Cinema of Leos Carax French Film Director | Sinhala Article

LEOS CARAX French Film Director

දශක ගණනාවක සිනමා ජීවිතයේ සිනමාපට කීපයක් පමණක් අධ්යක්ෂණය කොට ලෝක පූජිත විය හැකිද?
දන්න උත්තර කීපයක් ඇත.
කොරියානු Lee Chang-dong මෙන්ම ප්රංශයේ leos carax අනිවාර්යයෙන්ම මේ ගණයේයි.
ලෝකය, සබදතා, ජීවිතය , මරණය, ජීවන මට්ටම් වෙනස්ම ආකාරකට දැක්ක අධ්යක්ෂකවරයෙක් ලෙස Leos Carax ගන්න පුලුවන්. ප්රංශ නව රැල්ලේ සිනමාකරුවකු වන Jean-Luc Godard ගේ සිනමාව ආදර්ශයට (inspired) ගෙන එම සිනමාව තමන්ගේ හඩින් තමන්ගේ කරගෙන වෙනස් අලුත් දෙයක් දීමට leos කටයුතු කර ඇත. ඒවගේම සමහර නිර්මාණවල සිදුවීම් Autobiographical.
බහුතරයකම romance හා symbolism වලින් පිරී ඇත. එකිනෙකට පෑහෙන් නැති neorealism හා fantasy, supernatural elements එක් කිරීමට කටයුතු කර ඇත.
ප්රංශ ජීවිතයේ යථාර්ථයට මායාකාරි මනුශ්ය සබදතා…
සියල්ල අවසානයේ ඛේදවාචකයක සලකුණු මුල සිටම පෙන්වන සිනමාපට.
සියලුම තොරතුරු , කතානායකයන්ගේ තොරතුරු විස්තර ඉදිරිපත් නොකර සියල්ල minimalist ක්රමයකට. (බහුතරයක). සිදුවිම් වලින්, දෙබස් ලයින් අතරින් කියවාගැනීමෙන් සියල්ල තෙරුම් ගත යුතුයි.
නිර්මාණ 2ක ඇරෙන්නට ප්රංශ සිනමාවෙ දක්ශතම නලුවෙක් වන Denis Lavant ගේ දායකත්වය හිමිවී ඇත. ඔහුගේ රංගනය ගැනනම් කියන්න වචන නැත. විශිෂ්ඨ රංගනයන්. භාව ප්රකාශනයන්.
……………………………………………………………

❤️Boy meets girl (1984)

ඔහු
තම ප්රේමවන්තියගෙ සබදතාව බිදවැටුන අධ්යක්ෂකවරයෙක්…
ඇය
ප්රේමවන්තයා දාල ගිය ආත්මඝාතක (suicidal) තරුණියක්…
ඔවුනගේ හමුවීම, සබදතාව…
අහිමි උන ආදරය ඔවුනට ඔවුන් අතරින් ලැබුනාද?
අහිමිවීමට හේතු. පාරිසරිකද සාමාජීයද මානසිකද?
……………………………………………………………

❤️Mauvais sang (1986)

තම අනන්යතාවය හරියටම තිරයට ගෙනා පලමු නිර්මාණට ලෙස සැලකේ.
එකවරම පැතිර යන අභිරහස් රෝගයක්. STBO මෙයින් මැරෙන්නේ
ආදරයෙන් එක්වන්නන්ට . ඇහ් නේද ?
නෑ නෑ හැමෝටම නෙමේ ආදර හැගීමකින් තොරව එක්වන අයව….
රෝගයට විෂනාශක ඖෂධයක් ප්රංශයේම ඖෂධ සමාගමක.
එය හොරකම් කිරීමට වෙරදරන ඇමරිකානු කාන්තාවක්…
ඇලෙක්ස් ප්රේමවන්තිය සමග සියල්ලෙන්ම ඈත්ව නව ජීවිතයක් ආරම්භ කිරීමට…
ඇලෙක්ස් ව ඖෂධය සොරාගැනීමට යොදවන වයසක වංචනිකයන් දෙදෙනෙක්.
ඔහුගෙ හිත උදුරාගන්නා කාන්තාවක්.
ප්රේමවන්තියද , නව කාන්තාවද?
ඖෂධය සොරා ගැනීම සාර්ථකවීද?
                           ආදරය හා සොරකම්….
……………………………………………………………

❤️The lovers on the bridge (1991)

මත්ද්රව්ය හා ඇල්කොහොල් වලට ඇබ්බැහි උන මාර්ගයේ රැගුම් දක්වන්නෙක් වන ඔහු ඇලෙකස්.
(කලින් ෆිල්ම් වල ඇලෙක්ස් ට සම්බන්ධතාවක් නැත. සුපුරුදු පරිදි
Denis Lavant රංගනයෙන් දායක වේ.)
තම ප්රේමයෙන් පැරදුන මහමග ජීවත් වන කෙමෙන් කෙමෙන් ඇසේ පෙනීම අඩුවන සිත්තරාවියක වන ඇය මිශෙල්.
ඔවුනගේ සබදතාව. ප්රංශයේ ජීවිත.
සබදතාවේ අනාගතය…
විදිය යුතුම අත්දැකීමක්. ජීවිතය , මරණය, සතුට, කම්පාව, ජීවිතය විදීම.
……………………………………………………………

❤️Pola X (1999)

නවකතාවකින් loosely පාදක කරගෙන ඇත. Denis Lavant ව දකින්නට නොලැබෙන ප්රථම feature film එක වීමද විශේෂත්වයක්. එසේම leos carax ගේ සිනමාපටයක ලක්ශන අඩුමද සිනමාපටය මෙය වේ
Minimalistic වෙනුවට තොරතුරු විශාල ප්රමාණයක් අන්තර්ගතව ඇත.
තරුණ සාර්ථක නවකතාකරුවෙක්.
ඔහු සොයාඑන සහෝදරිය යැයි කියාගත් කාන්තාවක්…
ඔවුනගෙ ඇතිවන ආදර සම්බන්ධතාවක්….
ඔවුනගේ අනාගතය…
……………………………………………………………

❤️Tokyo (2008) Segment “Merde”.

කෙටිසිනමාපට 3කින් සමන්විත නිර්මාණයක්. එයින් එකක් වන Segment “Merde” පමණක් leos අධ්යක්ෂණය කොට ඇත.
අනෙක් කොටස් 2ද නරඹන්න. වෙනස් අත්දැකීම් වනවා නොඅනුමානයි.
ජපානයේ ටෝකියෝ කාණුපද්ධතිය තුල ජිවත් වන අද්භූත , විකාරරූපි , විකාර කියවන ජීවියෙක්.
නමින් Merde.
සුපුරුදු පරිදි Denis Lavant නිරූපණය කරන චරිතය සාමාන්ය ජන ජීවිතයට කරන බාධාවන් ,
බිය ගැන්වීම්…
……………………………………………………………

❤️Holy Motors (2012)

Tokyo හින් inspire උන තව දුරටත් විහිදුන සිනමාපටයක්.
Mr. Oscar චරිත කීපයක. ඔහුගේ performance කැමරා කාචයකට හසුකර ගැනීමක්.
කල්පිත, bizarre , black comedyයක් ලෙස දැක්විය හැක.
එක් ආකාරයකට තේරුම සෙවීම පලක් නොවන විදිය යුතු අත්දැකීමක්.
නැවත නැවත සකසන ලද සිදුවීම් තුල නැවත නැවත ජීවත් වන ජීවිත.
හැගීම් මත දුවන ජීවිත.
Oscar ගේ මෙම performance වලට තේරුමක් තිබේද?
එය ප්රේක්ෂකයා තේරුම් ගත යුතුමද?
……………………………………………………………

❤️Annette (2021)

Denis Lavant දායක නොවුන අනෙක් සිනමාපටය.
Adam driver ගෙ දැකපු හොදම performance එක.
ඒවගේම simon helberg ගෙ හැකියාවත් අගය කල යුතුමයි.
Leos ගෙන් musical එකක්. සෑහෙන්න වෙනස් අත්දැකීමක්.
සම්පූර්ණයෙන්ම performance සලකලම ඉහලින් තැබිය හැකි නිර්මාණයක්.
Holy motors මම ඉහලින්ම සලකන නිර්මාණයක්. ඊට පසු උපරිමෙන්ම වින්ද නිර්මාණයක්.
100% දෙකෙහිම තේරුමක් කියාගත නොහැක.
Leos මෙවර dumb, absurd, ලව් ස්ටෝරියක් ගෙන එනවා. ඒවගේම සුපුරුදු පරිදි ඛේදජනක සිදුවීම් සහිතව.
ඔහු stand up comedian කෙනෙක්.
ඇය අන්තර්ජාතික වශයෙන් පිලිගත් ගායිකාවක්.
ඔවුනගේ ආදරය දලු ලා වැඩීම දෙස බලා සිටින ප්රේක්ෂකාගාරය මෙන්ම සිනමාපටයට අනුව ලෝකයා…
Too good to be true වීම , එතරම්ම එම සබදතාව ලස්සන වීම සිදුවිය හැකිද?
Fairy tale එකක මෙන්.
දෙදෙනාම ලෝකයට අනුව සාර්ථක , ලස්සන සතුටු දිවියක් ගෙවන ජෝඩුවක්.
ඔවුනගේ ඇත්ත ජීවිතය? එය එසේමද?
කෙනෙක්ට අනෙකා ගැන හරියටම දැන ගත් හැකිද?
එතකොට ඔවුනගේ දියණිය…
නරඹන්න, විදින්න annette.

හෂාන් දුලංග

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *