Finding Fanny (2014) Hindi by Luckshman Aranvala
සිත්ගත් බොලිවුඩ් රංගන ශිල්පිනියන් සමඟින් පෙමින් වෙළෙන එක කුඩා කල 90 දශකයේ ඉඳන්ම සිද්ධ වෙන දෙයක්. කාලෙන් කාලෙට හිත යන තරු එක්ක පෙමින් බැඳිලා අන්තිමේදි කාලාන්තරයකට හිත නතරවුනේ නම් වසර 14 කටත් පෙරාතුව හමුවූ දීපිකා පදුකෝන් නම් සුන්දර සහ කුසලතා පූර්ණ බොලිවුඩ් රංගන ශිල්පිනිය ළඟයි. එදා ඉඳන් අද දක්වාම ඒ ආදරේ නම් එහෙම්මමයි. අද දිනට (ජනවාරි 5) යෙදෙන ඇගේ ජන්ම දිනය නිමිත්තෙන් දීපිකාගෙන් දුටු සුවිශේෂී රංගනයක් ඇතුළත් චිත්‍රපටයක් ගැන වසර 5 කට පෙර තැබූ සටහනක සංශෝධනයක් මේ…
‘Finding Fanny’ (2014)
නිකුත් වෙන්නටත් පෙර ඉඳන්ම නරඹන්නට අවශ්‍ය කල හේතු 3 ක් තිබුණා. ප්‍රධාන රංගන ශිල්පිනිය වෙන්නේ Deepika Padukone, අධ්‍යක්ෂකවරයා වෙන්නේ ‘Cocktail’ (2012) අධ්‍යක්ෂණය කළ Homi Adajania සහ ‘Letters To Juliet’ හොලිවුඩ් ෆිල්ම් එකේම රීමේක් එකක් කියල දැනගන්නට ලැබුණා වශයෙනුයි හේතු ත්‍රිත්වයේ පෙළගැස්ම වෙන්නේ. Letters To Juliet හා සමානකම් තිබුණට මුළුමනින්ම වෙනස් කතන්දරයක් නිසා රසවින්දනයට බාධාවක් වුණේ නෑ. නමුත් රේටින් අගය නම් ඉතාම පහළයි. තැකීමක් නැති නිසා අදාළම නෑ. බලාපොරොත්තු වූ පරිදිම අපූරු වෙනස්ම චිත්‍රපට අත්දැකීමක් ලබන්නට හැකිවුණා. තිරය තුළින් හැමදාමත් දකින ආකර්ෂණීය Deepikaගේ තවත් සුන්දරම වෙනස්ම නිරූපණයක් දකින්නට ලැබීමයි පෞද්ගලික රසාස්වාදයට අනුව මම අත්විඳි ඉහළම දේ වෙන්නේ. නමුත් සමස්තයක් වශයෙන් පස් දෙනෙකුගෙන් යුතු මේ අපූරුම චරිත සුසංයෝග වල මිශ්‍රණය නිසාමයි චිත්‍රපටයේ සාර්ථකත්වය රැඳී තිබෙන්නේ.
අසීමිතව ආලය කරන ඇයට යැවූ කුළුඳුල් පෙම් හසුන හැරෙන තැපෑලෙන් යළි ඔහුට ලැබෙන්නේ වසර 45ට පසුවයි. ඈ වෙනුවෙන් එතරම් කාලයක් පෙරුම් පිරූ ඔහු යළිත් ඇගේ අත පතා ඈව සොයා යන්නට තීරණය කරන්නේ ගතින් වියපත් වුවත් සිතින් තවමත් තරුණ වූ ප්‍රේමනීය හදවතක් තවමත් ඔහු සන්තකයේ පවතින නිසායි. අහිමි වූ ආදරය සොයා යන ගමනේදී ඔහුට සහය වන්නට, ඔහු සමඟ එක්ව යන්නට සැදුම් ලබන කණ්ඩායමක් සමඟින් අපූරු Road Trip චිත්‍රපටයක මිහිරියාවයි Finding Fanny තුළින් විඳින්නට ලැබෙන්නේ. Fannyව සොයා යන ආදර මෙහෙයුම අවසානයේදී සියල්ලන්ගේම ජීවිත වෙනස් කරවන දෛවෝපගත සිදුවීමක් වීමයි අවසන් ප්‍රතිඵලය වෙන්නේ. වෙනස් තේමාවන් ඔස්සේ නැවුම් වන වර්තමාන බොලිවුඩ් සම්ප්‍රදායට අවශ්‍යම කරන රටාවක් විදිහට එකල මේ චිත්‍රපටයෙන් ලොකු වෙනසක් දැනුණා. විශේෂයෙන්ම සංගීතයෙනුත් ඒ වෙනස මනාව ඔප් නංවා තිබුණා. රේටින් අගයන් නොතකා වෙනස් චිත්‍රපට රසවිඳින පිරිසකට පමණක් නිර්දේශ කරනවා.
*****************************************************
Directed by
Homi Adajania
Written by
Homi Adajania
Kersi Khambatta
Produced by
Dinesh Vijan
Starring
Naseeruddin Shah
Dimple Kapadia
Pankaj Kapur
Deepika Padukone
Arjun Kapoor
Narrated by
Deepika Padukone
Cinematography
Anil Mehta
Music by
Mathias Duplessy
Sachin-Jigar
Country
India
Languages
English
Hindi