Doll in the House Sinhala Short Film by Lakshan Perera
හොල්මන් ? වලට කවුද බය?…
මේ පාර Tokka Cinema අපි භූත ආත්මයක් ගෙනාවා. කතාව ගැන පොඩි දෙයක් කියන්නම්. එකම පවුලෙ අයියා නගා, මලයා තුන්දෙනා සෙට් වෙලා පොඩි ගමනක් යනවා, ඉතින් කවුරුත් දින කිහිපයක ගමනක් යද්දි නවතින්න තැනක් බලනවා නෙ. මේ කතාවෙත් මේ සේරම දේවල් පටන් ගන්නේ මේ නවාතැන් ගන්න ගෙදරත් එක්කමයි.
කතාවෙ හැටියට මේ ගෙදර මොකක් හරි පරණ සිදුවීමක් වෙලා තියනවා. කෙනෙක් ගෙ ආත්මයක් හෝ ආත්ම කිහිපයක් මේ ගෙදර සැරිසරනවා. එය කෙතරම් බලසම්පන්න ආත්මයක්ද කිව්වොත් පණ තියන මනුස්සයෙක්ගෙ ශරීරයට ඇතුල් වෙලා ඔහුව හෝ ඇයව යක්ෂ ලෝකයට අරන් යන්න පුලුවන්. තව තියනවා… ෆිල්ම් එකම කියන්න බෑ නේ. එහෙනම් #Doll_in_the_House කෙටි චිත්‍රපටය නරඹන්න. දැනටමත් මෙහි First Trailer එක අපි විසින් නිකුත් කරලා ඉවරයි. Trailer එක බලපු අය මීට වඩා දේවල් දකින්න ඇති.
පරිස්සමෙන්…… ? ගෙදර දොර ජනේල් අගුලු දමාගෙන මේක බලන්න. මේ භූත ආත්මය ඔයාගෙ ගෙදරටත් එන්න පුලුවන්. ආසාවට බෝනික්කෙක් එහෙම ලග තියන් ඉන්න අයට දෙවියන්ගෙම පිහිටයි..
____________
අවුරුදු 2කට ඉහතදි අපි නිර්මාණය කල මේ කෙටි චිත්‍රපටය Horror, Drama ගණයට අයත් වනවා. ඒ වගේම ඉදිරියේදි නිකුත් වීමට නියමිත Last Message Mini Series එකත් සමග මේ Doll in the House කතාවේ එකතුවීමක් තිබෙනවා. එම නිසා මෙය බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ කතාව නරඹන්න කියලත් අපි මතක් කරනවා.
මෙහි රංගනයෙන් දායකත්වය
ලක්ෂි රණසිංහ
සයුරි පීරිස්
අභී සේනාධීර
මනුරංග කරුණාරත්න
ෆිල්ම් එක බලන්න ලික්ක් එක ?
#TC_BROTHERS