♦️ඔයාගේ අම්මාගේ නම මොකද්ද?
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
“#ඔයාගේ_තාත්තාගේ_නම_මොකද්ද?”
කියන ප්‍රශ්නය සමාජේ ගොඩාක් දේවල් ඉස්සරහදී මිනිස්සුන්ව අසරණ කරනවා. වර්ගීකරණය කරනවා.
නමුත්,ඒ වෙනුවට කව්රුත් ඒ අසරණයින්ගෙන් අහන්නෑනේ, “#ඔයාගේ_අම්මාගේ_නම_මොකද්ද කියලා..?
හේතුව,
සමාජෙට ඕන මනුස්සයෙක් අසරණ වෙන තැන හොයලා එතනට පහර දෙන්න.
මේ කතාවේ #හමීඩ්ටත් වුනේ ඒවගේ සමාජය ඉස්සරහා අසරණ වෙන්න. ඒත් එකම වෙනස, හමීඩ් උපතින් අනාතයෙක් වුනේ නෑ.. අවුරුදු 27කට පස්සේ එයාගේ පියාගේ මරණයත් එක්ක තමා එයාට මේ අනාතයා කියන ලේබල් එක වදින්නේ..??
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
කතාව පැත්තට හැරෙමු…!
හමීඩ්ගේ පියා #හයිදර්ගේ, වියෝවත් එක්ක කාත් කව්රුවත් නැතිව මේ ලෝකේ තනිවුන හමීඩ්ට ඔහුගේ කියා ඉතිරි වුයේ පියාගේ මිතුරකු වූ හම්සක්කා හා පියාගේ ඇන්ටික් ශොප් එකේ සේවය කළ බීරන් පමණයි.
හමීඩ්ගේ පියා සතුව තිබූ දේපොල මිළ මුදල් පියාගේ වියෝවෙන් පසු ඔහුට හිමි වුනත්, ඔහුගේ කියා කිසිම ඥාතියෙක් මිහිපිට නොමැති නිසා හමීඩ්ට ගම්මුන්ගේ ඇණුම් පද අහන්න වුන වාර අනන්තයි.
හමීඩ් නිවසේ තනිව දුකින් ජීවත් වෙනවා දකින හම්සක්කා, දවසක් හමීඩ්ට කියන්නේ, දැන් විවාහයක් කරගන්න සුදුසු කාලය බවයි.
මේ හේතුව නිසාවෙන්ම ගමේ වෙසෙන සුරූපි සයිනබා හට මංගල යෝජනාවක් අරන් යන්න හම්සක්කා, හමීඩ්ගේ කැමැත්ත ඇතුව තීරණය කරනවා.
ඒ අනුව දිනක් කතිකා කරගත් පරිදි සයිනබාගේ නිවසට මංගල යෝජනාව අරන් මේ තිදෙනා පිටත්ව යන අතර, හමීඩ්ගේ තියෙන අවංක කතා විලාශය නිසාම පළමු හමුවීමෙන්ම සයිනබාගේ හිත දිනාගන්න ඔහුට හැකි වෙනවා. නමුත්, හමීඩ් අනාතයෙක් බව තහවුරු කර ගැනීමත් සමඟ විවාහ කටයුත්ත අවලංගු කරන්න සයිනබා ගේ පියා තීරණය කරනවා.?
අකැමැත්තෙන් වුනත් සයිනබාගේ පියාගේ ප්‍රතික්ෂේප කිරීම හමීඩ්ට දරාගන්න සිදු වෙනවා. මේ සිදුවීමත් එක්ක කඩ පිලට ගියත්, කොහෙ ගියත් හමීඩ්ගේ කණ වැකෙන ඇණුම්පද වලින් නම් අඩුවක් වෙන්නේ නෑ.
හමීඩ්ගේ පියා කිසි විටෙකත් මව ගැන හමීඩ් එක්ක කියලා නැති නිසාත් ඔහුගේ මව පිලිබඳව ඡායාමාත්‍රයක්වත් හමීඩ්ට මතක නැති නිසාත් හමීඩ් ලිහාගත නොහැකි පඹගාලක පැටලෙන්නට වෙනවා.
කාලයේ ඇවෑමෙන් හමීඩ් හට පියාගේ පැරණි පෙට්ටගමක තිබී ඔහුගේ අවසන් කැමති පත්‍රය හමුවෙනවා. ඒ තුලින් සිය පියාට බිරින්දෑවරු දෙදෙනෙක් සිටින බව පසක් කර ගන්නා හමීඩ්, පියාගේ අවසන් කැමති පත්‍රයට අනුව ඔවුන් දෙදෙනාට හිමි විය යුතු මිල මුදල් ලබා දීමට තීරණය කරනවා.
එලෙසින්ම, ඔවුන් දෙදෙනාගෙන් අයෙක් එකාන්තයෙන්ම තම මව වන නිසාවෙන්ම ඇය සොයාගැනීම තුලින්, අනාතයා කියන ලේබලයෙන් මිදී #සයිනබා විවාහ කරගැනීමට තියෙන ප්‍රධාන බාධකය ඉවත් කරගන්නට හැකි වෙතැයි ඔහු සිතනවා.
මව සොය යන මේ ගමනට ඔහු හා එක්වන්නේ බීරන්.. රසමුසු සිද්ධීන් සමඟින් ගමන කෙලවර වන අතර පළමු කාන්තාව මව නොවන බව ඔහු වටහා ගන්නවා. ?
එතනින් එහාට තමා කතාව ලස්සන. ඔයාලා හිතන තරම් ලේසියට එයාගේ අම්මව නම් හමුවෙන්නෑ..??
මේ කතාව හරි සරලයි වගේ පෙනුනත්,
“#මම_හයිදර්ගේ_පුතා_හමීඩ්..!
මට ඇත්ත කියන්න ඔයාද මගේ අම්මා..
මම ඔයාලට කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නෑ.
එකම එක පාරක් මාත් එක්ක යන්න එන්න. ඇවිත් එයාලට කියන්න මම අනාතයෙක් නෙවේ කියලා. මගේ කසාදේ වුනාට පස්සෙ ඔයා ආපහු එන්න. මම ඔයාව නවතන් නෑ. අනේ,ඇත්තටම කියන්න ඔයාද මගේ අම්මා..?”
හමීඩ්ගේ මේ බැගෑපත් වූ, හැඟීම්බර දෙබස් ඛණ්ඩයන් නොදැනුවත්වම අපිව සංවේදි කරන්න සමත් වෙනවා.
විශේෂයෙන්ම,
” #මම_නෙවේ_ඔයාගේ_අම්මා. හයිදර් එක්ක මගේ සබඳතාව තියෙන්නේ සති 2ක කාලයකට විතරයි. ඔහුගේ කීමටයි මම මේ විවාහය වුනත් කරගත්තෙත්. මට සමාවෙන්න මම නෙවේ ඔයාගේ අම්මා”
කියනකොට හමීඩ්ගේ මුහුණෙන් දිස්වන අපේක්ෂාභංගත්වය හද මොහොතකට සසල කරවනවා.
මේ චිත්‍රපටය අවසානයේ ප්‍රශ්න කිහිපයක් අපිට ඉතිරි කරවනවා.
දරුවෙක් බිහි කල පමණින් හැම අම්මා කෙනෙක්ගෙම හදවතේ දාරක ස්නේහයක් තියෙනවද..?
දරුවෙක් කුසෙන් බිහි නොකල පමණින් කාන්තාවකගේ හදවතේ දරු සෙනෙහසක් ඇති වෙන්නේ නැද්ද..?
එහෙම බැලුවොත් කව්ද හමීඩ්ගේ ඇත්තම අම්මා..?
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේකේ ටොවිනොගේ වෙනස් විදියේ ඇක්ට් එකක් තියෙන්නේ.
හැඟීම්බර අවස්ථාවල දෙන්න ඕන හැඟීම දුන්නා වගේම, හාස්‍ය ඉස්මතු කරන්න ඕන තැන්වල උපරිමේම දීලා තීබුනා.
මගේ හිත ගියේම,
♦️ මරණාසන්න මොහොතේ ඉන්න මනුස්සයෙක් ගාවට ගිහින් කැඩුනු හින්දියෙන්, එයාගේ අම්මා ගැන දන්නවද කියලා අහනකොටම ඒ මනුස්සයා මැරිලා වැටෙනවා.
♦️ එතකොටම එතැනට ඒ මනුස්සයාගේ පුතා එනවා.
♦️ මම මුකුත් කරේ නෑ කියලා කියාගෙන ටොවිනො පණ එපා කියලා දුවනවා.
♦️ එහෙම දුවනකොට මදි අඩුපාඩුවට ළමයෙක් ගහපු කැටපෝල ගල් පාරකුත් පශ්චාත් භාගයට කාගෙනමයි දුවන්නේ..!!
???
♦️ “Mera..!! Umma Kahan hai Chetta..!!!”
♦️ “උඹේ හින්දි කතා කිරිල්ල ඇහිල තමා බන් ඒ මනුස්සයාගේ පණ ගියේ…!!!” ???
කව්ද එහෙම කියන්නේ කියලා ෆිල්ම් එක බලලාම දැනගන්න. ???
ඒවගේම සමාජය හරි ඉහල වැදගත්කමක් දෙන දෙයක් තමා උපාධිය කියන්නේ. මේකේදි #හමීඩ් නිතරම කියන දෙයක් තමා,
♦️”මට B.A.(Malayalam) උපාධියක් තියෙනවා. ඒක කියන තරම් නරක එකක් නෙවේ” කියලා.?
සමාජය විසින් උපාධියක් තිබ්බත් ඒකත් වර්ගීකරණය කරන්න පෙලඹිලා තියෙනවා. මිනිස්සුම ඔලුවල හදාගෙන තියෙනවා ඒවාට බෙදීමක්. ඒක හාස්‍යයට ලක් කරන්න නිර්මාණකරුවා අමතක කරලා නෑ.
නිර්මාණකරුවා මේවගේ සියුම් තැන් කිහිපයක් උලුප්පලා ලස්සනට කම්මුල් පාරවල් දීලා තියෙනවා කියලයි මට හිතෙන්නේ.
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
විලන් නම් විලන්, රොමෑන්ටික් නම් රොමෑන්ටික්, හීරෝ නම් හීරෝ, කොමික් නම් කොමික්.. තැනේ හැටියට ඇණේ ගහගන්න එයා කොහොමහරි දස්සයා. ?❤️
Initial release: December 21, 2018 (India)