Chadwick Boseman American Actor
විරයෙකුගේ නික්ම යාම?
චැඩ්වික් ආරොන් බෝස්මන්
Avengers කතාමාලාවේ Black panther චරිතයට පණ පෙවු නලුවා විය.
කීර්තිමත් සම්මාන රැසක් ඔහු අත්කරගත්තේය. ඇකඩමි සම්මාන / හොදම නලුවා සම්මාන ඒ අතර විය .
2016 දී බොස්මන් බඩවැලේ පිළිකාවක් ඇති බව හඳුනා ගන්නා ලදී.
ඔහු 2020 දී අසනීපයෙන් මිය යන තුරුම ඔහුගේ සෞඛ්‍යය රහසිගතව තබා ගත් අතර *දිගටම ක්‍රියා කරමින් පිළිකා පුණ්‍යායතන සඳහා පුළුල් ලෙස ආධාර කළේතීක්ෂණ ලංකාරය*.
බොස්මන් 2016 දී lll මහා බඩවැලේ පිළිකාවක් ඇති බව හඳුනා ගත් අතර අවසානයේ එය 2020 ට පෙර 4 වන අදියර දක්වා වර්ධනය විය. ඔහුගේ පිළිකා රෝග විනිශ්චය ගැන ඔහු කිසි විටෙකත් ප්‍රසිද්ධියේ කතා නොකලේය.
ඉතින් ඔහු 2020 අගොස්තු 28 වන දින මියගියේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 43 කි.
ඔහු මේ ළමයින් මෙන් රණ්ඩු වන අතර ඔහු ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කළේය. ඔවුන් සිනාසීමට කාලය වෙන් කළා.
. මෙම දරුවන් විසින් ඔහුව කිසිදා අමතක නොකරනු ඇත.
එක්වරක් පැවත්වූ සිනමා උළෙලකදී මාධ්‍යවේදිනියක් Chadwick Boseman ගෙන් අහනවා “Black Panther දෙවන සිනමාපටය ගැන මොනාහරි කියන්න” කියලා. එතකොට චැඩ්වික් කියනවා.. “මම මැරෙනවා” කියලා.. මාධ්‍යවේදිනිය ඊට පස්සෙ හිනාවෙලා කියනවා “නෑ අපි තාම චැඩ්වික්ගේ මරණයට සූදානම් නෑ” කියලා.. ඒකට පිලිතුරු වශයෙන් චැඩ්වික් සිනාමුසු මුහුණෙන් කියනවා “ඒත් ඇත්තටම, මම මැරෙනවා” කියලා. මෙතනදි ඔහු අදහස් කලේ තමන්ගේ මරණය ගැනමයි කියලා දැන් අපි දන්නවා.. මොකද ඔහු දැනගෙන හිටියා එයාට දෙවනි බ්ලැක් පැන්තර් ෆිල්ම් එක කරන්න වෙන්නෙ නෑ කියලා. මොකද චැඩ්වික් තමන් එතකොට මැරෙනවා කියලා දන්නවා. ඒ වෙලාවෙ එතන අය සිනාවෙලා ඒක විහිළුවක් සේ හිතුවත් අද ඔවුන් හදවතින්ම දුක් වෙනවා ඇති.
” අනිවා චැඩ්වික් කියන්නේ නලුවෙකුට වඩා කෙනෙක්. ඔහුගේ පිලිකාව ගැන ඔහු දැනුවත් වුනා. නමුත් ඔහු දිගටම පිලිකා වලින් අසරණ වුන ලමයින්ට ආධාර කලා. කොහොම පුද්ගලයෙකුද ඔහු!! තමන්ට පිලිකාවක් ඇති බව දැන දැනත් පිලිකා වලින් පිඩා විදින ලමුන්ට / මිනිස්සුන්ට ඔහු ලොකු පන්නරයක් වුනා. ඔහු ළමා පිලිකා රොහලක ලමයිගේ මානසික සෞඛය වෙනුවෙන් පෙනිසිටියා.”
” ඔහුගේ මුවගේ නැගෙන අව්‍යාජ සිනහව අදටත් මගේ ඇස් වලට කදුලු ගේනවා. ඔබ ඔහුගේ අවසාන කාලයේ Photo එකක් දුටුවහොත් ඔබගේ ඇසුත් කදුලින් තෙමේවි. Chadwick ගේ අවසාන කාලයේ ඔහුගේ ශරිරය හොදටම දුර්වල වී තිබුනා.
අදටත් ඔහු මම ආදරය කරන චිත්‍රපට නලු/ නිලියන් අතරින් ඉහලින්ම සිටින කෙනෙක්. ඒ ඔහු නලුවෙක් නිසාම නෙවෙයි. ඔහුගේ තිබුනු නිහතමානි සහ අව්‍යාජ ස්වාභාවය නිසා.
Chadwick Boseman කියන්නේ මියයන්න ඕන පුද්ගලයෙකු නෙමෙයි. අනිවාර්යයෙන් ඔහු සැමටම ශ්‍රේෂ්ඨතම චරිතයක් වුනා. ඔහු මේ සමාජයට ලොකු ආදර්ශයක් වුනා. ඔහුගේ චරිතය සහ නාමය සදා අමරණියයි. “
Our King___Rest In peace . #Wakanda Forever