Falguni Pathak Indian Singer | Sinhala Article

Falguni Pathak Indian Singer

ෆල්ගුනි පතක්…
Dandiya Queen…

ඉන්දියාවේ බොලිවුඩයේ බිහිවුනු ගිත තරමට ඇගේ ගිත ගොඩක් ජනප්‍රියම වුනා. ඇය චිත්‍රපට පසුබිම් ගායිකවක් ලෙස කටයුතු කලේය. 90 දශකයේ හින්දි සින්දු අහපු කාටවත් ඇය අමතක කරන්න බැහැ. ඇය නමින් ෆල්ගුනි පතක් නම්වේ. 1969 මාර්තු 12 දින මුම්බායි හි උපත ලැබු ඇය අද ඉන්දියානු ගායිකාවක්, රංගන ශිල්පියෙක් සහ රචකයෙකි. ඇගේ සංගීතය ඉන්දියානු ගුජරාට් ප්‍රාන්තයේ සාම්ප්‍රදායික සංගීත මත පදනම් වේ. ෆල්ගුනි පතක් මුම්බායේ M.M.K. College of Commerce & Economics විශ්ව විද්‍යාලයේ සිය වාණිජවේදී උපාධිය සම්පුර්ණ කරන ලදි.

ඇය ජන සංගීතය පිළිබඳ පුහුණුව දීපලිබන් භිල්ගෙන් ලබා ගත්තාය. ඇය භව්දීප් ජයපූර්වාල් යටතේ වසර 5 ක් පුහුණුව ලැබුවාය. ඇගේ ගීත බොහොමයක් කේන්ද්‍රගත වී ඇත්තේ ආදරය පිළිබඳ අදහස වටාය. ඇගේ අනුගමනය කලේ ඇයගේ අධ්‍යාත්මික ගුරු ශ්‍රී අනිරුද්ධ බාපු ය. 1987 දී අරම්භ කල ඇයගේ වෘත්තීය දිවියේ සිට ඇය ඉන්දියාව පුරා විශාල රසික පිරිසක් සිටින කලාකරුවෙකු බවට පත්ව ඇත. ඇය ඉන්දියානු මැඩෝනා ලෙස ජනප්‍රිය වුනා. ඇය පළමු වරට ගීතයක් පටිගත කළේ වයස අවුරුදු 10 දී අල්කා යග්නික් සමඟ ගුජරාටි චිත්‍රපටයක් සඳහා. ඇය බොලිවුඩයට පිවිසියේ ආන්දියන් (1990) චිත්‍රපටය සඳහා “කා මිල් ගයි දුස්රි” ගීතයෙනි. පතක්ගේ පළමු ඇල්බමය 1998 දී නිකුත් කරන ලදී. එය ඉන්දියාව පුරාවටම ජනප්‍රිය වන්නට විය.

ඇය විසින් ගැයු අතිශයෙන් ජනප්‍රිය ගිත…

1. Maine Payal Hai Chhankai..
youtube.com

2. Meri Chunar Udd Udd Jaye…

youtube.com

3. Saawan Mein…

youtube.com

4. Aiyo Rama…

youtube.com

5. Chudi…

youtube.com

6.Yeh Kisne Jadu Kiya

youtube.com

7. Pal Pal Teri Yaad..

youtube.com

ප්‍රබෝධ මධුශංඛ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *