Dune කියන්නෙ මොනවගේ කතාවක්ද…
Denis Villeneuve ගේ Dune සිනමාපටයේ ආගමනයත් එක්ක ලෝකය පුරාම Dune ගැන ලොකුම ලොකු අවධානයක් ලැබිලා ඉන්න වෙලාවෙ මාත් හිතුවා මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද Denis ගේ ෆිල්ම් ගැන තියෙන Hype එකත් එක්ක මේක බලන්න කට්ටිය සූදානම් උනාට ගොඩක් අයට තවම මොකක්ද මේ Dune කියන්නෙ කියලා ලොකු අවබෝධයක් නෑ. මම හිතනවා මේ සටහන කියවලා අවසාන වෙනකොට ඔයාලට Dune ගැන හොඳ අවබෝධයක් ලැබිලා මේක බලන්න තියෙන ආසාවත් තවදුරටත් වැඩිවේවි කියලා. ඒවගේම Dune තුල අන්තර්ගත වෙන සංකීර්ණ දේශපාලන කතාව හරිහැටි තේරුම් අරගෙන මේ කතාව හොඳින්ම රසවිඳින්න මේක යම් ආකාරයක උදවුවක් වේවි. එහෙනම් අපි මුලින්ම මේ කතාව ලියවුන හැටි ගැනත් දැනගෙනම Full Story එක ගැන අවබෝධයක් ගමු.
Dune කියන්නෙ 1965 වසරෙදි Frank Herbert කියන විද්‍යා ප්‍රබන්ධ රචකයා විසින් ලියපු විද්‍යා ප්‍රබන්ධ නවකතාවක්. ඇත්තටම ඒ වගේ කාලෙකදි මෙහෙම ප්‍රබන්ධයක් නිර්මාණය කරන්න තරම් Frank Herbert ගේ පරිකල්පනය මොන තරම් ඉහල මට්ටමක තිබුනද කියන එක හරි පුදුමාකාරයි. මේක ඇත්තටම ඉන්පසු කාලෙදි ජනප්‍රිය උන Star Wars Franchise එක වගේ අභ්‍යවකාශ චාරිකා පාදක කරගත් නිර්මාණ වලට වගේම මෑතකාලෙදි ඉතා සංකීර්ණ දේශපාලනික ගැටුම් සහ බල තුලනයන් පාදක කරගනිපු Game of Thrones වැනි කතා මාලාවන්ට පවා පාදක උන නිර්මාණයක්. ඉතින් හිතාගන්න මේක කවර් කරන පරාසය මොන වගේ එකක්ද කියලා. ඔන්න Star Wars වගේ වීර වික්‍රමාන්විත විදියට අභාවකාශය, විවිධාකාර ග්‍රහලෝක තුල සැරිසරන අතරෙ Game of Thrones වල විදියට එකිනෙකට දේශපාලනිකව බෙදී ගියපු Houses අතරෙ බලය ලබාගැනීම වෙනුවෙන් සිදුකරන කුමන්ත්‍රණ, පාවාදීම්, සටන් ගැන අත්දැකීමක් එකම කතාවක් ඇතුලේ අත්විඳින්න ඔයා ආස නම් ඔයාට තියෙන හොඳම Option එක තමයි මේ Dune කියන්නෙ. ඉතින් 1965 වසරෙදි පලමු පොත රචනා කිරීමෙන් පසුව ඒකට ලැබුන ප්‍රතිචාර එක්ක Frank Herbert විසින් 1969-1985 කාල වකවානුව අතරතුරදි තවත් Dune පොත් පහක් ලියනවා. ඊට අමතරව 1999 වසරෙ ඉදන් Frank ගේ පුතා Brian Herbert විසින් Kevin J. Anderson එක්ක එකතුවෙලා තවත් Prequal සහ Sequel පොත් 14 ක් ලියලා තියෙනවා. මීට අමතරව 1984 වසරෙදි අපි ගොඩ දෙනෙක් දන්න කියන සෑහෙන සංකීර්ණ සිනමාපට නිර්මාණය කරන්නම ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් උන David Lynch විසින් මෙය සිනමාවට නැගුවත් එයනම් එතරම් සාර්ථකත්වයක් ලබාගන්නෙ නැහැ. ඊට අමතරව 2000 වසරෙදි Tv Mini series එකක් විදියට සහ අවස්ථාවන් කිහිපයකදිම පරිගණක ක්‍රීඩාවන් විදියටත් මේ Dune කතාමාලාව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපිට දැන් රසවිඳින්න ලැබෙන්නෙ 1984 වසරෙදි David Lynch කරපු Dune සිනමාපටයෙම ප්‍රතිනිර්මාණයක්. හැබැයි මේකට සම්බන්ධ උන දක්ෂ නලුනිලි පිරිස, අධ්‍යක්ෂකවරයා උන Denis Villeneuve ගේ කලින් සිනමාපට වලින් ඔහු පෙන්නපු හපන්කම් වගේම පහුගිය කාලේ නිකුත් උන Trailers සහ මේ වෙද්දි සිනමාපටය ප්‍රදර්ශනය වෙන රටවල ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ඉතාම සුභවාදී ප්‍රතිචාර එක්ක මේ වෙද්දි Dune කියන්නෙ ලෝකයේම වැඩිම අවධානයක් දිනාගනිපු සිනමා නිර්මාණයක් බවට පත්වෙලා අවසානයි.
ඉතින් දැන් ඔන්න මම සූදානම් වෙන්නෙ මොකක්ද මේ Dune කියන්නෙ, මේ ලෝකය ගැන. මේකේ චරිත, ඒවල පසුබිම ගැන විස්තරයක් කරන්නයි. මම කලින් කිව්වනෙ මේක Star Wars සහ Game of Thrones කතා දෙකටම නෑකම් කියන ආකාරයෙ කතා පුවතක් කියලා. මේ විස්තරෙන් පස්සෙ ඔයාලටම ඒකේ සත්‍යතාවය ගැන අදහසක් අරගන්න පුලුවන්.
මුලින්ම කියන්න ඕන Dune සඳහා පාදක වෙන්නෙ අපි ඉන්න කාලයට වඩා වසර දහස් ගණනකින් අනාගතයේ පවතින විශ්වයක සිදුවෙන සිදුවීම් මාලාවක්. මේකේ කියන විදියට මේ කාල වකවානුව වෙද්දි මිනිසුන් මුලු විශ්වය පුරාම පැතිරිලා ගිහින් විවිධාකාර ග්‍රහලෝකවල ජනපද පිහිටුවාගෙන අවසන්. ඒ අනුව ඔවුන් තම තමන් විසින් ජනපදයන් පිහිටුවාගත් ග්‍රහලෝකයන් විවිධාකාර Houses වලට අයත් පාලකයන් විසින් පාලනය කරද්දි (Game of Thrones වල සත් රාජධානිය වගේම තමයි. ඒකේ රාජධානි කියන ඒවා මේකේ ග්‍රහලෝක විදියට ගත්තම කිසිම වෙනසක් නෑ ) ඒ සියලුම පාලකයින්ට ඉහලින් ඔවුන්ව පාලනය කරනු ලබන පුද්ගලයා වෙන්නෙ අධිරාජ්‍යයෙක්. මෙයාව හඳුන්වන්නෙ Emperor Corrino නමින්. මේ කතාවට පාදක වෙන කාල වකවානුව වෙද්දි විශ්වයේ බල තුලනය රැඳී පවතින්නෙ ප්‍රධාන පාර්ශවයන් තුනක් මත. එකක් තමයි Spacing Guild එහෙමත් නැත්නම් Guild of Navigators නමින් හඳුන්වන ආලෝකයේ වේගයට වඩා අධික වේගයකින් අභ්‍යවකාශය හරහා ගමනාගමනය කිරීමේ පහසුකම් සලසන කණ්ඩායම, දෙවෙනි පාර්ශවය තමයි Padishah Emperor නමින් හඳුන්වන දැවැන්ත හමුදා බලයක් ඇති අධිරාජ්‍යයා සහ තුන්වෙනි පාර්ශවය මම කලින් විස්තර කරපු Houses වල පාලකයින්. මම කියපු Padishah Emperor තනතුරේ ඒ වෙද්දි ඉන්නෙ House Corrino හි ප්‍රධානියයි. ඔවුන් ඒ තනතුරට උරුමකම් කියන්නෙ වසර දහස් ගාණකට පෙර සිද්ධ උන Battle of Corrin කියන සටනෙදි අනිකුත් සියලුම වංශයන් පරාජය කරලා House Corrino විසින් සියල්ලන්ගේම පාලන බලය හිමි බලවත්ම වංශය බවට පත්වීමෙන් පසුවයි. ( නිකන්ම ටාගේරියන් වංශය මතක් උනා නේද…) ඉතින් කොහොමහරි මේ කාල වකවානුව වෙද්දි මේ ප්‍රධාන පාර්ශවයන් තුනට අමතරව තවත් පාර්ශවයක් බලවත් වෙමින් පවතිනවා. ඒ තමයි Bene Gesserit. මෙයාලා වසර දහස් ගණනක් පුරා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ඒ වෙද්දි අධිරාජ්‍ය පුරාම බලය කේන්ද්‍රගත උන ස්ථානවල ප්‍රධාන ක්‍රියාකාරීන් බවට පත්වෙලා සිටින අධිමානුශික හැකියාවෙන් යුක්ත කාන්තාවන්ගෙන් සැදුම්ලත් නිකායක්. මෙයාලා මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ වඩා බලවත් ජාන ඉදිරි පරම්පරාවල් වලට ලැබෙන ආකාරයට තෝරා බේරාගෙන ජනිතයන් බිහිකිරීම තුලිනුයි. ඔවුන්ගේ මූලිකම අරමුණ වෙන්නෙ කවදාක හරි Kwisatz Haderach නමින් හැඳින්වෙන අධිමානුශික omniscient පුරුශයෙක්ව බිහිකිරීම ( අපි නිකන් හිතමු දෙවියන්වහන්සේව බිහිකිරීම කියලා. ඒ වගේ අරමුණක් තමයි මෙයාලට තියෙන්නෙ ) මෙයාලට අමතරව තවත් පාර්ශවයක් ඉන්නවා Mentats නමින්. මේ කතාව ආරම්භ වෙන්නෙ පරිගණක වැනි දියුනු ගණිතමය යන්ත්‍ර විනාශ කරලා වසර දහස් ගණනක් ගතවීමෙන් පසු කාල පරිච්ඡේදයක නිසා ඒ පරිගණක විසින් සිදුකලයුතු සංකීර්ණ ගණිතකර්ම සිදුකිරීමට බාරවෙලා තියෙන්නෙ මෙන්න මේ කියන Mentats ලටයි. මෙයාලට පුලුවන් ඕනම සංකීර්ණ සූත්‍රයක් මිලි තත්පර ගණනාවකින් විසඳන්න. ඇත්තටම කිව්වොත් මෙයාලා ජීවත්වෙන පරිගණක හා සමානයි.
නමුත් ඉතින් මේ මොන බලවත් පාර්ශව හිටියත් එක දෙයක් නැතුව නම් මෙයාලට වැදගත්ම දේ උන අභ්‍යවකාශ ගමනාගමනයට සහ ජීවිත කාලය තවදුරටත් වර්ධනය කරගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. අන්න ඒ බලවත් දේ එක්තරා මූලද්‍රව්‍යයක්. මේක හැඳින්වෙන්නෙ Spice melange නමින්. මේවා කොච්චර බලවත් මූලද්‍රව්‍යයක්ද කිව්වොත් මේකෙන් සුලු ප්‍රමාණයක් ශරීරයට අවශෝෂණය උනොත් සුලු ප්‍රමාණයක අනාගතය දැකීමේ හැකියාවක්, මානසික බලයක් ලැබෙනවා වගේම තමයි ඇස් පවා නිල් පැහැයෙන් දිදුලන්න ගන්නවා. ඉතින් Dune විශ්වයේ වටිනාම දේ මොකක්ද ඇහුවොත් දෙපාරක් හිතන්නෙ නැතුව දෙන්න පුලුවන් උත්තරය තමයි මේ Spice melange කියන්නෙ. මේවා ඒ තරම්ම වටිනවා. ඒ වගේම ඉතාම දුර්ලභයි. මේවා හොයාගන්න පුලුවන් මුලු විශ්වයේම තියෙන එකම තැන තමයි Arrakis කියන වැලි කාන්තාර වලින් පිරුණු අති දුශ්කර පරිසර තත්ත්වයක් තියෙන ග්‍රහලෝකය. පරිසර තත්ත්වයට අමතරව මේකේ වැලි තලයට යටින් වාසය කරන අති දැවැන්ත වැලි පණුවන් සහ කලහකාරී දරුනු ස්වදේශික පිරිසක් වෙන Fremen ලා නිසා Arrakis වල තියෙන Spice melange ලබාගන්න එක නම් ඉතාම අසීරු කටයුත්තක්. මේ Fremen ලා පවා Arrakis තුල පණ බේරගෙන ජීවත් වෙන්නෙ ස්වභාවිකවම ජලය සුරක්ෂිත කර තබාගැනීමට හැකි ආකාරයේ පද්ධති සැකැස්මක් ඔවුන්ට ලැබී තිබෙන නිසයි. ඒවගේම ඔවුන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා මම ඉහලින් සඳහන් කරපු Bene Gesserit නිකාය විසින් අනාගතයෙදි උත්පත්තිය ලබාදෙන දිව්‍යමය පුරුෂයා වන Kwisatz Haderach විසින් Arrakis වෙත විමුක්තිය උදා කරාවි කියලා. ඉතින් මේ මොන දුෂ්කර තත්ත්ව යටතේ උනත් Spice melange වලින් සමස්ථ විශ්ව අධිරාජ්‍යයටම තියෙන වැදගත්කම නිසා Arrakis ග්‍රහලෝකය කියන්නෙ අධිරාජ්‍යයෙ සියලුම වංශයන් තමන්ගෙ අවධානය යොමුකරගෙන ඉන්න, කොයි මොහොතේ හරි බලය පතුරුවන්න සූදානමින් ඉන්න වටිනා නිධානයක් බඳු ග්‍රහලෝකයක් කිව්වොත් වැරදි නෑ.
ඉතින් මෙතනදි තමයි අපේ කතානායකයා වෙන Paul Atreides සහ ඔහුගේ පියා වෙන Duke Leto කතාවට එකතු වෙන්නෙ. Leto පාලකයා වෙන වංශය උන House Atreides තමයි මේ වෙද්දි Arrakis හි Spice melange කැණීම් කටයුතු භාරව කටයුතු කරන්නෙ. නමුත් ඔවුන්ගේ මවු ග්‍රහලෝකය වෙන්නෙ සාගරයන්ගෙන් පිරුණු ග්‍රහලොවක් වෙන Caladan.මේ කතාව ආරම්භ වෙන්නෙ Duke Leto අධිරාජ්‍යයාගේ නියමය මත තමන්ගේ පුත්‍රයා උන Paul Atreides එක්ක Arrakis වෙත පිටත්වීමත් එක්කයි. ඇත්තටම මේ Paul ගේ ඉපදීම සම්බන්ධවත් විශාල කතාවක් තියෙනවා. Paul ගේ මව වෙන Lady Jessica කියන්නෙ Duke Leto ගේ එක් භාර්‍යාවක්. හැබැයි මෙයාගෙ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙයා මම කලින් සඳහන් කරපු Bene Gesserit නිකායේ සාමාජිකාවක්. ඒ කියන්නෙ මෙයාටත් ඒ වගේම සුපිරි අධිමානුශීය හැකියාවන් තියෙනවා. මොවුන්ට Bene Gesserit විසින් පනවලා තියෙනවා එක්තරා දැඩි නීතියක්. ඒ තමයි ඔවුන්ගේ අනාගත අරමුණ වෙන Kwisatz Haderach ට උත්පත්තිය ලබාදෙන තෙක් කිසිම ආකාරයකින් පිරිමි දරුවෙකු බිහි නොකරන ලෙසයි. මේක ඔවුන් පනවලා තියෙන්නෙ යම් හෙයකින් ඔවුන්ට අවශ්‍ය කාලයට වඩා පෙර කාලයකදී පිරිමි දරුවෙකු ලෙස Kwisatz Haderach බිහිවීමේ අවදානම නැතිකරගන්නයි. හැබැයි ඉතින් මෙතනදි පොඩි අවුලක් වෙනවා. Duke Leto ට තදින්ම අවශ්‍ය වෙනවා Jessica ගෙන් පිරිමි දරුවෙක් ලබාගන්න. ඉතින් Leto තියෙන ආදරේ නිසාම Jessica මේ අවස්ථාවෙදි තීරණය කරනවා Bene Gesserit ලට විරුද්ධව ගිහින් පිරිමි දරුවෙක්ට උපත ලබාදෙන්නෙ. ඇත්තටම එයාලට පුලුවන්කම තියෙනවා තමන්ට ලැබෙන්න ඉන්න දරුවා ගැහැණු හෝ පිරිමි දරුවෙක්ද කියලා තීරණය කරන්න. ඉතින් ආදරේ නිසා කරපු මේ හිතුවක්කාර වැඩෙන් Bene Gesserit නිකායේ සියලුම සැලසුම් අවුල් වෙලා ගිහින් ඔවුන් විසින් Kwisatz Haderach ව උපද්දවන්න සැලසුම් කරගෙන සිටි කාලයට වසර දහස් ගණනකට පෙරම Paul Atreides විදියට මේ දිව්‍යමය පුරුශයා උපත ලබනවා. දැන් ඉතින් මේ උන දේ ආපස්සට හරවන්න බැරි නිසා Bene Gesserit නිකාය තීරණය කරනවා Paul Atreides ව ඔහුගේ අනාගත රාජකාරිය වෙන ලෝකයට විමුක්තිය උදාකිරීම වෙනුවෙන් පුහුණු කරවන්න. ඒ අනුව මව වෙන Jessica විසින් Paul ට තම හැකියාවන් වර්ධනය කරගන්නා ආකාරය උගන්වද්දි පියා වෙන Leto විසින් ඔහුව මම කලින් කියපු ආකාරයෙ Mentat කෙනෙක් විදියට පුහුණු කරනවා. ඉතින් මේ විදියට අධිරාජ්‍යයට විශාල බලපෑමක් කරන්න පුලුවන් පුද්ගලයෙක් විදියට Paul Atreides ටිකෙන් ටික ප්‍රසිද්ධ වෙද්දි මේක තමන්ට විශාල තර්ජනයක් විදියට දකින Emperor Corrino සහ House Harkonnen හි ප්‍රධානියා වෙන Baron Vladimir Harkonnen විසින් House Atreides විනාශකර දැමීමට සැලැස්මක් සකස් කරනවා. ඒ අනුව තමයි Duke Leto ඇතුලු Atreides වංශයට Arrakis වෙත යන ලෙස අධිරාජ්‍යයා අණකර සිටින්නෙ. මේකේදි Harkonnen කියන්නෙ Arrakis මුලින්ම පාලනය කල දරුණු වංශයක්. Atreides වංශයෙ පරම හතුරන් වෙන මෙයාලා Arrakis හි ස්වදේශික පිරිස් උන Fremen ලට සෑහෙන වදහිංසා කරලා ඔවුන්ව විශාල වශයෙන් ඝාතනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ Fremen ලත් එක්ක සහයෝගයෙන් කටයුතු කරලා හොඳ Spice melange අස්වැන්නක් අධිරාජ්‍යයට ලබාදීමේ අරමුණෙන් Duke Leto ප්‍රමුඛ Atreides වංශය තමන්ගේ අලුත් නිවහන උන Arrakis වෙත ගියත් එය ඔවුන්ගේ සම්පූර්ණ වංශයම විනාශ කිරීමේ සැලැස්මක් බව ඔවුන් දන්නෙ නෑ. මේ අතරතුරේදි තමයි Corrino අධිරාජ්‍යයා විසින් Baron Harkonnen ට Sardaukur කියන රණශූර සෙබලුන්ගෙන් සැදුනු කණ්ඩායම ලබාදෙන්නෙ. මේ වෙද්දි Harkonnen විසින් විවිධ ක්‍රම මගින් Leto ගේ විශ්වාසවන්තම සගයින්ව ඔහුට විරුද්ධව කටයුතු කිරීමට පොලඹවා ගන්නවා. ඒ අනුව තම වංශය හා දීර්ඝකාලීන වෛරයක් ඇති Atreides වංශය තමාට වාසි සහගත ග්‍රහලොවේදිම අතුගා දැමීමට පලමු ප්‍රහාරය Baron Harkonnen දියත් කලත් මේ වෙද්දි තම හැකියාවන් දියුණු කරගෙන ඉන්න Paul Atreides ගැන ඔහු ඒතරම් තැකීමක් කරන්නෙ නැහැ. ඒකෙන් වෙන්නෙ Paul ගේ බලයන්ගෙන් ඔහු සහ Jessica ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන පලායෑම. කොහොම නමුත් දරුණු වැලි පණුවන්ගෙන් ගහණ කාන්තාරය තුලට පලායන මේ දෙදෙනා එහි සිටින ස්වදේශිකයන් හමුවීම දක්වා ගමන අපිට බොහෝවිට සිනමාපටයෙ පලමු අර්ධයෙන් දැකබලාගන්න පුලුවන් වේවි.
මෙහි දෙවෙනි කොටසෙන් බොහෝ දුරට Paul සහ Jessica දෙදෙනා Fremen ලගේ විශ්වාසය දිනාගෙන ඔවුන් සිතා සිටි ආකාරයටම Paul කියන්නෙ ග්‍රහලෝකයට සාමය උදාකරන Kwisatz Haderach ගේ උත්පත්තිය බවත් පෙන්වා දීම සහ Fremen ගැහැනු ලමයෙක් වන Chani හා එකතුවෙන Paul විසින් ඔහුගේ බලයන් තවදුරටත් වර්ධනය කරගෙන Arrakis ග්‍රහලෝකයේ සිටින බිහිසුණුම සත්ත්වයින් පවා මෙල්ලකරගත හැකි තත්ත්වයට පත්වී නැවත Harkonnen ලට එරෙහිව සටන්කරන ආකාරය දැකබලාගන්න හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්. ඉතින් මේක පොතේ කතාව උනාට චිත්‍රපටියෙදි සිදුවීම් පෙලගැස්ම මීට තරමක් වෙනස් වෙන්නත් පුලුවන්. මොකද බලන කෙනාට අලුත්ම අත්දැකීමක් ලැබෙන විදියට සිනමාපටය නිර්මාණය වියයුතු නිසා.
ඉතින් Dune ගැන මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. හැබැයි මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ මම විස්තර කලේ විශාල පෙරලීන් ගණනාවක ආරම්භය විතරයි. Dune කියන්නෙ කොහෙත්ම එක ෆිල්ම් එකකින් අවසන් කරන්න පුලුවන් කතාවක් නෙමෙයි. ඉතින් 1984 දී මේ Franchise එක පලවෙනි චිත්‍රපටියෙන්ම නැවතුනත් මේ වතාවෙදි නම් දැනටම ලැබිලා තියෙන ඉහලම ප්‍රේක්ශක විචාරක ප්‍රතිචාර එක්ක මේක දිගටම කරගෙන යන්න පුලුවන් පැහැදිලි මාවතක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරි Dune නිර්මාණත් දැකබලාගන්න හැකියාව ලැබේවි කියලා සුභවාදීව බලන් ඉමු. එහෙනම් තවත් මේ වගේ සටහනකින් හමුවෙනතෙක් සමුගන්නවා. සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!
නියම ආටිකල් එකක් ??