Director – Screenwriter Of Kim Ki-duk – Korean Top 10 Movies #1

Top 10 Movies Of Kim Ki-duk #1

Kim Ki-duk ➡️ ලෝකය තුළ ඇති යථාර්ථය මුල් කරගෙන තනි සිනමා ලෝකයක් නිර්මාණය කල අධ්යක්ෂකවරයෙක් තමයි Kim Ki-duk., ඔහු කොරියන් සිනමා අධ්යක්ෂවරයෙක්., නමුත් ඔහුගේ industry එකෙන් ඔහුට තැනක් තියෙනවා ද කියලා ඇහුවොත් ➡️ ඒක ලොකු පේලිකාවක් ඇයි කිව්වොත් ඔහුගේ industry එක තුල ඔහුට ඒ තරම් ලොකු තැනක් නෑ නමුත් වෙනත් රටවල් වලින් ඔහුට සහා ඔහුගේ චිත්රපට වලට ඉහල ප්රතිචාරයක් ලැබෙනවා.. ඔහුගේ හැම චිත්රපටයකින් ම යථාර්ථය ගොඩක් ඉහලින් පෙන්නුම් කරනවා , හැම ෆ්රේම් එකකින්ම යථාර්තයට ලොකු අර්ථයක් ලබා දෙනවා., ලෝකය කියන්නේ මේ මේ දේවල් තුලින් ගමන් කරන යන්ත්රයක් බව ඔහුගේ චිත්රපට වලින් ගොඩක් අලංකාරව පෙන්නුම් කරනවා ,ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔහුගේ චිත්රපට වලින්…
ඒ වගේ අර්ථවත් චිත්රපට දහයක් ගැන , Kim Ki-duk ගේ top 10 චිත්රපට ගැන තමයි මෙම පෝස්ට් එකේ සදහන් කරලා තියෙන්නේ ⬇️
1 . Spring, Summer, Fall, Winter… and Spring ⬇️
2003 තිරගත වුන චිත්රපටයක් , මෙම චිත්රපටයේ title එකේම අර්ථ දෙක තුනක් විතර රැදිලා තියෙනවා ➡️ [ලෝක බෝලය රවුමක් , ඒ වගේම තමයි ලෝකය තුළ ජීවත් වෙන අපේ ජීවිතයත් කුඩා රවුමක් , වංචාව , ද්රෝහිකම් , ආදරය , කැපකිරීම් මේ හැම දෙයක්ම මාරුවෙන් මාරුවට අපේ ජීවිතය අවසන් වෙනකන් ම අපි බලන්න ඕනේ., මේ හැම දෙයක්ම සමබරව තේරුම් අරන් ජීවත් වෙන එකට තමයි ජීවිතය කියන්නේ , ඒ වගේම ඒකත් යථාර්ථයක්] මෙම චිත්රපටයේ title එකෙන් අපිට කියන අර්ථ වලින් එකක් තමා මේ ⬆️
මෙම චිත්රපටයේ one line plot එක පැත්තෙන් බැලුවොත් ➡️ බුද්ධර් කෙනෙක් දරුවෙක් ට ලෝකය සහා ජීවිතය ගැන කියා දෙනවා., ලෝකය කියන්නේ මොකක්ද ? ලෝකයේ ජීවත් වෙන ලෝකයාගේ ජීවිත රටාව මොකක්ද ? හොද මොකක්ද ? නරක මොකක්ද ? ඇත්ත මොකක්ද ? බොරු මොකක්ද ? , මේ විදිහට එම දරුවා ව හොද මාර්ගයෙන් ලෝකය තුළට අරගෙන ඒ මාර්ගයෙන්ම ජීවත් වෙන විදිහට ඒ බුද්ධර් ඒම දරුවා ව හැඩ ගස්සන්න උත්සාහ කරනවා…
ගොඩක් ලස්සන චිත්රපටයක් ? background locations ගොඩක් ලස්සනට Frames වලින් පෙන්නුම් කරලා තියෙනවා , චිත්රපටය අවසන් වෙනකොට ඔයා ලග උත්තරයක් නැති ප්රශ්න විතරයි ඉතුරු වෙන්නෙ…
2 . Bad Guy ⬇️
2001 තිරගත වුන චිත්රපටයක්…
Kim Ki-duk ගේ මතයක් තමා ➡️ මේ ලෝකය තුළ ජීවත් වෙන කවුරුත් 100% ක් හොද නෑ කියන එක , සිවුර ඇද ගත්තා කියලා බුදුරජාණන් වහන්සේ වෙන්නත් බෑ ලෝගුව ඇද ගත්තා කියලා ජේසුස් වහන්සේ වෙන්නත් බෑ , හැමෝ තුළම යක්ෂයෙක් ඉන්නවා… ඒ වගේම ඒකත් එක යථාර්ථයක් , එම යථාර්ථය තමයි මෙම චිත්රපටය තුළින් Kim Ki-duk පෙන්නුම් කරලා තියෙන්නේ…
මෙම චිත්රපටයේ one line plot එක පැත්තෙන් බැලුවොත් ➡️ කොල්ලෙක් කෙල්ලෙක්ට කැමති වෙනවා හැබැයි ඒ කෙල්ල ඒ කොල්ලට කැමති නෑ ,ඒ දේ දරා ගන්න බැරි ඒ කොල්ලා ඒ කෙල්ලව වැරදි මාර්ගයකට තල්ලු කරනවා., [මට නෑනේ ඒනම් වෙන කාටත් ලැබෙන්න හොද නෑ] කියන මතයක් ඒ කොල්ලට , ඉතින් මේ කෙල්ල ඒ ගැන දැන ගත්තද ? නැද්ද ? නැත්නම් අන්තිම වෙනකන් ඒමම ඇයගේ ජීවිතය ජීවත් වුනාද ?
චිත්රපටය බලලා තමයි දැන ගන්න ඕනේ…
මෙම චිත්රපටය බලලා ඉවර වෙනකොට අමුතු භයක් දැනෙනවා , ඔය වැඩිහිටියන් කතාවට කියන්නේ ➡️ [අද කාලේ කවුද හොද කවුද නරක කියලත් දන්නෙ නෑ] කියලා , අන්න ඒ වගේ තමයි මෙම චිත්රපටය බැලුවට පස්සෙ තරුණ තරුණියන්ටත් දැනෙන්නේ…
3 . The Bow ⬇️
2005 තිරගත වුන චිත්රපටයක්…
මාලු කාරයෙක් අවුරුදු දහයක පොඩි ගැහැණු ළමයෙක්ව බේර ගෙන , ඒ ගැහැණු ළමයට කන්න දීලා , ඉන්න තැනක් දීලා , ඒ ගැහැණු ළමයව බලා ගන්නවා., ඒ මාලු කාරයා ගොඩක් වයසයි , ඒ ගැහැණු ළමයව බේර ගෙන ඔහුගේ යටතට ගත්ත දවසේ ඉදන් හැම දාම කැලෙන්ඩර් එක ගාවට ගිහින් එදා දවස මාර්ක් කරනවා , ඇයි කියලා බැලුවොත් ➡️ ඒ ගැහැණු ළමයට අවුරුදු 18 වුනාට පස්සේ ඒ ගැහැණු ළමයව විවාහ කරගෙන ළමයෙක්ව ඇති කරවන්න ඕනේ., ඕක තමයි ඒ මාලු කාරයාගේ අරමුණ ? ඉතින් ඒ ගැහැණු ළමයා ලොකු වුනාට පස්සේ තරුණයෙක් ව මුණ ගැහෙනවා , අන්තිමට ඒ තරුණයා , ඒ ගැහැණු ළමයා සහා ඒ මාලු කාරයා අතර ලොකු වලියක් යනවා…
මාලු කාරයාගේ චරිතය බලන බලන පාරට ඔලුවත් එක්ක කැරකෙනවා , මනුස්සයෙක් තළ මේ තරම් ජරාවක් රැදිලා තියෙනවාද කියලා හිතෙනවා., වයස් සීමාවත් එක්ක බලනකොට ඒ මාලු කාරයා ඒ ගැහැණු ළමයට සීයා හැබැයි ඒ මනුස්සයා ඒ ගැහැණු ළමයව ලබා ගන්න කරන දේවල් බලනකොට ➡️ Kim Ki-duk යථාර්තයට කොයි තරම් අර්ථයක් ලබා දීලා තියෙනවාද කියලා හිතෙනවා…
කෙසේ වෙතත් සුපිරිම චිත්රපටයක් ??
4 . Pietà
2012 තිරගත වුන චිත්රපටයක්…
මෙම චිත්රපටයේ විශේෂත්වයක් තමා ➡️ මෙම චිත්රපටය පටිගත කිරීමට දවස් 15 යි ගියේ…
ඒ දවස් 15 ඇතුලත මනුස්සයෙක් තුළ තියෙන අවිශ්වාසය , නපුරු කම කොයි තරම් ද කියලා ගොඩක් අලංකාරව පෙන්නුම් කරලා තියෙනවා ⬇️
ජීවිතය එපා වෙච්ච තරුණයෙක් , කවදා මැරුණත් අවුලක් නෑ කියලා හිතන තරුණයෙක් , හැම කෙනෙක්ටම වද දීගෙන ජීවත් වෙනවා., එතකොට ඔහුගේ මව ඇවිත් මම තමයි ඔයාගේ අම්මා කියලා කියනවා , හැබැයි එම තරුණයා විශ්වාස කරන්නේ නෑ , ඉතින් එම තරුණයා ඔහුගේ මවව පරික්ෂා කරනවා ඒ කියන්නේ ➡️ මේ මගේ මවද කියලා ඉස්තීර කර ගන්න ගොඩක් දේවල් කරලා බලනවා., එක් මොහොතකදී මවව මරන්නත් යනවා…
ගොඩක් ලස්සන Story line එකක් තියෙනවා?
5 . Human, Space, Time and Human ⬇️
2018 තිරගත වුන චිත්රපටයක් , Kim Ki-duk ගේ high budget චිත්රපටයක්…
සම්පූර්ණ කතාවම බෝට්ටුවක් තුළින් තමයි පෙන්නුම් කරන්නේ , හරියට Spring, Summer, Fall, Winter… and Spring වගේ ලයින් එකක් තියෙන්නේ., ජීවත් වීමට ගන්නා උත්සාහයන් හැම දෙයක්ම පොඩි කොටුවක් ඇදලා ඒක තුළින් පෙන්නුම් කරලා තියෙනවා…
හැම ෆ්රේම් එකකින්ම යථාර්තය ගොඩක් ඉහලින් පෙන්නුම් කරලා තියෙනවා…
අනිවාර්යෙන්ම බලන්න ❤
ඉතුරු චිත්රපට පහ ගැන එට උදේට කියන්නම් , ඒ කියන්නේ එට උදේට මෙම පෝස්ට් එකේ දෙවෙනි කොටස දාන්නම්.,ගොඩක් දිග් වුනොත් ඔයාට කියවන්නත් කම්මැලි කමක් දැනෙයි ඒකයි ?.

මාර්ෂල් ජෑන්ස්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *