Everything Everywhere All at Once (2022) English Prageeth Shan
ඇත්තටම මේක ගැන කොහොම කොයි විදියට කතාකරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ… විවාදයක් නෑ 2022 මේ වෙනකන් බලපු හොඳම ෆිල්ම් එක මේක කියන්න පුලුවන්..
Multiverse නම දාගෙන ආපු High budget film එකක් අස්සෙ මුකුත් සද්ද නැතුව ශේප් එකේ ආපු මේ ෆිල්ම් එකේ තමයි නියම Multiverse of Madness එක තියෙන්නෙ.. මේකෙන් තමයි Multiverse එක කියන්නෙ මොන තරම් දැවැන්ත දෙයක්ද කියන අදහස නියම විදියට පෙන්නලා දුන්නෙ.. ( ඇත්තටම Live action විදියට Multiverse සම්බන්ධව මම මෑතක බලපු හොඳම නිර්මාණය මේක උනාට Animation අතින් මේක මීටත් වඩා Massive විදියට පෙන්නන්න Rick & Morty එකට පුලුවන් උනා..)
Surrealism පැත්තෙන් සුපිරි නිර්මාණ කරන Daniels ලා දෙන්නගෙ මීට කලින් ආපු නිර්මාණය උන Swiss Army Man බලලා තියෙනවා නම් අන්න ඒ හා සමාන අභව්‍ය සිද්ධි එහෙමත් මේකේ තියෙනවා. කොහොම නමුත් ආරම්භයෙදි Family Drama Comedy ටයිප් එකෙන් පටන් අරගෙන ඊටපස්සෙ Science fiction, Action පැත්තට ගිහින් අවසානයෙදි ජීවිතේ ගැන දාර්ශණික අර්ථයක් එක්ක ෆිල්ම් එක අවසන් වෙනවා. ඒ නිසා මේක එක කැටගරියකට දාන්න පුලුවන් ෆිල්ම් එකක් නෙමෙයි. කැටගරි අතින් බැලුවත් Everything all at once කියන්න පුලුවන් නිර්මාණයක් මේක…
විවිධ Universe වල ඉන්න එකම මිනිස්සු එයාලගෙ ජීවිතේ යම් යම් වැදගත් අවස්ථාවන් වලදි ගන්න තීන්දු තීරණ අනුව ඔවුන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් වන ආකාරය. ඔවුන් එකිනෙකට වෙනස් මාවත්වල ගමන් කරලා එකිනෙකට වෙනස් ඉලක්ක සපුරාගන්න ආකාරය විස්තර කරන විදියෙන් Multiverse එක කියන්නෙ මොනතරම් දැවැන්ත දෙයක්ද කියලා අදහසක් අරගන්න පුලුවන්. ඒ අනුව මේ විශ්වයේ කාගෙවත් අවධානයක් නැති කෙනෙක් බොහොම සාමාන්‍ය කෙනෙක් වෙනත් විශ්වයක රටේ ජනාධිපති නැත්නම් සුපිරි තාරකාවක් වෙන්නත් පුලුවන්… අපි උනත් එහෙමයි. ඇත්තටම අපිට අපි ගනිපු තීන්දු තීරණ අනුව මොනතරම් අවස්ථාවන් ලැබිලා ඇත්ද.. ඒවගේම මගහැරිලා ඇත්ද කියලා හිතාගන්න බෑ නේද..
මේකේ සමහර තැන් තියෙනවා අර Surrealism ගතිය නිසාම පොඩ්ඩක් Wierd වගේ පේන. නමුත් ඇත්තටම Infinity possibilities තියෙන Multiverse එකක් එක්ක ගත්තම ඒවගේ Wierd ගතියක් තියෙන එකෙත් පුදුම වෙන්න දෙයක් නෑ. Rick & Morty බලපු අයනම් මේ කියන දේ ගැන හොඳට දන්නවා ඇති. අනන්ත විශ්වයන් අතරෙදි අපිට සම්පූර්ණයෙන්ම විකාර රූපී විදියට පේන දෙයක් උනත් ඉතාම සාමාන්‍ය දෙයක් විදියට පවතින විශ්වයන් ඕනතරම් තියෙන්න පුලුවන්.. ඒ Posibilities ගැන පෙන්නපු විදියට මට සමහර තැන්වලදි හිතුනා ඇත්තටම මිනිස් මනසට මොනතරම් පුදුමාකාර දේවල් හිතන්න පුලුවන් ද කියලා. මේ feeling එක සමහර Rick & Morty එපි බලද්දිත් මගෙ හිතට ආපු දෙයක්.. ඇත්තටම අපි අපිටම සීමාවන් දාගෙන මෙතනින් එහාට හිතන්න ඕන නෑ කියලා නවතින්නෙ නැතුව තවදුරටත් හිතුවොත් මොනතරම් concepts ගැන හිතන්න පුලුවන් ද..
ඒ විදියට අපි තේරුම් ගන්න සත්‍යයෙන් අවසානයෙද් පෙන්නලා දෙන්නෙ සමස්ථ විශ්වයන් අතරෙ මම හෝ අපි කියලා ගොඩනගාගන්න දේවල් මොනතරම් නොවැදගත් දේවල් ද කියලයි.
මේකට ගැලපෙනම දෙබස් ටිකක් ෆිල්ම් එකේ තිබුනා..
Joy Wang: [as Jobu Topacki] Every new discovery is just a reminder…
Evelyn Wang: We’re all small and stupid.
මේ කියපු දේම බුදු දහම ආශ්‍රයෙනුත් මේ විදියටම පෙන්නලා දීලා තිබුනා…
කෙනෙක් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්නවා කියන්නෙ තමා වගේම අනික් සියලුම ජීවයන්ගේ ඉපදීම, ජීවත්වීම සහ අවසානයෙ මියයාම දක්වා චක්‍රය ගැන පූර්ණ අවබෝධයක් ලබාගන්න එකටයි. ඒ අනුව එහෙම සත්‍ය අවබෝධ කරගන්න කෙනාට තේරුම් යනවා මේ සියල්ලකම ඇති නිශ්ඵල බව ගැන. අන්න ඒ නිසා ඔවුන් සත්‍ය අවබෝධ කරගෙන සසර ගමන කෙලවර කරගන්නවා.. ඉතින් Jobu Topacki තමන්ට Multiverse එකේ සියලුම තැන්වල එකම මොහොතෙ ඉන්න පුලුවන් බලයක් ලබාගැනීමෙන් පසුව අවබෝධ කරගත්තෙ සහ අවසානයේ උත්සාහ කලේ මේ දේ කරන්න නේද.. ඒ තමයි තමන්වම Existence එකෙන් මකාගැනීම… සරලව කිව්වොත් නිවන් අවබෝධ කරගැනීම හා සමානයි…
ඔන්න ඔතනදි පොඩ්ඩක් බටහිර පැත්තට මේක කරකැවෙනවා. ඒ අනුව තමයි තමන්ගේ පැවැත්ම මකා දාන්න උත්සාහ නොකර ආදරය, සවන්දීම, පිලිගැනීම වගේ දේවල් වලින් අර කියපු නිෂ්ඵලතාවය නැතිකරලා ජීවිතය අර්ථවත් කරගන්න පුලුවන් සහ දිගින් දිගටම සතුටින් ගතකරන්න පුලුවන් කියන පණිවුඩය අවසානයෙදි නරඹන ප්‍රේක්ශකයාට ලබාදෙන්නෙ.
කොහොම නමුත් ජීවිතයේ නිෂ්ඵලතාවය ගැන වගේම මවකගේ ආදරය සෙනෙහසේ පරිමාණය මොනතරම්ද කියලා සංකීර්ණ විද්‍යා ප්‍රබන්ධ සංකල්පයක් ඇතුලේ අපූරුවට විග්‍රහ කරපු සිනමාපටයක් විදියට Everything Everywhere All at Once හඳුන්වන්න පුලුවන්. ඇත්තටම හැම අතින්න නමටම ගැලපෙන නිර්මාණයක්..
තව දෙයක් කියන්න ඕන. මේකේ පොඩි Matrix vibe එකකුත් තිබුනා නේද. Matrix එකේ Neo විසින් The One කියන තත්වයට පත්වීමත් මේකෙදි Evelyn Wang ඒ හා සමාන තත්ත්වයකට පත්වීමෙත් යම් යම් සමානකම් තියෙනවා. The One කියන කෙනා බවට පත් උනාම Neo ට Matrix ලෝකය තුල ලැබෙන බලයට සමාන බලයක් හැකියාවක් මෙතනදි Evelyn ටත් ලැබෙනවා. ඒවගේම තමයි මෙතනදි හරි ලස්සනට පැහැදිලි කරනවා ඇයි මේ Multiverse එකේ විවිධාකාර Evelyn ලා අනන්ත සංඛ්‍යාවක් හිටියත් ජීවිතේ හැමදේම අවුල් කරගනිපු Evelyn Wang ම මේ තත්ත්වයට සුදුසු වෙන්නෙ කියලා. ඒ පැහැදිලි කිරීම තමයි අනිත් හැම Evelyn කෙනෙක්ම එයාලගේ ජීවිතේ යම් යම් තීරණ හරියට අරගෙන එක් එක් අංශ වලින් සාර්ථකත්වයට පත් උන අය. මේ Evelyn විතරයි ඒ කිසිම පාරක යන්න බැරුව හැමදේකින්ම අසාර්ථක වෙලා ඉන්න එකම Evelyn. අන්න ඒ නිසා මෙයාට අර හැම දෙයක්ම ලබාගන්න සමාන අවස්ථාවක් තියෙනවා. Alpha Waymong ගේ වචන වලින්ම කිව්වොත්,
“But you, here, you’re capable of anything because you’re so bad at everything.”
ඉතින් ඔන්න ඕකයි මේ මුකුත් බැරි Evelyn වටා සමස්ත Multiverse එකේම ගැලවීම රඳාපවතින්න හේතුව…
මම මේක වෙනදා වගේ පිලිවෙලට Review එකක් විදියට දැම්මෙ නැහැ. මොකද ෆිල්ම් එක වගේම ඒක ගැන එක එක වෙලාවට එක එක අදහස් හිතට එන නිසා. ඉතින් පොඩ්ඩක් විකාර ගතියක් තියෙනවා නම් සොරි වෙන්න ඕන. ෆිල්ම් එක බලලා ඔයාලා නොහිතපු දෙයක් මේකෙන් පෙනුනනම් මටත් වටින්නෙ එච්චරයි. එහෙනම් තවත් මේ වගේ අපූරු සිනමාපටයක් අරගෙන එනකන් සමුගන්නවා. සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!