Esthappan (1980) Malayalam | Sinhala Article

Esthappan (1980) Malayalam

Govindan Aravindan මලයාලම් parallel සිනමාවේ අමතක කල නොහැකිම අධ්යක්ෂකවරයෙක් .

විවිධාකාර ක්රමවලින් කතාව ඉදිරිපත් කිරිමට පර්යේශනාත්මක සිනමාවක යෙදුන අධ්යක්ෂකවරයෙක් ලෙස ජනප්රියයි.
බයිබල කතාවල එන යේසුස් වහන්සේගේ ක්රියාත් , සමාජය ඒවාට ප්රතිචාර දැක්වූ ආකාරයත් esthappan ගේ ජීවිතය සමග මිශ්ර කර වෙනමම අත්දැකීමක් ලබාදීමට අධ්යක්ෂකවරයා සමත්ව ඇත.
Esthappan ගේ ජීවිත කතාව ගමේ අයගේ කතාවලින්ම ව්යාකූලය. පැටලිලි සහගතය.
Esthappan මුහුදුබඩ ප්රදේශයක ජීවත් වුන සාමාන්ය මනුස්සයෙක්.
හිටපු මාලු අල්ලන්නෙක්.
ඇය් හිටපු කිව්වෙ ? දැන් මාලු ඇල්ලීමෙහි නිරත නොවන esthappan එයාගෙම ජීවිතයක් එයාටම ගැලපෙන විදියට ගෙවන කෙනන්. හරියටම කිව්වොත් තමාගෙම දර්ශනයකට ජීවත් වෙන කෙනෙක්.
හැබැයි ගමේ අනික් මිනිස්සුන්ට නම් esthappan කියන්නෙ සාමාන්ය මනුස්සයෙක්ම නම් නෙමේ.
විටෙක ඇදහිල්ලෙන් ලෙඩ සුව කරන්නෙක්, අනාගතය කියන්නෙක්, කරදර වලින් බේරගන්නෙක්, සොහොන් වලින් මළමිනී සොරකම් කරන්නෙක්, සොරෙක්….
එක් එක් අය esthappan ගැන, කල දේවල් ගැන විවිධාකාරයෙන් විස්තර කරන අතරම ඇත්තටම esthappan යනු කවරෙක්ද?
ඇත්තටම esthappan කියන්නෙ යේසුස් වහන්සේ ගේ නැවත ඉපදීමක්ද? නැතහොත් වෙනම අත්භූත බලවේගයක්ද?
නැතහොත් විජ්ජාකරුවකු ද? නැත්නම් ගමේ මිනිසුන් මවාගත් දෙයක්ද?
සම්පූර්ණ ගමකටම මෙහෙම දේවල් , සිදුවීම් මවා ගැනීමට හැකිද?
Govindan අපට පවසනවා කතාවක්.
ඇත්ත බොරුව, ශ්රද්ධාව , මිත්යාව අතර ජීවත් වන මිනිස්සුන්ගේ කතාවක්.
මේවාගෙන් ගමේ අයවලුන්ට කෙසේවෙතත් අපටවත් ඒකියන්නෙ ප්රේක්ෂකයාට වත් ඇත්ත දැකිය හැකිද?
ඇත්තටම ඇත්ත වැදගත්ද?
ජීවත් වන මිනිස්සු ඇත්තද හෙව්වෙ නැත්නම් විස්වාස කරන්න මොනාම හෝ දෙයක්ද?
විශ්වාසයන්ට ජීවිත ඊට වඩා සුඛිතමුදිත කල නොහැකිද?
Esthappan ලබාදෙන්නෙ නැතිවූ එක්කො අමතක වූ ශ්රද්ධාවට අඩිතාලමක් විය නොහැකිද?
තම ජීවිතය ජනතාව තුල ශ්රද්ධාව ඇතිකිරීමට වැයකිරීමක්…
ගමක මිනිස්සුන්ගේ කතාවලටම කොච්චර නම් හැකියාවක් තියෙනවද?
ගමක මෙහෙම එක් අයෙක් සම්බන්ධව විවිධාකාර කතා කොහොමද ඇතිවෙන්නෙ?
ඔවුනගේ කතා බිහිවන්නෙ මතකයන්, ඇහුව දැනුන කතා, සිහිනයන්, පරිකල්පනය මත….
Biblical myth රියලටිය වන මොහොතක
Esthappan ගේ සාමාන්ය ජීවිතයම මිත්යාවක් වීම කෙසේ වලක්වන්නද?
Esthappan ගේ ජීවිතය පිලිබදව සිනමාපටය තුල නම් පිලිතුරක් ලැබේද / නොලැබේද?
සාමාන්ය ධීවර ජීවිතය , සමාජය තිරය මතට ගෙන ඒමට අධ්යක්ෂකවරයා උත්සහ ගෙන ඇත. එය සාර්ථක බව කිව යුතුය.
ධීවරයන් ඔවුනගේ එදිනෙදා රාජකාරිවලය. ඒ අතරම ඔවුනගෙන් දැන ගැනීමට ලැබෙන Esthappan ගැන කතා…
Cinematography ඉතාම ඉහල මට්ටමක පවතින අතර Background music හා මුහුද සමගකරන ගනුදෙනුව අතිවිශිෂ්ඨයි.
නලුනිලියො ද නැත්නම් සාමාන්ය ජනතාවද සිතෙන පරිදිම රගපෑම සාමාන්යයි. අවසානයේ කීමට ඇත්තේ
Esthappan යනු රසවිදිය යුතුම මලයාලම් සිනමාපටයක්.
Kerala State Film Award හි Best Film, Best Director සදහා සම්මාන Govindan Aravindan විසිනුත්
එම සම්මාන උලෙලේදීම Best Cinematography සදහා
Shaji N. Karun ත් සම්මාන දිනාගෙන ඇත.

 

හෂාන් දුලංග

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *