Colonbia Sinhala Youtube Series by Luckshman Aranwala
‘කොළොංබියා” – ශ්‍රී ලංකාවේ ප්‍රථම Youtube නාට්‍යය මාලාව
යූටියුබ් එකේ දිගහැරෙන ඩ්‍රාමා සීරීස් එකක් විදිහට කොළොංබියා මුලින්ම කරළියට ආවේ මීට අවුරුද්දකට කලින්. ඒ කාලේ මේ ගැන කතා කළෙත් සීමිත පිරිසක් විතරක්. වෙනස් නිර්මාණ ගැන ගොඩාක් උනන්දු විශේෂ රසික ප්‍රජාවක් නිසාම මේ නම කනින් කොනින් ඇහෙන්න ගත්තා. නමුත් අවුරුද්දකටත් පස්සේ වැඩිපුර පිරිසක් මේ ගැන උනන්දුවක් දක්වනවා. මොකද හරියටම දවස් 637 ට පස්සේ එයාලා සීසන් 2 පටන් ගෙන. පළවෙනි එපිය මේ වෙනකොට නිකුත් කරලා. සීසන් 1 හි ඇතුළත් රසය එපරිද්දෙන්ම මෙවරත් විඳින්නට හැකියි කියන සුබාරංචියත් ලැබුණා. සෑම මසකම 1 වනදා සහ 15 වනදා අලුත් එපිසෝඩ්ස් නිකුත් වන බවත් එයාලා කියල තියෙනවා.
“තිරය ඉස්සරහා හතර දෙනෙක්, set එකේ විසි දෙනෙක්, විනාඩි 15ක episode හයක්, මාසයක් planning, සතියක් script writing, සතියක් rehearsal, දවස් 4ක් shooting! කොළොංබියා – ලොකු වැඩක් කරන්න try කරන පොඩි සෙට් එකක්”
එහෙමයි එයාලා එයාලව හඳුන්වන්නේ. සීසන් 1 බලපු අය ඒ කොලිටිය ගැන දන්නවා. කොළොංබියාවේ සිද්ධ වෙන දේවල් වලට අපි කැමති වෙන්න හේතු කීපයක් බලපානවා. මේ ගොඩක් සිදුවීම් අපිට පර්සනලි රිලේට් වෙන්න පුළුවන්. නොස්ටැල්ජියා මතක වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට තාරුණ්‍යයේ කඩ ඉම පහුකරලා, පවුල් පංසල් වෙලා, ජීවිතේ යම්කිසි ස්ථාවරයකට පත්වෙච්ච පිරිසකට තමන්ගේ අතීත මතක, කෙලපු පිස්සු, කාපු කටු, ගෙවපු බෝඩිම් ජීවිත ආදිය ගැන මෙනෙහි කරන්න ලැබෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්.
සෙට් එකක් එක්ක එකට ඉන්නකොට සිද්ධ වෙන ජරමර, හුටපට, අලකලංචි ආදියෙන් තමයි කොළොංබියාව පිරිල තියෙන්නෙ. ඒ ඇතුළට උපහාසාත්මක හාස්‍යය රසය තමයි නොමදව අඩංගු වෙන්නේ. හැබැයි අපි යූටියුබ් එකේ නිතර දෙවේලේ දකින කොමඩි ප්‍රඩක්ෂන්ස් වලින් ලබනවට වඩා රියලාස්ටික් ආතල් එකක් තමයි මේ තුළින් දැනෙන්නෙ. ඩ්‍රාමා සීරීස් එකක් විදිහට දිගහැරෙන නිසාම එපියෙන් එපියට හොඳ කුතුහලයකුත් ජනිත වෙනවා. මේ චරිත එක්ක නිරායාසයෙන්ම කනෙක්ට් වෙන්නට හැකි සමීප බවක් ඕඩියන්ස් එකට දැනෙනවා. ඒ නිසාම ශෝට් ඇන්ඩ් ස්වීට් ඉන්ස්ටන්ට් එන්ටටේනින් වැඩක් විදිහට ඉහළින්ම නිර්දේශ කරනවා.