Breathing Memories (2021) Sinhala by Kavinu Weerakkody
අකලංක ප්‍රභාෂ්වර සහ රෂිකා අරුල්චෙල්වම් රංගනයෙන් දායක වන Breathing Memories කෙටි චිත්‍රපටය පසුගියදා අන්තර්ජාලයට මුදා හැරුණා.
සුදත් අබේසිරිවර්ධන විසින් තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ Breathing Memories කෙටි චිත්‍රපටය Vadamalai Rajkumarගේ නිෂ්පාදනයක්. චිත්‍රපටයේ කතාව දිවෙන්නේ යුද්ධයෙන් පසු සහජීවන වැඩමුළුවකදී හමුවන සිංහල තරුණයෙකු සහ දෙමල තරුණියක අතර සිදුවන සිදුවීම් ඇසුරෙන්… විශේෂයෙන්ම, මෑතකාලීනව ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙකු වන අකලංක ප්‍රභාෂ්වරගේ වෙනස්ම ආකාරයක රංගනයක් Breathing Memories තුළින් ඔබට දැකගන්න ලැබෙනවා. Rashika Arulchelvamගේ රංගනයත් ඊට දෙවෙනි නැහැ.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා වන කුලරුවන් ගමගේව පැසසිය යුතුමයි.
අධ්‍යක්ෂක සුදත් අබේසිරිවර්ධන, තමන්ගේ නිර්මාණය ඇතුළේ ට්‍රයි කරපු සංකේත භාවිතය නිසාම මෙහි uniqueness ගතිය තවත් වැඩි වී තිබෙන බවයි මගේ පෞද්ගලික අදහස වෙන්නේ. ඔහුගේ තිර පිටපත ආරම්භයේ සිටම බොහොම සියුම් සහ තියුණු විදිහට ගලාගෙන යනවා. කෙටි චිත්‍රපට වෙනුවෙන් බොහොම පොදු මාතෘකාවක් ඔහු වෙනස්ම ආකාරයකට ඉදිරිපත් කරලා තිබෙනවා.
නිර්මාණකරුවන් කියන විදිහට Breathing Memories කියන්නේ දෙමළ, සිංහල සහ මුස්ලිම් ජාතික නිර්මාණකරුවන් එකට එක්ව නිර්මාණය කෙටි චිත්‍රපට මාලාවක පළමු පියරවලු! මෙය Trinco Creation ඉදිරිපත් කිරීමක්.
සිනමාලෝලී හැමෝටම Breathing Memories නරඹන්න ආරාධනා කරනවා! විශේෂයෙන්ම පහුගිය මාස කිහිපය තුළ අලුත් ලාංකීය කෙටි චිත්‍රපට ගණනාවක් අන්තර්ජාලයට නිකුත් වුණා. හැබැයි Breathing Memories ඒ හැම නිර්මාණයකින් බොහොම වෙනස් බව නම් නිසැකවම කියන්න පුලුවන්!
Starring – Akalanka Prabhashwara & Rashika Arulchelvam
Director/Writer – Sudath Abeysiriwardana
Producer – Vadamalai Rajkumar
Director of Photography – Kularuwan Gamage
Editor – Sankha Malwaththa
Music – Chinthaka Jayakody
Production coordinator – Anantha Ramanan
Choreographer – Pradeep Ramawickrama
Production Designer – Joshuah Heby
Art Director – Art Camp
Makeup Artist – Palitha Abelal
Assistant Director – Pramodh Edirisinghe
Production Manager – Chamara Gamaathige