CERTIFIED COPY (2010) | Sinhala Article

CERTIFIED COPY (2010) by Ashini Randini

83% liked this film Google users

? Spoiler Alert ?

ෆැන්ටසියත් යතාර්තයත් අතර කාල්පනික ලොකයක් අස්සට ප්රේක්ශකයාව ඔබ්බවල තියන්න වෙර දරන සිනමාකරුවෙකුගෙ කාර්ය භාරය විවිධාකාරයේ සුවිශේශී අවස්තා ගොඩනගන ගමන් චිත්රපටය නරඹන මනුස්සයින්ගෙ හැඟීම් ඇවිස්සීමක්ම නෙමෙයි . සරල සුගම ආරකට පෙනෙන නොපෙනෙන ගැඹුරු යතාර්තය ඉදිරිපත් කරල තමන්ගෙ වගේම අනික් මනුස්ස ප්රාණීන්ගේත් ජීවිත හැසිරීම් රටා ගැන හිතන්න වගේම ඒවා පිලිගන්න පොලඹවන එක සිනමාකරුවෙකුගේ නිවැරදිම කාර්යභාරය විදියට හඳුන්වන්න පුලුවන් ❤️

අබ්බාස් කියොරොස්තාමි කියන්නෙ මට අනුව ඒ කර්තව්යය සාර්තකවම ඉශ්ට කරපු අපූරු සිනමාකරුවෙක් . ❤️

මේ හෝරාවයි මිනිත්තු හතලිස් තුනේ කතන්දරේ හරියට නිකන් විවිධ එලවලු මුහු වෙලා හැදුනු සුප් බඳුනක් වගේ . අපිට තරමක් අමුතු කතාවකට ආරාධනාවක් කරල සුප් බඳුනේ නිගමනයකට එන්න බැරි විවිධ රසයන් අතරෙ අතරමං කරල අපි දකින දේ අපිට පෙනෙන ඇහෙන දේ විශ්වාස කරල අපිට කැමති දේ තීරණය කරන්න නිගමනය කරන්න දෙනව .

මම හිතන්නෙ මේ සලරුවේ ප්රධානම අරමුනත් ඒක . සහෘදයාව මායාවකට අහු කරල ඒ මායාවෙ පටලගන්න ගමන් කැමති දෙයක් තීරනය කරන්න ඉඩ හැරපු අමුතුම කතන්දරයක් විදියටයි මම මේ කතන්දරේ දකින්නෙ . ❤️

ඉතාලි පුරවරයේ ජේම්ස් මිලර් කියන කලා ඉතිහාසඥයාගේ දේශනයකට සොඳුරු සුන්දර කාන්තාවක් සහභාගි වෙනවා.

මේ කාන්තාවගෙ නමක් අපිට හරියටම කියන්නෙ නෑ . ඉතින් අපි එතුමියව ඇය කියල හඳුන්වමු . ඇයත් හරියට මොනාලිසා වගේ සොඳුරු ඒත් පිටතට හැඟීම් නොපෙන්වන තේරුම් ගන්න අපහසු රහස් ප්රහේලිකාවක් . ඇයට උවමනා වෙනව ජේම්ස්ව මුනගැහෙන්න, වාද කරන්න . ඒකට හේතුව තමා මුල් කෘතියයි පිටපතයි අතර කිසිම වෙනසක් හරියාකාරව නෑ සත්යතාවය අදාල වෙන්නෙ නෑ කලාවකට , කලාවකදි මුල් කෘතියත් පිටපතක් නැත්නම් කොපියක් විදියටයි හැඳින්වෙන්නෙ කියල ජේම්ස් එයාගෙ පොත ඇතුලෙන් ගොඩනගපු තර්කය. ❤️

මොවුන් දෙදෙනා ඇත්තටම කාලාන්තරයක ඉඳන් දන්න හඳුනන දෙපලක්ද ? විවාහක යුවලක්ද ? අද හඳුනගන්න යුවලක්ද කියන එක සහසුද්දෙන්ම හෙලි නොකලත් අපට වැදගත් වෙන්නෙ සිනමාපටය ඇතුලෙන් මතු කරන්න උත්සාහ කරපු සිද්ධි මතාන්තර .

කතන්දරයේ ජීවත් වෙන ඇය හරිම පුදුම මහිලාවක් . හරියට සුමිත්රා රාහුබද්ධ මහත්මියගෙ කන්දක් සේමා කෘතියෙ පිටු අතර හිටපු නූපායි සෝරා සානුයි වගේ . සෝරා සාන් එක තැනක හරි අපූරු දෙයක් කියනව .❤️

” ඉතිහාසයේ පැල්ලමක් හොයාගන්න බැරි පිරිමියෙක් හොයාගන්න හරි අමාරුයි නූපා සන්. ගෑනියෙක්ට සංස්කෘතිය අදාල උනාට පිරිමියෙක්ට සංස්කෘතිය අදාල වෙන්නෙ නෑ “

ඒ වගේම ඒ පොතේ තවත් දෙයක් තියෙනව . ❤️

” බෝනික්කො හදල තියෙන්නෙම ගෑනු වගේ උනාට ගෑනු බෝනික්කො නෙමෙයි “

මේක සමාජයේ බොහොම කාලයකට කලින් තිබුනු වැරදි ඇදහීමක් . ගෑනු ඉන්නෝනෙ බොහොම සුන්දරව බෝනික්කො වගේ . ගෑනු පිරිමින්ව තේරුම් ගන්නෝනෙ . පිරිමි තේරුන් ගන්නෝනෙ නෑ .පිරිමි කිසිම දෙයක් මතක තියාගන්න ඕනෙත් නෑ . පිරිමියෙකුගෙ වගකීම පවුලක් රකින්න කාසි පොදි ගහන එක .ගෑනියෙක් ඒ හැමදේම දරාගන්නෝනෙ ඉවසන්නෝනෙ උහුලන්නෝනෙ . මේ කතන්දරේ හිටපු ඇයටත් ඒක හරිම කුතුහලය දනවන ප්රහේලිකාවක් . ඇයි ගැහැනියක් විතරක්ම ඒ දේවල් කරන්නෝනෙ ? පිරිමින්ට බැරිද ගෑනියෙක්ව තේරුන් ගන්න ?

? මම මේ අවන්හලේ ගොඩක් කාලෙක ඉඳන් වැඩ කරන්නෙ . අර එලියෙ ඉන්න ඔයාගෙ මහත්තය හොඳ කෙනෙක් වගේ පේන්නෙ

? ඔයා කොහොමද එහෙම කියන්නෙ ? පිරිමියෙක් එක පාරින්ම හොඳයි කියනවද ?

? එයාට වැඩ ඇති . පිරිමියෙක්ට රස්සාව ගොඩක් වටිනව.

? එතකොට පිරිමියෙක්ට ගෑනියෙක් වටින්නෙ නැද්ද ? මම කසාද බැන්දෙ තනියෙන් ඉන්න නෙමෙයි . මට පිරිමියෙක් එක්ක එකට ජීවත් වෙලා හැමදේම බෙදාගන්නෝනෙ නිසා.

? ඒක ඔයා තේරුන් ගන්නෝනෙ . ඔයා ඒ හැමදේම සමබරව තියාගන්නෝනෙ . පිරිමියෙක්ට ඒ හැමදෙයක්ම කරන්න බෑ .

? මොකක්ද මේ පිරිමියෙක්ට හැමදේම කරන්න බෑ කියන්නෙ . ඇයි ගෑනු විතරයි ද ඒව කරන්නෝනෙ ?

ඒ ප්රශ්න වලට අවන්හලේ වයස්ගත සේවිකාව ගාව උත්තර තිබුනෙ නෑ .

ඒත් ඇත්තටම ගැහැනියකට ඕනෙ ආදරයක් එක්ක මුහු උනු ආරක්ශාවක් . පිරිමියෙක් පුංචි ඉඟියක් දුන්න නම් අඩුම තරමින් ඕනෙම දුකකදි ඉන්නව කියලවත් ඉඟි කලා නම් ගැහැනියකට ඒ සැනසීම මුලු ජීවිත කාලෙටම ඇති . ඒ කතාව ජේම්ස්ට නොවැටහුනාට පිලිමයක් බලන්න ආපු වියපත් යුවලගෙන් ඒ වයස්ගත මහත්තයට ඒක අපූරුවට තේරුනා .

? මට හිතෙන්නෙ ඔයා එක්ක ඉන්න ඒ ඔයාගෙ කාන්තාවට ඕනෙ වෙලා තියෙන්නෙ අස්වැසුමක් . එයාගෙ උරහිසට යන්තම් අත තියල පොඩි උනුහුමක් එක්ක රැකවරණයක ඇබිත්තන් ඉඟියක් දෙන්න. එයාට ඉඟි කරන්න ඔයා එයා එක්ක ඉන්නව කියල . ඇයට ඒක විතරක් ඇති වෙයි…

ඒ මොහොතෙවත් ඒක තේරුන් නොගත්තු පිරිමියෙක් එක්ක ඒ පිරිමියාට ආදරේ හඟවන්න උත්සාහ කරන වනිතාවක් .

සමහරවිට අධ්යක්ශවරයාට උවමනා වෙලා තිබෙන්න ඇත්තේ , අර කලින් සඳහන් කරපු මුල් කෘතියයි පිටපතයි අතර වෙනසක් නෑ කියල කියන්න වෙන්න ඇති . ඇය ඇත්තටම බිරිඳ නොවෙන්නත් ඇති . ඔහු ඇත්තටම සැමියා නොවෙන්නත් ඇති . ඒත් සැබෑ බැඳීමක් ඕනෙම මොහොතක හට ගන්න පුලුවන් . ඒකට කලින් ඉඳම්ම දැන හැඳුනුම්කමක් තියෙන්න උවමනාම නෑ ..

? ඔයාට මතකද අවුරුදු පහලවකට කලින් අපි අපේ මංගල රාත්රිය ගත කරපු හෝටලේ

? නෑ මට මතක නෑ.

? ඔයා මගෙ ලිප්ස්ටික් එක වෙනස් උනා කියල දැක්කෙත් නෑ . මම කරාබු දෙක මාරු කලා කියල දැක්කෙත් නෑ . ඔයා මම දිහා බැලුවෙ නෑ . ඔයාට මගෙ වෙනසක් දැනෙන්නෙ නෑ. ඒත් මට ඔයාගෙ පර්ෆියුම් එක වෙනස් උනාමත් දැනෙනව .

ඇය එතනදි වැදගත් දෙයක් දනවනවා .

? අපි ඒ කාලෙ අපේ දුර්වලතා අඳුනගෙන ඒ දේවල් කතා කරන්න අවබෝධ කරගන්න අපි අපිට යම් කාලයක් වෙන් කරගත්ත නම් අපි අවුරුදු පහලවක් අපෙන් ඈත් වෙලා ඉන්නෙ නෑ . එහෙනම් අද අපිට ලස්සන විවාහ සංවත්සරයක් තියේවි .

ඔව් ඒක හරියටම නිවැරදී . සමහර මොහොතවල් වලදී අපිට අපේ දුර්වලකම් අඩුපාඩුකම් අවබෝධ වෙන්නෙ කාලයක් ගිහින් අපි ඒ දෙයින් විඳෙව්වටත් පස්සෙ . ඒ වැරැද්ද කරන මොහොතෙදි පස්සෙ ඇති වන පසුතැවීම හිතන්නෙ නෑ. අපිට උවමනා වෙන්නෙ ඒ මොහොතට සහනයක් විතරයි . ඒත් මුලු ජීවිත කාලයක්ම විඳවන තුවාල වල පෑරිලි වේදනාව දැනෙන්නෙ කාලයක් ගත වෙලා . ❤️

ඉතින් ඇය කිව්ව වගේ හැම යුවලක්ම හැම පවුලක්ම කොටින්ම කිව්වොත් හැම මනුස්සයෙක්ම තමන්ගෙ දුර්වලකම් අඩුපාඩුකම් වටහා ගත්තා නම් පසුතැවීම් වේදනා පෑරිම් අඩු වේවි. ❤️

සමහරවිට මේ ඇය තමන්ගේ ආදරණීය සැමියා එහෙමත් නැත්තම් තමන්ගෙ ආදරණීය දරුවාගෙ ලෙහි අයිතිකාරයාව ජේම්ස් තුලින් දකින්න උත්සාහ කරන්නත් ඇති . සැමියාව ඔහු තුලින් දකින්නත් ඇති ඇයට සැමියාට වසර පහලවක් තිස්සෙ කියාගන්න බැරි වුනු දේ ඔහුට කියන්න උත්සාහ දරන්නත් ඇති . ඔහුව සැමියා විදියට පිලිගන්න, පහලොස් අවුරුද්දක් අහිමි උනු පිරිමි ස්පර්ශය පිරිමි පුසුඹ රැකවරණය ආයෙමත් විඳින්න ඒ ගෑනු හිත ඇත්තටම ලෝභකම් කරන්නත් ඇති . තේරීම ආදරණීය ඔබ සතුයි .❤️

මුල් කෘතිය වගේම තමයි හැම පිටපතක්ම එයට ආවේනිකයි . හරියටම බැලුවම පිටපතකටත් පුලුවන් මුල් කෘතිය වෙන්න . එහෙම හිතල බැලුවාම මුල් කෘතියත් කාගෙහරි ජීවිතයක පිටපතක් . ❤️

මේ පිටපත් පැටලුම ඔබට කැමති විදියකට ලෙහාගන්න පුලුවන් . ඇයගෙයි ඔහුගෙයි බැඳීම කැමති විදියකට තේරුන් බේරුන් කරන්න පුලුවන් . වඩාත් වැදගත් වෙන්නෙ සිනමාකරුවා මතු කරන්න තැත් දරපු දේ ..

ඉතින් ආයෙමත් කියන්නම් ,

අපි අපේ දුර්වලකම් කල් තියාම අවබෝධ කරගත්තා නම් අනාගතයේ හිත් වේදනා අල්ප වේවි . ❤️

Certified Copy Official Trailer #1 – (2010) HD

අශිනි රන්දිනි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *