක් “
? බන්ටී , මට හැමදාමත් ඕනෙ උනේ එයා වගේ කෙනෙක් නොවී ඉන්න. ඒත් අන්තිමට එයාට වෛර කරල එයාගෙන් පලිගන්නෝනෙකමටම මාත් අන්තිමට එයා වගේ කෙනෙක් උනා. මට එයා වගේ වෙන්න බෑ. මම මේ දරුව හදනව .
? තාත්තෙක් නැතුව දරුවෙක් හදන්න පිස්සුද ? තනියෙන් ?
? උබ එක්ක
නිලිකම නිසා දරුවෙක් මල්ලෙක් අමතක උනු අම්මෙක් නිසා වෛරය පලිගැනීම එක්ක තනි උනු අසරණ දෝනියෙකුට හයියක් වෙච්ච ඒ අපූරු මිතුරිය බන්ටිත් මට මේ කතාවෙ ජීවත් උනු ප්‍රබල සැනසිලිදායක චරිතයක් . ❤️
සන්ද්‍යා රානි නෝන තනිකම පාලුව වගේම තමන්ගෙන් උනු අතීත වැරදි වලට වන්දි ගෙවාගන්න බැරිව දුක් වෙන්නෙ තවත් සෙල්ලක්කාර පිරිමියෙක් නිසා තනි උනු ශාලිකා එක්ක .
? මට පොරොන්දු වෙන්න මගෙ නරක දේවල් ඇහුවට පස්සෙ මාව දාල යන්නෙ නෑ කියල .
? ආන්ටි මොනා කිව්වත් මට යන්න තැනක් නෑ.
? පිරිමියෙකුට හැමදේම කරල ඉවර කලාට පස්සෙ තමයි පවුල නම්බුව සංස්කෘතිය මතක් වෙන්නෙ . මගෙ පවු වලට මගෙ දුව වන්දි ගෙවනව. මට නිලියක් උනාට පස්සෙ එයාවයි මහත්තයවයි අමතක උනා.
කතන්දරේ උඩු යටිකුරු වෙන්නෙ සන්ධ්‍යා රානි නෝනට ලේ කැක්කුම උඩට ඇවිත් ප්‍රියාව හොයාගෙන දුවගෙන යනකොට දරුගැබක් උස්සගෙන ඉන්න ඒඩ්ස් රෝගියෙක් වෙලා ඉන්න ප්‍රියා හැම උප්පරවැට්ටියක්ම දාල තමන්ව වදාපු අම්මව මගහරින තැනදි. පුරුශයන්ගෙ අඩත්තේට්ටම් වලින් පීඩා විඳපු වනිතාවක් අවුරුදු ගාණක් තිස්සෙ අනුන්ගෙ දරුවන්ට හෙවනක් වෙලා තමන්ගෙ දරුවව මගහැරුනු තවත් තනි වෙච්ච ගෑනියෙක් එක්ක එක්කහු වෙලා තනිකමෙන් දුක් විඳින දුවක්ව හොයනව .❤️
ඒ හැම හොයන මොහොතකම අම්මට වෛර කරපු පලි ගන්න උත්සාහ කරපු මවු සෙනෙහෙ අහිමි උනු ප්‍රියාගෙ ලේ කැක්කුම එලියට ආවත් ලෙඩෙක් වෙච්ච පව නිසා අම්මට මුහුණ දෙන්න ශක්තියක් ප්‍රියාට තිබුනෙ නෑ .
? ඔන්න උබ කියපු විදියටම මම අම්මට බොරු කිව්ව උබ මෙහෙ නෑ කියල .
? තැන්කියු .
මාරාන්තික ලෙඩක් ඇඟේ හංගගෙන තවත් ගෑනු පරානයක් කුස හොවාගෙන ඉන්න ප්‍රාන සම යෙහෙලිය වෙනුවෙන් කඳුලු හලන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් බන්ටිට තිබුනෙත් නෑ . තමන්ව අතපහුවීමකින් මගෑරුනු අම්මෙක්ට වෛර කරල තනි උනු දුවෙක් වගේම බළල් පැටියෙකුයි මෙහෙකාරියකුයි එක්ක තනි උනු අම්මෙක් වෙනුවෙන් කඳුලු පුරෝගන්න එක ඇර වෙන කරන්න දෙයක් සිනමාපටය නරඹපු මට තිබුනෙත් නෑ ..❤️
අවසානයේදී අවුරුදු ගාණක්ම විඳපු දුක් ගැහැට වලට නැවතීමේ තිතක්ද සැනසීමක්ද එහෙමත් නැත්තම් අවුරුදු ගානක්ම අම්ම තමන්ව ඈත් කරල නොදැනුවත්ව සිද්ධ කරගත්තු අකුසල වලට කරන හිලවුවක්ද කියල හරියටම නිගමනය කරගන්න බැරි රෝස පාට මොලකැටි තෑග්ගක් බන්ටි සන්ධ්‍යා නෝනගෙ අත් වලට දීල යනව .❤️
තනි උනු සන්ධ්‍යා නෝනගෙ පාලු මකන්න උන්නු ශාලිකා , බළල් පැටියා , මෙහෙකාරියගෙත් පාලු මකන්න ඉතුරු වෙන දායාදය ප්‍රියාගෙ පුංචි නිකැලැල් දෝනි.
? මෙයාවත් මට සමාව දෙයිද ?
මනුස්ස ප්‍රානීන් තමන්ගෙ සකලවිධ ජීවිතේ ඇතුලෙ නානාප්‍රකාර අකුසල කර්ම දැනුවත්ව වගේම නොදැනුවත්වත් කරගන්නව . ඒ පවු සමා කරගන්න බැරුව සමහරු ලතවි ලතවි කම්පා වෙනව .සමහරු පසුතැවීම් විඳවීම් එක්ක ජීවිත කාලයක් සුසුම් හෙලනව. සන්ධ්‍යා රානි නෝනට නම් අවසානෙ දෙන්න බැරි උනු උත්තරීතර මවු සෙනෙහෙ තිලින කරන්න , නොදැනුවත්ව උනු රිදවීම් සෝදා අරින්න පුලුවන් තෑග්ගක් හම්බ වෙනව . ඒත් මේ ලෝකෙ අපි හැමෝටම එහෙම වෙයිද ? වැරදි වැටහෙන මොහොතක් හැමතිස්සෙම නිවැරදිම වෙලාවට එන්නෙ නෑ. අන්න එතනයි අපි හැමෝම හිතිය යුතුම තැන .❤️
? ඔයාව ඉල්ලල මම අඬනකොට මගෙ තාත්ත මාව නලවන්න පුදුම දුකක් වින්දෙ. ඔයාගෙ පින්තූර කපල ඇලෙව්වෙ තාත්ත නෙමෙයි මම. ඔයා නිතරම ඇන්දෙ නිල් නිසා මගෙ අකමැතිම පාට උනේ නිල්. එතකොට ඔයාගෙ කොන්ඩෙ දිග නිසා මම මගෙ කොන්ඩෙ කොටටම කැපුව. ඔයාව කාලයක් ගියාම මිනිස්සුන්ට අමතක උනා . මගෙ බඩට දරුවෙක් නේන්න ඔයාව මටත් අමතකයි . මේ ලියුම් ඔයාගෙ අතට ලැබෙනකොට මම මේ ලෝකයෙන් ගිහින් . මගෙ ජීවිතේ හැම දිනුමකටම හැම පැරදුමකටම හේතුව උනේ ඔයා. මම හතුරෙක් හදාගත්ත . ඒ ඔයා . මම ඔයාට වෛර කලා. ඒත් ඔයා එදා රෑ මාව හොයාගෙන ක්ලබ් එකට ආපු දා මගෙ වෛරය නැත්තටම නැති උනා . දැන් මම නිදහස් …❤️
ඉතින් අවුරුදු ගානක් මුලුල්ලේ අම්ම ගැන තිබුනු අධික ආදරේ නිසාම ඒක වෛරයක් බවට හරෝගත්තු තනිකමේ රහ බලාගෙන ජීවිතේම විඳවීම් උරුම කරගත්තු දුවක් ඒ විදියට නිදහස ලබාගනිද්දි සන්ධ්‍යා නෝනත් තමන්ගෙ නිදහස හොයාගෙන තිබුන. ඒ අවුරුදු ගානක්ම අමතක කරපු අතෑරුනු යුතුකම් හොයාගත්තු ආදරණීය අම්මෙක් විදියට .❤️
ආකාස කුසුම් සම්පූර්න කතන්දරේම මාව රිද්දපු තැන් සෑහෙන්න පුරෝපු සංවේදී නිර්මාණයක් . මේ කතාවෙ සමහරවිට මුල්ම අවස්තාවකදි ප්‍රියා අම්මව හොයනව කියල පොලීසියෙ මහත්තුරු කියද්දි තමන්ගෙන් අතීතයේ උනු අතපහුවීම වහන් කරගන්න සන්ධ්‍යා රානි නෝන උත්සාහ නොකලා නම් මේ කතන්දරේ මීට වඩා බොහොම සාමාන්‍ය වගේම වෙනස් කතන්දරයක් වෙන්න ඉඩ තිබුන.ඔව් ඒ වචන කිහිපය නොකිව්වා නම් ඒ මොහොතෙම සන්ධ්‍යා නෝනට තමන්ගෙ වැරැද්ද හදාගන්නත් තිබුන .
? මගෙ දුව ? මට දුවෙක් නෑ. මුලු ලංකාවම දන්නව මම කසාද බැඳල නෑ කියල