Decision to leave (2022) by Hirusha Kasun
මිනිස්සු ඉපදීමත් මරණයත් අතර කරන සියළුම දේවල් සර්වසාධාරණය් කියලා හිතුවොත් පැහැදිලි වෙන කාරණාවක් තමා හොද හා නරක නැත්නම් කළු හා සුදු විදිහට සමාජයක් අදින බෙදුම් රේඛාව මහ මුලාවක් කියන එක. නීතිය , සංස්කෘතිය වගේ කාරණා හන්දා ඒම බෙදීමක් මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් , හැසිරීම් වලට ආරූඪ කලාට සියල්ල අසාධාරණ ලෝකෙක මිනිස්සු ඉපදිලා මැරෙනකල් ජීවත් වෙන්න කරන ස්ට්‍රගල් එකට හොද , නරක හෝ සුදු හෝ කලු නිර්වචන නැත්නම් නියෝග හෝ අර්ථකථන ලබා දෙන එක මටනම් හිතන්නෙ පිස්සු වැඩක්. ඒ වෙනුවට සාපේක්ෂව මැද ඉදන් මිනිස්සු දිහා බැලුවම හොදටම පේන කාරණාවක් තමා කළු වැඩකරන මිනිස්සුය් , සුදු වැඩකරන මිනිස්සුය් කියලා බම්බුවක් නැහැ ඉන්නෙ අළු මිනිස්සු විතරය් කියලා.
නීතිය වගේ සමාජ සම්මත සාධක ගත්තත් තත්වය ඕක තමා. හැම වෙලේම මිනිස්සුන්ට වැරදිලා නීතියට හරියනවා. අලු මිනිස්සු ජීවත් වෙන්න කරන අරගලේදි නීතිය කියන්නෙ තර්ඩ් පාර්ටි එකක් විතරය් . අනිත් එක , එක පැත්තකට විතරක් සාධාරණය කරලා තව පාර්ශ්වයකට කරන්නෙ අසාධාරණයක් නම් ඒකරලා ඉවර වෙලා සමාජ සර්ව සාධාරණය බලාපොරොත්තු වෙනවා නම් ඒක ඇත්තටම විහිලුවක් . හැබැයි ඉතින් අන්තිමේදි මිනිස්සුන්ට වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒකට එකග වෙන්න. සමාජ සම්මතයකට විරුද්ධ වෙලා ඒ සමාජය ඇතුලෙම ජීවත් වෙනවා කියන එකත් මාරම විහිලුවක් තමය්. දුර්වලයා පැරදිලා ප්‍රබලයා දිනන කැලෑ ක්‍රමය පට්ට ආතල් කියල හිතන්නෙ ඒ අසාධාරණයට ලක් උන පැත්තෙන් මිනිස්සු දිහා බලද්දි .ඒ ක්‍රමයෙදි අඩුගානෙ මිනිස්සුන්ට අවස්ථාව ලැබෙනවා ප්‍රබලයා වෙලා මරනවද , දුබලයා වෙලා මැරෙනවද කියලා තෝර ගන්න. හැබැයි අන්තිමේදි ඔක්කොම මිනිස්සු . ඉමෝෂන්ස් , ෆීලින්ග්ස් කියන කාරණාවට මිනිස්සු හැම වෙලේම කොටුවෙනවා වගේම කොටු වෙන්න වෙනවා.
මිනිස්සු හැම වෙලේම හොයන්නෙ ගෞරවය. මොනවා හරි කරලා තමන්ගෙ සමීපතමයන්ගෙන් හෝ වේවා , සමාජයකින් හෝ වේවා ගෞරවය , අවධානය තමා මිනිස්සු හොයන්නෙ . ඒකට ගැහැනු , පිරිමි කියලා විකාර බෙදීමක් නැහැ. මිනිස්සුන්ගෙ හැටි ඒක. හැමෝම හොයන්නෙ ගෞරවය , සමාජ අවධානය ඒක බැහැර කරන්න කාටවත් බැහැ. ඒ කාරණා දෙක නොලැබෙන තැන් මිනිස්සුන්ට පේන්නෙ තමන්ගෙ නිදහසට , සතුටට ආපු ත්‍රෙඩ් එකක් වගේ. එතකොට ස්වභාවිකව ඒකට ප්‍රතිරෝධයක් දක්වන්න මිනිස්සු පෙළඹෙනවා එතකොට අර නීතිය ,සමාජ සම්මත වගේ කාරණාවලට බම්බුගහගනින් කියලා මිනිස්සු ඒව ලබා ගන්න පෙළඹෙනවා. මට හිතන්නෙ ඒක සමාන්‍ය තත්වයක් .
ඔය ගෞරවය , අවධානය කියන කාරණා යම් අයෙක් තුල , තවකෙනෙකු වෙනුවෙන් හට ගන්නෙ ඒ පුද්ගලයා කෙරෙහි කුතුහලයක් ඇති උනාම. එතකොට නිරායාසයෙන්ම ඒ පුද්ගලයා කෙරෙහි අවධානය දෙන්න ඒ කුතුහලය ඇති වුන පුද්ගලයා කටයුතු කරනවා. හැබැයි ඒ අවධානයෙන් ලගා කර ගන්නා කාරණා බැර වෙන්නේ අවධානය ලබා දෙන පුද්ගලයාගෙ නැඹුරුවක් ඇති පැත්තටද , නැත්නම් ඒ පුද්ගලයගෙ නැඹුරුවක් නැති පැත්තටද කියන සාධක මත ඔහු තුල අනෙක් පුද්ගලයා කෙරෙහි හට ගන්නා ගෞරවය කියන කාරණාව ඩිපෙන්ඩ් වෙනවා. මිනිස්සු තමන්ට ගෞරවය , අවධානය ලැබෙන තැන හැමවිටම නතර වෙනවා , එහෙම නොලැබුනොත් ඒවා ලබාගන්න මිනිස්සුන්ට ඕනම දෙයක් කරන්න පුලුවන් . ඒක අතිශයොක්තියක් හෝ විකාරයක් නෙවෙයි . ගෞරවය , අවධානය හොයන් යන ගමනෙදි මිනිස්සු අතින් වෙන නීතියට අනුව වැරදි දේවල් ඉමෝෂනලි වැරැද්දක් නෙවෙයි. ඒක තර්ඩ් පාර්ටි එකක් උන නීතිය මොන විදිහට අර්ථකථනය කලත් වැරැද්ද කරපු එකාට ඒක වැරැද්දක් වෙනකල් ඒ පුද්ගලයට ඒක වැරැද්දක් නෙවෙයි .
කොහොම කලත් සුපුරුදු පරිදි මිනිස්සුන්ට බැහැ බාහිර සාධක පාලනය කරන්න. සමාජය , තවකෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන ගෞරවය , අවධානය තමන්ට උවමනා වෙන විදිහට මිනිස්සුන්ට ලබා ගන්න බැහැ. ඉපදීම කියන කාරණාවත් එහෙමය්. කවුරුත් තමන්ගෙ කැමැත්තට ඉපදෙන්නෙ නැහැනෙ. ඉතින් තමාට ගෞරවය , අවධානය නොලැබෙන තැන අඩුම තරමෙ මරණය කියන කාරණාවවත් තමන්ට කැමති විදිහට මනුස්සයෙක් ලගා කර ගන්න හිතෙනවනම් ඒක බොළද උනත් අහිංසක තීරණයක්.
පාර්ක් චන් වූක්ගෙ Decision to Leave චිත්‍රපටයෙ සූ රේ ගෙ ක්‍රියාකාරකම් , හැසිරීම් වගේම අවසන් වශයෙන් ඇගේ මරණය ඇගේ සියතට අර ගැනීමේ තීරණයටත් බලපාන කරුණු විදිහට මාස්ටර් චන් වූක් අදහස් කරන්න ඇත්තෙ ඒ කාරණා කියලා මට හිතෙනවා . චිත්‍රපටය තනිකරම මිල අධික කැන්වස් එකක ඇදපු ලස්සන නමුත් වේදනාවෙන් මුහුකුරා ගිය චිත්‍රයක් වගේ. ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එක සිම්බල්ස් , ෆීලින්ග්ස් එක්ක හම්බෙන මේ සිනෙමැටික් එක්ස්පීරියන්ස් එකම ඇති චන් වූක් මේ සිනමාව කියන කිචන් එක ඇතුලෙ මොනතරම් පලපුරුදු කෝකියෙක්ද කියලා කියන්න. මිනිස්සුය් , සමාජයය් කියන්නෙ වෙරළය් මුහුදය් වගේ , පොඩි පොඩි රැළි වෙරළට ලස්සනක් ගෙන එනවා , පහසක් ගෙන එනවා එතකොට මුහුදය් , වෙරළය් දෙකම ලස්සනය්. හැබැයි ඔය මුහුදම තමා සුනාමියක් විදිහට ගොඩ ගලලා මුළු වෙරළම විනාස කරන්නෙත් .. !
#හිරුස්