COCO ( 2017) English | Sinhala Article

COCO ( 2017) English by Anuja Wickramasingha

COCO ( !Spoiler Alert! )

ඔයාට පුළුවන් ද තව කෙනෙක්ට ආදරණීය මතකයක් වෙන්න….!
එහෙම වෙන්න උත්සාහ කරන්න.
මොකද දන්නවද…?

“මිනිස්සු ඇත්තටම මැරෙන්නේ එයාලව මතක තියාගන්න කෙනෙක් නැති වුණු දවසට.”

Coco කියන්නේ ඔස්කාර් ඇතුළු සම්මාන බර ගාණක් දිනපු,නොමද ප්‍රේක්ශක ආකර්ශනයකට ලක් වුණු,විචාරක පැසසුම් ලැබුණු සිනමා නිර්මාණයක්.coco ගැන මගේ ඔළුවේ මැවෙන මුල්ම මතකය තමයි ” ඒක මාර කලර්ෆුල් ෆිල්ම් එකක්” කියන එක.අනවශ්‍ය විදිහට පාට ඔබ්බවලවත්,ඇහැ කඩාගෙන යන අමාරු වර්ණ එකතු කිරීම්වත් නෙවෙයි.ඒත් ඒ චිත්‍රපටය පුරාවටම ඇස් වලට වගේම හිතටත් කලර්ෆුල් ටච් එකක් දෙනවා.
ඒ විදිහේ කලර්ෆුල් ටච් එකක් දෙන ගමන් චිත්‍රපටයේ කතාව ගලා ගෙන යනවා.

මිනිස්සු සංගීත නිර්මාණ එක්ක බැඳෙන්නේ තමන්ගේ හැඟීම් ඒවා ඇතුලෙන් විඳින්න ලැබෙන ඉඩ නිසා කියලා මම විශ්වාස කරනවා.
දුක හෝ සතුට සහිත මතකයක්, එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයට පෞද්ගලිකව ළඟ කෙනෙක් වගේ මොනම හරි හේතුවක් නිසා අපි අනුන් නිර්මාණය කරපු සංගීතය අපේ කරගන්නවා.

Coco චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ මිගෙල්.මිගෙල් ගැනවත්,මිගෙල්ගේ කතාව ගැනවත් නෙවෙයි මට විශේෂයෙන්ම කතා කරන්න අවශ්‍ය වුණේ.මිගෙල් ට මළවුන්ගෙන් ලෝකයේදී අහම්බෙන් මුණ ගැහෙන ඔහුගේ සීයාගෙත්,සීයා හෙක්ටර් ගැන.මට දැනෙන විදිහට Coco කියන්නේ මිගෙල්ගේ කතාව නෙවෙයි,හෙක්ටර් ගේ කතාව. හෙක්ටර් තමන්ගේ දුව කෝකෝ ව සිහියට අරගෙන ලියපු ගොඩක් ගීත වෙන කෙනෙක්ගේ මාර්ගයෙන්, හෙක්ටර් ගැන සඳහනක්වත් නැතුව ජනප්‍රිය වෙනවා.හෙක්ටර් තමන්ගේ දරුවා වෙනුවෙන් ලියපු සිංදු,ලෝකයක් වැළඳ ගන්නේ මුල් අයිතිය හෝ ගීයට පදනම වැටුනු කතාවේ මුල මැද අග කිසිම දෙයක් ගැන හරි අවබෝදයක් නැතුවම. සංගීතය සහ වචන කියන්නේ ඒ තරම්ම මායාකාරී දෙයක්.අනුන්ගේ හැඟීමක් වෙනුවෙන් ලියපු වචන ටිකක්,දමපු තනුවක් තමන්ගේ හැඟීමක් වෙනුවෙන් සින්නක්කර අයිතියට ලියාගන්න අපිට ඉඩ ලැබෙන්නේ ඒ මායාකාරී බව නිසා.

තමන්ගේ තාත්තා හෙක්ටර්,කෝකෝ වෙනුවෙන් ලියපු ගීතය ඇහෙද්දී හරි හමං සිහියක්වත් නැතුව හිටපු කෝකෝ තමන්ගේ මතකයන් වෙනුවෙන් ආයෙත් ඇස් අරිද්දී,වචන දෙක තුනක් ගැටගහගන්න උත්සාහ කරන තැනදී තමයි මේ ෆිල්ම් එකේ ක්ලයිමැක්ස් එක අපිට බලන්න ලැබෙන්නේ….

තමන්ගේ තාත්තාව මතකයේ තියාගෙන ජීවත් වුණු එකම කෙනා වෙච්ච කෝකෝටත් ඔහුව අමතක වුණා නං හෙක්ටර් කියන කෙනා මම අර මුලදී කිවුවා වගේ ඇත්තටම මැරෙන මොහොත උදා වෙන්න වෙන්න තිබුණා.

මේ ලෝකේ හැම කෙනෙක්ට තමන්ගේ ජීවිතයට ලඟ,මතකයේ තියාගෙන ජීවත් වෙන අය ඉන්නවා,පණ ඇතිව හෝ නැතිව. අඩුම තරමේ කවදාහරි තව කෙනෙක්ගේ ජීවිතයක ආදරණීය මතකයක් හෝ වෙලා ජීවත් වෙන්න උත්සහා කරන්න පුළුවන් නම් මොන තරම් වටිනවද. අපි ඇත්තටම මැරෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලෙත් තව මනුස්සයෙක් ගේ ජීවිතයට මතකයක් වෙන්න බැරි වුනොත් විතරයි.ඉතින් හැම මොහොතකම කාට හරි ආදරණීය මතකයක් වෙන්න උත්සාහ කරන්න…!

Coco scored 8.4 out of 10 on IMDb.

Coco scored 97 percent on Rotten Tomatoes.

Coco got a 5 stars review on Radio Times.
91% liked this film Google users

Release dateOctober 27, 2017 (Mexico)

Story byLee Unkrich; Jason Katz; Matthew Aldrich; Adrian Molina
Box office$807.8 million

අනුජ වික්‍රමසිංහ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *