Dalith in Malayalam Cinema
ඇයි අපි කළුද? “දලිත් Dalith “

ස්පර්ශට හෝ නුසුදුයි, අපිරිසිදුයි,මොවුන් මිනිසුන් දැයි නොපැහැදිලි . දලිතයන්ව ශරීරය හා දැඩිව සම්බන්ධ කොට කේරළයේ සුදු උන් විසින් හදුනාගෙන ඇත.
සම්ප්‍රදායික මලයාලම් සිනමා ස්ංස්කෘතිය, 

ඉහළ පන්තිය – පහළ පන්තිය
ශිෂ්ඨසම්පන්න – අශිෂ්ට
ස්වාමියා – දාසයා
මානවයා – මිලෙච්ජයා
දිව්‍යමය ලෙස නිරූපණය කොට ඇත එය ඉදිරියේ අතිශය සංවේදී වී හඩා වැටෙන ප්‍රේක්ෂකයා ලොව ප්රමුඛ චිත්‍රපට ධාරාවේ පරිපුර්ණ ශරිරි දෙස බලා ලබන ස්කොපෝෆීලික් සතුට මෙහිදී ද ලබාගනියි.
හරි අපුරුයි !!! සංස්කෘතික හා සමජ යතාර්ථය ශරීරය තුල ලියැවේ. කුල බල ධූරාවලිය ශරීරය කුහරයෙන් මතුවේ. මලයාලම් ප්‍රධාන ධාරාවේ චිත්‍රපට සදහා දලිත් සහභාගිත්වය අල්පයි. ඔවුන් චිත්තවේගිකව පවා දුර්වල කොට සිනමාවේ සිරකොට ඇත. මලයාලම් සිනමාව තුල හැම දලිත්වරයකුගේම නිරූපණය එක සමානයි. එවා විකාරය , අවුල්සහගතය, දහඩිය ගලාබසියි , බැලීමට පවා කැතය. ශ්රමයට නිපදවූ මස් කුට්ටියක් ලෙස සොර මැර මාෆියා චරිත වටා ගොඩනගමින් ඉහළ කුළයේ ප්‍රේක්ෂකයාගෙ කුතුහලය සන්සිඳුවා දමයි.
අහෝ !!!!….ආකර්ෂණීය නොවන අදුරු සම???
මෑතකදී නම් සිනමා විචරක මේසය මත අත්පොලසන් ලබා ගත්තා. මලයාලම් සිනමාවේදී රජීව් රවීගෙ දලිත් මැර කල්ලියක් වටා වූ කම්මාතිපඩම් ඉහලම අගයකින් පෙනී සිටියත් , මිඩ්ල් ක්ලාස් තරුණයා දුල්කර් ට පහලින් සියලු චරිත තැබිමට අධ්‍යක්ෂක කටයුතු කර ඇත.
* ආදර නලුවා ප්‍රබලයා තාක්ෂණික සංගීත විශිෂ්ටයා විනායකන් Vinayakan ඔබ සිනමාවේ කළුවට සිටියා නොවේද ? 
අඩුවෙන් සැලකූ වැඩියෙන් නිරූපණය කල චරිත වල………


* කනි කස්රුති Kani Kasruti කේරළ ප්‍රාන්ත සිනමා උලෙළේ 2021 හොදම නිළිය .ඇති යාන්තම් කලු පින්තාරු නොකල අදුරු සමක විශිෂ්ට නිලිය..





Annorikkal හී පොන්නු ලෙස කාව්‍යා මාධවන් Karutha pakshikal හී පුන්කෝඩි ගේ චරිතයට පණ පොවන පද්මප්‍රියා ජනකිරමන් මලයාලම් සිනමාවේ දලිතයන් ලෙස නිරූපාණය කරන්නෙ දලිතයන් පිළිබඳ ඉහල කුලයේ ප්‍රේක්ෂක අනුකම්පාව ලබා ගැනීමට පමණකි. අදුරු සම ඇති දලිතයන්ට වෘත්තීය සිනමාවක් ගොඩනගා ..සමාන චරිතාංග අවස්ථාව වත් ලබා දීමට නොහැකි මලයලම් සිනමාව, වසර ගණනාවක් සිටම දුර්වල මානසික භාවිතයක කටයුතු කරයි…

