Calls (2021) Tamil | Sinhala Article

Calls (2021) Tamil

91% liked this film Google users

“අපි හිතන විදියට,අපි පතන විදියට අපේ ජීවිත තියෙනවද?”

කියලා කවුරැහරි ඔයාගෙන් ඇහුවොත් ඔයා දෙන උත්තරේ මොකක් වෙයිද??

බොහෝ දුරට නම් “නෑ” කියන උත්තරේ තමයි ලැබෙන්නේ..

නමුත් ඉන් එහාට ගිහින් ඇයි එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා ඇහුවොතින්නම් හේතු දාහකට වඩා හේතුනම් ලැබේවි…

“අපි හැමෝත් එක්කම ආදරෙන් ඉන්න ඕනි..නමුත් කාවවත් විස්වාස කරන්න තරම් මෝඩ වෙන්න හොද නැහැ.”

“අපි හැමෝම දවසක මේ හැමදේම දාලා යනවා..බඩු වලට වගේම මනුස්සයාටත් කල් ඉකුත් වීමේ දිනයක් තියෙනවා. හැම මනුස්සයාම ඉපදෙද්දි ඒ දිනය අරගෙනම තමා මේ ලෝකෙට එන්නේ”

“ඔයා ශක්තිමත් නම් කවුරැවත් ඔයා ලගට බලෙන් එන්නේ නෑ.ඔයා ඒ කෙනාට කොච්චර ඉඩක් දෙනවද ඒ අනුව තමයි කෙනෙක් ඔයා ලඟට එන ප්‍රමාණය තීරණය වෙන්නේ.ඔයා හරි පාරක යනවනම් කවුරැවත් 100% විස්වාසයි ඔයාට බාධා කරන්න කවුරැත්ම එන්නේ නෑ.”

“ජීවිතය කියන්නේ මොකක්ද කියලවත් නොදැන සමහර මිනිස්සු ජීවත් වෙන්නේ,ජීවිතය ජීවත් විය යුත්තේ රසවිද ගෙනයි. ඔයාට ඔයාගේ ජීවිතය විදින්න ඕනි නම් මුලින්ම ඔයා ඔයා වටා තියෙන දේවල් රස විදින්න පුරැදු වෙන්න”

“ප්‍රශ්නයක් උනාම ඔයා ඔයාගේ දුර්වලකම ඔයාගේ හතුරාට පෙන්වනකම් ඔයා දුර්වලයෙක් කියලා ඔයාගේ හතුරා දන්නේ නෑ..නමුත් ඔයා මුලින්ම බය පෙන්වනවනම් හතුරාට ඔයාව දිනන්න තියෙන ප්‍රතිශතය වැඩිය.ඒ නිසා ධෛර්යය නැති වුනත් බය කියන දේ පෙන්වන්නන එපා”

“අපි අපිට වැඩිපුර ආදරේ කරන අය එක්ක ගොඩක් තරහ ගන්නවා. තරහ අරං හැමදේම නැති කරගන්නවා.පස්සේ ඒ දිහා හැඑිලා බලපුවම අපිට නැති වුන දේ බොහෝමයි..ඒ නිසා හොදම දේ ඉවසන්න”

අන්න ඒ වගේ තමන්ගේ ප්‍රශ්න වල⁣ට උත්තර ලැබුනු චිත්‍රපටයක් තමයි #Calls කියලා කියන්නේ.. අද සමාජයේ බොහෝ දොනෙක් අනිවාර්යෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයක් කිව්වත් වැරදියි නෑ..

මට මේ මුළු චිත්‍රපටය බලද්දි චිත්‍රපටය පුරාවටම හිත ගිය දෙබස් කිහිපයක්ම තිබුනා.. ඒ දෙබස් දැන් දකිද්දිත් ඇගට නිකම් කික් එකක් එන ගතියක්, අලුතින් ඉපදුනා වගේ හැගීමක් නිතැතින්ම එනවා.. ඉතිං ඒ හින්දම ඔයාලටත්( බලපු නැති අයව) බලන්න කියන්නම හිතුනා..

මේ කතාව ගත්තොතින් එකම රාමුවකට කොටු නොවී මිනිස්සුන්ගේ විවිධ ප්‍රශ්න විවිධ කෝණවලින් කෙටියෙන්ම ප්‍රෙක්ෂකයාට සමීප කරලා තියෙනවා කිසිම ගැටලුවකින් තොරවම. ලිංගික අඩත්තේට්ටම් කුඩා දරැවෙකුක්ට උනත් පහසුවෙන් තේරැම් අරං එතනින් මිදෙන විදියත් හරි ලේසියෙන්ම ලබා දෙන්නත් සමත් වෙලා තියෙනවා.

කොහොම නමුත් #මරණය යනු සියලු ප්‍රශ්න වලට පිළිතුර නොවේ කියන මාතෘකාව යටතේ තම රංගනය උපරිමයට ලබා දුන් VJ #Chitra තමන්ගේ සැබෑ ජීවිතයේ මොනයම් හෝ කරැණකට මරණය පිළිතුර ලෙස යොදා ගැනීම ඉතාමත් කනගාටුදායකයි..

ඉතිං ආරාධනා කරනවා ෆැන්ටසි ලොවෙන් මිදිලා අරැමෝසම් සුකුරැත්තම් වලින් මිදිලා,නැටුම් ගැයුම් වැයුම් කලාවෙන් මිදිලා වෙනස්ම පැත්තකට ගිහින් මේ චිත්‍රපටය නරඹන්න කියලා…

ඉවසන්න ඉවසලා ඉවසලා ඉවසන්නම බැරිම තැනත් ඉවසන්න.. මරණය යනු සියල්ලේ අවසානය නොවේ තවත් එක් දෙයක එක් ආරම්භයක්ම පමණී..

J. Sabarish

 

Initial releaseFebruary 26, 2021 (India)
Music byThameem Ansari
LanguageTamil

Production; companyInfinite Pictures

නිරෝෂා භාරතී

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *