Elvis (2022) English | Sinhala Article

Elvis (2022) English by Theekshana Lankara

පරණයි ඒත් ලස්සනයි ( 3 ) ?

? Suspicious• Minds ?  සැකසහිත සිත්

Elvis Presley මිය ගොස් අදට වසර 45 කි.

( 1977 අගොස්තු 16 )

ගිය මාසයේ සිට තිරගත වු Elvis 2022 චිත්‍රපටියේ Digital පිටපත් නිකුත්වි දැන් සති කිහිපයකි. IMDb 7.1 අගයක් සහ ඇ.ඩො. මිලියන 254.3 ක ආදායමක් ගත්ත චිත්‍රපටියක්. 2018 (Bohemian Rhapsody) න් පස්සේ කැගහලා සින්දු කියන ගමන් රසවිදපු නියම චිත්‍රපටියක් ?. චිත්‍රපටිය සිනමාශාලාවට නිකුත්වෙන්න මාසෙකට කලින් මම Elvis ගැන Article එකක් දැම්මා. චිත්‍රපටියේ තිබුන ඔක්කොම දේවල් ඒ Article එකේ තිබුනනේ ඒ විදියටම ?.

එල්විස් අලුත් චරිතයක් ලොකේට හදුන්වා දුන්නා. ඒ තමයි ” ලොකප්‍රසිද්ධ ගායකයා ” කියන චරිතය. ඊට කලින් ලොකයේ ප්‍රසිද්ධ ගායකයෝ හිටියත් එල්විස් තමයි ලොකේ අස්සක් මුල්ලක් නැතුවම හැමතැනම කතාවෙන ගායකයෙක් හැදුවේ. මුල් කාලයේ එල්විස්ගේ සංගීත රටාව නිසා ඔහු සමාජයේ ඉහල පැලැන්තියේ මිනිස්සුන්ගේ ගැරහිමට පටන්ගත්තා. ඒ මොකද කියනවනම් සින්දු කියන ගමන් චලනයේ යෙදෙන්නේ සහ එල්විස් ගායනා කල ගීත ශෛලිය කලු ජාතික නිග්‍රෝ වැසියන්ගේ කියලයි සමාජයේ මතය වුනේ. නමුත් ගායනය අතරතුර පාද චලනයේ යෙදිම ඔහු නතර කලේ නැ සහ Rock n Roll සංගිතය ඔහු නතර කලේ නැ. එල්විස් සමාජයේ ඒ මතය වෙනස් කලා. ඔහු සුදු ජාතික සංගිතයට කලු ජාතික පාද නර්ථනය මුසු කලා. ඔහු කලු සුදු ලෙස වෙන් කර තිබුනු සංගිතය වෙනස් කරලා ඒදෙකම එකට එකතු කලා. එල්විස් එදා එහෙම නොකරන්න Freddie හෝ Michael කියලා දෙන්නෙක් සංගීත ලොකය හොල්ලන්නේ නැතිවෙන්න තිබුනා. එල්විස් Rock n Roll සංගීතය ප්‍රවර්ධනය කරලා ලොකෙට ඉදිරිපත් කලා. ඒ නිසා එල්විස් ඔහුගෙන් පසු බොහෝ ගායකයන් ගනනකට ඔවුන්ගේ පාර සකසා දුන්නා. එල්විස් හදුන්වලා දුන්න ” ලෝක ප්‍රසිද්ධ ගායකයා ” කියන චරිතය මයිකල් ජැක්සන් විසින් අවසන් කලා.

චිත්‍රපටිය තුල Elvis ගේ චරිතය රගපාන Austin Butler චරිතයට වැඩියෙනුත් එක්ක සාධාරණයක් කරලා තිබුනා. සුපිරියි. ඒවගේම තමයි Tom Hanks ලොක්කා කොහොමද Acting ?

? ඉතින් එල්විස් මැරුනේ හෘදයාබාධයකින්ද ?

චිත්‍රපටියේ කියන විදියට නම් ඔහු මැරුනේ ” ආදරය ” නිසා. ඔහුගේ බිරිද වු ප්‍රිසිලා ඔහුගෙන් වෙන්විම නිසා සහ සංගීතය ගැන ඔහුගේ ආකල්ප සහ ආතතිය නිසා ඔහු වේදනානාශක පෙති වලට ඇබ්බැහි වෙලා

තිබුනා. පසුව ඔහු මියගියේ ඒනිසාය. ඔහු මියයාමට සතිදෙකකට පෙර අවසන් ප්‍රසංගයේ ගායනා කල ගීතය…

ඔහ් මගේ ආදරිය

මගේ ආදරවන්තියේ

මම ඔබේ ස්පර්ශයට බඩගිනිවෙමි..

දිගු හුදකලා කාලයක්

කාලයට බොහෝ දේ කල හැකිය

ඔබද? තවත් මගේ ?

මට ඔබේ ආදරය අවශ්‍යයි……

මගේ ආදරිය , මගේ ආදරවන්තියේ

මට ඔබේ හාදුවට බඩගිනිවෙමි.

ඔයා තාමත් මගේද?

මට ඔබේ ආදරය අවශ්‍යයි…..

( ඔහුගේ මරණය සම්බන්ධව සම්පුර්ණ ලිපියක් මිට කලින් පලකලා )

? අදටත් Elvis ගේ මම ආසම සින්දුවක් තමයි ” Suspicious Minds ” . මේක ආයෙත් ජනප්‍රිය වෙන්න ගත්තා Army Of The dead චිත්‍රපටියේ පසුබිම් ගීතය වෙනුවෙන් යොදාගෙන තිබිම නිසා.

We’re caught in a trap

I can’t walk out

Because I love you too much, baby

Why can’t you see

What you’re doing to me

When you don’t believe a word I say?

We can’t go on together

With suspicious minds (suspicious minds)

And we can’t build our dreams

On suspicious minds

So if an old friend I know

Stops by to say hello

Would I still see suspicion in your eyes?

Here we go again

Asking where I’ve been

You can’t see the tears are real, I’m crying

(Yes I’m crying)

Oh, let our love survive

I’ll dry the tears from your eyes

Let’s don’t let a good thing die

When honey, you know I’ve never lied to you

මැණික ඔයා දන්නවා මම කවදාවත් ඔයාට බොරු කියලා නැහැ කියලා

Mmm, yeah, yeah

ම්ම්ම්, ඔව්, ඔව්

Well, don’t you know I’m caught in a trap?

හොඳයි, ඔයා තවම දන්නේ නැද්ද මම උගුලකට අහුවෙලා කියලා?

I can’t walk out

මට එළියට යන්න බැහැ

Because I love you too much, baby

මොකද මම ඔයාට ගොඩක් ආදරෙයි බබා

කොහොමද Lyrics සින්දුවේ ?

1968 එල්විස් විසින් නිකුත් කල මෙම ගීතය තුන්⁣කොන් ආදරකතාවක අවසානය පෙන්වයි. ” මට එලියට යන්න බැ මම උගුලට අහුවෙලා ” කියලා අගවන්නේ ඔහු වෙනත් අයෙකුගේ ආදරයකට සම්බන්ධ වි ඇති බවත් දැන් ඔහුට එය නැවැත්තුවිය නොහැකි බවත්ය.

මෙම ගිතය Conjuring 3 / Army Of The dead සහ බොහෝ චිත්‍රපටි සහ ටෙලිවිෂන් කතාමාලා රාශියක පසුබිම් සංගීතයට යොදාගෙන ඇත. සංගීතයට පැලෙන්න ආදරේ අයට තවත් එකම බලාපොරොත්තුවයි තියෙන්නේ. ඒ මයිකල් ජැක්සන්ගේ ” MICHAEL ” චිත්‍රපටිය කවද එයිද කියලා……

Elvis Presley එකෙන්ම පුරාවෘත්තයක්. ඔහු මියගිහින් අවුරුදු 45 කි. නමුත් ඔහුගේ ගීත අදටත් ජනප්‍රියයි. ඉතින් අමරණියත්වය කියන්නේ මේක නෙමේද?

Rest In Pease Legend ?

සටහන – Mr.CJS ?

( මේ සින්දුව අවුරුදු 54 ක් පරණ සින්දුවක් . ඒත් අදටත් ලස්සනයි වගේම අදටත් ජනප්‍රියයි )

තීක්ෂණ ලංකාර

Writer

One comment

  1. Theekshana ( CJS )

    ස්තුතියි ❤?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *