Christopher Nolan Movie Collection | Sinhala Article

Christopher Nolan Movie Collection by Theekshana Lankara⁣

නොලන්ගේ සිනමාව ( 1 )
ලොකයේ බිහිවුන ⁣හොදම සිනමා පට අටක්

ක්‍රිස්ටොපර් නොලන් නම බොහෝ අය අහලත් ඇති. මොහු අතින් නිර්මාණය වුන බොහෝමයක් චිත්‍රපට Ratings අතරිනුත් ඒ වගේම සාර්ථකත්වය අතිනුත් ඉහලම තැනක් ගන්නවා . ඔබ නියම චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන් ⁣නොලන් බොසාගේ චිත්‍රපට කිහිපය නරබාතිබිය යුතුයි. Christopher Nolan කිව්වම සාමාන්‍යයෙන් චිත්‍රපටි ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙක් පවා හොඳින්ම අහලා පුරුදු නමක්. වර්තමාන හොලිවුඩ් සිනමා ක්ශේත්‍රයෙ සිටින ඉහලම සාර්ථකත්වයක් අත්පත්කරගෙන සිටින අධ්‍යක්ශකවරයෙක්.

ගොඩක් පිරිසක් ඔහුව අදුරගන්නේ Dark Knight චිත්‍රපට තුනෙන්. අදටත් Dark Knight ට්‍රිලොජිය වටා සිටින ප්‍රෙක්ෂක පිරිස අතිමහත්. නොල්න් බොසාගේ චිත්‍රපටියක් බලනවා කියන්නේ හරියට පොල්ලකින් ඔලුව පිටිපස්සට ගහගත්තා වගේ වැඩක් ? . සමහර විට කෙනෙක්ට හිතෙන්න ඇති චිත්‍රපටිය ආරම්බයේ ” අපො මේ මොක්කද මේ කියලා ” . හැබැයි නොලන් බොසාගේ චිත්‍රපටයක් අවසානයක් වන තුරු නැරඹවොත් ඔබට ” මොක්දද යකෝ ඒ වුනේ ” කියලා ඉබේටම කියවෙයි . ඒකට හොදම උදාහරණය බලපු අය මතක් කරලා බලන්න Interstellar පලමු වතාවට බලපු වතාව……

Inception 2010 පලමුවෙන්ම බලපු අය අවසාන මිනිත්තු කිහිප⁣ය මතක් කරගන්න. බලපු පලවෙනි දවසේ ” අයියෝ ඇයි එහෙම වුනේ ” කියලා හිතෙන්න ඇති. හැබැයි දෙපාරක් තුන්පාරක් චිත්‍රපටිය බලනකොටයි තෙරෙන්නේ ඇත්තටම අපි හිතන් හිටිය දේ නෙමෙයි චිත්‍රපටිය අවසානයේ වුනේ කියලා. Inception 2010 නම් ඒක හොදටම පැහැදිලි වෙනවා කොබ්ගේ Totem එක මත . ඇත්තටම ඔහු ගෙදර ගියාද ?


ඉදිරියට බලමු?

ඒවගේම තමයි නොලන් බොස් කියලා කියන්නේ සමහර විට කිසිම අධ්‍යක්ෂක කෙනෙක් නොකල දේවල් කරන පුදුම මනුස්සයෙක් . හරියට නොලන් බොසා CGI වල⁣ට වෛරකරනවා වගේ ?. හැමදේම ඇත්ත විදියටම කරන්න ඕන කියන දේ ඔහු තදින් විශ්වාස කරනවා . Interstellar 2014 බලපු අය මතක් කරලා බලන්න චිත්‍රපටියේ තියෙන අර ඉරිගු වගාව . ඇත්තටම ඔවුන් චිත්‍රපටියට ඒ හෙක්ටයාර ගනනක් තියෙන ඉරිගු වගාව වගා කලා. එ වගේම Tenet 2020 චිත්‍රපටයේ ගුවන්යානය අරගෙන අර බිල්ඩිමට වද්දන එකත් ඔවුන් ඇත්තටම රැගත කලා ඇත්තටම ගුවන්යානායක් මිලට ⁣ගෙන . Dunkirk 2017 චිත්‍රපටියේ යොදාගත් බොට්ටු බොහොමයක් ඇත්තටම ලොකයුද්ධයේ Dunkirk මෙහෙයුමට යොදාගත් බොට්ටු. ඒවගේම තමයි නොලන් බොසාගේ චිත්‍රපටියක් තුුල තියෙන තාත්වික බව , නිවැරදි බව ඇත්තටම පුදුම සහගතයි. ඒ වගේම නොලන් බොසාගේ චිත්‍රපටි වල බොහොවිට පාදක වෙන්නේ වර්තමාන ලොකයේ ගොඩනැගුන විද්‍යාත්මක කරුනු වගේම ඒ හා සම්බන්ධ කල මනකල්පිත කරුනුයි .

⛔ Memento 2000 – කෙටි කාලින මතකයක් ඇති පුද්ගලයෙකුගේ කතාවක් .

⛔ Insomnia 2002 – තමාගෙම වරදකාරි බව නිසා තමන්ගෙ ජිවිතය හරිහැටි පවත්වාගෙන යන්න බැරි පරික්ෂකයෙකුගේ කතාවක්

⛔ The Prestige 2006 – පුරාවෘතයක් වු මැජික් කරැවන් දෙදෙනෙක්ගේ කතාව වගේම ටෙස්ලා කියන මහා විද්‍යාඥගේ කතාව

⛔ Inception 2010 – තනිකරම Luside Dream මත ගොඩනැගුන චිත්‍රපටියක්. Luside Dream අද වර්ථමාන ලොකයේ බොහොවිට මානසික ප්‍රශ්න වලට විසදුම් හොයන්න යොදාගන්න ක්‍රමයක් ලෙස යොදාගන්නවා .

⛔ Interstellar 2014 – කලු කුහරය , සාපේක්ෂතාවාදය , පනු කුහර , කාලය , අවකාශය පිලිබද කරුනු ඇතුලත් වුනා . ඒ වගේම කලුකුහරයක ජායාරුපයක් දැකලවත් නැති කාලයක ඔවුන් ගොඩනැගුව මනකල්පිත කලුකුහරයේ හැඩය 2019 දි ප්‍රථම වතාවට ජයාරුපයට ගැනනු කලු කුහරයට බොහොසෙයින් සමාන වුනා.

⛔ Dunkirk 2017 – ලොකයුද්ධයේ අමතක නොවන සිදුවිම් අඩංගු කරලා ඓතිහාසික සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය කලා.

⛔ Tenet 2020 – කාලය ආපස්සට ගමන්කරවිම සම්බන්ධ චිත්‍රපටිය . මේක තමයි මට සංකිර්ණම වුන චිත්‍රපටිය . පියවරින් පියවර කොහොම නැරඹුවත් සමහර තැන් වල චිත්‍රපටියේ හිතාගන්න බැරි තැන් මතුවුනා.

⛔ Opennheimer – 2023 නිකුත් වෙන්න තියෙන මේ චිත්‍රපටියට පාදක වෙන්නේ පරමානුක බොම්බය ගැනයි .

මුල් චිත්‍රපටිය Following 1998 . ඒවගේම පරනයි කියලා අතඅරින්න එපා memento , prestige වගේ චිත්‍රපටි. එහෙම වුනොත් අනිවාර්යයෙන්ම ඔයාලට හොදම චිත්‍රපට⁣ දෙකක් මිස්වෙයි.

කොහොම වුනත් මේ චිත්‍රපටි සියල්ලම විශේෂයෙන් අන්තිම චිත්‍රපට ටික හරියටම නැරඹිම වැදගත් වෙනවා. තත්පරයක් මිස් වුනොත් ඇති මුලු චිත්‍රපටියම අවුුල්ජාලයක් වෙන්න. හරියට Memento වගේ . ඒවගේම තමයි නොලන් බොස් හදපු Insomnia හැරුනම අනිත් චිත්‍රපට සියල්ලෙම කාලය ගලායන්නේ රේඛියව නොවිම. හරියට සිද්ධි ගොඩක් එකම රාමුවක පෙන්නලා දැන් තේරම් ගන්න කියනවා වගේ වැඩක් නොලන් බොසාගේ චිත්‍රපටි නැරඹිම.

Inception 2010 කතාව නිර්මාණය කිරිමට ගතවෙලා තිබුන කාලය අවුරුදු 10 කට ආසන්නයි. චිත්‍රපටියේ එක තත්පරයක් වුනත් ⁣ඔවුන් හොදට අධ්‍යනය කරලයි ගොඩනගලා තියෙන්නේ. ඒකයි අපි නැවත නැවත නොලන් බොසාගේ චිත්‍රපටියක් බලන හැමවිටම අලුත් අලුත් අපි නොදැක්ක දේවල් චිත්‍රපටිය තුලින් ලබාගන්න පුලුවන්. කොහොම වුනත් නොලන් බොසා කියන්නේ පට්ට පොරක්. හිතාගන්න බැරි තැනකන් චිත්‍රපටිය ආරම්බ කරලා තවත් හිතාගන්න බැරි තැනකින් චිත්‍රපටිය අවසන් කරනව. ඒ වගේම නොලන් බොසාගේ බොහොමයක් චිත්‍රපටි වල චිත්‍රපටිය ආරම්බ වෙන්නේ චිත්‍රපටියේ අවසාන රාමුවෙන්. චිත්‍රපටයේ ආරම්බය සහ අවසානය එකිනෙක සම්බන්ධ කරලයි තියෙන්නේ. Dunkirk චිත්‍රපටිය උදාහරණයට ගත්තොත් අවස්ථා තුනකන් චිත්‍රපටිය අපිට පෙන්නනවා. ගුවන් නියමුවා , පාබල සොල්දාදුව , බොට්ටුවක් පැදන් එන ලමයා සහ පියා .

නිවාඩුවක් තියෙන වෙලාවක බලලා තෙරුම් ගන්න පුලුවන් නම් ප්‍රෙක්ෂකට ඉතා ඉහල රසවින්දනයක් වගේම ලොකු දැනුමක් ලබාගන්න පුලුවන් චිත්‍රපටි ටිකක් තමයි නොලන් බොසාගේ චිත්‍රපටි ටික . Interstellar බලලා කිදෙනෙක් කලු කුහර ගැන හොයන්න ඇතිද? ඒ වගේ තමයි නොලන් බොසාගේ ඕනව චිත්‍රපටියකින් අපිට අලුත් දෙයක් නැත්නම් දැනුමට දෙයක් ගන්න පුලුවන්.

Memento වලින් හමුවෙමු.

තීක්ෂණ ලංකාර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *