Enola Holmes (2020) English by Indeewari Herath
Enola Holmes ගැන පොඩි කතාවක්!
එනෝලා හෝම්ස් යනු ‘Enola Holmes Mysteries’ නමින් Nancy Springer නම් ලේඛිකාව විසින් 2006-2010 අතර කාල සීමාව තුළදී නව යොවුන් වයසේ (අවුරුදු 12-18 අතර) දරු දැරියන් ඉලක්ක කරගනිමින් රචනා කරන ලද පරිකල්පිත රහස් පරීක්ෂක කතා මාලාව ඇසුරින් නිපැයුනු චිත්‍රපටියක්.
මේ කතා මාලාවේ පොත් හයක් තියනවා:
?️The Case of the Missing Marquess
?The Case of the Left-Handed Lady
?The Case of the Bizarre Bouquets
?The Case of the Peculiar Pink Fan
?The Case of the Cryptic Crinoline
?The Case of the Gypsy Goodbye
මේ පොත් අතරින් මගේ මතකයට අකුව පළවෙනියටම ප්‍රකාශ වුන පොත් දෙක හෝ තුන තමයි Enola Holmes චිත්‍රපටියට පාදක වෙන්නේ(වැරදියි නම් කරුණාකරල මාව නිවැරැදි කරන්න✌️❤). එසේම මේ චිත්‍රපටිය වෙනුවෙන් සෑහෙන ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා( නෑ, ලංකාවෙන් නෙවෙයි, ලෝකය පුරා ඉන්න ප්‍රේක්ෂකයින්ගෙන්. ලංකාව තියෙන්නේ ලෝකය ඇතුලේ මිසක් ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ නෙවෙයි). ඒ නිසාම මෙහි දෙවනි කොටසක් පිළිබඳව කතා බහකුත් ඇති වෙලා තියනවා. ඇති වෙලා තියනවා කිව්වට තව ඉතුරු වෙලා තියෙන්නේ ඔෆීෂියල් එනවුන්ස්මන්ට් එක එන්න විතරයි.
මං මුලින්ම කිව්වා මෙයට පාදක වුනු කතාව රචනා වෙන්නේ අවුරුදු දොළහත් දහඅටත් අතර ළමයින් ඉලක්ක කරගෙන කියලා. ෆිල්ම් එක තුළත් ඒ තත්වය 80% විතරම රැක ගෙන තියනවා අධ්‍යක්ෂකවරයා විසින්. ඒක නිසා මේක නිකං බලලා විනෝද වෙන්න තියන entertaining ෆිල්ම් එකක් මිසක් බලලා දවස් ගාණක් යනතුරු කල්පනා කරන්න තියන ෆිල්ම් එකක් නෙවෙයි.
ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේක ශර්ලොක් හෝම්ස් කතාවක් කියලා. නෑ, ඒක එහෙම නෑ. ඒක නිසා ඒම හිතාගෙන ෆිල්ම් එක බලන්න එපා. ඔබ බලාපොරොත්තු වෙන විදියේ ශර්ලොක් හෝම්ස් කෙනෙක් මෙතන නෑ.
මෙතෙක් දුරට අපි දැකපු, කියවපු ශර්ලොක් කියන්නේ මානුෂීය ගුණාංග වැඩිය පිටට පෙන්වන්නේ නැති යකඩ මනුස්සයෙක්නෙ. ආතර් කොනන් ඩොයිල් මහත්මයා එක තැනක ශර්ලොක්ගෙ හදවත ගැන කියන්නේ ‘Iron Heart’ එකක් කියලා. ශර්ලොක් BBC සීරිස් එකෙන් වගේම ෆිල්ම්ස් වලිනුත් අර පොතේ තියන ගුණාංගම තමයි පෙන්නුම් කලේ. නමුත් මේකෙ ඉන්න ශර්ලොක් කියන්නේ හිනාවෙන, හොඳට කතා කරන, තමන්ගේ සහෝදරිය ගැන දයාවක් හිතේ තියාගෙන හැසිරෙන පුද්ගලයෙක්. ශර්ලොක් චරිතය ටිකක් සොෆ්ට් කරලා තියනවා. මොකද කිව්වොත් මේ ෆිල්ම් එකට බේස් වෙන්නේ ආතර් කොනන් ඩොයිල් මහත්තයගෙ පොතක් නෙවෙයි.
මේ හෝම්ස් සහෝදරයන්ගෙ සහෝදරිය අපිට මීට කලින් මුණ ගැහිලත් තියනවා ශර්ලොක් BBC සීරිස් එකෙන්. මතක නම් එතනත් ශර්ලොක් තමයි තමන්ගේ සහෝදරිය ගැන වැඩිම කරුණාවක් හිතේ තියාගෙන ඉන්න පුද්ගලයා වෙන්නෙ. එසේම කවුරුහරි ඒ ඉන්න මිස් හෝම්ස්ව මතක තියාගෙන එයා තුළින් එනෝලා හෝම්ස් දකින්න උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු කඩ වෙනවා.
මම ආයෙත් කියනවා මේක හදලා තියෙන්නේ ළමයින්ට ලියපු පොතක් බේස් කරගෙන ✌️. පොතකින් බේස් වුන නිසා මෙය adopted screen play එකක් විදියටයි යන්නෙ. ඒ නිසා ප්‍රේක්ෂකයින්ගෙ හිතේ මැවිලා තියන ශර්ලොක් ෆැන්ටසිය මෙතනින් දෙන්න බැහැ. එහෙම කරලත් නෑ. එසේම මේ චිත්‍රපටිය තුළ break the 4th wall සිද්ධාන්ත ඉතාම ප්‍රබලව සහ විශිෂ්ඨ විදියට යූස් කරලා තියනවා. ඒක ලොකු ප්ලස් පොයින්ට් එකක් චිත්‍රපටියේ තියන.
මේ ෆිල්ම් එක බලන්න ඉන්න අය කරුණාකරල තමන් මෙතෙක් ඔලුවෙ මවාගෙන ඉන්න හෝම්ස් ෆැමිලි ෆැන්ටසිය ඔලුවෙන් අයින් කරගෙන මේක බලන්න ඉඳ ගන්න. ඒම බැරි නම් බලන්න එපා. මොකද ඔයාලා බලාපොරොත්තු වන දේවල් මෙතන නැහැ.
ඔබ දන්නවත් ඇති එංගලන්තයේ තියන ‘සර් ආතර් කොනන් ඩොයිල් භාරකාරීත්වයේ’ අනුමැතියක් නැතුව මේ ශර්ලොක් හෝම්ස් සහ ඒ වඩා බැඳුනු චරිත ඇතුළත් කරමින් නවකතා හෝ වෙනත් නිර්මාණ කරන්න බෑ. එයාලගෙ අවසරය තියෙන්න ඕන මේ අලුත් කතාවෙන් මුල් චරිත වලට හානියක් වෙන්නේ නෑ කියලා. ඒ විදියේ අවසරයක් සහිතව ශර්ලොක් හෝම්ස් චරිතය සහ සෙසු චරිත යොදාගෙන වෙනත් ලේඛකයින් විසින් පසුකාලීනව නිර්මාණය කල කතන්දර බොහොමයක් තියනවා. ශර්ලොක් හෝම්ස්ට සහෝදරියක් ඉන්නවා කියලා ඩොයිල් මහත්තයා ලියලා නැහැ. මේවා ඔක්කොම පසුකාලීනව ලේඛකයින් විසින් ශර්ලොක් හෝම්ස් ෆැන්ටසිය තුළට ඇතුල් කරන ලද සිදුවීම්.