Chathur Mukham (2021) Malayalam
Malayalam|Techno Horror| Manju Warrier| Sunny Wayen
84% liked this film Google users
ස්මාට් දුරකථනය අද වෙද්දි මිනිසාගේ හොඳම මිතුරා/සහකරුවා බවට පත් වෙලා අවසන්. උදෑසන නින්දෙන් ඇහැරුණු තැන ඉඳලා යලිත් රාත්‍රියේ නින්දට යන තුරුම අපි වැඩි දෙනෙක් ජීවිතය ගෙවන්නේ මේ ස්මාට් ෆෝන් එකක් සමගයි.
තේජස්විනී සාමාන්‍යයෙන් උදේ ඇහැ ඇරුණ තැන ඉඳලා ආපහු නින්දට යනකන් තමන්ගේ දින චර්යාව සෙල්ෆි විදියට සමාජ මාධ්‍යයට අප්ලෝඩ් කරන කෙනෙක්. එයා ගෙ ස්මාට් ෆෝන් එක බිම වැටිලා කැඩෙනවා. අලුතින් ෆෝන් එකක් ගන්න හොයමින් ඉද්දි ඔන්ලයින් ශොප් එකක රුපියල් පහලොස්දාහක ෆෝන් එකක් හාරදාස් පන්සීයට විකුණනවා දැකලා ඇය ඒක ගන්න තීරණය කරනවා. එතනින් පස්සේ සිදුවෙන සිදුවීම් සමුදායක් තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ.



ඊට පස්සේ තේජස්විනී අලුත් දුරකථනය මිලදී ගන්න තීරණය කරන වෙලාව සහ එය courier service එකේ ඇවිල්ලා ඇය ඒ පාර්සලය ගන්න යන්න හදන වෙලාව කියන අවස්ථාවන් දෙකේදිම මේ ෆෝන් එක නිසා හොඳක් වෙන්නේ නෑ/ඒක අසුබයි වගේ ඉදිරියට සිද්ද වෙන්න යන දේවල් ගැන ඉඟි පළකිරීම් කරලා තියනවා. ඒක නිසා බලන අයට ආරම්භයේදිම චිත්‍රපටියේ සිද්ද වෙන්නේ මොකක් වුනත් ඒක වෙන්නේ මේ ෆෝන් එක නිසා කියලා යම් අදහසක් ඇති කරගන්න පුලුවන්. සමහර කෙනෙක්ට ඒ නිසා කතාවෙ කුතුහලය අඩු වුනා වගේ දැනෙනත් ඉඩ තියනවා; මටත් එහෙම දැනුනා ඇත්තටම. නමුත් ඒක චිත්‍රපටිය බලන්න ලොකු බාධාවක් නෑ.
ඇත්තටම මේ චිත්‍රපටියේ Story එක ගොඩනගන්න භාවිතා කරපු විද්‍යාත්මක සංකල්ප නම් දකුණු ඉන්දියානු සිනමා රසිකයින් වශයෙන් අපිට නුපුරුදු දෙයක් නෙවෙයි. සුපර්ස්ටාර් රජිණිකාන්ත්ගෙ 2.0 දමිළ චිත්‍රපටිය සඳහා යූස් වුන කන්සෙප්ට් එකම තමයි.
යම් අරමුණක් වෙනුවෙන්, එම අරමුණ දැඩිව මනසේ ග්‍රහණයට කරගෙන ඒ අරමුණ වෙනුවෙන්ම ජීවිතය නැති වුන පුද්ගලයෙකුගේ ආත්මය, නැත්තන් ඔහු තුළ පැවතුන negative energy එක මරණයෙන් පස්සේ ක්‍රියාත්මක වෙන ස්වරූපය පදනම් කරගෙන තමයි චතුර් මුඛම් චිත්‍රපටියේ කතාව ගොඩ නගලා තියෙන්නේ. නමුත් මෙය 2.0 තරම් ඒ පිළිබඳව ගැඹුුරු විග්රහයකට යන ෆිල්ම් එකක් නෙවෙයි.
චතුර් මුඛම් චිත්‍රපටිය තුළ කුතුහලය සෑහෙන මට්ටමකින් පවත්වගෙන යෑමට අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියනවා. එච්චරම Predictable නැහැ. Screenplay එකේ තියන අඩුපාඩු නිසා සමහර වෙලාවට ෆිල්ම් එක ට්‍රැක් එකෙන් පනිනවා.
මේකෙ Cinematography පිළිබඳව තනි වචනෙන් කිව්වොත් ‘විශිෂ්ඨ’. වැඩේ ගැන ලොකු අවබෝධයක් cinematographer ට තිබිලා තියනවා. ඒ වගේම ආලෝකරණයත් සෑහෙන්න ඉහළ මට්ටමකින්,මෙවැනි චිත්‍රපටියකට ඉතාම උචිත විදියට කරලා තියනවා. චතුර් මුඛම් හි වඩාත්ම ධනාත්මක ලක්ෂණ දෙක විදියට මම දකින්නේත් මේ කාරණා දෙක තමයි. එසේම මෙහි VFX නිර්මාණ ශිල්පීන් වත් අගය කළ යුතුයි.
මෙය බලද්දි මට දැනුන දෙයක් තමයි මේකෙ පෙන්නුම් කරන ඒ නෙගටිව් එනර්ජි එකේ බලපුළුවන්කාරකම් වෙනුවෙන් අනවශ්‍ය විදියට කාලය වැය කරලා තියනවා. ඒකෙන් වෙන්නේ ෆිල්ම් එකේ Climax එකට එද්දි අර නෙගටිව් එනර්ජි එක ගැන තියන උද්යෝගය අඩු වෙලා යනවා. මේ මෑත කාලේ ආපු ගොඩක් චිත්‍රපටි වල දකින්න තිබුන දෙයක් තමයි චිත්‍රපටියේ එන්ඩ් එකෙන් ෆිල්ම් එක තුළ බිල්ඩ්අප් කරගෙන ආපු ගැම්ම සම්පූර්ණයෙන්ම නැතිකර ගැනීම. චතුර් මුඛම් එකටත් ඒ ෆැක්ට් එකෙන් ගැලවෙන්න බැරි වෙලා තියනවා. ඒකට හේතුව විදියට මම දකින්නේත් අර නෙගටිව් එනර්ජි එක අනවශ්‍ය විදියට හයිප් කිරීම.
‘Horror’ කියලා කිව්වට මොකද ඇත්තටම මේකෙ horror ගතිය නම් පොඩ්ඩක් මදි. සමහර අවස්ථාවන් වලදි භාවිතා කරලා තියන Horror elements එච්චරම සාර්ථක නැහැ වගේම ඒවයින් එන horror feeling එකත් මදි. ඒකටක් හේතුව කලින් කියපු එකම තමයි ‘නෙගටිව් එනර්ජි එක අනවශ්‍ය ලෙස හයිප් කිරීම’. අතිරස වුනත් කාගෙන කාගෙන යද්දි තිත්ත වෙනවනෙ.
කොහොම නමුත් මේක පළවෙනි මලයාලම් Techno Horror චිත්‍රපටිය බවට පත් වෙනවා. ඒ කියන්නේ ගොඩක් දුරට මෙය experiment එකක් විදියට කරපු ෆිල්ම් එකක්. Experiment එක නම් 80% විතර සාර්ථකයි. අනාගතයේ එන techno horror චිත්‍රපටි නිර්මාණකරුවන් චතුර් මුඛම් චිත්‍රපටි මොඩලයක් ලෙස භාවිතා කරමින් ඇඩ්වාන්ස් මට්ටමේ චිත්‍රපටි හදයි කියලා සුබවාදී ලෙස බලාපොරොත්තු වෙන්න පුලුවන්.
රඟපෑම ගැන කිව්වොත් මංජු වාරියර් ගේ රංගනය සෑහෙන්න හොඳයි; විශේෂයෙන්ම ඇයගේ face expressions. මංජු දැන් දැන් බොහොම කල්පනාවෙන් තමන්ට හොඳටම කරන්න පුලුවන් චරිත තෝරගන්න බවක් තමයි පේන්න තියෙන්නේ. ඇයගෙ මෑත කාලයේ චිත්‍රපටි දිහා බැලුවම ඒ කිසිම චිත්‍රපටියක ඇය කරන චරිතය නිසා ප්‍රේක්ෂකයා disappoint වෙන්නේ නැහැ
ඒ ඇරෙන්න අනිත් සපෝටින් කැරැක්ටර්ස් කරපු නළු නිළියන්ගේ රඟපෑම ගැන නම් සෑහීමකට පත් වෙන්න අමාරුයි. ඔවුන්ගෙ හැකියාවට ගැලපෙන විදියට ඒ චරිත ගොඩනැගිලා නැහැ. මංජු ට වුනත් එහෙම තමයි, මං හිතන්නේ ඇයට මේකෙ රඟපෑම බොහොම සිම්පල් දෙයක් විදියට දැනෙන් ඇති.
සමස්තයක් විදියට ගත්තොත් චතුර් මුඛම් කියන්නේ Watchable ෆිල්ම් එකක්.
බැලුවට පාඩු නෑ වගේම ඒකට වැය කරන කාලය අපරාදෙ වෙන්නෙත් නෑ. එසේම මේ චිත්‍රපටි තුළින් ලබා දෙන පණිවිඩයත් ජංගම දුරකථනය ජීවිතය කරගත් තරුණ පරපුරට වැදගත් වෙයි කියලා හිතනවා.
Release date: April 2021 (United Arab Emirates)
Produced by: Jiss Toms; Justin Thomas; Manju Warrier
Budget: ₹5.5 crore
Hi it’s me, I am also visiting this site regularly, this web site is in fact pleasant and the people are truly sharing good thoughts.