Buybust (2018) Philippine | Sinhala Article

Buybust (2018) Philippine by Sithum Ishara

” මැනිලාවේ ග්‍රේසියා නි මරියා යුධ පිටියක් කල මහමොළකරු දඩයම “

නැගෙනහිර ආසියානු චිත්‍රපට ගත්තම Korean , Japanese , Indonesian , Chinese , Hong Kong ගැන ගොඩක් අය කතා වුනත් වැඩිය කවුරුත් කතා නොකරන සිනමාවක් තමයි Pinoy එහෙමත් නැත්නම් පිලිපීන සිනමාව කියන්නෙ..පෞද්ගලිකව මේ මමත් පිලිපීන සිනමාවට අලුත්..මේ වෙද්දි පිලිපීන චිත්‍රපට 3 – 4 වගේ මාත් බලලා තියෙන්නෙ..? මේ වෙද්දි නම් ටිකක් පිලිපීන සිනමාවට ටිකක් බර වැඩි කරලා තියෙන්නෙ..ඒ අතරේ හම්බවෙන මේ වගේ හොද චිත්‍රපට ගැන Reviews අරගෙන එන්නම්..?

ඉතින් Philippine Cinema Industry එක ගැන මතක් කරපු ගමන් මතකෙට එන අධ්‍යක්ෂකවරුන්ගෙන් කෙනෙක් තමයි Erik Matti කියන්නෙ..ඉතින් Raid චිත්‍රපටය අනුසාරයෙන් නිර්මාණය කරපු මේ Buybust චිත්‍රපටය පිලිපීන සිනමාවට Erik Matti එකතු කරපු Action – Packed ගණයේ චිත්‍රපටයක් ! කාලයක් තිස්සෙ හොයපු මැනිලාවෙ දැවැන්ත මත්ද්‍රව්‍ය වල්ලක් කරගෙන යන මහමොළකරු අල්ලන්න anti-drug enforcement agency යක් මැනිලාවෙ ග්‍රේසියා නි මරියා මුඩුක්කු ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කරනවා..

කොහොමහරි මෙහෙයුම අසාර්ථක වීමත් එක්ක මත්ද්‍රව්‍ය මැර කල්ලිය අධික ජනාකීර්ණ මුඩුක්කු වල ඉන්න හැම මිනිහෙක්ටම අණ දෙනවා මේ ග්‍රේසියා නි මරියා මුඩුක්කු ප්‍රදේශෙට ඇතුල් වුන නිළධාරීන් මරන්න..ඉතින් ඕකෙන් ග්‍රේසියා නි මරියා මෙහෙයුම සම්පූර්ණයෙන් ම කණපිට ගැහෙනවා..මුළු ග්‍රේසියා නි මරියා මුඩුක්කු ප්‍රදේශයම තනිකරම යුධ පිටියක් වෙනවා !

පෞද්ගලිකව දැනට මගේ කැමතිම පිලිපීන චිත්‍රපටය තමා Buybust කියන්නෙ..Erik Matti ගෙ Camerawork , Directing , Cinematography එහෙම ? මුළු ෆිල්ම් එකේම තිබ්බ ඒ Neon Color Cinematography මාරම ගති ?️Action – Sequences එහෙමත් හොදයි ! මම නියමයි නොකිය හොදයි කිව්වෙ මොකද අපි Raid , NCFU වගේ Movies වල දැක්ක ඒ Fast – Paced Action Scenes නම් මේකෙ නෑ..Fight Scenes නම් Slow..අර Fast – Paced ඇක්ශන් වලට හුරු උන කෙනෙක් ට ඒක ටිකක් දැනෙනවා මේක බලද්දි..Erik Matti මේකෙ Realistic ගතිය වැඩි කරන්න සමහරවිට ඒක කරන්න ඇත්තෙ..දැනෙන අඩුපාඩුවකට දැක්කෙ ඒක තමයි..

කොහොමහරි Erik Matti අපිට Buybust චිත්‍රපටයෙන් විනාඩි 90 ක Nonstop Action Roller Coaster Ride එකක් දෙනවා..?

ඉතින් වෙනසකටත් එක්ක එන්න පිලිපීන Action – Entertainment එකක රස විදින්න ! ❤️

BuyBust Trailer

BuyBust scored 5.7 out of 10 on IMDb.

BuyBust scored 83 percent on Rotten Tomatoes.

BuyBust scored 68 percent on Metacritic.
76% liked this film Google users
Release date: August 1, 2018 (Philippines)
Director: Erik Matti
Distributed by: Viva Films
Budget: ₱86 million (US$1.6 million)
Music by: Erwin Romulo; Malek Lopez
Box office: ₱97 million

සිතුම් ඉෂාර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *