Fantastic Beasts: The Secrets of Dumbledore (2022) English | Sinhala Article

Fantastic Beasts: The Secrets of Dumbledore (2022) English by Malintha Vithanage

“Fantastic Beasts – The Secrets of Dumbledore දියාරුයි…

චිත්රපට අටකින් සමන්විත “හැරි පෝටර්” චිත්‍රපට මාලාව ලොව පුරා අතිශය ජනප්‍රිය වු චිත්‍රපට මාලාවක්. එදා මෙදා තුර ඉහළ ආදායමක් ඉපැයු මෙම චිත්‍රපට මාලාවට පාදක වුයේ බ්‍රිතාන්‍ය ජාතික ජේ.කේ.රෝලින්ග් ලේබිකාව විසින් රචිත “හැරි පෝටර්” නමි ළමා මායාකරැවාගේ චරිතය වටා බැඳුණු සිද්ධි දාමයන් ව⁣ටායි. ඈ විසින් හැරී පෝටර් චරිතය වටා බැඳුණු කෘති සහ නාට්‍යන්ද රචනා කර තිබෙනවා. 2016 වසරේ පැමිණි Fantastic Beasts and Where To Find Them චිත්‍රපටයද හැරී පෝටර් කතාව හා බැඳුණු චිත්‍රපට පෙළක මුලාරම්භයකි.

“Fantastic Beasts and Where To Find Them” චිත්‍රපටයේ දී කුඩා හැරී පෝටර් “හොග්⁣වෝර්ටිස්” මායා පාසලට ඇතුළු වීමට වසර 70කට පෙර නිව්යෝර්ක් නගරයේ රහසිගත මායාකරැවන්ගේ සංගමයේ සාමාඡීකයෙක්ව සිටි නිවිටි ස්කැමැන්ඩර්ගේ ත්‍රාසජනක අත්දැකීමි දැකබලා ගන්නට හැකි වුනා.1926 අවධිය පසුබිමි කරගත් එහි ඇතුලත් වන්නේ ස්කැමැන්ඩර් ලොව පුරා සංචාරය කර සොයාගත් අද්භූත සත්ත්වයන් පිළිබඳ වාර්තාව නිම කර නිව්යෝර්ක් නගරයට පැම්ණීම සමඟ කතාවයි.

පළමු චිත්‍රපටය අවසාන වන්නේ ප්‍රබල, දුෂ්ට මායාකරැවකු වන ගෙලර්ටි ග්‍රීන්ඩල්වෝල්ඩි අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟය. “Fantastic Beasts Crime Of Grindelwald” චිත්‍රපටය ආරම්භය සිදුවන්නේ ගෙලර්ටි ග්‍රීන්ඩල්වෝල්ඩිගේ පළා යාමත් සමඟය. ෆැන්ටෑස්ටික් බීස්ට් චිත්‍රපට මාලාවෙි තුන්වන චිත්‍රපටය වන “සීක්‍රටි ඔෆ් ඩමිබල්ඩෝර්” චිත්‍රපටයේ කතාව දිවෙන්නේ ග්‍රීන්ඩල්වෝල්ඩිගේ දුෂ්ට සැලසුමි වළක්වාළන්නට නැවතත් නිවිටි ස්කැමැන්ඩර්ගේ ආගමනය සහ නීවිටිගේ පැරණි මායා ගුරැවරයා වන ඇල්බස් ඩමිබල්ඩෝර්ගේ සංවිධානය කෙසේද යන්න පිළිබඳවයි. ග්‍රීන්ඩල්වෝල්ඩි ප්‍රමුඛ ඹහුගේ දුෂ්ට සමාගමය අඳුරැ බලවෙිග හමුවේ ඇල්බස් ඩමිබල්ඩෝර් සහ නිවිටි ස්කැමැන්ඩර්ගේ කාර්යබාර්ය කුමක්ද යන්න Fantastic Beasts ; The Secretd Of Dumbledore චිත්‍රපටය හරහා දිග හැරෙනවා.

මුල් චිත්‍රපට දෙකට සාපෙක්ෂව බලාපොරොත්තු වුනු තරමි මහලොකු WOW එකක් එන විදියේ විශ්මිතබවක් නමි තිබුනේ නෑ Fantastic Beasts තුන්වැන්නේ. ෆැන්ටෑස්ටික් ගතිය ස්ක්‍රිප්ටි එකෙන් ලෙප්ට් වී තිබුනු සේයාවක් තමා තිබුනේ. මට අනුව නමි ෆිල්ම් එකේ තිබුන ලොකුම Disappointed එක තමයි powerful ක්ලයිමැක්ස් එක නොතිබීම. ක්ලයිමැක්ස් එක තව හොඳට Build up කරලා හොඳ අවසානයක් දෙන්න තිබුනා කියන එකයි මගේ අදහස. බලාපොරොත්තු වන මටිටමෙි ආකර්ෂණීය විශ්මිත ක්‍රියාදාමයන් නමි “Secret Of Dumbledore” තුල නමි දක්නට ලැබුනේ නෑ.

ජොනී ඩෙප් තමා ග්‍රින්ඩල්වෝ්ල්ඩ් චරිතයට ගැලපෙනම නළුවා. ඔහුගේ අඩුව දැනුනා ගොඩක්. ඔහුගේ ඉවත් කිරීම නිසා මැඩිස් මිකල්සන් ග්‍රින්ඩල්වෝ්ල්ඩ්ගේ චරිතය වෙතට ආදේශකයා බවට පත් වුනත් චිත්‍රපටය සාර්ථක වෙන්න ඔහුගේ රඟපෑම මද ගතියක් දකින්න ලැබුනා. චිත්‍රපටය තුල තිබු රිද්මය පවා වෙනසකට ලක් වී තිබුනා. ඒ කෙසේ වෙතත් චිත්‍රපටය නරකමත් නෑ යන්න චිත්‍රපටය නරඹා හිතට ආවා. හේතුව චිත්‍රපටයේ කතාව ඩ්‍රැමැටික් පැත්තට බර කරලා තිබුන හින්දාමත්, පසුතල නිර්මාණය වගේ දේවල් හොඳටම කරලා තිබුනු නිසාමයි. ජේමිස් නිව්ටන් හොවාර්ඩ්ගේ සංගීත නාද රටාවන් චිත්‍රපටය ආරම්භය සිටම කුල්මත් කරන්නට සමත් වෙනවා. ඒ හරහා විශාල ආලෝකයක් චිත්‍රපටයට සපයනවා. මිලියන 200ක් වැනි අති දැවැන්ත මුදලක් වියදමි කරලා හදලා තිබුනට ආදායම තිබුනේ සාපෙක්ෂව ඩොලර් මිලියන 396ක් වගේ අඩු ආදායමක්. ඒ කියන්නේ ෆිල්ම් එක ෆේල්. Wizarding World හෙවත් ජේ.කේ. රෝලින්ගේ මායාකාරී ඉන්ද්‍රජාලික ලෝකය පිළිබඳ පාදක කරගත් මෙතෙක් නිෂ්පාදිත සියළුම චිත්‍රපටයන්ගෙන් ලබාගත් අඩුම ආදායම ලැබු චිත්‍රපටය ලෙස Fantastic Beasts – The secrets of dumbledore අවසනාවන්ත ආකාරයට වාර්තා පොතට එකතු වුනා. සමස්තයක් හැටියට ෆැන්ටෑස්ටික් බීස්ට් තුන්වැනි ෆිල්ම් එක තමයි මම දැනට බලපු රෝලින්ගේ “Wizarding Univers” එකේ Disappointed වුනු එකම ෆිල්ම් එක.

Fantastic Beasts: The Secrets of Dumbledore scored 6.2 out of 10 on IMDb.

Fantastic Beasts: The Secrets of Dumbledore scored 46 percent on Rotten Tomatoes.

Fantastic Beasts: The Secrets of Dumbledore scored 47 percent on Metacritic.
72% liked this film Google users
Release date: April 28, 2022 (United Arab Emirates)
Director: David Yates
Distributed by: Warner Bros. Pictures

මලින්ත විතානගේ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *