Chhorii (2021) Hindi by Chandima Jayamini
ඔබත් මමත් ලෝකය අවබෝධ කරගනු ලබන්නේ අප විසින් අසන ලබන දකිනු ලබන සිදුවීම් මත පැවසීම වරදක් නොවේ. අපි යම් දෙයක් විශ්වාස කරන්නේ හෝ නොකරන්නේ හෝ එකිනෙකාගේ තර්ක බුද්ධියට අනුව යැයි පැවසීම ද අතිශයෝක්තියක් නොවේ.
සොබා දහම තුළ අපට දැනෙන ,වැටහෙන සිදුවීම් සේම අපිට වටහා ගත නොහැකි ,ස්පර්ශ කළ නොහැකි රහස් රැසක් සගවාගෙන ඇති, සැගවී ඇති තැනකි.කෙනෙකු ඒවා විශ්වාස කරන අතර තවත් කෙනෙක් ඒවා අවිශ්වාස කරයි.සොබා දහමේ සැගවී ඇති රහස් අපි පිළිගන්නේ හෝ නොපිළිගන්නේ අපි අත්දකින අත්දැකීම් අනුවය.එනිසා සොබා දහමේ සැගවී ඇති අද්භූත සිදුවීම් ,නොපෙන්න බලවේගයන් විශ්වාස කරන්න යැයි කිසිවෙකුට බල කළ නොහැකිය. එසේ නමුත් ඇතම්විට සොබා දහමේ විශ්මිත රහස් අපගේ තර්ක බුද්ධිය කුඩු පට්ටම් කර දමන්නට සමත් වන්නේය.
මම විශ්වවිද්යාලයයන් පිටවු මුල් කාලයේදී එක්තරා පුද්ගලික ආයතනයක සේවය කළෙමි.මේ එම ආයතනයේදී මුහුණ දුන් සත්ය අත්දැකීමකි.
එය කර්මාන්ත ශාලාවකි.එක්තරා දිනයක දි මහන මැශින් ක්රියාකරවන්නියක් අසාමාන්ය හැසිරීම් රටාවක් පෙන්නුම් කිරීමට පටන් ගත්තාය.ඇයව කිසිවෙකු විසින් මෙහෙයවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණ.ඇය පාලනය කිරීම ද අතිශය දුශ්කර විය.මහත් පරිශ්රමයක් දරා ඇයව එම ස්ථානයෙන් ඉවත් කරගනු ලැබීය.
එම අවස්ථාවේදී ඇය තුළින් දිස්වුයේ තරුණ පිරිමි අයෙකුගේ ස්වරූපයයි .ඈ හැද සිටි නිළ ඇඳුම බොත්තම් ගලවා නිළ ඇඳුම ඉවත් කිරීමට උතසහා කළේ පිරිමි අයෙකු කමිසයක් ගලවා ඉවත් කරන ආකාරයටය.එම අවස්ථාවේ දි ඇයගේ ගැහැණු කටහඩ පිරිමි කටහඩකට මාරු වී තිබුණි .මෙයා මා අත් දුටු සත්ය සිදුවීමකි.ඉන්පසු මට දැන ගන්නට ලැබුණේ හද කම්පා කරවන කතා පුවතකි.
පෙර කී තරුණියගේ මුවින් පිටවු පිරිමි කටහඩ හිමි තරුණයා සති කීපයකට ඉහත දි වස පානය කර සිය දිවි හානිකරගෙන තිබුණි .බොහෝ දෙනෙක් සිතුවේ එලෙස අකාලයේ සිය දිවි හානි කරගත් හෙයින් එම තරුණයාගේ ආත්මය එලෙස සැරි සරණ බවය.එසේ වුවත් ඔහුට අවශ්යව තිබුණේ රහසක් හෙලි කිරීමටය.සැබෑවටම.ඔහු වස පානය කර නොතිබුණි.පවුලේ ඉඩම් ,දේපළ පිළිබඳ ඇතිවු ගැටුමක දි තවත් පුද්ගලයන් තිදෙනකු විසින් ඔහුගේ මුවට වසවත්කොට තිබුණි.ඒ හේතුවෙන් ඔහුට මරු තුරුලට යාමට සිදු වී තිබිණි.ඔහු පෙර කී තරුණිය යොදා ගනිමින් ඒ රහස හෙලි කර තිබුණි .
අද උදෑසනම මම මේ චිත්රපටය නැරඹුවේමි.එය ඉතා ඉහළ මට්ටමේ චිත්රපටය ක් යැයි මා කියන්නේ ද නැත. එහෙත් චිත්රපටය මගේ සිත අතීතයට රැගෙන යාමට නම් සමත් වු බව කිව යුතුමය.