
ගණපති එම ගමේ නිල ඡායාරූප ශිල්පියා ය. මගුලට, අවමගුලට, කොටහලු මගුලට, කන විදින උත්සව වලට ආදී කොයිකටත් ගණපතිගේ සේවය ගැමියන්ට අත්‍යාවශ්‍ය ය. ගණපති ටයිටැනික් චිත්‍රපටිය නරඹා ඇති නිසා ඔහුගේ සේවය ලබා ගන්නා මනාල යුවලට ටයිටැනික්හි අතිශය ජනප්‍රිය දර්ශනක් වන ජැක් සහ රෝස් දෑත් විදහා නැවේ ආරක්ෂක වැටට අසල සිටි ආකාරයේ ඉරියව්වකින් ඡයාරූපයකට පෙනී සිටීමට සිදුවීම් අනිවාර්ය ය.
මරිදෛයා කරණවෑමියෙකි, තරුණ කොල්ලෙකි. තමා කඩවසම් බව සිතන නිසාම ඔහුගේ බාබර් සාප්පුවේ පිටත ප්‍රදර්ශනය කර ඇත්තේ ද ඔහුගේ විවිධ ඡායාරූප ය. ඔහු මාරකැට්ටුවේ එළවලු වෙලෙන්දියක වන මංගා නැමැති තරුණියකට පෙම් කරයි. ඔවුන් දෙදෙනා විවාහ වීමටද බලාපොරොත්තුව සිටියි.
දවසක් අහඹු ලෙස වේරාබාබුගේ රථයේ තිබී ඔහුට කැමරාවක් සහිත බෑගයක් හමුවේ. නිකංම නිකං කැමරාවක්ද නොවේ, ගණපති පවසන ආකාරයට එය මහේෂ් බාබු, පවන් කල්‍යාණ් ආදී නළුවන්ගේ චිත්‍රපටි රූපගත කරන ආකාරයේ කැමරාවකි. විකුණා දැමුවොත් සෑහෙන මුදලක් ලබාගන්නට පුලුවන.
වේරාබාබුගේ දෛවය වෙනස් කිරීමට මේ කැමරාවට හැකි වේවිද?
………………………………………………………..
තෙලිඟු සිනමාව සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ගුරුත්වාකර්ෂණය විරහිත සටන් සඳහාය. දමිළ සිනමාවටත් වඩා තෙලිඟු සිනමාවේ ගුරුත්වාකර්ෂණ ඉතා අඩු ය. සර් අයිසැක් නිවුටන් වුවද හොල්මන් වන තරමටම අඩුය.
එක ඇඟිල්ලක් දිගු කර කෝච්චියක් වුවද නැවැත්විය හැකි මට්ටමේ ප්‍රබලයින්, කොටි, සිංහයන්,ව්‍යාඝ්‍රයන් සහ මෙගා ෆැමිලිවාසීන් බහුල තෙලිඟු සිනමාව තුළ Cinema Bandi යනු විය නොහැක්කකි. නමුත් Netflix වෙත පින්සිදු වන්නට එය යථාර්ථයක් බවට පත්වී ඇත.
කිසිදු ජනප්‍රිය නළුවෙක් හෝ නිළියක් නැති, උඩින් පාවෙන සටන් නැති, මල් ගස් වටේ නටන්නේ නැති, හද්ද දුෂ්කර ගමක් පසුබිමේ තබා නිර්මාණය වුන මෙය චිත්‍රපටියක් කියනවාටත් වඩා මිනිසුන් එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය දෙස කැමරා ඇසින් නිරීක්ෂණය කිරීමක් ලෙස හැඳින්විය හැක.

සිනමාව පිළිබඳව මිනිසුන් තුළ තිබෙන්නේ නිරායාසයෙන්ම නැඟෙන ආශාවකි. එයට දුප්පත් පොහොසත් බේධයක් නැත. ජනප්‍රිය නළු නිළියන්ගේ, අධ්‍යක්ෂකවරුන්ගේ, නිෂ්පාදකවරුන්ගේ දූ පුතුන් කිසිදු ගැටලුවකින් තොරව සිනමා ලෝකයට විවරණ ලබා ගනිති. හින්දි සිනමාව හා සමානවම Nepotism වාදයේ ගොදුරක් බවට පත්ව තිබෙන තෙලිඟු සිනමාවෙන් චිරන්ජීව්ගේ මෙගා ෆැමිලි නළු නිළියන් පිරිසත් අනිකුත් පිය උරුමයෙන් පැමිණි උදවියත් ඉවත් වුව හොත් ඉතිරි වන ජනප්‍රිය නළුවන් ගණන අත් දෙකේ ඇඟිලි වලින් ගනන් කළ හැකි තරම් ය. බොහෝ දුරට ඇඟිලි කිහිපයක් ඉතිරිත් වනු ඇත.
එවැනි තත්වයක් තුළ අනේ අපිට අවස්ථාවක් නෑ, අනේ අපිට සල්ලි නෑ, ජනප්‍රිය නළුවො නැතුව මිනිස්සු ෆිල්ම්ස් බලන්නේ නෑ ආදී වශයෙන් අඬෝවැඩියාවන් කියමින් සිටිනවා වෙනුවට තමාට හැකි අයුරින් මුදල් සපයාගෙන මෙවැනි අපූරු සිනමා නිර්මාණ බිහිකරන නිර්මාණයකරුවන් සැබැවින්ම ඇගයිය යුතු ය. සැබෑ අවශ්‍යතාවයක් තිබේ නම් කටු අකුල් වල වුවද මල් පිබිදවිය හැක.
සැලකිය යුතුයි:

[මිල්ක් වයිට් නිළියන් සහ නළුවන්/නිළියන් මේකප්ස් භාවිතා කිරීම කෙරෙහි දැඩි වෛරයෙන් පසු වන අය සඳහාද මෙම චිත්‍රපටිය ඉතා ගෝචර වනු අැත. මේ දිනවල මේකප්ස් නැති, මිල්ක් වයිට් නැති නිළියන් සිටින මළයාලම් චිත්‍රපටි තරමක් අඩු නිසා මෙය මලයාලම් චිත්‍රපටියක් වෙනුවට ආදේශකයක් ලෙසද යොදා ගන්නට පුලුවන් ය. මෙහි ගංජා පානය කරන දර්ශන නැත, චිත්‍රපටිය හැදූ අයද ගංජා භාවිතා කර ඇති බවක් පේන්නට නැත. එනිසා මලයාලම් අධ්‍යක්ෂකවරුන් චිත්‍රපට කතා ගොඩ නගන විට හීනියට දුමක් දානවා යැයි සිතන අයට මෙය එවැනි අයගේ චිත්‍රපටි සඳහා ආදේශකයක් ලෙස භාවිතා කළ නොහැක]
Initial release: May 14, 2021