Dorasaani / ( කුමාරිහාමි ) / Telugu / कुमारिहामि
80% liked this film Google users
” නුඹ මගේ හදවත ස්පර්ෂ කලා , මම නුඹ ගාවට එන්නම් , හැමදේම අතහැර දමා “
ආදරයත් එක්තරා විප්ලවයක්. සමහරු කොයිතරම් බාධක ආවත් ඒ විප්ලවය ජය ගන්නවා. තවත් සමහරුන්ට ඒ විප්ලවය පරාජය වෙන්න වෙනවා. මේ එවැනි ජයග්‍රාහී විප්ලවයක කතාවයි.
” සිහිනය සාංකාවෙන් පිරී ඇත . . .
හදවත උද්වේගයෙන් පිරී ඇත . . .
මම සතුටින් ❤️❤️❤️
මේ හදවත් ආශාවන් අතර දැන්
මේ කැදැල්ලේ නිදහසක් දැනෙයි දැන්
සිතුවිලි කුමක්දෝ කතාවක් මුමුණයි
සංකාවන් නිදහස් වී
ජීවිතය සතුට දැකුමට සොයා යයි
සිතුවිළි පෙළඹවීමක් ඇති කරයි
මරණයටත් එය ඔච්චම් කරයි
මා යටපත්ව ඉන්නෙමි උණුසුම් හැගීම් සමග
දෙකම්මුල් රත් පැහැ වී
සිරුරම සසලව යයි
හදවතේ ඇති දේ ඇස් වලට පැවසිය නොහැක
මේ හැගීම හදවතට ඇතුල්ව
දීප්තිමත් සිනහවක් මා මුවගට දෙමින්
සදක් මෙන් මා බබළයි ” ❤️
ආදරයේදී බොහෝ සීමා මායිම් නැත. අවශ්‍ය වන්නේ දෙදෙනෙකුගේ සිත් එක් වීමයි. ඉන් පසු ඔවුන් ගේ ධනය , බලය , උස් පහත් කම් , උගත්කම් , කිසිවක් ඒ ආදරයට වැදගත් නැත. ආදරය එතරම් විශාල විප්ලවයක් කල හැකි දෙයකි. මේ දොරසානි ( කුමාරහාමි ) ද මා දැක් තවත් එවැනි විප්ලවයකි.
පැය දෙකකුත් මිනිත්තු දහයකින් සපිරි මේ සිනමා විප්ලවය ලියා අධ්‍යක්ෂණය කරනු ලබන්නේ K.V.R. Mahendra විසිනි. මෙය නිෂ්පාදනය Madhura Sreedhar , Yash Rangineni දෙදෙනාගේ එකතුවෙන් Madhura Entertainments යටතේ නිකුත්වේ. මෙහි සිනමාරූපීත්වය Sunny Kurapathi ගෙනි. එවගේම මියුරු සංගීතය Prashanth Vihari ගෙනි. මෙම සිනමා නිර්මාණය තෙළිගු බසින් නිර්මාණය වී නිකුත් වන්නේ 2019 ජූලි 12 වනදාය. මෙම සිනමා නිර්මාණය Drama / Romance කාණ්ඩයට වැටෙන්නකි. එවගේම IMDb දර්ශකයේ 6.2/10 අගයක් හිමි කර ගන්නට මෙම සිනමා නිර්මාණයට හැකි වී තිබෙනවා. එවගේම මේ සිනමා නිර්මාණය Anand Deverakonda , Shivatmika Rajashekar , Kiahore Kumar , Vinay Varma ඇතුළු තවත් නළු නිළියන් රැසකගේ අපූරු රංගනයෙන් හැඩ වී තිබෙනවා.
මේ සිනමා නිර්මාණය සිනමාලෝලී ඔබ බලා තිබෙන්නටත් පුළුවන් , නොබලා තියෙන්නටත් පුළුවන්. ඒත් ඔයා නොබැලූ කෙනෙකු නම් ඔයාගේ ලිස්ට් එකට මේ සිනමා නිර්මාණයත් එක් කරගන්න අමතක කරන්න එපා. අපි නොදැකපු , නොඹලපු ආදරයක් එක්ක ගනුදෙනු කරන්නට මේ සිනමා නිර්මාණය සමග ඔබට හැකි වේවි. ආදරය විප්ලවයක්ම බව ඔබට වැටහේවි.
ඔබේ රසාස්වාදයට බාධා නොවන්නට කතාව පිළිබද යම් ඉගියක් ඔබ වෙත ගෙන එන්නටයි මගේ බලාපොරොත්තුව. අවුරුදු 30 ක සිර දඩුවමකින් පසු සිරෙන් එළියට එන ශංකර් හොයා යන්නේ රාජුවයි. රාජු සොයා යන ඔහුට රාජුව සොයා ගන්නට නොහැකි වන අතර ඔවුන් පිළිබදව විස්තරයක් දන්නා එක් අයෙකු මුණ ගැසෙයි. ඒ සිද්දා නැමැත්තායි.
කතාව එතැන් සිට අවුරුදු තිහක් ආපස්සට දුවයි. ගමේ පාලනය තියෙන්නේ මුලාදෑනියා සන්තකයේය. නැතිනම් හාමු යටතේය. රාජු හයිද්‍රාබාද් හි ඉගෙනුම ලබන නිවාඩුවට ගමට ආ තරුණයෙකි. යාළුවන් සමග කෙළිදෙළින් ගත කරන ඔහුට වලව්වේ දොරසානි ( කුමාරිහාමි ) දක්නට ලැබේ. ඒ මොහොතේ ඔහුගේ සිත තුල මතුවන ආදරය දළු ලන්නේ ඔහු දුටු මොහොතේම කුමාරිහාමි දේවකී ගේ සිතෙහිද ඒ ආදරයම දළුලන නිසාවෙනි.
එතැන් පටන් කෙමෙන් කෙමෙන් දළුළන ඒ සොදුරු ආදරය කුමාරිහාමීව වළව්වෙන් එපිට සුන්දර ලෝකය පෙන්වීම දක්වාම ගෙනයයි. මෙලෙස සුන්දරව ගලා යන ආදරයේ ඇතැම් තැන් ඔබේ ආදර කතාවේ කොටසුත් ඔබට මතක් කර දෙයි. මේ ආදරය දහසක් බාධක මැද ගලා ගොස් නවතින්නේ පැරදීමකින් නොව සදාකාලික දිනුමකිනි.
” දකින්නේ නැතිව ඉන්න පුළුවන් කියලා ,
හිතුනා , ඒත් ඉන්න බැරි වුනා . . .
අද ඔයා එයි කියලා මම දැනගෙන හිටියා . . .
මාත් දැනගෙන හිටියේ ඔයා මං ගැන හිතනව ,
ඇති කියලා . . . “
” ඒ කියන්නේ අපි ආදරය කරනවා . . . ❤️ “
ඔබ ආදරය කරාවි. ආදරය කොයි වගේ විප්ලවයක්ද කියා තේරුම් ගනීවි. එසේ නම් මේ ආරාධනාව නරඹන්නට තවත් එක් අපරාජිත ආදර සිනමා නිර්මාණයක් , ඔබේ සිතට නැගෙන ආදරණීය අදහසුත් එක් කරන්නට අමතක නොකරන්න.
” මේක ගෞරවය කියන නමින් කියන්න තියෙන , රාජුගේත් , කුමාරිහාමිගේත් කතාවක් විතරක් නෙමෙයි. මේ වෙනකන් ආදරය වෙනුවෙන් මරලා දාල තියෙන හැම ආදර කතාවකටම , මේ භූමිය ඒ ආදරවන්තයන්ගේ ලෙයින් කම්පා වෙමින් සිටී , මේ ඛේදවාචකය දැක අප තුල වෙනසක් ඇති කරන්නා ආසාවෙන් කියපු කතාවක්. ඔයත් නරඹන්න “
ජය . . .!!!
ජායාරූප උපුටාගැනීම අන්තර්ජාලයෙනි . . .
©️ සටහන : ප්‍රමෝද් සදරුවන් ගමගේ.
प्रमोद संदरुवन गमगे ।
සැ:යු :- මේ දිනවල කොරෝනා භීෂණය අප රට තුල දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. ඔබත් සෑම විටම එයින් වැලකීම සදහා නිවරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. හැකි සෑම විටකම සෙනග බහුල ස්ථාන වල ගැවසීමෙන් වළකින්න. ඒ වගේම ඔබ සමාජ ජාලා හරහා මේ සම්බන්ධ තොරතුරු හුවමාරු කරගැනීමේදී නිවරදි තොරතුරු පමණක්ම හුවමාරු කරගැනීමට සැලකිලිමත් වන්න.