Bro Daddy (2022) Malayalam by Indeewari Herath
No Spoilers !
ලාලේට්ටන්ගෙ අලුත්ම ෆිල්ම් එක 26 පාන්දර Disney+ හරහා නිකුත් වුනා. ප්‍රිත්විරාජ් සුකුමරන් විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයේ පිටපත් රචනය ශ්‍රීජිත්-බිබින් දෙදෙනා විසින් සිදුකර තිබෙනවා. Romance/Drama/Family කාණ්ඩ යටතට Bro Daddy වර්ග කරන්න පුලුවන්. ෆිල්ම් එක උපරිමයෙන්ම A-Z entertaining film එකක්. හිනාවෙන්නෙ පුලුවන් සිදුවීම් සෑහෙන්න තියනවා. ඒ අතින් හොඳට එන්ජෝයි කරන්න පුලුවන් ෆිල්ම් එකක් මේක. කාලෙකින් තමයි ඇත්තටම මේ ටයිප් මලයාලම් ෆිල්ම් එකක් බැලුවෙ. Entertaining පැත්තෙන් worthy 



මේ ෆිල්ම් එක හොඳටම කලේ කල්‍යාණි ප්‍රියදර්ශන් 





හොඳටම හොඳයි එයාගෙ පර්ෆෝමන්ස්, ලුක් එක, ඩයලොග් ඩිලිවරි ඔක්කොම.
මේ වගේ චිත්‍රපටි වලදි මෝහන්ලාල්ගෙ රංගනය තාමත් ඉට්ටිමානි මේඩ් ඉන් චයිනා එකේ මට්ටමෙන් උඩට ඇවිල්ලම නෑ. සමහර විට දැන් මූණ වැහෙන්න රැවුල වවලා නිසා ෆේස් expressions හරියට පේන්නෙ නැති නිසාද මන්දා
. සාමාන්‍යයෙන් පරණ මෝහන්ලාල් කියන්නේ කටහඬ පාලනයෙන් සහ face expressions වලින් විතරක් වුනත් ඕඩියන්ස් එකට ලොකු ෆීලින් එකක් දෙන්න පුලුවන් නළුවෙක්. අන්න ඒ මෝහන්ලාල් දැන් නෑ, ඇත්තටම ෆෑන් කෙනෙක් විදියට ඒ ගැන ලොකු කණගාටුවක් තියනවා .

මෝහන්ලාල්-මීනා කියන්නේ කවුරුත් කැමති on screen couple එකක්. මේකෙත් සැමියා සහ බිරිඳ විදියට ඒ දෙන්නගෙ ගැලපීම සහ රංගනය හොඳයි. හැබැයි පොඩි කෘත්‍රිම ගතියකුත් නොතිබුනාම නෙවෙයි.
සෑහෙන්න කාලෙකට පස්සේ ලාලු ඇලෙක්ස් ෆුල් ලෙන්ත් රෝල් එකක් කරනවා මේ ෆිල්ම් එකේදි and he nailed it 



ප්‍රිත්වි නෝමල්. කියන්න තරම් විශේෂ දෙයක් නෑ.
ස්ක්‍රිප්ට් එක සාමාන්‍යය feel good movie script එකක්. ස්ක්‍රීන් ප්ලේ එකේ අවුලක් නැහැ. සමහර අනවශ්‍ය සිදුවීම් තියනවා. ප්ලොට් හෝල්ස් නෑ. මියුසික් හොඳයි, සෑහෙන්න දුරට හොඳයි. සිංදුත් ලස්සනයි. අර අනවශ්‍ය සීන් නොතිබුනා නම් හොඳයි. මොකද ඒවට නාස්ති වුන වෙලාව අපරාදේ. ෆිල්ම් එකේ කොහොමත් ෆනී ප්ලොට් එකක් තියන නිසා අමතරව කොමඩි සීන් අවශ්‍යය නෑ කියලා හිතුනා. ඒවා තිබුනා කියලත් ඒවායින් ෆිල්ම් එකට අමුතු ආලෝකයක් ඇවිල්ලත් නෑ.
හැබැයි මේකෙ මුල ඉඳලම සෑහෙන්න කෘත්‍රිම ගතියකුත් තියනවා. Colours, lightning, camera angles වලින් එහෙමට වැඩක් අරගෙන නෑ. Cinematography, Editing එහෙම සීරෝ. කතාවෙ තියන interesting ගතියක් මිසක් විශුවල්ස් වලින් තද සපෝට් එකක් අරගෙන නෑ ෆිල්ම් එකට. ලාලේට්ටන්ගෙ පිටිපස්සෙන් කොයිවෙලාවෙත් ලයිට්බොක්ස් එකක් සෙට් කරලා තියෙන්නේ ඇයි මන්දා මනුස්සයා සමහර වෙලාවට නිකං අර වටේට LED සෙට් කරපු දේව පින්තූරයක් වගේ රැස් විහිදෙනවා 



මගේ පුද්ගලික අදහස ප්‍රිත්විරාජ් හොඳ නළුවෙක්. නළුවෙක් විදියට සහාය චරිත වල සපෝට් එකක් නැතුව වුනත් ෆිල්ම් එකක් තනියම හිට් කරගන්න පුලුවන් potential එකක් සහ stardom එකකුත් තියනවා. හැබැයි ඩිරෙක්ටර් කෙනෙක් විදියට නම් එච්චරම සාර්ථකයි කියලා තාම පේන්නෙ නෑ. මිනිහට කතාව ගැන සෙන්ස් එකක් තියනවා. හැබැයි අධ්‍යක්ෂකවරයෙක් ට ඒ විතරක් මදි. ප්‍රිත්වි බොස්ට ඩිරෙක්ටර් කෙනෙක් විදියට කොයිතරම් ටැලන්ට් එකක් තියනවද කියලා බලන්න වෙන්නෙ ලාලේට්ටන් ගෙන් ගැලවිලා සාමාන්‍ය නළුවෙක් එක්ක ෆිල්ම් එකක් කරපු දවසකට තමයි.
2. 5/5
P.S.
මේ ෆිල්ම් එක අර තාත්ත්වික මලයාලම් රසය හොයන අය නොබැලුවට කමක් නෑ. උදාහරණයක් විදියට මේකෙ මෝහන්ලාල් ඔරලෝසුවක් අතට දානවා පෙන්නනවා, ඒක රුපියල් කෝටි බාගයක් විතර වටින එකක්. ලාලේට්ටන් එයාගෙ පර්සනල් කලෙක්ෂන් එකෙන් ඒ ඔරලෝසුව ගෙනාවා කියලා ප්‍රිත්වි කියලා තිබුනා. දන්නවනෙ තාත්ත්වික මලයාලම් රසය කියන්නේ රා ටිකක් බීලා, සරලව කොස් ටිකක් තම්බගෙන කාලා කොස් ගෙඩියක් ඔලුවට වැටිලා මැරිලා යන ඒවටනෙ. ඒවා බලලා පිස්සු වැටිලා ඉන්න අයට මේකෙ පෙන්නන ලයිෆ් ස්ටයිල් එක දරාගන්න බැරි වෙයි
ඒක නිසා මෝහන්ලාල් & ප්‍රිත්විරාජ් ඉන්නවා කියලා මේක බලලා “අඥේ තාත්වික නෑ” “අයියෝ මලයාලම් රහ නෑ” වගේ කතා කියන්නත් එපා