Ezra (2017) Malayalam | Sinhala Article

Ezra (2017) Malayalam

?️ යුදෙව් ආත්මයක පළිගැනීම

මලයාලම් සිනමාවේ මා මෙතෙක් නරඹපු හොඳම ?????? චිත්රපටය තමා මේ…!

 

“ⒺⓏⓇⒶ”

 

උඩට ගත්ත හුස්ම පල්ලෙහාට දාන්නවත් බැරි තරමට, පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වාම කුතුහලය උපරිමය දනවපු සුපිරි චිත්රපටයක්…!

 

ප්රධාන නලු චරිතය පෘත්විරාජ් සුකුමාරන් හොබවන අතරේ ටොවිනෝ තෝමස් සහාය නලුවෙකු ලෙසින් දායක වුන තවත් සාර්ථක මලයාලම් චිත්රපටයක් තමා ???? ?

Ezra (2017)

 

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

 

♦️ “අද උදෑසන, මොෂි රොබින්විච් අභාවප්රාප්ත වූවා.. !!

 

♦️ ඔහූගේ මරණයත් සමඟින් සියවස් ගණනාවක් ඉපැරණි කේරළයේ යුදෙව් ඉතිහාසය අවසන් වෙනවා.

 

♦️ …..ඉතුරුවූ යුදෙව්වන් සියලු දෙනාම වසර ගණනාවකට පෙර නැවත සිය මව් රට බලා ගියමුත්..
♦️ මොහු තීරණය කලා මෙහි දිගටම රැදී සිටීමට…

 

♦️ මව්බිමෙන් බැහැරව වාසය කළ රොබින්විච්,
#කේරළයේ_ජීවත්_වූ_අවසන්_යුදෙව්_ජාතිකයා_යන_ගෞරවයද සහිතව, අද අප භූමියේ සමාදානයේ සැතපෙනු ඇති..”

 

චිත්රපටය ආරම්භ වන්නේ, එක්තරා රූපවාහිනි නාලිකාවක වාර්තාකාරිණියක් විසින් කෝචිහි ජීවත් වුන අවසන් යුදෙව් ජාතිකයාගේ අවමංගල්යය කටයුතු වාර්තා කිරීමක් සමඟින්….

 

මම එතනින් කතාව ටිකකට නවත්තලා යනවා කතාවේ පොඩ්ඩක් ඉදිරියට..!

 

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

පෞරාණික වටිනාකමකින් යුත් කලා කෘති විකුණන වෙළෙන්දෙක් එහෙමත් නැත්තං ඇන්ටික් භාණ්ඩ වෙලදාම් කරන පුද්ගලයෙක්, #රොබින්විච් නම් යුදෙව්වාගේ නිවසේ තිබූ යුදෙව් අක්ෂර සහිත අමුතු පෙනුමක් තියෙන පෙට්ටියක් ඇතුළු පෞරාණික භාණ්ඩ කිහිපයක් සොරකම් කරගෙන ඔහුගේ වෙලදසලට ගෙන යනවා..

 

රාත්රියේ, එම වෙළඳසැලේ නවතැන් ගන්නා සේවකයෙකු වන #සෙබස්තියන් විසින් එම පෙට්ටිය කාටත් හොරෙන් විවෘත කිරීමට දරණ උත්සාහයත් සමඟ ඔහුගේ ජීවිත කතාව එදා රාත්රියේ අවසන් වෙනවා..

 

හිස,අත්, කකුල් හා සිරුරේ කොටස් එකිනෙකින් වෙන්, වෙන්ව ඇඹරී ගොස් තිබු එම මල සිරුරේ, අභිරහස පිලිබඳව විමර්ෂණය කිරීමට එතැනට පැමිණෙනවා A.C.P #ෂෆීර්_අහමඩ් (ටොවිනෝ තෝමස්) ?
මුල, මැද, අග ගලපා ගත නොහැකි ලෙස සිදුව තිබූ මේ බරපතළ මිනී මැරුම විමර්ෂණය කරමින් සිටින අතරතුරේදී, තවත් සිද්ධියක පෙර නිමිති අපිට පෙන්වන්න ගන්නවා.

 

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

 

දකුණු ඉන්දියාවේ න්යෂ්ටික බලශක්ති කර්මාන්ත 3 කින්, බැහැර කරන අපද්රව්ය ඉවත්කිරීමට ????? කියන සමාගමට පැවරෙනවා.. ඉතාම ආරක්ෂිත ක්රමවේදයකට අනුව සිදුකරන එම ක්රියාවලියට පිවිසීමට (Access) අවසර තියෙන්නේ එක් පුද්ගලයෙක්ට විතරයි…!!!

 

ඔහු තමා මේ ක්රියාවලියේ #යතුර…!!!

 

ඇයි මම එහෙම කියන්නේ,

 

ඔහුට වුනත් එයට ඇතුල් වෙන්න පුලුවන් වෙන්නේ, ස්මාර්ට් කාඩ් එකට අමතරව,
ජීව විද්යාත්මක ප්රවේශ අදියර 3ක් පහු කිරීමෙන් පසුවයි… ඒ තමා,

 

♦️ ඇඟිලි සළකුණ (Finger Print)
♦️ මුහුණ හඳුනා ගැනීම (Face Recognition)
♦️ කටහඬ හඳුනා ගැනීම (Voice Recognition)

 

ඔහු නමින්,

 

රංජන් (පෘත්විරාජ් සුකුමාරන්) හට පැවරෙන එම භාරදූර රාජකාරී කටයුත්ත නිසා ඔහුට සිද්ධ වෙනවා සිය බිරිඳ ප්රියා සමඟ මුම්බායි වලින් මාරුවීමක් අරන් කෝචි වලට එන්න…!!!

 

තේරෙනවා නේද වටෙන් වටෙන් කැරකිලා මම සිද්ධි ටික ගැටගැහුවේ මොකටද කියලා..??

 

ඔයා හිතුවා හරියටම හරි,

 

? කෝචි වලට එන මැතිව් යුවල, ??? ෂෆීර් අහමඩ්ට පැවරුණ සෙබස්තියන්ගේ නොවිසඳුන අභිරහසේ සුලමුල ගලපන්න කතාවට සම්බන්ධ වෙන්නයි යන්නේ…!

 

? ඒවගේම ” #රොබින්විච්“.. ඔව්, එයත් සම්බන්ධයි.!

 

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

 

එහෙනම් එතනින් එහාට කතාව කට ඇරන් බලන්න තියෙන්නේ… මම මුකුත් කියන්න යන්නෑ… ?

 

මෙහෙම කියන්නම්, පොඩි දේටත් බයවෙන, බබාලා ලැබෙන්න ඉන්න අම්මලා වගේ අයනම් මේ ෆිල්ම් එක බලන්න එපා. ?

 

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ඇත්තටම කිව්වොත් පෘත්විරාජ් ගේ සුපිරිම රංගනයෙන් මේ චිත්රපටය හැඩවුනා කිව්වොත් තමා නිවැරදි. ඒකට ටොවිනෝගෙන් ලැබුන දායකත්වයත් අගය කල යුතුමයි.
නිර්මාණකරුවා, වැඩි වැඩක් ටොවිනොගෙන් අරගෙන නැති වුනත්, මේ චිත්රපටයට 2017 වසරේදී ඔහුව සම්බන්ධ කරගැනීම තුලින් බොහො දෙනෙක්ගේ කතා බහට ලක්වුන මේ චිත්රපටය නිසා ටොවිනෝගෙ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්යය මේකද කියලත් මට හිතෙනවා. ( ඔබට වෙනස් අදහසක් ඒ ගැන තියෙන්න පුලුවන්.)

 

කොහොම නමුත්, පැය 2 1/2 කාලය පුරා ත්රාසය, භීතිය උපරිමය ලබාදෙමින් ගලාගෙන ගිය මේ වෘතාන්තය බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් අදට මම නවතිනවා…!!!
Initial releaseFebruary 10, 2017 (India)

දිලිනි රත්නායක

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *