Deiva Thirumagal (2011)

” පිය සෙනෙහස “

ඉන්දියානු සිනමාවේ කොලිවුඩ් චිත්රපට ක්ෂේත්රයේ ඉන්නවා දක්ෂ නලුවො කීපයක්ම , මම මේ දක්ෂයි කියලා අදහස් කරන්නේ චිත්රපටයක බාර ගත්තාම ඒ චිත්රපටයේ රඟපෑමකට වඩා චිත්රපටය තුළ ජීවත් වෙලා රඟපාන නලුවො ගැන , ඒ අය අතරින් එක්කෙනෙක් තමා වික්රම් කියන්නෙ ……….

වික්රම්ගෙ දැනට ඇවිල්ලා තියෙන ෆිල්ම් සේරම බැලුවත් ඒ අතරින් මගෙ හිතේ රැඳුන හදවතට දැනුන චිත්රපට හයක් තියෙනවා ….
මේ චිත්රපට 6 එක එක ශාරණ වලට අයත් චිත්රපට 6 ක් නමුත් හැම ෆිල්ම් එකකම හදවතටම දැනෙන තැන් බොහොමයි , ඉතිං මේ 6 න් මම අද කතා කරන්න ගත්තේ Deiva Thirumagal (2011) මෙන්න මේ දමිළ චිත්රපටය …ඒ මොකද කියනවානම් ෆිල්ම් එකේ ඇක්ෂන් සීන් නෑ ඒත් පටන් ගැන්මම හිතටම වැදුන ෆිල්ම් එකක් ජීවිතේට ගොඩක් පාඩම් කියලා දුන්නා…..
  • 1) Deiva Thirumagal (2011)
  • 2) Pithamagan (2003)
  • 3) Anniyan (2005)
  • 4) Raavan (2010)
  • 5) Sethu (1999)
  • 6) I (2015)

ඉතිං අපි කතා කරමු ෆිල්ම් එක ගැන ටිකක්………….

” තාත්තා “ අපි මෙහෙම කියමු, තමන්ගේ දරුවන්ට නිහඬව ආදරේ කරන ප්රේමවන්තයා ….. ඒත් මේ කතාවේ මේ තාත්තා නම් නිහඬව නෙමේ ආදරේ කරන්නේ නමුත් මේ තාත්තා ගොඩක් වෙනස්, ඒ මොකද මෙයා උපතින්ම මානසිකව අස්තාවර කෙනෙක් … දැන් හිතනවා ඇති නේද මෙහෙම මානසික ලෙඩෙක්ට ආදරේ කරපු කෙල්ල කවුද කියලා , ඔව් ඉන්නවා මේකෙත් එහෙම කෙල්ලෙක් …..

“ගොඩක් අය හිතන් ඉන්නේ ආදරේ කියන්නෙ සල්ලි , ලස්සන ඔන්න ඔය දෙක කියලා නෑ මේ ලෝකේ තවමත් හිත් වලට ආදරේ කරන ආදරේ ආදරයක් විදිහට විඳින මිනිස්සු ඕනා තරම් ඉන්නවා තමන්ට ලැබෙන්නේ පුංචි දේ උනත් හැමදේම පිරිමහගෙන ඔය ලස්සන ,සල්ලි හොයල ආදරේ කරන අයට වඩා ජීවිතේ ලස්සනට විඳින අය අදටත් මේ ලෝකේ ඉන්නවා”

මම මෙහෙම කිව්වේ ඒ මානසිකත්වයෙන් අස්තාවර කරපු මනුස්සයගේ කෙල්ල මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් කරන්න ඕන නිසයි , මේ දෙන්නට ඉපදෙනවා ලස්සන කෙලි පැටික්කියක් ඒත් දුකට කාරනේ නම් දරුවව ක්රිෂ්නගේ අතට දීලා ඒ මොහොතෙදි ක්රිෂ්නගේ ආදරණීය බිරිඳ ඔවුන්ගේ ලෝකෙන් සමුගන්නවා, තම බිරිඳ මිය ගියත් දරුවව ලැබුන සතුට නිසා ඒ හැමදේම අමතක වෙන ක්රිෂ්නා තමන්ගේ ජීවිතේටත් වඩා දුවට ආදරේ කරනවා මොනා උනත් දුවට හිතලා නමක් දාගන්නවත් දැනුමක් නැති ක්රිෂ්නා දුවට නම දාන්නේ ” නිලා” කියලා ( හඳ) අපේ මේ ක්රිෂ්නා තමන්ගේ පුන්චි දියණිය නිලාට පනටත් වඩා ආදරේ කරනවා
ආහ් කියන්න අමතක උනානේ ක්රිෂ්ණා වැඩ කරන්නේ චොකලට් ෆැක්ට්රි එකක මේ ෆැක්ට්රියේ අයත් ක්රිෂ්නට ගොඩක් ආදරේ කරනවා …
ඉතිං කාලය කෙමින් කෙමින් ගත වෙලා යනවා ක්රිෂ්ණගේ පුංචි දූ නිලා ටික ටික පාසල් වියට පා තබනවා , ඒත් ක්රිෂ්ණා මේකට ලොකු කැමැත්තක් නෑ මොකද පැය කීපයකට මෙයාට නිලාව මග ඇරෙනවනේ …ඉස්කෝලෙ බස් එකට දුවව නග්ගන ක්රිෂ්නා එහෙමම දුවනවා ස්කෝලෙ ගේට්ටුව ලඟට මේක මම කිව්වට බැ ඒ රඟපෑම් මරම තාත්විකයි හදවතක් තියෙන ඕනම මනුස්සයෙක්ට අනිවාරෙන්ම ඇස් වලට කඳුලු පිරෙනවා ඒ රඟපෑමට…..
” ඉතිං ඔය විදිහට ලස්සනට ගෙවිල යන ක්රිෂ්ණගේ ජීවිතේට එක පාරටම එනවා කුණාටුවක් මේකට කුණාටුව කියලා මම කියන්න හේතුව තමා මේ කුණාටුවේ බලපෑම ක්රිෂ්ණගෙ ජීවිතේට බලපාන්නේ ඔහු ජීවිතේ ගොඩක්ම ආදරේ කරන තැනට ඒ ක්රිෂ්නගෙ දු නිලා……”
ක්රිෂ්නා කසාඳ බැඳලා හිටපු කෙල්ල ක්රිෂ්නා එක්ක ආවේ එයාගේ පවුල් වලට විරුද්ධ වෙලා එයා ගොඩක් පෝසත් පවුලක කෙල්ලෙක් ඒත් හිතාගන්න පුලුවන් ද ඒ හැම සැප සම්පතක්ම අතෑරලා.මේ ජීවිතේ ගැන කිසි වගකීමක් ගන්න බැරි ක්රිෂ්ණා වෙනුවෙන් ආවා කිව්වම , බෑ නේද ඒත් ඒක එහෙම උනා….
( දැන් සමහරක් අයට හිතෙයි මේක ෆිල්ම් එකක් ඕන දෙයක් වෙන්න පුලුවන් ඇත්ත ජීවිතේ එහෙම නෑ කියලා , ඒත් ඇත්තම කතාව අදටත් එහෙම අය ඕනා තරම් ඉන්නවා )
” ඉතිං මේ නිලා යන ස්කොලේ භාරකාරවරිය වෙන කවුරුත් නෙමේ ඒ නිලාගේ පුංචි ක්රිෂ්ණා කසාඳ බැඳලා හිටපු කෙනාගේ නංගි තමා ඒ මෙයා නමින් ස්වේතා, “
ඉතිං එක අවස්තාවකදී දැනගන්නවා නිලා කියන්නෙ එයාගෙ අක්කගෙ දුව කියලා ක්රිෂ්නා නිසා තමා එයාගේ අක්කවත් නැති උනේ කියලා හිතන ස්වේතා ක්රිෂ්ණගෙන් නිලාව ඈත් කරනවා ….. නිකංම නෙමේ නඩුත් කියනව , නඩුව ෆයිල් කරන්නේ ක්රිෂ්ණට දරුවෙක් බලාගන්න පුලුවන් මානසිකත්වයක් නෑ ඒ නිසා දරුවගේ අයිතිවාසිකම එයාලට දෙන්න කියලා ……

හිතාගන්න පුලුවන් ද ජීවිතේ පනටත් වඩා ආදරේ කෙනෙක්ව තමන්ගෙ ජීවිතෙන් ඈත් කරනකොට දැනෙන වේදනාව කොහොමද කියලා , ඒකත් තාත්තෙක්ගෙන් දුවෙක්ව ?❤️

” ගොඩක් අය මේ ෆිල්ම් එක බලලා ඇති ගොඩක් අය බලලා නැතුව ඇති ඒ නොබලපු අය නිසා මම කතාව ස්පොයිල් කරන්න යන්නේ නෑ…..”

එහෙනම් කොල්ලෝ අපි ගියා ෆිල්ම් එක ගැන අදහසක් කියාගෙන යන්න බලපු අය…..

බුදු සරණයි ?

අශේන් මධුරංග

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *