ED GEIN (1906- 1984) by Kavishan Hirudika
එදා 1957 නොවැම්බර් 16 වැනිදා. Painfield ගම්මානයේ හාඩ්වෙයාර් එකක හිමිකාරියක් වූ බර්නීස් වෝර්ඩන් අතුරුදන් වෙනවා. පොලීසිය සෝදිසි කිරීම් කරන අතරතුර ගමේ අයගෙන් අහන්න ලැබෙනවා හාඩ්වෙයාර් ස්ටෝරුවේ සිට ට්‍රක් රථයක් වේගයෙන් යනවා දැක්කැයි කියල.
පසුව කරන ලද සෝදිසි කිරීම් වලදී පොලීසිය කෑශ් රෙජිස්ටර් එක ලග බිම තිබී ලේ පැල්ලමක් සොයා ගන්නවා.කෑශ් රෙජිස්ටර් එක පරික්ෂා කිරීමේදී අවසාන ගනුදෙනු කරුවා ලෙස සටහන් වෙන්නේ ED GEIN. ඉතිං මොහුව අත්අඩංගුවට ගෙන ඔහුගේ ෆාම් එක ශෙඩ් එක , ගරාජ් එක පරීක්ෂා කිරීමේදී උඩ සිට පහළට අංගජේදනය කර ඇති වෝඩන්ගේ සිරුර හම්බවෙනවා. පසුව Ed ගේ නිවස පරික්ෂා කිරීමේදී මිනිස් ශරීර කොටස් හා කැබලි ගනනාවක් පොලීසිය සොයාගන්නවා. ඊට අමතරව,
☠️ මිනිස් හමින් නිපදවූ කුණු බදුනක්
☠️ මිනිස් හමින් සෑදූ පුටු සහ කොට්ට උර.
☠️ ස්ත්‍රී සමකින් සෑදූ යට ඇදුමක්.
☠️ මිනිස් කකුල් සමින් සෑදූ කලිසමක්
☠️ ස්ත්‍රී මුහුණක සමින් සෑදූ වෙස් මුහුණක්
☠️ ස්ත්‍රී යෝනි මුඛ 9 ක්
☠️ මිනිස් මුහුණක සමින් සෑදූ ලෑම්ප් ශෙඩ් එකක්
☠️ ස්ත්‍රී පියයුරු වලින් සෑදූ බෙල්ට් එකක්
☠️ මිනිස් හිස් කබලින් සෑදූ ආහාර බදුන් කීපයක්
☠️ ස්ත්‍රී සමකින් සෑදූ අත් ආවරණ යුගලක්
☠️ කන්පෙති වලින් සෑදූ මාලයක්, ස්ත්‍රී දිවවල් වලින් සෑදූ මාලයක්
☠️ මිනිස් සමකින් සෑදූ සපත්තු යුගලක්
☠️ මිනිස් අස්ථි වලින් සෑදූ හැදි, ගෑරුප්පු
☠️ ස්ත්‍රී සමකින් සෑදූ බෝනික්කෙක්
☠️ ඇසුරුම් කල බර්නීස් වෝර්ඩන්ගේ හදවත
පොලීසිය විසින් සොයාගන්නවා.
කාමර පරික්ෂා කිරීමේදී එක් කාමරයක් ඉතා පිලිවෙලටත් අනෙක් කාමර සියල්ල ඉතා අපිලිවෙලට ඇති බව දක්නට ලැබුණි. සොයා බැලීමේදී පිලිවෙලට තබා ඇත්තේ ඔහුගේ මවගේ කාමරයයි. මව මිය ගොසිනි. මවගේ මිනියට කිසිදු හිරිහැරයක් නොකර ඒ කාමරයේම පෙට්ටියක් තුල තබා ආරක්ෂා කිරීමට ඔහු කාරුණික විය.
1984 July 26 ඇමරිකාවේ Mendota මානසික රෝහල තුලදී පිළිකාවක් සැදීමෙන් ඔහු මිය ගියේය. මියයන විට වයස අවුරුදු 77 කි.
ඉතින් එඩ් කියන්නේ නව නිර්මාණකරුවෙක්.
වඩුවා ලී වලින් වැඩ දානවා වගේ, පෙදරේරුවා සිමෙන්ති වලින් වැඩ දානවා වගේ, ඔහු වැඩ දැම්මේ මිනිස් කොටස් වලින්.
වැරැද්ද තියෙන්නේ ඔහු ඔහු භාවිතා කරපු අමුද්‍රව්‍ය වල. ඉතිං මේ වගේ පොරක් සිනමාවට නෑවිත් ඉන්නවද. මේ තියෙන්නේ ඔහු සිනමාවට ආපු හැටි. බලන්න ඔයාල කීයක් බලල තියෙනවද කියලා.
ORIGINAL
1. ? In the Light of the Moon (2000)
2. ? Ed Gein: The Butcher of Plainfield (2007)
CONCEPT ADDED
3. ?Psycho series
+Psycho (1960)
+Psycho 2 (1983)
+Psycho 3 (1986)
+Psycho 4 (1990)
4. ?Texas Chain Saw Massacre series
+Texas Chain Saw Massacre (1974)
+Texas Chainsaw Massacre 2 (1986)
+Texas Chainsaw Massacre 3 (1990)
+Texas Chainsaw Massacre next Generation (1995)
+Texas Chainsaw Massacre (2003)
+Texas Chainsaw Massaccre Beginning (2006)
+Texas Chainsaw 3D (2013)
+Leatherface (2017)
5. ? Deranged: Confessios of a Necrophile (1974)
6. ?Motel Hell (1980)
7. ? Hannibal lecter series
+Manhunter (1986)
+The Silence of the Lambs (1991)
+Hannibal (2001)
+Red dragon (2002)
+Hannibal raising (2007)