Bullet in the Head (1990) by Hirusha Kasun
?️ Directed By – John Woo
▪️ එදාමෙදාතුර බලන්නට ලැබුන විශිෂ්ඨතම ක්‍රියාදාම චිත්‍රපට අතරින් මම මේ චිත්‍රපටය දානව මුල් තැනට. ඉමෝෂන්ස් , ඇක්ෂන් මේ තරම් පර්ෆෙක්ට් විදිහට මැනේජ් කරපු ෆිල්ම් එකක් මම තාම බලලා නැහැ. සමහරවිට ඉදිරියෙදි බලය් හැබැයි තාම බලලා නෑ .මේකෙදි ජෝන් වූ මහත්තයට සියලුම ගෞරව හිමි විය යුතුය් ලෝක සිනමාවට මේ වගේ අග්‍රකෘතියක් දායාද කිරීම හේතුවෙන්
ජෝන් වූ මහත්මයා මේකෙ ස්ක්‍රිප්ට් එක ලියන්නෙ බෙටර් ටුමෝරෝ තුන්වැන්න ලෙස එලිදක්වන අරමුණින්. ඔහුගේ අරමුණ වෙලා තිබිලා තියෙන්නෙ මේක මුල් බෙටර් ටුමෝරෝ චිත්‍රපටයට Prequel එකක් විදිහට නිර්මාණය කරන්න. හැබැයි යම් යම් කාරණා හේතුවෙන් ඒ අදහස ජෝන් වූ අතැහැර ගන්නවා වගේම බෙටර් ටුමෝරෝ තුන්වැන්නෙ ඩිරෙක්ටර් පුටුවෙනුත් නැගිටලා යනවා ගිහින් ඔහුගේ ඒ පිටපත යම් යම් වෙනස් කම් වලට භාජනය කරලා තමා Bullet in the Head චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. tsui ගෙ බෙටර් ටුමෝරෝ තුන්වැන්නෙ වගේම මේකෙ කතාන්දරය ගෙතෙන්නෙත් වියට්නාම සිවිල් යුද්ධයේ වටපිටාවක .
මිත්‍රත්වය , ප්‍රේමය වගේම විශ්වාසනීයත්වය වගේ මානව කාරණා මේකෙදි එකිනෙක ගැටෙනවා . මිතුරන් තිදෙනෙක් අතර ඒ කරුනු කාරණා වලට වටිනාකම් හිමිවෙන විදිහ වගේම ඔව්න්ගේ තරුණ හිතුවක්කාරකම් හේතුවෙන් ඔවුන් ගොඩනගාගන්නා ගැටුම් වගේම ඉන් ඔව්න්ට අත්වෙන ඉරණම සෑහෙන්න සංවේදීව ජෝන් වූ විසින් ඉදිරිපත් කරනවා. තරුණයන් තිදෙනාගේ අන්නෝන්‍ය සම්බන්ධය වගේම යම් අවස්ථාවක ඔවුන් තිදෙනාගේ ජීවිත වලට එල්ල වෙන ඛේදාන්තීය තර්ජන ක්‍රියාදාම දර්ශන අතරතුරම නිර්මාණය කරන්නට ජෝන් වූ උත්සාහ කරනවා.
චිත්‍රපටයේ අධ්‍යක්ෂණය නිෂ්පාදනය ,පිටපත වගේම සංස්කරණයද ජෝන් වූ විසින් සිදුකරනවා. ජෝන් වූ ඩිරෙක්ටර් කෙනෙක් ,ස්ක්‍රීන් රය්ටර් කෙනෙක් වගෙම එඩිටර් කෙනෙක් විදිහට ඉන්නෙ මොනවගේ ලෙවල් එකකද කියලා කියන්න මේකෙ ක්‍රියාදාම දර්ශන පමණක්ම ප්‍රමාණවත්. ජෝන් වූ මේ චිත්‍රපටය වෙනුවෙන් උන කැපවීම තමා මේක අග්‍රකෘතියක් වෙන්නට පාර කපන්නෙ. ඒක කොහෙත්ම බැහැර කරන්න පුලුවන් කාරණාවක් නෙවෙයි .
වර්තමාන ආසියානු සිනමාව තුල සිටින ප්‍රබලතම වගේම විශිෂ්ඨතම රංගන ශිල්පියා වෙන Tony Leung විසින් මේකෙ ලීඩ් රෝල් එක කරනවා. මේක මෙච්චර පර්ෆෙක්ට් වෙන්න ජෝන් වූ වගේම ටෝනිගෙත් දායකත්වය සීයට සීයක් ලැබුනා කියන කාරණාවත් කියන්නම ඕන. ටෝනි ඕනම තාලෙක චරිතයක් ඇගට පතට නොදැනී රගපානවා. මාස්ටර් ජෝන් වූ වගේම ටෝනිත් ඉතින් ලෝක උරුම. ලෙජන්ඩ්ස්ලා ඩබලක් එකතුවුනාම බිහිවෙන නිර්මාණ නිසැක වශයෙන්ම ලෙජන්ඩරි විය යුතුය්. ඉමෝෂන්ස් , ඇක්ෂන්, ත්‍රිලර් පත අට එකට හින්දලා ජෝන් වූ හදපු බුලට් ඉන් ද හෙඩ් කියන සිනමා කල්කෙත් අන්න ඒ වගේ ලෙජන්ඩරි නිර්මාණයක්. අධිමාත්‍රගත මත් පෙත්තක් !