Don’t Look Up (2021) English by Prageeth Shan
මුල් පින්තූරේ තියෙන News එක දැක්කම එකපාරටම මතක් උනේ මේ ලඟදි බලපු සුපිරිම Black Comedy යක් වෙන Don’t Look Up ෆිල්ම් එක…
ඒත් එක්කම මට හිතුන දේ තමයි ලෝක මට්ටමේ ව්යසනයක් මැද පවා ඇමෙරිකාවෙ පාලන තත්න්රය, මාධ්ය තමන්ගෙ වාසිය තකා ඒ ව්යසනය පාවිච්චි කරන ආකාරය, මිනිස්සු නොමග යවන ආකාරය ගැන පෙන්නුවත් ඒ කරුණු කාරණා අපේ රටට මොනතරම් ගැලපෙනවද කියලා.. ඇත්තටම මේකෙ ඇමෙරිකාව වගේ දැක්කෙත් අපේ ලංකාවෙ දේශපාලකයො මීටත් වඩා හොඳට කරන්න දන්න වැඩ ටිකම තමයි…
අපි බලලා තියෙන සුපුරුදු Disaster movie අතරෙ තියෙන ප්රසිද්ධම කැටගරියක් තමයි අභ්යවකාශ වස්තුවක් පෘථිවියෙ ගැටිල මිනිස්සු සම්පූර්ණයෙන්ම වඳවෙලා යෑම කියන්නෙ. ඉතින් මේකේදි අපිට නිතරම දැකලා පුරුදු විදියට මිනිස්සු එකට එකතුවෙලා තමන්ගෙ සම්පත් වලින් ග්රාහකය විනාශ කරන්න මෙහෙයුම් දියත් කරන ආකාරය, ඒ මෙහෙයුම් වලට පිටත්වෙන ගඟනගාමීන් අවසාන මොහොතෙදි සමස්ථ මිනිස් වර්ගයා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරලා පෘථිවිය බේරගන්න හැටි හරි වීරෝදාර විදියට පෙන්නපු ෆිල්ම් ඔයාලා ඕනතරම් දැකලා ඇති 
හැබැයි ඒක ඇත්තටම උනොත් කොහොම වෙයිද කියලා හිතුවද.. ඒ කියන්නෙ විද්යාඥයින් ට මේක හරියටම වෙනවා කියලා රජයට
ඔප්පු කරගන්න ගන්න වෙන මහන්සිය. විද්යාඥයො දෙතුන් දෙනෙක් ඇවිත් කිව්වා කියලා මේ වගේ ව්යාපෘතියකට ඩොලර් බිලියන් ගණන් වෙන්කරන්න රජය එකපාරටම කැමති වෙයිද කියලා හිතුවද.. ඊලඟට මේක ගැන 100% ක් නිවැරැදි විස්තර ම රජය සාමාන්ය මිනිස්සුන්ට දැනගන්න ඉඩ තියාවිද.. මේක මිනිස්සු දැනගත්තම ඒ දේ එකපාරටම මිනිස්සු විශ්වාස කරයිද.. නැත්නම් අපිට හිතාගන්න බැරි විදියට ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්චාවෙ කියලා ඉදීවිද… අන්න ඒ විදියෙ අර මතුපිටින් පේන චිත්රයට ඇතුලතින් වෙන්න ඕන දේවල් ටික හරි ලස්සනට Don’t Look Up එකෙන් පෙන්නනවා.





හැබැයි මේකේ අධ්යක්ෂවරයා වල්ගා තරුවක් පෘථිවිය හා ගැටීම වගේ කාරණාවක් තමන්ගෙ ෆිල්ම් එකේ මූලික හරය විදියට පෙන්නුවත් ඇත්තටම එයාට කියන්න ඕන උන දේ නම් වල්ගා තරුවක් අපේ පොලවෙ ගැටෙන්න ආවෙ නැතත් දැනටත් හොඳටම පේන්න තියෙන දෙයක්…
ඒ තමයි බලය, පාලනය කියන දේ ඉහලින්ම ඉන්න මිනිස්සු ඊට පහලින් තමන්ට ඒ තැනට එන්න උදවු කරපු බිම් මට්ටමේ මිනිස්සු ගැන හිතන් ඉන්න විදිය. ඒවගේම බිම්මට්ටමේ ඉන්න මිනිස්සු හැමදාමත් රජය නිතරම තමන් ගැන හිතනවා කියලා මහා ලොකු මුලාවක වැටිලා ඉන්න හැටි..
අපිට අපේ රටම උදාහරණයකට ගත්තොත් ඔයාලා දැකලා ඇති රටේ ප්රබල නිලයක ඉන්න කෙනෙක් අපකීර්තිමත් සිද්ධියකට වැරදිකරු උන හැටියෙම අර කතාවට අදාලම නැති විදියෙ මහා පරිමාණයෙ ගොසිප් එහෙම එලියට එනවා. අර රූ රැජිනියොන්ගෙ ඔටුනු ගලවගෙන නටපු නාඩගම වගේ ඒවා..
ඉතින් අර රටේම මිනිස්සු අවධානය යොමු කරන්න ඕන news එක වැදැගැම්මකට නැති ගොසිප් එකකින් වැහිලා යනවා. හැබැයි මේවා අහම්බෙන් වෙන දේවල් ද නැත්නම් පිරිසක් හිතාමතාම කරන දේවල් ද කියලා Don’t Look Up බැලුවනම් අදහසක් ගන්න පුලුවන්..









ඊලඟට අපකීර්තිමත් අවස්ථාවකට පත්වෙලා ඉද්දි ඒකෙන් ගොඩ ඇවිත් ජනතාවගෙ ආදරේ දිනාගන්න ව්යසනයක් පාවිච්චි කිරීම. ඇත්තටම රටේ මිනිස්සුන්ට මොන බලු වැඩේ කරලා තිබුනත් ඒ මිනිස්සු හැමෝටම බලපාන විදියෙ ව්යසනයක් මැදදි ඒකට විසඳුමක් දෙනවා කියලා කෙනෙක් ප්රසිද්ධියේ පෙනී ඉන්නවනම් අර කලින් කරපු හැමදේම අමතක කරලා මිනිස්සු අර කෙනාව විශ්වාස කරන්න පෙලඹෙනවා. ඉතින් තමන් කලින්ම ඒ ව්යසනය ගැන දැනගෙන ඒක තමන්ගෙ දේශපාලන වැඩවලට අදාල නැති නිසා සද්ද නැතුව හිටියත් පස්සෙ තමන් ගැන අපකීර්තිමත් ප්රවෘත්තියක් එලියට ආපු ගමන්ම අර ව්යසනය ගැන ආරංචිය එලියට ඇදලා අරගෙන මුලු රටම ඒකෙන් බේරගන්න තමන් කටයුතු කරනවා වගේ මවාපාලා ආයෙම රටේම ජනතාවගෙ කැමැත්ත තමන්ගෙ පැත්තට හරවගනිපු ජනාධිපතිනී Orlean ගෙ වැඩ දැක්කම පහුගිය කාලේ අපේ රටේ උන ව්යසනයක් සහ ඒකෙදිත් උන මේ වගේම සිදුවීමක් මතක් වෙයි.. ඔව් අන්න ඒවා තමයි Politics කියන්නෙ 
මේක බලන ගමන් අපි ඇමෙරිකාවෙ මෙහෙම නේ වෙන්නෙ කියලා හිනා වෙයි. නමුත් හිතලා බලන්න අපි ඊටත් එහා නේද කියලා



ඊලඟට මේ වගේ දේකදි මාධ්යවේදීන් හැසිරෙන ආකාරය. ඇත්ත ගැන දැන දැනම උනත් මාධ්යය සහ ඒවල මාධ්යවේදීන් කියන අය උත්සාහ කරන්නෙ ඒකෙන් තමන්ගෙ චැනල් එක හෝ වැඩසටහන promote කරගන්න විතරයි. කොච්චර වැදගත් News එකක් උනත් ඒකට වඩා කොහේවත් නැති ගායිකාවකගෙ Break up එකක් trending වෙනවනම් හැම චැනල් එකක්ම පන්නන්නෙ අන්න ඒ ගොසිප් එක පස්සෙන්. අර වැදගත් කාරණාව උනත් මාධ්ය වලින් එලියට දෙන්නෙ අවශ්ය විදියට කපලා කොටලා එයාලට වාසි වෙන විදියට තමයි. ඊට එහා ගිහින් ඇත්තම දේ එලියට දෙන්න උත්සාහ කරන අය මේකේ ඉදපු Kate Dibiasky වගේ නිකන්ම ජෝක් එකක්, Meme එකක් වෙලා එලියට විසිවෙන විදිය ගැන අපේ රටෙත් ඕනතරම් උදාහරණ අරගන්න පුලුවන් 










ඊලඟට මේ Peter Isherwell ගේ චරිතෙන් තවත් දේවල් දෙකක් පෙන්නලා දෙනවා. එකක් තමයි Social media වල බලය. මෙයා ඒකෙන් කොච්චර බලවත් වෙලාද කියනව නම් මේ ලෝකේ ඕනම කෙනෙක් ගැන විස්තර කියන්න වගේම ඒ කෙනා කවදහරි මැරෙන විදිය කියන්න පවා මෙයාට පුලුවන්. ඒක ඇත්ත ලෝකෙත් එක්ක සසඳලා බලමුකො. ඇත්තටම බලන්න අපිට Fb එකට, Google එකට හොරා මොනවහරි බඩුවක් මිලදී ගන්නවත් පුලුවන් ද.. බෑනෙ..
අපි ඒක ගත්ත දවසට හෝ ගන්න හිතන් ඒ ගැන හොයලා බලපු දවසට පස්සෙ ඉදන් අපිට Fb එකේ ඒ භාණ්ඩයට අදාල කැටගරි වල භාණ්ඩවල Advertisement දිගින් දිගටම පෙන්වනවා. Gmail එකට එහෙම බඩු ගැන Mail එනවා..
ඉතින් හිතන්න අපේ ජීවිත යන දිහාව ගැන අපිට වඩා Social media වල ඇල්ගොරිදම් වලට තේරෙනවා නේද කියලා 
ඉතින් ඉස්සරහට මේ Peter Isherwell කියන විදියට ම 90% ගාණකට වඩා වැඩි ප්රතිශතයකින් නිවැරැදිව තමන්ගෙ අනාගතය ගැන අනාවැකි කියන්න පවා පුලුවන්කම තියෙන Social media ඇල්ගොරිදම් නිර්මාණය වෙන එක අනිවාර්යයෙන් ම සිද්ධවෙන සහ දැනටත් වෙමින් පවතින දෙයක්. ඉතින් Don’t Look Up එක අවසානයෙදි දැකබලාගන්න ලැබෙන විදියට Dr. Randall Mindy වගේ Social media වල රූකඩයක් වෙන එක අතඇරලා දාලා තමන් වෙනුවෙන් දෙයක් කරගන්නවද නැත්නම් ජනාධිපතිනී Orlean වගේ වෙනවද කියලා ඔයාලම තීරණය කරන්න. මේ දෙන්නා මැරෙන විදිය ගැන Peter Isherwell කියන අනාවැකි සහ අවසානයෙදි මේ දෙන්නා ඇත්තටම මැරෙන්නෙ කොහොමද කියලා බැලුවනම් ඔයාලට මම කියන දේ තේරේවි…









ඊලඟට Peter Isherwell සම්බන්ධ අනිත් වැදගත් කාරණාව තමයි මිනිහා හැමතිස්සෙම කියන “We’re all fine. Everyone’s fine” එහෙමත් නැත්නම් කලබල වෙන්න එපා, හැමදේම හොඳින් කියන කතාව 
ගහපු හැම ප්ලෑනක්ම වැරදිලා, මිනිස්සුන්ට ආයෙ ගොඩ එන්න බැරි තරමටම එරිලා කියලා තේරුනත් තවමත් කලබල වෙන්න එපා, අපි හැමදේම පාලනය කරලා තියෙන්නෙ, හැමදේම හොඳින් කියන වචන ටික මේ දවස්වල News බැලුවනම් ඕනතරම් අහන්න ලැබෙනවා නේද 
අන්න එයාලත් මේ Peter Isherwell වගේම තමයි. ඇත්තටම කලබල වෙන මිනිස්සුන්ට වඩා මේ වගේ කලබල වෙන්න එපා කියලා මිනිස්සු ගොනාට අන්දලා සන්සුන්ව මාරුවෙලා යන උන් තමයි භයානකම. මෙයා අනිත් අයට කලබල වෙන්න එපා කියලා අන්තිමට මොකක්ද කලේ කියලා ෆිල්ම් එකේ Mid credit එකේදි දකින්න ඇතිනෙ. ඉතින් අපිටත් අනාගතේදි වෙන්නෙ ඔය දේම බව හොඳට ඔලුවට ගන්න පුලුවන් නම්.හොඳයි 







ඉතින් ඕක තමයි Don’t Look up ගැන කියන්න තියෙන්නෙ. මේකෙදි මම පොඩි සටහනක් ලියන්න ආවත් දන්නෙම සටහන ටිකක් දිග උනා. මේක review එකක්ම කියන්න බෑ. මම කලේ මේ චිත්රපටියෙන් අධ්යක්ෂවරයා කියන්න උත්සාහ කල දේවල් අපේ එදිනෙදා සිදුවීම් එක්ක සසඳපු එක විතරයි. Don’t Look Up ෆිල්ම් එක මේ වෙනකන් බැලුවෙ නැත්නම් අනිවා බලන්න. ඒක බලද්දි මම කියපු දේවල් ඔයාලට හොඳටන තේරේවි ඒවගේම මට මෙතන කියන්න බැරි උන තැන් පවා ඔයාලට අහුවෙන්න පුලුවන්. ඉතින් මේක බලද්දි අනිවාර්යයෙන් ම ඔයාලට තරහා යාවි, ඒවගෙම හිනා යාවි. හැබැයි ඒ වෙලාවට පොඩ්ඩක් නැවතිලා කල්පනා කරන්න. එතකොට තේරේවි ඇත්තටම ඔයා හිනාවෙලා තියෙන්නෙ තමන්ටමයි කියලා 


