Dil Se – Ae Ajnabi Hindi Song

Dil Se – Ae Ajnabi Hindi Song by Luckshman Aranwala 

‘Dil Se’ චිත්රපටයේ “Ae Ajnabi” කියන්නේ බොලිවුඩයෙන් ඇහුණ වේදනාත්මක ස්වරයද කියල හිතුණා. තමන් නොදන්නා ඈතක ඉන්නා තම ආදරිය වෙනුවෙන් කරනා ශෝකී ආමන්ත්රණයක් විදිහටයි මේ ගායනය ඇහෙන්නේ. “ඔයා කොහේ හරි ඉන්නවනම් ඉන්නව කියලවත් කියන්න. ඒ හොඳටම ඇති” වගෙ එකක් තමයි ඒ අමන්ත්රණයෙන් ඇහෙන්නෙ. එයා නැතුව තමන් කොච්චර බිඳිලද කියල ඉන්න තැනකට හොයාගෙන ගිහින් කියාගන්න විදිහක් නැති නිසා රේඩියෝව ඔස්සේ මේ දුක්බර ගායනය ඔහු වා තලයට මුදා හරිනවා. ඒ ඇසෙන ඇයටත් ඔහුගේ වේදනාව අවබෝධ වෙනවා. ඔහු ඇත්තටම කියන්නේ ඔහුගේ වේදනාව ගැනම විතරක් නෙමේ. ඔහු දන්නවා මේ වාතාවරණය යටතේ ඇයත් ඉන්නෙ බිඳිලා. දෙතැනක දෙන්නම අසම්පූර්ණයි කියලා. ළඟක නැත්තං ඒක කොච්චර දරුණු විදිහට හදවත පෙළනවද කියන එක ගැන පද පෙළෙන් හඬෙන් සහ නදෙන් මේ තරම් දැනෙන්න කියන හින්දි ගීතයක් මට ඇහිල නෑ. ශාරුඛ්-මනීශා ගෙ දැවැන්ත සුසංයෝගය තීව්රව දකින්නට ලැබුණ රහ්මාන් විසින් සංගීතවත් කරපු විශිෂ්ටතම ගීයක් විදිහට උදිත් නාරායන් ගේ මේ ගැයුම නම් අසමසම එකක්. ගීතය උපරිමව දැනෙන්න නම් එක පාරක් හරි හදවත බිඳිලා තියෙන්නම ඕන…

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *