Fifty Shades of Grey (2015) English bu Viduni Hettiarachchi
ප්‍රේමය පාරිශුද්ධභාවය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් දැනෙන, විදින, හැගුම් ඝට්ටනයේ අසීමිත ඵලය. ආදරය වදනින් විතරක් ප්‍රකාශ නොකර, දැනෙන්න ආදරය කරනව නම් උමතුවකින් දෙදෙනා ආත්මයෙන් බැදේවී වැඩිකල් නොගොසින්ම.
ආසියානු රටවල, චාරිත්‍ර, වාරිත්‍ර, සම්ප්රදාය අනුව සිතින් බැදීම පලමුව, ගතින් බැදීම විවාහයෙන් පසුව. එහෙම නොවුනෝතින් සමාජයෙන් එල්ල වේවී ප්‍රහාර. බටහිර ක්‍රමේ නම් හාත්පසින් වෙනස් කියලා දැනටමත් අපි දැනුවත්නේ. #Living_Together , #One_Night_Stand එහෙම අමුතු සංකල්ප නෙවෙයි. දැන හදුනාගන්නව කියලා පෝන් එකෙන් මල් කඩන එකම එයාල කරන්නෑනේ, #Date වලට ගිහින්, එතනිනුත් එහාට සම්බන්ධය යන, ඒ කෙනාව ඕකේ නැත්නම්
#Break_Up වෙන්න උපරිම නිදහස ඔවුන්ට හිමියි. ( ඕවා මෙහෙ අපි කරන්න ගියෝතින් ආයි ඒ ගැන කවර කතාද )
අද ගේන කතාවත් වෙනස් කතාවක්……
Anastasia තමන්ගේ මිතුරිය අසනීපෙන් පසුවන නිසා එයා වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරිකයෙක් ගෙන් ඉන්ටවිව් එකක් ගන්න යන ඉරණම් ගමනින් චිත්‍රපටිය ආරම්භ වෙනවා.
ඔහුගේ ඔෆිස් එකට යනවා නෙවෙයි, ඇයව වැටෙනව කිව්වොත් නිවැරැදී, ඔහු එනවා, අත දෙනවා,පලමු ස්පර්ශයෙන්ම දෙන්න අතර විදුලි සැරයක් වැදුනා වගේ ෆීලින් එකක්. ඔහු
Christian Grey කෝටිපති ව්‍යාපාරිකයෙක්. සම්මුඛ සාකච්ඡාව අතරෙදී දෙන්නගෙ ඇස් දෙන්න වෙතම ඇලවිලා, මින් පෙර නොවිදි ආශ්වාදජනක හැගුම් ඇයව වෙලාගෙන. අන්තිමට ඔවුන් සමුගනිද්දි
ඇයගෙ මුවින් ” ක්‍රිස්ටියන් ” ලෙසත්
ඔහු ඇගේ නම ” ඇනස්ටාසියා ” ලෙසත්
පවසද්දී ලිෆ්ට් එකේ දොරවල් වැසෙනවා. ඒත් නව දොරක් ඇගේ හදේ විවෘත වෙලා.
ඔහු ඇය වැඩ කරන තැනටත් ඇවිත්, දෙන්න ආයි හම්බවෙනවා. ඔහුගේ පොටෝෂූට් එකක් කරන්න ඇය ඉල්ලුවහම ඔහු ඒකටත් එනවා, ඔහු ඇත්තෙන්ම මාරම කඩවසම්. දෙන්න කෝපි එකක් බොන්නත් යනවා. ඇය ඔහුට ආදරණීය විදිහට බැදිලා ඒත් ඔහු, ඔහු ආදරබර, ආදරණීය, කෙනෙක් නොවෙයි කියලා ඔහුම පිළිගන්නවා, ඔහුට ඕනේ වෙන දෙයක්. ඇය බීල වැඩිවෙලා ඔහුට කතා කලාම, ඔහු එනවා ඇයව රැගෙන යනව, ඒත් ඇයට ලංවෙන්නට තාමත් ඔහුට බැහැ. ලිෆ්ට් එකේ, ඒ පාලනය ඔහුගෙන් ගිලිහිලා ප්‍රථම හාදුව හුවමාරු වෙනවා.
කෙල්ලෙක්ට මොකක්ද තියෙන ලොකුම සිහිනය, කවදා හරි, සුදු අසු පිටේ නැගලා, තමන්ගේ කුමාරයා ඇවිත් ඇයවත් කැන්දන් කුමාරිකාවක් වගේ ආදරයෙන් බලාගන්න එක නේද ?
ඇනස්ටාසියා ට ඕන වුනෙත් ඒ වගේ, අවසානය සතුටින් ඉවර වෙන කතාවක්.
ඒත් ඔහු ආදරය විශ්වාස නොකරන, ලිංගිකව එකතුවෙන එකට විතරක් අවධානය දෙන පුද්ගලයෙක්, ඔහු එහෙමයි ඒක කවදාවත් ඔහු වෙනස් නොකරනවා කියලා ඔහුම කියනවා.
ඒත් ඇය, මින් පෙර ඔහුට හමුවු ගැහැනුන්ට වඩා වෙනස්, ඇය තමයි ඔහුගේ සයනය බෙදාගත් පළමු කාන්තාව, ඔහුගේ දෙමව්පියන් හමුවූ පළවෙනි කෙල්ල. ඔහු ඇයට සියලු සැප සම්පත් දෙන්න පොරොන්දු වෙනව, නමුත් ආදරය තහනම් වචනයක්.
ඉතින් ඇනස්ටාසියා මේ විදිහට ප්‍රේමයක් නැති ශරීරයේ සුවය විතරක් පතන පිරිමියා සමග ජීවත් වේවිද ? ඇගේ සිහින කුමරා ඔහු නොවේවීද ? ඇයගේ ශරීරයටත් වඩා සිතට පමුණුවන ලබන වේදනාවන් ඉවසන්න බැරිව ඔහුව දමා යයිද ?
++++++++++++++++++++++++++++++++++++
මේ චිත්‍රපටිය අතිශයින්ම වැඩිහිටියන් සදහා පමණි.
E.L James කතුවරියගේ පොත් Trilogy එක
අනුසාරයෙන් සැදුනු පළමු චිත්‍රපටියයි.
ප්‍රධාන චරිත Dakota Johnson, Jamie
Dornan
සිංහල පරිවර්තන ලෙසින් මේ පොත් මාලාව රසවිදිය හැකියි.
නෙගටිව් රිවිව්ස් ලැබුනත්, එක රැයකින්ම ලොව පුරාම ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපටියකි.