David Fincher American Director | Sinhala Article

David Fincher American Director by Anushka Rasanjana DeSilva

අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙක් කතා කරන්න බලාපොරොත්තු වෙන අධ්‍යක්ෂකවරයා Psycological Triller ,Biographycal Drama ශනාර වල චිත්‍රපට නිර්මාණයට වැඩි නැඹුරුතාවයක් ඇති ජනප්‍රිය හා දක්ෂ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක David Andrew Leo Fincher නැත්නම් David Fincher නම් විශිෂ්ඨ හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂකවරයායි…

ඩේවිඩ් ෆින්චර් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ 1992 දී Alien 03 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් වෙනවා… ඉන් පසුව ඔහු අධ්‍යක්ෂණය කරන Seven, The Game, Fight Club, Panic Room, Zodiac, The Girl With the Dragon Tatoo, Gone Girl චිත්‍රපට සියල්ලම ඔහු නිර්මාණය කරන්නේ Psycological Triller චිත්‍රපට විදියට වගේම The Curious Case of Benjamin Button , The Social Network , Mank චිත්‍රපට ගත්තම ඒවා Biographical Drama ශනාරයේ චිත්‍රපට විදියට හදුන්වා දෙන්න පුළුවන්… ඒනිසාම ඔහුගේ චිත්‍රපට වල ශනාරය ඔහුගේ අනන්‍යතාවයක් විදියට ෆින්චර් යොදා ගන්නවා කියන කරනාව අපිට පැහැදිලි වෙනවා…

ෆින්චර්ගේ සිනමාකරණ ශෛලිය ගැන දැන් අවධානය යොමු කලොත් ඩේවිඩ් ෆින්චර් සිනමාව ගැන කිසිම විශේෂ හැදැරීමක් සිදු කරපු කෙනෙක් නෙවෙයි…  Martin Scorsese , Alferd Hichcock , Alan J. Pakula යන සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ ආභාෂය ඩේවිඩ් ෆින්චර්ට ලැබිලා තියෙනවා කියලා ඔහුගේ චිත්‍රපට වලන් අපිට දකින්න පුළුවන්….⁣ ඒ වගේම Film Noir, Neo-Noir ශෛලිය ඔහුගේ චිත්‍රපට වල කතා තේමාව තුලින් දකින්න පුළුවන් වගේම රේඛීය නොවන කතා වින්‍යාසය වගේම කතාව ඉදිරිපත් කරන ක්‍රම විවිධාකාරිත්වයක් ඔහුගෙ චිත්‍රපට වල දකින්න පුළුවන් වෙනවා…

ඔහුගේ කැමරා රූප කණ්ඩ නැත්නම් Camara Shot ගැන කතා කලොත් Close up shot හරහා චරිත වල හා සිද්ධි වල ගැඹුර පෙන්නන්න ඔහු උත්සහ කරනවා….. ඔහු Close up Shot වලට නැඹුරු වෙන්න හේතුව ගැන වගේම නිර්මාණකරුවන්ට Close up shots යොදාගන්නවා නම් තේරුම් ගන්න ඕන දෙයක් ගැන මෙහෙම කියලා තියෙනවා…

” Close up Shots වලට යනකොට ප්‍රේක්ෂකයන් නිකම්ම කියනවා, ‘අරකේ මොකක් හරි වැදගත් දෙයක් අනිවාර්යෙන් තියෙනවා ‘ කියලා… ඒ කියන්නේ ඔයා Close up Shots වලට යනකොට ගොඩාක් ලොකු අවධානයක් යොමු කරන්න ඕන වගේම ගොඩාක් පරිස්සම් වෙන්න ඕන”

ඔහු නිතරම Close up Shot වලින් කියන්න උත්සහ කරන්නේ චරිතයක් නම් ඒ චරිතයේ හැඟීම් කෙතරම් ගැඹුරුද කියන එකයි…… ඒකට හොඳම උදාහරණයක් විදියට Gone Girl චිත්‍රපටයේ අන්තිම දර්ශනය වගේම Seven චිත්‍රපටයේ අන්තිම දර්ශනය වෙනුවෙන් බ්‍රැඩ් පිට්ගේ චරිතයේ රිඇක්ෂන් එක වෙනුවෙන් Close up යොදාගෙන තියෙන විදියෙන් අපිට පැහැදිලි වෙන්නේ , ෆින්චර් කිසිම හේතුවක් නැතුව Close Up Shots යොදා ගන්නේ නැහැ කියන එක….

සාමාන්‍යයෙන් Wide shot යොදාගන්නේ දුර තියෙන වස්තුවක් පෙන්වන්න වුනත් ෆින්චර් Wide Shot යොදාගන්නේ චරිත වල Environment හා Situation නැත්නම් චිත්‍රපටයේ චරිතයක් ඒ වෙලාවේ මුහුන දෙන සිද්ධියක් නිසා ඒ චරිතය පත්වෙන අපහසුතාවය පෙන්වන්න……

ෆින්චර්ගේ චිත්‍රපට වල කැමරාව චලනය කරන විදියේ නැත්නම් Camara Movements ගැන කතා කලොත් ඔහු කැමරාව චරිතයත් එක්ක අරගෙන යන්න ගොඩාක් වෙලාවට උත්සහ කරනවා අපිට දකින්න පුළුවන්… චරිත වල චලනයට අනුරූපව චරිත වල හැසිරීමට අනුරූපව කැමරාව හසුරවන්න ඔහු කැමරාකරුවාව යොදාගෙන තියෙනවා අපිට ඔහුගේ චිත්‍රපට හරහා දකින්න ලැබෙනවා…ඒ හරහා ඒ චරිත එක්කම ප්‍රේක්ෂකයාව තදින් අල්ලලා තියාගන්න ෆින්චර් සමත් වෙලා තියෙනවා….

ෆින්චර්ගේ චිත්‍රපට වල වර්ණ භාවිතය ගැන කතා කලොත් ඔහු යොදාගන්න වර්ණ පවා චිත්‍රපට වල තේමාවට සරිලන ත්‍රාසය,කුතුහලය,බිය,විශ්මය දනවන ආකාරයේ අදුරු වර්ණ බොහෝ විට යොදා ගන්නවා දකින්න පුළුවන්… ඔහුගේ වර්ණ යොදා ගැනීම හරහාත් ඔහු උත්සහ කරන්නේ චරිත වල ස්භාවය පෙන්වීමටයි… දහවල් කාලයේ සාමාන්‍ය වර්ණ භාවිතයක් වගේම රාත්‍රි කාලයේදි කහ පාට නිල්පාට වර්ණ පසුබිමිට යොදා ගන්නවා… ඒ වගේම ඔහුගේ චිත්‍රපට වල මොනොක්‍රොමැටික් වර්ණ භාවිතය වගේම කහ කොළ නිල් වර්ණ වල DeSaturation එහෙම නැත්නම් තීව්‍රතාවය වැඩි අදුරු වර්ණ පොදු ලක්ෂණ විදියට දකින්න පුළුවන්….

ෆින්චර්ගේ සිනමාකරණයේ කතා කරපු වර්ණ භාවිතය,කැමරා භාවිතය මේ හැමදේකින්ම ඔහු බලාපොරොත්තු වෙන දේ ගැන නිගමනයකට අපිට එන්න පුළුවන්… ඒ තමයි ෆින්චර් හැමවෙලා⁣වෙම අවධානය යොමු කරන්නේ ඔහුගේ කතා තේමාවේ චරිත වල ස්භාවය උපරිමයෙන් ඉස්මතු කරවන්න… ඒ වෙනුවෙන් ඔහු වර්ණ භාවිතය,අාලෝකකරණය විතරක් නෙවෙයි පසුතල නිර්මාණයේදි,රංග භාණ්ඩ,සංගීතය නිර්මාණයේදි පවා ෆින්චර් ඒ ගැන සැලකිලිමත් වෙනවා…. චරිතයක් ළඟ තියෙන ජංගම දුරකතනයේ පාට,බිත්ති වල පාට වගේම එල්ලලා තියෙන ඡායාරූප වලින් පවා නිර්මාණයට ලොකු අර්ථයක් වගේම චරිත වල හැඟීම් නිරූපණය කරන්න ෆින්චර් උත්සහ කිරීම නිසාම ඔහු විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදියට හදුන්වන්න ඉහළින්ම පුළුවන් කියලා හිතෙනවා….

මේ විදියට අද සිනමා අධ්‍යක්ෂකනයෙනයෙන් හදුනගත් ඩේවිඩ් ෆින්චර් කියන්නේ ඇකඩමි සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂක සම්මානයට තුන්වතාවක් නි⁣ර්දේශ වුණු ඔහුගේ චිත්‍රපට වෙනුවෙන් සම්පූර්ණ ඇකඩමි සම්මාන 40කට නිර්දේශ වුණු සිනමා අධ්‍යක්ෂකවරයෙක්… ඩේවිඩ් ෆිල්චර්ගේ ⁣මීළඟ සිනමා අධ්‍යක්ෂණය The Killer නවකතාව පාදක කරගෙන නෙ⁣ට්ෆ්ලික්ස් වෙනුවෙන් නිර්මාණය කරන චිත්‍රපටයක් වෙනුවෙන් කියලා මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේදි නිවේදනය කරලා තියෙනවා….

ඉතිං අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් කතා කරපු මේ විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයා ගැන ඔබේ අදහස් දැනුම බෙදාගන්න හැමදාමත් වගේ ආරාධනා කරනවා….

අනුෂ්ක රසාංජන ද සිල්වා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *