F9 The Fast Saga (2021) English | Sinhala Article

F9 The Fast Saga (2021) English

Action/Adventure ‧ 2h 25m

88% liked this film Google users

පටන් ගන්නම් මම මෙහෙම.අද කාලේ බොහෝ ඉන්නෙ විවේචනය කරන්න බලන් ඉන්න සිනමාලෝලීන් විතරයි.ඒ කියන්නෙ හැමෝම බලන්නෙ රැල්ලට එන ෆිල්ම් වල අඩුපාඩු හොයන එක.ඒක මන් හිතන්නෙ ෆිල්ම් බලන මිනිස්සු අනුව වෙනස් වෙනවා.සමහර මිනිස්සු ඉන්නව බලන්නෙම තෙලිගු,මලයාලම් විතරයි.සමහරක් ඉන්නව English විතරමයි බලන්නෙ.සමහරු හින්දි විතරමයි.තව කොට්ඨාසයක් ඉන්නව එන්නෙ මොකක්ද ඒ හැම එකම බලන.(කාලකන්නි)උදාහරනයක් විදියට ගත්තොත් මම වගේ?.කොහොම හරි මේ අවුරුද්දෙ කට්ටිය සෑහෙන්න ටිපර් උන film එකක් තමා F9 එක.මොන තරන්ද කියනවනම් මන් වෝල් එකේ වැඩියෙන්ම දැක්කෙ ෆිල්ම් එකේ නොතිබුනා කියපු තාත්වික බව ගොඩක් අය හොයල තිබ්බ එක.

හරි ෆිල්ම් එක බලපු නොබලපු හැමෝටම මෙහෙම කියන්නම්.F series එක මුල ඉදන් බලපු එකෙක්නම් කවදාවත් මන් හිතන් නෑ ඒකෙ තාත්වික කාර් ජවනිකා හොයයි කියල.මොකද ඒ සීරීස් එක පුරා තියෙන්නෙ මවාපෑම්.එහෙම සාමාන්‍ය ලෝකේ හීනෙකින්වත් වෙන්න බෑ.ඔය කට්ටිය ගොඩක් සීරීස් එකේ පලවෙනි එක දෙවනි එක ටෝකියෝ ඩ්‍රිෆ්ට් හොදයි කියන්නෙ ඒ ෆිල්ම් සීරීස් එකේ මුල් සෙට් එක නිසා.මොකද බොරු ඕනවට වඩා එක දිගට බලද්දිත් මිනිස්සුන්ට එපා වෙනවා.ඒක සාදාරනයි.ආයෙ කට්ටියගෙන් ඉල්ලන්නෙ හිත් වල තියන හොදම ෆිල්ම් එක ඔලුවට අරන් අලුතෙන් එන ෆිල්ම්ස් බලන්න එපා.මට නම් ඔය ආව ෆිල්ම් ඔක්කොම සෙට්.හොදම එකම කියල කිසිම තැනක කියන් නෑ.මොකද මන් #බාගී3 එකටත් රිවිව් එකක් කරා.ඒක කියවපු අය දන්නව මන් කියන්නෙ මොකක්ද කියන එක.ෆිල්ම් කිසිම එකක් ඔය කියන තරන් චාටර් නෑ.මොකද ඔය කියවන හැම එකාම ෆිල්ම් එක ආව ගමන් අරන් බලනවා.ඒ වගේම ඊලගට එන අන්තිම ෆිල්ම් දෙක F series එකේ 10 එකෙ part 1-2 දෙකමත් අනිවා බලනවා.
සීරීස් එකට පෝල් නැති එකත් ලොකු අවුලක්.කෙසේ නමුත් ආයෙ රොක් F series එකේ බලාගන්න වෙන් නෑ.ඒ උනාට end එකේ දෙන ස්ටැතම් සහ පෝල්ගේ සීන් එක අන්තිම ෆිල්ම් දෙකට තව ටිකක් ආසාව වැඩි කරා…

ෆිල්ම් එක ඇත්තටම boring නැතුව මගෙ වචනෙන් කියනවනම් බත් ටිකක් වගෙ කනකොට ලල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක්.ඔය තාත්වික බොරු අඩු සීන් තිබ්බ නම් ඒව ඇත්තටම එහෙම උනානම් පෝල් වෝකර් උනත් ජීවතුන් අතර ඉන්නවා.රෝමන් ෆිල්ම් එක ඇතුලෙදිම කියනවා වාසනාවද නැත්නම් සුපිරි වීරයොද කියල.වාසනාවනම් ඔය තරන් තියෙන්න විදියක් නෑ.එකෙන්ම සුපිරිවීරයෝ.තව දෙයක් දෙමල හින්දි විතරක් බලන සමහර මිනිස්සුත් f9 එකේ තාත්වික් සීන් හොයන එක නම් සැරටම දැනුනා.මොකද ඒ තරන් උනන්දුවක්?

තව දෙයක්.මේක බොකයි චාටර් චොර තාත්වික නෑ ඊයා ආයෙ බලන් නෑ වගේ කියන ගොඩක් උන් මන් හිතන්නෙ F series එකෙන් එන spy races tv series එකවත් බලල නැති වෙන්න ඕන.මොකද ඒක බැලුව නම් මේකෙ තාත්වික කම් හොයන් නෑ ගොඩක් අය.කෙසේ නමුත් ෆිල්ම් එකෙ වෙඩි පිට වෙඩි වැදුනත් මැරෙන් නැති මිනිස්සු,පාලන් වල පියාඹන කාර්,තද බල වානේ රිම් කප්,අභ්‍යවකාශයට යන කාර් ඔය ඔක්කොම ෆිල්ම් එකක් බලන නෝර්මල් විදියට ආතල් එකේ බැලුවනම් තව ටිකක් ආතල් එකක් ගන්න තිබ්බ.කොහොම නමුත් වැඩි කාලයක් යන්න කලින් එයාලට ඕන මුදල් සීමාවල් ඔක්කොම ෆිල්ම් එකේ නිශ්පාදක කණ්ඩායම උපයාගෙන ඉවරයි.ඉතින් අපේ මිනිස්සු තාත්වික ඒව හොයද්දි ඕකෙ ඊලග ෆිල්ම් දෙකත් ඒවි.එහෙනම් ඒ ෆිල්ම් එකෙන් කට්ටිය හම්බෙමු?නොබලපු අය බලන්න.හිනාවෙවී ආතල් එකෙ බලන්න පුලුවන්.

Justin Lin

Release dateMay 20, 2021 (United Arab Emirates)

DirectorJustin Lin

Box office$643.6 million
Budget$200–225 million

සoදීප ලක්ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *