• True Story එකක් Base කරගෙන ලියවුනු පොතක් Base කරගෙන නිර්මාණය වුන චිත්රපටයක් තමා Bridge to Terabithia
• ඔයා සමාජයෙන් දුරස්ව ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙම චිත්රපටයෙන් ඔයාගේ හදවත ඉක්මනින් දුර්වල වෙනවා
• ඒ වගේම ඔයාගේ දුක / කේන්තිය / ඔයා ඔයාවම පහත් මට්ටමට සලකන ඒ මත භේද හැම දෙයක්ම ඔයාගේ කදුළු වලින් එළියට ගෙන්වන චිත්රපටයක්
• මෙම චිත්රපටයේ / පොතේ ඇතුලත් වෙන කතාව 1974 වර්ෂයේදී වුන සිදුවීමක්
• මෙම පොතේ Writer Katherine Paterson ගේ පවුල වටා සිදුවුන ඇත්ත සිදුවීමක් තමා ඇය පොතක් විදිහට නිර්මාණය කරන්නේ
• මෙම සිදුවීම වෙනකොට Katherine Paterson ඇයගේ පවුලත් සමග Takoma Park Maryland තුළ තමා පදිංචි වෙලා හිටියේ
• ඇයට දරුවන් හතර දෙනෙක්
• ඇයගේ රැකියාව
පොඩි ළමයින් සහා වැඩිහිටියන් වෙනුවෙන් පොත් ලිවීම

• ඇයගේ තුන්වෙනි පිරිමි දරුවා තමා David
• David කියන්නේ ඔහුගේ පවුල් පසුබිමත් සමග මානසිකව වැටිලා හිටිය කොල්ලෙක්
• සමාජය සහා පවුල මේ දෙකෙන්ම දුරස්ව හිටිය කොල්ලෙක්
• චිත්රපටය තුළින් බැලුවොත්
David කියන Character එක අපිට Jesse Aaron’s කියන නමින් හදුන්වලා දිලා තියෙනවා

• ඒ වගේම David ගේ පැත්තෙන් බැලුවොත් Jesse Aaron’s කියන්නේ 100% ක් Complete Accurate Character එකක්
David කියන්නේ Running සහා Painting වලට ඇබ්බැහි වුන කොල්ලෙක් හැබැයි ඔහුගේ තාත්තා ඒ දේට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ
ඒ වගේම Music Teacher තමා ඔහුගේ පළමු Crush
ඉතින් මේ වගේ David ගේ ජීවිතයෙන් පොඩි පොඩි දේවල් පවා ගොඩක් ගැඹුරින් චිත්රපටයේ Jesse Aaron’s Character එක තුළින් අපට බලා ගන්න පුළුවන්



• මේ අතර David පදිංචි වෙලා ඉන්න Takoma Park එකට අලුත් පවුලක් පදිංචියට එනවා
• ඒ පවුලේ David ගේ වයසට සමාන Lisa කියන ගැහැණු ළමයෙකුත් ඉන්නවා
• පදිංචියට ඇවිත් ටික දවසකින්ම Lisa , David ගේ Best Friend කෙනෙක් විදිහට මාරු වෙනවා
David ට ලොකු අයියක් වෙනවා Lisa / David ට මොන විදිහේ ප්රශ්නයක් ඇති වුනත් ඒ වෙනුවෙන් මුහුණ දෙන්නේ Lisa
මේ විදිහට ඒ දෙන්නා අතර තියෙන Friendship එක Strong and Close වෙනවා


• දෙන්නම එකතු වෙලා T-ball සෙල්ලම් කරනවා / දෙන්නම මාරුවෙන් මාරුවට විහිලු කරගෙන හිනා වෙනවා
සතියේ දවස් 7 ම [අපි දෙන්නට අපි දෙන්නා පමණයි] කියන මතයකින් තමයි ජීවත් වෙන්න පටන් ගන්නේ

• දෙන්නම පොඩි නිසා
දෙන්නගෙම සෙල්ලම් ඔහුන් දෙදෙනාගේ මවා පෑමක් තුළින් තමයි ගමන් කරන්නේ

• ඔහුන් දෙදෙනා හැම දාම Lisa ගේ ගෙදර පිටුපස තියෙන වත්තේ තමයි සෙල්ලම් කරන්නේ / ඔහුන් දෙදෙනා මවා ගත් ලෝකයක් ඒ කියන්නේ Fantasy World එකක් තුළ තමා ඔහුන් දෙදෙනාගේ සෙල්ලම කරගෙන ගිහින් තියෙන්නේ / ඔහුන් සෙල්ලම් කරන හැම Game එකකම Fantasy එක ඇතුලත් වෙනවා
• මෙම ක්රියාවලිය තමා Terabithia කියන ඒ Fantasy World එක නිර්මාණය වෙන්න Inspiration එකක් බවට පත් වෙලා තියෙන්නේ
• ඉතින් මේ විදිහට ඔහුන් දෙදෙනාගේ ළමා කාලය ලස්සනට ගලාගෙන යනකොට
1974 Summer කාලයේදී ඒ කියන්නේ නිවාඩු මාසයක Katherine Paterson ට Call එකක් එනවා David ගේ යාලුවා Lisa මිය ගියා කියලා

• Lisa ඇයගේ පවුලත් සමග Delaware වල මුහුදු නාමින් සිටියදී අකුණක් වැදිලා එතනම මිය යනවා
• පැහැදිලි අහසෙන් නිර්මාණය වුන අකුණ මුහුද ඇතුලේ තනියෙන් හිටගෙන හිටිය Lisa ට වැදිලා තියෙනවා
• තමන්ගේ යාලුවා හිතන්නේ වත් නැති විදිහට Nature Attack එකකින් මිය ගියා කියලා David දැන ගන්නවා
• හැබැයි ඔහු පොඩි නිසා ඒ දේ ඔහුට දරා ගන්න පුළුවන් වුනේ නෑ
[මට කියලා හිටියෙත් එයා විතරයි හැබැයි දැන් එයත් සදහටම මගෙන් දුරස් වෙලා ගියා] කියලා හිටියට වඩා ගැඹුරින් මානසිකව වැටෙනවා

• ඒ දේ ඇත්තක් තමයි කියලා පිළිගත් Katherine Paterson ත් ඒ ගැන ඕනවට වඩා හිතන්න පටන් ගන්නවා
• තමන්ගේ පුතාගේ දුක තේරුම් ගත්ත ඇයට පුතාව කොහොමද සනසන්නේ කියලා තේරුම් ගන්න බැරි වුනා
• තමන්ගේ පුතා සම්පූර්ණයෙන්ම වැටිලා ඉවරයි / තමන්ගේ ඉස්සරහපිට තමන්ගේ පුතා මළමිනියකට සමානව ගමන් කරනවා හැබැයි ඇයට මුකුත් කර ගන්න බෑ
අන්න ඒ මවගේ වේදනාව

• තමන්ගේ ජීවිතයෙන් කොටසක් නෙමෙයි තමන්ගේ ජීවිතයම තමන්ගේ මිතුරිය තමයි කියලා හිතාගෙන හිටිය ඔහුට ඔහුගේ මිතුරිය සදහටම ඈත් වෙලා ගියා කියන ඒ වේදනාව
• පුතාව බලන බලන පාරට මවට දැනෙන වේදනාව / තමන්ගේ මිතුරිය ගැන හිතනකොට David ට දැනෙන ඒ වේදනාව
මව සහ පුතා දෙදෙනාම ඒ වේදනාව හිතේ තියාගෙන මාස ගාණක් දුක්බර ජීවිතයක් ගෙනියනවා

• කිසිම තේරුමක් නැතිව සිදුවුන Lisa ගේ මරණයට Katherine Paterson , අර්ථයක් ලබා දෙන්න තීරණය කර ගන්නවා
• තමන්ගේ දරුවන් හතර දෙනා වෙනුවෙන් පොත් හතරක් Special Books එකක් විදිහට ඇය Dedicate කරලා තියෙනවා
• ඉතින් ඒ Special Book List එකට Add වෙන විදිහට ඇයගේ දරුවා David ට වුන සිදුවීම Base කරගෙන පොතක් ලියන්න පටන් ගන්නවා
• ආරම්භයේදී Personal Story එකක් විදිහට ලියන්න පටන් ගත්ත Katherine Paterson , පොත අවසන් වෙනකොට
පොත Publish කරන්න තීරණය කර ගන්නවා

• හැබැයි ඊට කලින් Katherine Paterson , David ගෙන් අවසරය ඉල්ලනවා
• [Lisa මං වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා හැබැයි මම එයා වෙනුවෙන් කිසිම දෙයක් කරලා නෑ] කියලා , ඒ පොත Lisa ට තමන්ගෙන් ලබා දෙන ගෞරවයක් විදිහට සලකලා
David , ඒ පොත Publish කරන්න අවසරය ලබා දෙනවා

• 1977 වර්ෂයේදී Bridge to Terabithia කියන නමින් ඒම පොත publish වෙනවා
• හොද Success එකක් වගේම ජනතාව අතර Positive Comments ගොඩක් වැඩි වෙන්න පටන් ගන්නවා
• Lisa මිය ගිය වර්ෂයේදීම Katherine Paterson , ඇයට පිළිකාවක් තියෙනවා කියලා දැන ගන්නවා
• ඇය Interview එකකදි මේ ගැන සදහන් කරලා තියෙනවා
මේ පොත ලියන කොට තමන්ගේ මරණයත් තමන් ගොඩක් ගැඹුරින් Feel කරා කියලා

• ආරම්භයේදී Personal Story එකක් සහා Heart Breaking Story එකක් නිසා සමහරක් විට ඔය පොත publish නොවෙන්න පුළුවන් කියලා තමා ඇය හිතාගෙන ඉදලා තියෙන්නේ
• හැබැයි අදටත් මේ පොත ගැන කතා කරනවා දැක්කම මට පුදුමයි / ඒ පොත කියවන කෙනාට දැනෙන වේදනාව මටත් Feel කරන්න පුළුවන් කියලත් සදහන් කරලා තියෙනවා
• ඒ වගේම
කෙනෙක්ගේ මරණයෙන් පසු තැවෙන දරුවෙක්ට මේ පොත ගැළපෙන්නේ නෑ කියලා තමා ඇය හිතාගෙන ඉදලා තියෙන්නේ නමුත් දරුවෙක් ලොකු වෙන්න වෙන්න ඒ වගේ වෙන්වීම් වලට මුහුණ දෙන්න ඕනේ
ඒ දේට මෙම පොත ලොකු ශක්තියක් වෙයි කියලා ඇය විශ්වාස කරලා තියෙනවා


• Katherine Paterson , මෙම පොත සම්පූර්ණයෙන්ම මවාපෑම පැත්තකින් තියලා ලිව්ව පොතක්
කිසිම තැනක ඇයගේ මවා පෑමක් ගැහැවීලාවත් නෑ හැබැයි Publish කරන්න තීරණය කර ගත්තට පස්සේ
Lisa , අකුණු සැර වැදිලා මිය ගියා කියලා සදහන් වුනොත් කියවන අයට කිසිම හැගීමක් දැනෙන්නේ නෑ , ඒ නිසා Lisa ගේ මරණය ටිකක් Change කරලා ගමු කියලා Editor’s , Katherine Paterson ට Request එකක් කරනවා


• තේරුම් ගත්ත Katherine Paterson , Lisa ගේ මරණය තවත් හැගීම් බරව Change කරලා ගන්නවා
• Lisa සහා David සෙල්ලම් කරන්න ලොකු ගගක් එගොඩ වෙලා යන්න ඕනේ / ඒ දෙන්නා එගොඩ වෙන්නේ ගහක තියෙන පොඩි ලණුවකින් එල්ලිලා / ඉතින් දවසක් Lisa ලණුවෙන් එල්ලිලා එගොඩ වෙන්න යනකොට ඒ ලණුව කැඩිලා Lisa ගගට වැටිලා උස්ම හිර වෙලා මිය යනවා වගේ තමා ලියවෙන්නේ
• ආරම්භයේදී මෙම පොත නිසා David තවත් මානසිකව වැටිලා තියෙනවා
• තමන්ගේ හොදම මිතුරියගේ මරණය මුල් කරගෙන පොතක් ලියලා ඒ පොත Publish කරලා ජනප්රියත්වය ලබා ගැනීම වරදක් ලෙස තමයි ඔහු දැකලා තියෙන්නේ
• David , දැන් ලොකු වෙලා පියෙක් බවට පත් වුනත් අදටත් ඔහු ඒ පොත කියවන්න සහා Bridge to Terabithia චිත්රපටය නරඹන්න ලොකු අකමැත්තක් දක්වනවා කියලා සදහන් කරලා තියෙනවා
• මෙම පොත ගොඩක් Community වලින් Banned වෙලා තියෙනවා
• 1990 ඉදන් 1999 වර්ෂ තුළ American Library Association’s එකෙන් වැඩිම වාර ගණනක් Banned වුන පොත් වලින් 8 වෙනි ස්ථානය මේ පොතට ලැබිලා තියෙනවා
• Banned වෙන්න එකම හේතුව
කෙනෙක්ගේ හදවත හිතා ඉක්මනින් දුර්වල කරන ඒ වගේම ඒ කෙනාව මානසිකව වට්ටන කතාවක් මෙම පොතේ ඇතුලත් වන නිසා

• මෙම කතාවේ ඇතුලත් වන Terabithia කියන Fantasy නම Narnia කියන කතාවක ඇතුලත් වන Terebinthia කියන Place එකකින් Inspire වුන නමක්
• Davi සහ Lisa , Takoma Park Elementary School එකක තමා ඉගෙන ගත්තේ
• Bridge to Terabithia පොත Worldwide කතා බහකට ලක් වුනාට පස්සේ
Lisa ට ගෞරවයක් ලබා දෙන විදිහට 1979 දී ඇයගේ ඒ පාසලේ ඉදිරිපිට චෙරි ගහක් හිටවලා hallways to honor Lisa’s memory කියලා බෝඩ් එකකුත් හිටවලා තියෙනවා

• නමුත් 2000 වර්ෂයේදී එම ගස සම්පූර්ණයෙන්ම මැරිලා , ගහ කපලා දානවා
• ටික කාලයක් ගියාට පස්සේ බෝඩ් එකත් නැති වෙලා යනවා
• හැබැයි ඒ ගමේ හිටිය Ann Riley කියන මවකගේ උත්සාහයකින් නැවත වතාවක් Lisa වෙනුවෙන් 2005 වර්ෂයේදී ගහක් හිටවලා තියෙනවා
• ඒ ගහත් එක්ක hallways to honor Lisa’s memory කියලා බෝඩ් එකකුත් හිටවලා තියෙනවා
• ඒ ගහ හිටවපු උත්සවය දවසේ Katherine Paterson , David සහා Lisa ගේ මවත් සහභාගි වෙලා තියෙනවා
මෙම කතාවේ පොත 74 වර්ෂයේදී Publish වුනාම ඒ කාලයේදී ළමා කාලය ගෙවාගෙන හිටිය දරුවන්ට මෙම පොත ඔහුන්ගේ හදවතට ගොඩක් තදින් වැදිලා තියෙනවා 

හැබැයි දැන් බලන්න ගියාම අපිට වඩා එයාලා ගොඩක් වාසනාවන්තයි
අපි අපේ ළමා කාලය ගෙවාගෙන යනකොට අපිට මෙම කතාව Visual එකක් විදිහට ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන් විදිහේ තත්වයකට ඇවිල්ලා ඉවරයි
2007 වර්ෂයේදී Bridge to Terabithia චිත්රපටය තිරගත වුනා ඉටපස්සේ අවුරුද්දක් විතර ගියාට පස්සේ අපිට එම චිත්රපටය TV Channel වලිනුත් බලා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා
පොත කියවලා ගත්ත Feeling එකට වඩා දේගුණයක Feeling එකක් Visual ව බලනකොට ගොඩ දෙනෙක්ට දැනිලා තියෙනවා
පෞද්ගලිකව මට අදටත් ඒ Effect එක Feel කරන්න පුළුවන් 





පාසල් යන කාලයේදි ඉස්කෝලේ මගේ පංතිය තුළ වැඩියෙන්ම කොං වෙන්නේ මම තමා / වැඩිපුර නෝන්ඩි වෙන්නෙත් මම / වැඩිපුරම ගුටි කන්නෙත් මම
Family එක පැත්තෙන් බැලුවොත් Low Class Family එකක් මගේ , ඉතින් පාසල තුළින් මම Enjoyment එක ගොඩක් බලාපොරොත්තු වුනා
ඉතින් ඒ Enjoyment එකට අනිවාර්යෙන්ම මිතුරන් ඕන කරනවා ඒ නිසාම මගේ යාලුවෝ මට කරන මුකුත්ම මම වැඩිය ගණන් ගන්නේ නෑ
නෝන්ඩි කරත් / ගැහුවත් ඔන්න ඔයේ [අවුලක් නෑ බං] කියලා හිනා වේගන ඉන්නවා 




ඉතින් ඒම තියෙද්දිත් ඔය Bridge to Terabithia කියන කතාව මට ලොකු Heart Breaking Effect එකක් ලබා දුන්නා
අදටත් ඒ Feeling එක Feel කරන්න පුළුවන්…

හැබැයි ඒ Feeling එකට ආරම්භයක් දෙන්නේ ළමා කාලයෙන් කියලා නෑ
මට අවුරුදු 40 ක් 50 ක් වුනාට පස්සෙත් ඒ කතාව බැලුවා කියන්නේ අනිවාර්යෙන්ම Feel වෙනවා

මට විතරක් නෙවෙයි ඔයාලටත් ඒම තමා
අපි හැමෝම ළමා කාලයෙන් එළියට ඇවිත් තරුණ තරුණියන් විදිහට මාරු වෙනකොට මේ සමාජයට ගැළපෙන විදිහට පොඩි වෙස්මුහුණක් දා ගන්නවා
ළමා කාලයේදි මොන ප්රශ්නයක් තිබුණත් දුකක් තිබුණත් බය නැතිව සමාජයට පෙන්නුම් කරන අපි තරුණ තරුණියන් වුනාට පස්සේ බය වෙන්න / ලැජ්ජ වෙන්න පටන් ගන්නවා අන්න එතකොට අපි හැමෝම [මට කිසිම ප්රශ්ණයක් නෑ බං / මම Full Happy එකෙන් ඉන්නේ] කියන ඒ වෙස්මුහුණ දා ගන්නවා
ලොකේ අන්තර්ජාලය හරහා ජීවිතය ගෙනියන ගොඩක් දෙනෙක් ඔය වගේ වෙස්මුහුණක් තමා පාවිච්චි කරන්නේ
හැබැයි ඒ වෙස්මුහුණ ගලවලා ටිකක් ඇතුලට ගිහින් බැලුවා කියන්නේ
අපි හැමෝම තුළ අපේම කියලා Dark and Negative Shadow එකක් තියෙනවා 






අන්න ඒ Shadow එක ඔයාලා වෙස්මුහුණක් දාගෙන හිටියත් නැතත් අවුස්සලා එළියට ඇදලා ගන්න පුළුවන් Magical Story එකක් තමා Bridge to Terabithia කියන්නේ 

මෙම Story එක ඔය තරම් Successful වෙන්න හේතුව
පොත / මේ පොත ලියපු කෙනා / චිත්රපටය / අධ්යක්ෂකවරු / නළු නිළියන් , මේ කවුරුත් නෙමෙයි හේතුව
මෙම Story එක තමා මෙම Story එකට ලැබුණු ලොකුම Success එක
ඊටත් වඩා ලොකුම හේතුව අපේ තුළ තියෙන ඒ Shadow එක 




අපේ තුළ තිබුණු තියෙන ඒ Dark Shadow එක නිසා තමා 77 ඉදන් 21 වෙනකම් මේ කතාව ගැන අපි කතා කරන්නේ / ඒ වගේම තව අවුරුදු 30 ක් ගියත් අවුරුද්දකට පස් දෙනෙක් හරි මේ කතාව ගැන කතා කරවන්න තියෙන්නෙත් අපේ ඒ Shadow එක තමා 

ඒම බැලුවොත්
තව අවුරුදු කීයක් ගියත් අපි නොදැනුවත්වම , Lisa අපි අතර තමා ජීවත් වෙන්නේ / මෙච්චර කල් ඇය ජීවත් වුනෙත් ඒම තමා 

