Boomika (2021) Tamil by Peter Barthelot
ස්ටෝන් ෆෙන්ස් ෆිල්ම්ස් නිෂ්පාදනයයෙන් ott හරහා නිකුත් වුන ෆිල්ම් එක තමයි බූමිකා. රදීන්දිරන් ආර් ප්‍රසාද් විසින් අධ්‍යක්ෂණය කරන කර ප්‍රිත්වි චන්ද්‍රසේකර්, අයිශ්වර්යා රාජේෂ්, විදු හා අවන්තිකා රංගනයෙන් දායකත්වය ලබා දි ඇත. “බූමිකා” මේක නමක් මේ නමේ අර්ථය තමයි භූමිය නැත්නම් මේ මහ පොළව කියන එක. කතාවට සරිලන ටයිටල් එක. ඒ මේ පොළව බේරගන්න ඉපදුන මේ “බූමිකා” තමන්ට අනතුරක් වෙනකොට තමන්ම එයින් ගැලවීම සදහා මේ මහපොළව නිතරම සුදානමින් සිටියි. මහ පොලවෙන් බේරිමට අරගල කල යුත්තේ අපයි කියා සිනමාව මගින් අධ්යක්ෂ රන්දිරන් පවසා සිටිනවා.
ස්වභාවික වස්තුන් ආරක්ෂාකිරිම ගැන කෙලින්ම කතා කලොත් රසිකයන් එය පිලිනොගන්නා නිසා මෙය හොල්මන් චිත්‍රපටයක් ලෙස ඉදිරුපත් කර අත. නමුත් සමහර තැන්වල දෙබස් ටිකක් වාර්තාමය මුහුණුවරක් ගැනීම හා සුපුරුදු පරිදිම හොල්මන් චිත්‍රපටවල දැකිය හැකි කඳුකර ප්‍රදේශ, පාලු බංගලාව, සැක හිතෙන මුරකරු වගේ දේවල් පොඩි දුර්වලතාවයක් ලෙස දැකිය හැක.
ඌටි ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ වැඩකටයුතු සොයා බලන්නට යන විදු හා ඔහුගෙ බිරිඳ මනොවෛද්‍ය අයිශ්වර්ය ඇගේ සහෝදරිය , පුතු හා යෙහෙළිය . එදා රැයම මොවුන්ගෙ මිතුරෙක්ගෙන් යෙහෙළියට මැසේජ් වගයක් ලැබෙනවා. ගමනක් ගොස් එන විදු කියන්නේ ඒ යාලුවා අනතුරකින් මැරුනා කියල. එහේමනම් මෙ මැසේජ් කලේ කවුද ? මෙන්න මේ හරහා තමයි මේ චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ.
චිත්‍රපටය මුලුමනින්ම බූමිකා වටා යන කතාවක්. ආබාධිත දැරියක්ලෙස බූමිකාග් චරියතට පනපොවන්නේ අවන්තිකා. ඇයගෙ රංගනය නම් ඉහල තත්වයකින් දැකගන්න පුලුවන්.
ප්‍රිත්වි චන්ද්‍රසේකර්ගේ සංගීතය මේ ත්‍රිලර් ෆිලුමට හොද සහයක් ලබා දීල තියෙනවා.
මොනවා වුනත් මේ ෆිල්ම් එකෙ අනවශ්‍ය දීර්ඝ කිරිම් වලින් බහුලයි. පැය එකාමහරකට වගෙ කෙටි කරන්න පුලුවන් වුනනම් මීට වඩා සාර්ථකත්වයක් ලබා ගන්න තිබුනා. මොනවා වුනත් ස්වාභාව ධර්මයා හා මිනිසා අතර ඇතිවන ගැටුමට ස්වාභාව ධර්මය කෙසේ පිළිතුරක් දෙනවද ? මිනිසා මේ පොලොව රකිනවද නැත්නම් පොලොව තමන්ව තමන් විසින් රැකගන්නවාද කියන එක ත්‍රිලර් ෆ්ලුමක් විදියට පෙන්නල තියෙන එකගැන පැසසන්න ඕන දෙයක්.
පවුලේ සැවෝම එකට නැරඹිය හැකි හොද චිත්‍රපටයක් ලෙස කියන්න පුලුවන් .