Call (2020) Korean | Sinhala Article

Call (2020) Korean by Marshal Janz

Lee Chung-hyun අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුන Fantasy Thriller Crime කොරියන් චිත්‍රපටයක් තමයි The Call 2020 ?

කොරියන් Crush එකක් වෙන Park Shin-hye තමා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ ❤ මේ අවුරුද්දේ තිරගත වුන Alive චිත්‍රපටයටත් Commercial චරිතයක් මාර්ගයෙන් ඇය ලොකු සාධාරණයක් ලබා දුන්නා ? මෙම චිත්‍රපටයටත් උපරිම හොද සහයෝගයක් ලබා දීලා තියෙනවා ?

One Line Plot එක ගැන කිව්වොත් ➡️ අතීතයේ ජීවත් වෙන චරිතයක් සහා අනාගතයේදී ජීවත් වෙන චරිතයක් දුරකථනයක් මාර්ගයෙන් එකට එක සම්බන්ධ කරගෙන තමයි චිත්‍රපටය ඉදිරියට ගමන් කරන්නේ ?

ඒ වගේම 2011 වර්ෂයේ තිරගත වුන The Caller චිත්‍රපටයේ Official Remake එකක් තමයි මෙම චිත්‍රපටය ? Original එකට වඩා Script එක ටිකක් වෙනස් කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ.., [Original චිත්‍රපටයට වඩා මෙම චිත්‍රපටය Best ද කියලා ඇහුවොත්] ➡️ Original එකට වඩා Visuals ටිකක් ඉහලින් තියෙනවා , Darkness එක ගොඩක් තදින් ලබා දීලා තියෙනවා INT & OUT දෙකටම , ඒ ඒ Locations Scenes අනුව Visuals ගොඩක් perfect ව නිර්මාණය කරලා තියෙනවා ? ඒ වගේම හොද Casting List එකකුත් තියෙනවා ?

මෙම චිත්‍රපටය තුළ මම දැක්ක ලොකුම Positive එකක් තමා මෙම චිත්‍රපටයේ Negative Role ඒ කියන්නේ Villain චරිතය ?➡️ Women Negative Role එකක් තමා නිර්මාණය වෙලා තියෙන්නේ ? උපරිම හොද Scope එකක් තියෙන චරිතයක් , සමහරක් චරිත තියෙනවා Negative චරිතයක් වුනත් ඒ චරිතයට කියලා තනි කොටුවක් , ඒ කොටුව තුළ ආදරය කෑදරකම් නීතිය සාධාරණය හැම දේම ඒ චරිතයේ Subject එක අනුව අඩංගු වෙනවා ? ඉතින් මෙම චිත්‍රපටයේ චරිතයකුත් ඒ විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ ? කැපී පෙනෙන ලක්ෂණ කියන්නේ ➡️ එම චරිතය ස්ත්‍රී චරිතයක් වගේම දුෂ්ට චරිතයක් ? හොද Character transformation එකක් බලා ගන්න පුළුවන් චරිතයක් ➡️ පලවෙනි පාර බලනකොට අහිංසක කෙල්ලෙක් / ඉටපස්සේ පිස්සු කෙල්ලෙක් / ඉටපස්සේ දඟකාර කෙල්ලෙක් / ඉටපස්සේ දුෂ්ට කෙල්ලෙක් / අන්තිමට දුෂ්ටත්වයෙන් ඉහලටම ගිය කෙල්ලෙක් , මේ විදිහට Climax එක ලං වෙන්න වෙන්න Character එක Change කරගෙනම එනවා ? ඒත් එක්කම හොද Character Subject එකකුත් බලා ගන්න පුළුවන් ➡️ මේ විදිහට තමයි ඉදගන්න ඕනේ / මේ විදිහට තමයි ඇවිදින්න ඕනේ / මේ විදිහට තමයි උත්තර දෙන්න ඕනේ / මේ විදිහට තමයි එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ / මේ විදිහට තමයි මරන්න ඕනේ කියලා ඒ චරිතයට කියලා තනි Style එකක් ? ඉටපස්සේ මේ ඔක්කොටම ගැළපෙන විදිහට ඒ චරිතයට කියලා Scenes ටිකක් ? මේ විදිහට උපරිම හොදට ඒ චරිතය Build කරලා තියෙනවා ? ඒ චරිතයට කියලා තනි Scope එකක් තනි ගැම්මක් ? හැබැයි ඒ ගැම්ම චිත්‍රපටය බලන ඒ චරිතය බලන Audience ඒ කියන්නේ අපිට Feel වෙන්න ඕනේ නම් ➡️ අනිවාර්යෙන්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු විතරක් මදි එම චරිතයේ කොටුව තුළට ගිහින් අන්තිම වෙනකන් එම කොටුව තුළ ඉදලා එම චරිතයට පණ පොවන දක්ෂ නළුවෙක් හෝ නිළියක් ලැබෙන්න ඕනේ ? ඉතින් ඒ අතින් මෙම චිත්‍රපටයේ මෙම දුෂ්ට චරිතයට පණ පොවන්න උපරිම හොද දක්ෂ නිළියක් ලැබිලා තියෙනවා ? චිත්‍රපටය තුළ මම දැක්ක ලොකුම Positive එකක් තමා ඒ ?❤

ඒ වගේම තමයි උපරිම හොද Screenplay එකක් බලා ගන්න පුළුවන් ➡️ Time Character Locations පාවිච්චි කරලා කිසිම පටලැවිල්ලක් නොකර Screenplay එක ඉදිරියට ගෙනියලා තියෙනවා ? හැම Scene එකකින්ම චිත්‍රපටය කෙරෙහි Interesting එකකුත් ඇති වෙනවා ?

චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකම එක නිවසක් තුළ තමයි ජීවත් වෙන්නේ , චිත්‍රපටයේ ආරම්භයේ ඉදන් අවසානය අතර එම නිවස කොහොමත් 4-5 පාරක් විතර Change වෙනවා ? එකම Location එකේ ඉදගෙන උපරිම Perfect ව Background එක Change කරලා කිසිම අඩුවක් නැතිව Shoot කරලත් තියෙනවා ?

Cinematography එකත් උපරිම හොදයි ?➡️ INT DR එකට කියලා Frame Setting එකක් තියෙනවා ඒ Setting එක තමා හැම Cinematographer කෙනෙක් වගේම පාවිච්චි කරන්නේ , එක්කෙනෙක් දෙන්නෙක් වගේ අලුත් විදහටත් උත්සාහ කරලා බලනවා ඉතින් මෙම චිත්‍රපටයේ Cinematographer වෙන Young-jik ත් ගොඩක් අලුත් Shorts Angles ටිකක් පාවිච්චි කරලා තියෙනවා ?

Negative එකක් විදිහට බැලුවේ ➡️ Climax එක Guess කරන්න ටිකක් ලේසි ? Screenplay Hole එකක් ? ඒ හැර උපරිම හොද චිත්‍රපටයක් ?

බැලුවේ නැති අය අනිවාර්යෙන්ම බලන්න මිස් කර ගන්න එපා ?

අපේ කොරියන් ජැපනිස් චයිනිස් තායි ගෘප් එක කැමති අය join වෙන්න ⬇️

මාර්ෂල් ජෑන්ස්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *