Fahadh Indian Actor | Sinhala Article

Fahadh Indian Actor by  Hirusha Kasun

” මගේ ළමා කාලයේදි මට චිත්‍රපට පිළිබඳව තියෙන ළබැදිම මතකය තමා මගෙ පියා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් රූගත කිරීමේ ස්ථානයක , මගේ පියාගේ ඔඩොක්කුවේ වාඩි වී සිටීමට ලැබීම. ඔහු ‘වැස්ස’ කියුවිට ඒ ස්ථානයට වහින්න පටන් ගන්නවා, පසුව ඔහු ‘ ගීතය ‘ යැය් කියුවිට මිනිසුන් නටන්නට පටන් ගන්නවා. මම හිතුවේ මම මේ දෙවියන්ගේ ඔඩොක්කුවේ ඉඳගෙන ඉන්නෙ කියලා. “

මේ මොහොත වන විට ඉන්දියානු සිනමාව සතුව ඉන්න ප්‍රබලම පෞරුෂයක් වන ෆාහඩ් ෆාසිල් ඔහුට කුඩාකාලයේ සිනමාව සමග තිබූ කිට්ටුම මතකය ගෙන එලෙස පවසනවා. ෆාහඩ්ගෙ පියා සුප්‍රකට මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂක ෆාසිල්. ඒ නිසාම බැලූ බැල්මට සිනමාව තුල ඉතාම පහසුවෙන් ස්ථාවර වන්නට ඉහල අවස්ථාවක් ඇති නලුවෙක් විදිහට ෆාහඩ්ව පෙනුනත් ඒක එසේ උනේ නැහැ. ඔහු සිනමාවට පිවිසෙන්නේම 2002 වසරේ ඔහුගේ පියා අධ්‍යක්ෂණය කල අසාර්ථක චිත්‍රපටයක් තුලින් . එවකට ඔහුගේ වයස අවුරුදු දහනවයක්.

” මම ඊට මගේ පියාට දොස් නගන්නේ නැහැ. ඒක ඔහුගේ වරදක් නෙවෙය් මගේ වරදක් , මම රගපාන්න පැමිණියේ මගේ පැත්තෙන් කිසිම සූදානමකින් තොරව “

2002 වසරේ ෆාහඩ්ව සිනමාවට හදුන්වා දුන් ඒ චිත්‍රපටය අසාර්ථක වීමෙන් පසුව ඔහු සිනමාවෙන් ඉවත්ව එක්සත් ජනපදය බලා පිටත්ව යනවා. ඒ අධ්‍යාපන කටයුතු කිරීමේ අරමුණින්. ඉන් වසර හතකට පසුව ෆාහඩ් නැවතත් සිනමාවට පිවිසෙනවා. එවකට අවුරුදු දහනවයේදී සිනමාවේදී අසාර්ථක වූ ෆාහඩ් අවුරුදු විසිපහේදී සාර්ථක වනවා . ඒ 2009 වසරේ තිරගත වූ කේරල කැෆේ චිත්‍රපටය හරහා . මේක ඇන්තොලොජියක් . කේරල කැෆේ ෆාහඩ්ගේ සිනමාවේ දෙවෙනි ගමන සනිටුහන් කරනවා . නිරන්තරයෙන් වෙනස් චරිත චිත්‍රපට වල සිදුකරමින් රංගනය පිළිබඳ ස්වයං අධ්‍යනයක නියැලෙන ෆාහඩ් 2011 හා 2012 වසරවල ඔහුගේ රංගන ජීවිතයේ ප්‍රථම සංධිස්ථානට පැමිණෙනවා ඒ Akam හා Chappa krishu වෙනුවෙන් කේරල ප්‍රාන්ත සම්මාන උළෙලේදී හොදම දෙවන නලුවා සම්මානය හිමිකර ගැනීම සමග.

ෆාහඩ්ගේ සිනමා දිවියට වසන්තය පැමිණෙන්නේ ඒ 2012 වසරෙන් පසුව . 2012 වසරේදී ඔහු ඔහුගේ ප්‍රථම දුෂ්ඨ චරිතය 22 Female kottayam හරහා සිදුකරනවා. චිත්‍රපටය ෆාහඩ්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වන්නේ ඊට විචාරකයන් ගෙන් ලැබුන කොළ එලිය නිසාවෙන් . ඒ වසරේම තිරගත වූ අතිසාර්ථක චිත්‍රපටයක් වූ Diamond Necklace හීද ප්‍රධාන චරිතය කරන ෆාහඩ් ඉන් අකරතැබ්බ රැසකට මුහුණ පානවා. ඒ ඔහු සිගරැට්ටුවක් පානය කරමින් සිටින පෝස්ටරයක් සිනමා ශාලාවක් ඉදිරියේ ප්‍රදර්ශනය වීම නිසා , එය දුම්පානය ගැන මහජන මතයට බලපෑම් කල හැක්කක් ලෙස හුවා දක්වමින් උසාවියට ඉදිරිපත් වූ නඩුවක් නිසාවෙන්.

ඒ වසරෙන් පසුව දිගින් දිගටම අතිසාර්ථක වන්නට ෆාහඩ් සමත්වනවා Annayum Rasoolum , Amen , North 24 Katham , Oru Indian Pranayakatha , Iyobinte pusthakam , Bangalore days , Maheshinte Prathikaaram , Take Off වැනි චිත්‍රපට තුලින් මලයාලම් සිනමාවට නැතුවම බැරි නලුවෙක් බවට පත්වන ෆාහඩ් , මෙතර්ඩ් ඇක්ටර් ලේබලය තමාට අලවගන්නට මුල් පියවර තබන්නට සමත්වනවා. 2017 වසරේදී Thondimuthalum Driksakshiyum හී ඉදිරිපත් කල රංගනය වෙනුවෙන් හොදම සහය නලුවාට හිමි ජාතික සම්මානය තමාවෙත ලබාගන්නා ෆාහඩ් සමස්ත ඉන්දියාවෙම අවධානය තමාවෙත ලබාගන්නවා.

2017 න් පසුව එතෙක් ෆාහඩ් නම් නලුවා , තරුවක් වීමට අවශ්‍ය කටයුතු සැලසෙනවා Varathan , Njan Prakashan , Kumbalangi Nights , Athiran , Super Dulexe , Trance , Cu Soon , Malik , Joji වැනි නිර්මාණ තුලින් Actor + Star විදිහට එලිදකින ෆාහඩ් ෆාසිල්ට කුම්බලන්ගි නය්ට්ස් හී ඉදිරිපත් කල ප්‍රතිවීර චරිතය ඔහුට කල්ට් ෆලෝවින් එකක් නිර්මාණය කර දෙනවා. ඒ එහි ඔහුගේ දෙබස් නිතර නිතර සාමාන්‍ය කතාබහට එක්වීම සමග. Vikram , Pushpa වැනි නිර්මාණ තුලින් මලයාලමෙන් පිටතද හොද ස්ටාර්ඩම් එකක් හදාගන්න ෆාහඩ්ට හැකිවනවා.

” මම නිතරම දකින්නෙ මගෙ වැරදිමය් , මම හැමවෙලේම හිතනවා මට ඊට වඩා හොදට ඒක කරන්න තිබ්බනෙ කියලා ෆාහඩ් ෆාසිල් , ෆාහඩ් ෆාසිල් කියන බ්‍රෑන්ඩ් එක උනේ ඔහුගේම උත්සාහයෙන්. ෆාහඩ්ගෙ චිත්‍රපටයෙන් චිත්‍රපටය ඔහු රංගන ශිල්පියෙකු විදිහට ලබන සීග්‍ර සාර්ථකත්වය පෙන්නනවා. බහුතරයක් ඉන්දීය රංගන ශිල්පීන් එන්න එන්න වල ට වැටෙද්දි , ෆාහඩ් එන්න එන්න ඉස්සරහට යන්නෙ ඒ නිසා

” මට අවශ්‍යවෙන්නෙ මිනිස්සු මගෙ චිත්‍රපට නැරඹීම , තවත් සම්මානවලට වඩා මට ඒක වටිනවා “

තරුවක් වන්නට නම් මුලින් නලුවෙක් විය යුතුය්. වර්තමාන ගෝලීය සිනමාව සමග ගැටෙන්නට පුලුවන් පෞරුෂ සංවර්ධනයක් සිදුවන්නෙ එවිට . ප්‍රේක්ෂකාගාරය හැම විටම විවිධාකාරය්. කලාකාරුවා ඒකාකාරීනම් ඔහු ඉතාම ඉක්මනින් ප්‍රේක්ෂකාගාරය ප්‍රතික්ෂේප කරනවා ෆාහඩ් ෆාසිල් ඔය ෆැක්ට් එක නාඩියට අල්ලගත්ත පුද්ගලයෙක්. ඒකය් ඔහු ඔහුට ලැබෙන සෑම අවස්ථාවකම ඔහුගේ රංගනය තුල විවිධත්වය කියන කාරණාව හැමවෙලේම අංක එකට තබා ගන්නෙ. !

සුභ උපන්දාවක් ඔහුට

හිරුෂ කසුන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *