D Block (2022) Tamil | Sinhala Article

D Block (2022) Tamil by Janidu Raajakaruna

?සිය විශ්ව විද්‍යාලය තුළ සිදුවන අභිරහස් ඝාතනය න් පිළිබඳ ව විමසිලිමත් ව ඊට හේතුව සොයා යන විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මෙම චිත්‍රපටය සඳහා පාදක වේ.

?චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Vijay Kumar Rajendran විසිනි. ඔහු මෙම චිත්‍රපටය සඳහා ද රංගනයෙන් දායක වේ. Arulnithi, Avantika Mishra, Karu Palaniappan, Charandeep, Thalaivasal Vijay, Ramesh Khanna and Uma Riyaz Khan සෙසු චරිත නිරූපණය කරනු ලබයි.

?මුල් අර්ධය මන්දගාමී ගලා යන අතර සිදුවන අභිරහස් මරණ කථාවට ඉන්ධන සැපයීම ට තරම් ප්‍රමාණවත් නොවේ. දෙවන අර්ධය පළමු අර්ධය ට සාපේක්ෂව ත්‍රිලර් ගුණය මඳක් ඉස්මතු වේ. ඝාතකයා හඳුනා ගැනීම උදෙසා පෙර සිදුවූ මරණ වල තොරතුරු පසුපස හඹා යාම චිත්‍රණය වීම නිසා දෙවන අර්ධය එතරම් නීරස නොවේ. වැඩි ආයාසයකින් තොරව නැරඹීමට හැකි වේ. චිත්‍රපටයේ අවසන් විනාඩි කීපය ලොමු දැහැගැන්වන සුළු ලෙස ඉදිරිපත් කිරීම ට නිර්මාණකරුවන් සමත් වී ඇත.

?Arulnithi ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන අතර ත්‍රිලර් ශානරයේ අභිරහස් කථා මෑතකාලීන ව ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරින් ඉහළින් ම පවතී. චිත්‍රපටය තුළ සටන් ජවනිකා බොහොමයක් නොමැත. අවශ්‍ය ම තැනට එය ඔබ්බවා ඇති බවට මම විශ්වාස කරමි. චිත්‍රපටය පුරාවට ම පසුබිම් සංගීතය නම් මනාව යොදා ගෙන ඇත. ආදරය,වෛරය, අභිරහස් භාවය වැනි තේමාවන් ප්‍රේක්ෂකයා ට සමීප කරවීම සඳහා එය ශක්තිමත් පාලමක් වේ.

?සිය විශ්ව විද්‍යාලය තුළ සිදුවන අභිරහස් ඝාතනය න් වලට හේතු ව විශ්ව විද්‍යාල පරිපාලන ය සහ පොලිසිය නොසලකා හරිමින් සිටින විට ඒ සඳහා සිය අවධානය යොමු කරමින් කටයුතු කරන විශ්ව විද්‍යාල සිසුන් සහ ඔවුන්ගේ විමර්ශනශීලි භාවය නිසාවෙන් මේ අභිරහස් මරණයක් සඳහා හේතුව සොයාගැනීම ට හැකි වේද ??

? සමස්ථයක් ලෙස ගත් කළ කථාව වරක් පමණක් නැරඹීමට හැකි චිත්‍රපටය කි. ඇතැම් චරිත කථාවට අවශ්‍ය නැති බවක් ද හැඟී යයි.

Release dateJuly 1, 2022 (India)

ජනිදු රාජකරුණා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *