Cherry Blossom (2021) by Luckshman Aranvala
ආකර්ෂණීය කෙටි චිත්‍රපට කලාවක නවමු සලකුණ Primi Digi නවතම නිෂ්පාදනය තමයි මේ. Moment සහ Exit Bag දෙකම අධ්‍යක්ෂණය කරපු Jo Dissanayake තමයි මේකත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. කලින් නිර්මාණ දෙකේම අපි දැක්කේ එකිනෙකට වෙනස් වූ ගැටළුකාරී වාතාවරණයන්ට මුහුණ දුන් කපල් දෙකක්. මේකත් ජීවිතේ ආපහු හැරෙන්නට බැරි හෝ හැරිය යුතු සංධිස්ථානයක හිරවෙලා ඉන්න කපල් එකක කතාවක්. විනාඩි 15 ක් වගෙ පොඩි කාලෙකදි අවුරුදු ගාණක මතක ගොඩක් පිරුණු සබඳතාවයක් සහ බොහෝ විට ඒ සබඳතාවයට තාවකාලිකව හෝ සදාකාලිකව තිතක් (කොමාවක්) තැබෙන අවස්ථාවක්.
“සකුරා මල
දුටු දා නුඹ
පැතුවා නුඹ හිමි වේවා කියා
බියයි මට නුඹ පරව ගියොත් කියා”
පද පේළි හතරක රැඳුණු කප්පරක් බලාපොරොත්තු එදා එක නිමේෂයකින් සුන් කරගත්ත තරුණයෙක්. පද පේළි හතරක අරුත එදා ගලපගන්නට නොහැකිව මෙදා පසුතැවෙන තරුණියක්. මේක සමහරවිට කාගෙ කාගෙත් ජීවිත වල රැඳුණ හරිම නොස්ටැල්ජියා අත්දැකීමක්. දෙන්නගෙ කතා බහෙන්ම තේරෙනවා දෙන්නා දෙන්නට කොච්චර සමීපයිද කියලත්. ඔය සමීප බව වැඩි වුණාමත් ඒක ප්‍රේමණීය සබඳතාවයකට පෙරළගන්න අමාරුයිනේ. තමන්ට කොච්චර ළඟින් හිටියත් අනෙකාගෙන් මේක අහන්න බයයි. අහපු ගමන් තියෙන බැඳීමත් නැතිවෙයිද කියන සැකය නිසයි. නව යොවුන් වියකදී හටගන්නා ක්‍රෂ් අවධියක තියෙන හරිම සුන්දරතම අවස්ථාවත් මේකමයි. ඒ කාලෙදි, ඒ කියන්නෙ අර ගලපගන්න බැරි පද පේළි හතර ලියපු කාලෙදි දෙන්නා අතරෙ තිබුණ කෙළිලොල් බැඳීමක අපූර්වත්වය වර්තමානයේදී මේ දෙන්නගෙ හැසිරීමෙන් හිතාගන්නට හැකියි.
Moment ලියපු හෙසඳ කෞශල්‍ය ම තමයි මේකත් ලියල තියෙන්නෙ. පැහැදිලිවම improvement එකක් කියල කියන්න පුළුවන්. Moment තුළ දැකපු කපල් එක හිටියේ අර්බුදකාරී වාතාවරණයක. එතනදි දෙන්න අතර ගොඩනැගුණ සංවාදය යම් තරමක වචන තෝරා බේරා ගෙන සිදු කරන්නට ඕන එකක්. එතනට වඩා නිදහස් සරල කැෂුවල් කතා බහක් මේ කපල් එක වෙනුවෙන් ලියවිලා තියෙනවා. මේ වගේ වාතාවරණයක හිරවෙලා ඉන්න කෙනෙක් මේක බැලුවොත් එහෙම ඉතින් තදටම දැනෙන්න ඉඩ තියෙනවා. අවුරුදු ගාණක් එකට ඉඳල වෙන්වෙනව වගේම තමා ප්‍රේමයක් හිරකරගෙන අවුරුදු ගාණක් එකට ඉන්නකොට මුහුණ දෙන්නට සිදුවන අසීරුම අවස්ථාවක්නෙ ඕක. මේ ඉදිරිපත් කරල තියෙන්නෙ වර්තමානය ගැනම විතරක් වුණාට දෙන්නගෙ මුලු අතීතයත් අවිනිශ්චිත අනාගතයත් ගැන හැඟීමක් ඇති කරගන්න පුළුවන්. යොවුන් රචකයාගෙ වයසත් එක්ක මේ කරන වැඩ වලින් එයාගෙ අනාගතය ගැනත් ඒ එක්කම හිතාගන්න පුළුවන්.
අවසාන වශයෙන් පෞද්ගලිකව මම මේක බලන්න උනන්දු වෙන්නේ අධ්‍යක්ෂකවරයා හෝ රචකයා හෝ නිෂ්පාදන කණ්ඩායම නිසා නම් නෙමේ. ඒ රොෂෙල් නිසා. මේ වෙනකොට එයාව නොදන්න කෙනෙක් නැතුව ඇති. නමුත් එයාව දන්නෙ නම් එකම රාමුවකින් විතරක් වෙන්නැති. එතනින් එහාට යන්නම ඕන සහ ක්ෂේත්‍රයට අවශ්‍යම කරන හැඩතල තියෙන අලුත් මුහුණු වලට මම කොහොමත් කැමතියි. රොෂෙල් කියන්නෙ එහෙම කෙනෙක්. රංගන ශිල්පියා ව නම් මට හමුවෙන්නෙ පළමු වතාවටයි. වැඩේට හොඳටම ගැලපෙන සහායක් එයාගෙන් ලැබිල තියෙනවා. ඒ තෝරාගැනීම සාර්ථකයි. Prime Digi කෙටි වැඩ වලින් දැකපු කපල් ත්‍රිත්වයෙන්ම මේ ගලපාගැනීම තිතටම කරල තිබ්බා. මූඩ් එකට අවශ්‍ය කරන පසුබිම් සංගීතයත් නිවැරදිව සංයෝජනය කරල තිබ්බා. ඒ නිසා මේකත් බලන්න මරු වැඩක්.
‘Cherry Blossom’ බලන්න මෙතනින්:
****************************************************
Producer – Prime Digi
Director – Jo Dissanayake
Cast – Roshel Nethmi , Kumuditha Gunawardena
Writter – Hesanda Kaushlya
Music – Salindu Hettiarachchi (phazu)
Edit And Colour – Akila Shamendra
Makeup – Janith Lakshan
Ad – Denis FD