Eternal sunshine of the spotless mind (2004) English by Devinda Perera
(බලපු ගොඩක් අයට අපැහැදිලි නිසා දමන පෝස්ටුවකි..කියවීමට පෙර චිත්‍රපටය නරඹන්න)
*මන් වැඩිය love story බලලම නෑ. ඒකනිසා ඒ පැත්තෙන් බලල තියන චිත්‍රපට ගාණයි දැනුමයි හරි අඩුයි.. ඒත් යම් ප්‍රමානයක් බලල තියනවද, ඒ ප්‍රමානයෙන් මේක බලපු හොදම එකක්. ඔව් මේක මන් බලපු හොදම ලව් ස්ටෝරියක්.. ඕඩිනරි ලව් ස්ටෝරියක් නම් නෙමෙයි හැබැයි.. මේක මොලෙත් එක්ක සෙල්ලම් කරන ලව් ස්ටෝරියක්.
කතාව ගැන කෙලින්ම කියාගෙන යන්නම්. මොකද ගොඩක් අයට මේක අවුල් වෙන්නෙ මේකෙ අගක් මුලක් නොතේරෙන ගතිය නිසා වෙන්න ඕනෙ. ඉතින් මන් හරි පිලිවෙලට කතාව පෙලගස්වන්නම්.
කතාව සාරාංශයක් විදිහට කිව්වොත් joel කියන අපෙ කතානායකයාව එයාගෙ කෙල්ල clementine මතකයෙන් අයින් කරපු නිසා joelලුත් එයාගෙ මතකයෙන් clementineව අයින් කරගන්න යන එක තමා වෙන්නෙ. ඒත් joel එයාගෙ මතකයෙන් clemව අයින් කරන ප්‍රොසෙස් එක අතරමැදදි joelට clemව අයින් කරන්න ඕනෙ නැ කියල හිතෙනව මොකද joel තාමත් clem ට කැමති නිසා.. ඉතින් joel එයාගෙ මනස ඇතුලෙ ලොකු try එකක් දෙනව ඒත් වැඩේ හරියන්නෙ නැ? ඔන්න ඕක තමා අපෙ කතාවෙ බේස් එක.දැන් මන් ඔක්කොම පෙලගස්වන්නම්..
ෆිල්ම් එකේ මුලින්ම පෙන්වන්නෙ joelට clemව හම්බෙන විදිහ.. Joelට නිකන් අමුතු හැඟීමක් ඇවිත් වැඩට යන එකත් පැත්තක දාලා කෝච්චියේ යද්දි තමා clemව මුලින්ම හම්බෙනව “පෙන්වන්නෙ.” ඇත්තටම කිව්වොත් ඒ තමයි ෆිල්ම් එකේ අන්තිම ටික.. ෆිල්ම් එක පුරාවටම අතීත වර්තමාන සිද්දි මාරුවෙන් මාරුවට පෙන්වනවා. මෙන්න මේ කාල අදුරගන්න තියන හොදම ලේසිම ක්‍රමය තමා clemගෙ කොණ්ඩෙ පාට. clem ගෙ කොණ්ඩෙ පාට තුනක් අපිට දකින්න පුලුවන් ෆිල්ම් එක පුරාවට.
1.purple / blue
2.orange
3.green
මෙන්න මේ පාට තුනෙන් අපි කොහොමද කාලය අදුරගන්නෙ? ඒක මෙන්න මෙහෙමයි..
1.purple /blue ~~ මේ කොන්ඩෙ තියෙන්නෙ clem, joelව මතකෙන් අයින් කරාට පස්සෙ.
2.orange ~~ මේ කොන්ඩෙ තියෙන්නෙ clem joel එක්ක එකට කාලය ගතකරන දවස්වල
3.green ~~ මේ කොන්ඩෙ තියෙන්නෙ clem joelව මුලින්ම හම්බවෙද්දි..
*හොදයි දැන් කතාවට එමු.. මන් ෆිල්ම් එක පෙන්නපු විදිහ ගැන කියන්න යන්නෙ නෑ මන් වුන සිද්දිය හරි පිලිවෙලට කියන්නම්. ඊට පස්සෙ මේවත් එක්ක ආයි ෆිල්ම් එක බලන්න
*Joelට clemව මුලින්ම හම්බවෙන්නෙ කෝච්චියකදි නෙමෙයි beach party එකේදි. (මේ සිද්දිය joelගෙ මතකය නැතිකරන ප්‍රොසෙස් එකේදි පෙන්වනවා.) ඒක වෙද්දි clemගෙ කොණ්ඩෙ කොලපාටයි කියලත් දකින්න පුලුවන්.. ඊට පස්සෙ දෙන්නා කතාබහකරල අදුරගෙන කාලය ගතකරන්න ගන්නව.. ඊටපස්සෙ පෙන්වනව එකදවසක් clem joelව surprise කරනවා hair color එක මාරු කරගෙන. ඒ තැඹිලි පාට කරගෙන. (මේකත් පෙන්වන්නෙ joelගෙ මතකෙ නැතිකරන ප්‍රොසෙස් එකේදි.) ඔහොම දෙන්න කාලයක් යද්දි දෙන්නට දෙන්නගෙ තියෙන නොගැලපීම් එලියට එන්න ගන්නවා.නිහඬ චරිතයක් වුන joelව විසේකාර චරිතයක් වුන clemට එපා වෙනවා.. අන්න ඒකනිසා තමා clem යන්නෙ එයාගෙ joelගැන තියන මතකයන් නැතිකරගන්න. ඊට පස්සෙ මතකෙත් නැතිකරගන්නව. ඔන්න ඔය කතාව joelව දැනගන්නවා. ඊටපස්සෙ තමා joelලුත් යන්නෙ තමන්ගෙත් මතකෙ නැතිකරගන්න. ඔය මතකෙ නැතිකරන වැඩේ වෙන්නෙ නින්දෙදි. ඒ කියන්නෙ lacuna එකෙන් ලෙඩාට දෙනවා පෙත්තක් ගෙදර ගිහින් නිදාගන්න කලින් බොන්න. ඒක බිව්වට පස්සෙ ලොකු නින්දකට යනවා. ඊට පස්සෙ lacuna එකේ සෙට් එක ඇවිත් තමා ඔය වැඩේ කරන්නෙ. හරි දැන් ඕක joelටත් වෙනවා. මෙතන ඉදන් ෆිල්ම් එකේ පෙන්වන්නෙ joelට clem එක්ක තිබ්බ මතකයන්.. මේක පෙන්වද්දි තියෙන විශේෂත්වය තමයි මේ මතක පෙන්වන්නෙ ආපස්සට. ඒ කිව්වෙ joel මුලින්ම දකින්න එයාගෙ අන්තිම මතකයන්.. ඒ කිව්වෙ ෆිල්ම් එකේ පෙන්වපු විදිහටම කිව්වොත් joel මුලින්ම දකින මතකය තමයි “තමන් තමන්ගෙ මතකය නැති කරගන්න හොස්පිල් එකට එන එක.” ඔන්න ඔය විදිහට joel ගෙ මතක ටික ටික නැතිවෙන්නෙ අලුත්ම මතක වල ඉදන් පරන මතක වෙනකන් පිලිවෙලට.
*මේ අතරතුර (මතකය නැතිකරන අතරතුර) මේ වැඩේ කරන stan කියන lacuna එකේ වැඩකරන කෙනාට patric කියන අනිත් කෙනා පාපොච්චාරණයක් කරනවා. Clemගෙ මතකය නැතිකරාට පස්සෙ මේ patrick කියන පොර Clem එක්ක යාලුවෙනවා. පොර Clem ඉස්සරහ joel විදිහට ඒකියපු දේවල් , කර්පු දේවල් කරනවා. ඇත්තටම බැලුවොත් ඒක එක් විදිහක වංචාවක්. තවත් දෙයක් තමයි මෙහෙම කෙනෙක්ගෙ මතකය නැතිකරාට එයාට ඒ අමතක කරපු චරිතය පිලිබදව දැනෙනව.. පුරුදු ගතියක් වගේ තේරෙනවා.. මෙන්න මේක වාසියට හරවගෙන තමා පැට්‍රික් කියන පොර ක්ලෙම් එක්ක යාලුවෙන්නෙ. මෙන්න මේ කතාව තමා ජොඑල් ගෙ මතකය නැතිකරන අතරතුරේ පැට්‍රික් ස්ටැන්ට කියන්නෙ.
*ජොඑල්ට මෙන්න මේකතාව තමන්ගෙ මනස තුල සැරිසරද්දි ලාවට ඇහෙනවා. එතකොට තමයි ජොඑල් තේරුම්ගන්නෙ තමන් ඉන්නෙ තමන්ගෙ මතයක නැතිකරන ප්‍රොසෙස් එක ඇතුලෙ කියලා. ඔන්න ඔහොම එක එක මතක නැතිවෙද්දි ජොඑල් ක්ලෙම් එක්ක ආදරෙන් ගතකරපු මතකත් හම්බෙනවා. මෙන්න මේ මතක නිසා නැවතත් ජොඑල්ට ක්ලෙම් ගැන ආදරේ හිතෙනවා.. ඉතින් ජොඑල්ට වුවමනා වෙනවා මේ ප්‍රොසෙස් එක නවත්වන්න. ජොඑල් පුලුවන් තරම් ට්‍රයි කරනව නවත්වන්න ඒත් හරියන්නෑ.. පස්සෙ ජොඑල් එයාගෙ මතකයන් තුල ඉන්න ක්ලෙම්ට මේ සිද්ධිය කියනව. ඇත්තටම කිව්වොත් ජොඑල්ගෙ මතක වල පෙන්වන ක්ලෙම් කියන්නෙ ජොඑල්ටමයි. මොකද මේ පෙන්වන්නෙ ජොඑල්ගෙ මනස ඇතුල. ෆිල්ම් එකේ පෙන්වනවා මේ මතක ඇතුලෙ ඉන්න ක්ලෙම් ජොඑල්ට එක එක අදහස් දෙනවා මතකය නැති කරන ප්‍රොසෙස් එකෙන් බේරෙන්නෙ. එක සැරයක් කියනවා ක්ලෙම් නැති මතකයකට යන්න කියලා. එතකොට ජොඑල් තමන්ගෙ පොඩිකාලෙ මතකෙකට යනවා. ඒත් වැඩේ හරියන්නෑ.. ඊට පස්සෙ ක්ලෙම් කියනවා ජොඑල් අපහසුතාවට පත්‍වුනු මතකෙකට යන්න කියලා. ඒත් හරියන්නෑ.. මේ විදිහට අදහස් දෙන්නෙ ඇත්තටම ක්ලෙම් නෙමේ. ඒ අදහස් දෙන්නෙ ක්ලෙම් විදිහට පෙනී සිටින ජොඑල්ගෙ උත්සාහවන්තකමයි. ඒ කියන්නෙ මේ ප්‍රොසෙස් එකෙන් ගැලවෙන්නෙ ජොඑල් තුල තියන ධෛර්‍යවන්තබව තමයි ක්ලෙම්ගෙ වේශයෙන් ඇවිත් මෙහෙම අදහස් දෙන්නෙ.. කොහොමහරි ඒ එකක්වත් හරියන්නෙත් නෑ.. අන්තිමට ජොඑල්ගෙ මතකය නැතිවෙනවා.. ජොඑල් දකින අන්තිම මතකය තමයි ක්ලෙම්ව beach party එකකදි හම්බෙනවා. ඇත්තටම ඒ තමයි ජොඑල් මුලින්ම ක්ලෙම්ව හම්බෙන විදිහ. කොහොමහරි මතකෙ නැතිවෙන අන්තිම මොහොතෙදි මතකයන් තුල ඉන්න ක්ලෙම් ජොඑල්ට කියනවා ‘මාව montauk වලදි හම්බෙන්න කියල.’ මේත් එක්කම ජොඑල්ගෙ ක්ලෙම් ගැන තියන මතක ඔක්කොම නැතිවෙලා ප්‍රොසෙස් එක කම්ප්ලීට් වෙනවා.
*ඊළඟ දවසෙ ජොඑල් නැගිටිනවා. දැන් ජොඑල්ට ක්ලෙම් ගැන කිසිම මතකයක් නෑ. හැබැයි ජොඑල්ට එක පාරට අමුතු අදහසක් එනවා.. ඒතමා montauk කියන තැනට යන්න.. මෙන්න මේ සිද්දිය තමා අපිට ෆිල්ම් එක පටන්ගද්දිම පෙන්වන්නෙ.. ඊට පස්සෙ කෝච්චියෙදි ජොඑල් ආයිත් ක්ලෙම්ව මුනගැහෙනවා. හැබැයි දෙන්නට දෙන්නා ගැන මතකය නැ. මතකද මම කලින් කිව්වා.. මතකය නැති කරාට ඒ අය අතර අමුතු දන්න කියන ගතියක් දැනෙනව කියල? ඔන්න ඔය කියන හුරු ගතිය නිසා තමයි දෙන්නා ආයි සෙට් වෙන්නෙ. ඉතින් අර කලින් වුන දේවල්ටික ආයි වෙන්න ගන්නවා.. හැබැයි මේක වෙද්දි ක්ලෙම්ට පැට්‍රික් එක්ක සම්බන්දයක් තියනවා.. ෆිල්ම් එක මුලදි පෙන්වනව නේද ජොඑල් ක්ලෙම්ව ගෙදරින් බස්සලා ආයි එනකම් කාර් එකෙ ඉදිද්දි පැට්‍රික් ඇවිත් වීදුරුවට තට්ටු කරල අහනව ඔයා මොකද මෙතන කරන්නෙ කියලා? ඇත්තටම පැට්‍රික් එහෙම අහන්නෙ පුදුමයෙන්. මොකද කලින් දවසෙ තමා ජොඑල් ක්ලෙම් ගැන මතකෙ නැතිකරේ ඒත් මෙන්න පොර ක්ලෙම් එනකන් ගේගාව කාර් එකේ.. ඊට පස්සෙ ක්ලෙම් කාර් එකේ යනව ජොඑල් එක්ක කොහොමහරි
*අර මේරිගෙයි හවර්ඩ්ගෙයි සීන් එක තේරෙන්න ඇති කියල හිතෙනව. මම ඒක ගැන නොකිව්වෙ තවත් දිගවෙන හින්දා.. කොහොමහරි මේරි ආපහු අර රෙකෝඩ් ටික එවල තියනව ක්ලෙම්ටයි ජොඑල්ටයි.. මෙන්න මේක ක්ලෙම් කාර් එකේ යන ගමන් ප්ලේ කරනවා.. ඒක අහලා දෙන්නටම අප්සට් යනවා.. ඒ ටිකත් පැහැදිලි ඇතිනෙ? ඊටපස්සෙ ක්ලෙම් ආපහු ජොඑල්ගෙ ගෙදර යනවා. ඒ යද්දි ජොඑල් තමන්ගෙ රෙකෝඩ් එක අහඅහ ඉන්නවා.. මේ රෙකෝඩ් වල කියන්නෙ තමන් ඇයි මතකෙ නැතිකරගන්නෙ කියන එක ගැනයි.. ඉතින් ආපහු දෙන්න තරහ වෙනවා මේක අහලා ඒත් ජොඑල් ක්ලෙම්ට තියන ආදරේ නිසාම ක්ලෙම්ව ආයිත් නවත්වල කියනව අපි ආපහු යාළුවෙලා ආයි ට්‍රයි එකක් දෙමු කියලා.. ඒත් ඉතින් ආයි අන්තිමට වෙන්නෙ මේ වුන දේමයි කියලා දෙන්නම දන්නවා. ඒත් ඉතින් ජොඑල්ට ක්ලෙම් ගැන තියෙන ආදරේ නිසාම දෙන්නම කැමතිවෙනවා ආයි දෙන්නගෙ රිලේශන්ශිප් එකට චාන්ස් එකක් දෙන්න..
ඉතින් ඔන්න ඔහොමයි කතාව ඉවර වෙන්නෙ.. මේක කියවල ආයි ෆිල්ම් එක බැලුවනම් මන් හිතනවා තේරුම් ගියපු නැති අයට තේරුම් යයි කියලා. සමහර්විට ෆිල්ම් එකටත් වඩා පෝස්ට් එක නොතේරෙනව වෙන්න පුලුවන් කරන්න දෙයක් නෑ මෙච්චර දිගට ලිව්වමයි.. ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මේක බලන්නම වටින පට්ටම නිර්මාණයක් කියල තමා