සීතලට තුරුලු වෙමු වෛරයෙන් මිදිලාමාවතේ ඇදහැලෙන නිසරු ලේ දැකලාආයෙමත් සිපගන්න පපුව මැද ෂයිලා
බිඳක් නැවතී නුබේ සියොලගම රැදිලාසඳක් පායන දිනක් හිතක් මැද පිපිලාහොරෙන් ලංවෙමුද අපි අදුරෙ සැගවීලානුඹෙන් හැර ලෝකයක් කොහෙද මට ෂයිලා
වරක් හිනහෙන්න තව වරම් නැති වීලාමරක්කල හින්දු ලේ එකට ඉහිරීලාපරක්කුයි දැනටමත් අැයිද නැවතීලාතෙරක් පෙනෙනා තුරා දුරක් යමු ෂයිලා
80% liked this film Google users
“මනිරත්නම්” නම් වූ කවි අදින සිත්තරා , ජීවිත සමූහයක මානව සබඳතා අතර ස්ථාපිත ඛේදවාචකයන්ට ඈදුනු අදුරු සිහින තුල කිමිදෙන්නට තරම් වූ පුදුමාකාර අද්විතීය හැකියාවක් තියෙන පුදුමාකාර අති විශිෂ්ඨ සිනමා කරුවෙක් බව අමුතුවෙන් සදහන් කිරීමට උවමනා නැහැ. මනිරත්නම් විසින් මුල් කාලීන යුගයේ “Unaroo” , Mauna Ragam” , Nayakan , Idaya Kovil , Anjali , Geetanjali , Thalapathi වැනි සිනමාපට රාශියක් නිර්මාණය කර තිබූ නමුත් , ඔහු 1993 වසරේ නිර්මාණය කරන ලද “Roja” සිනමාපටය තුලින් තම සිනමා ජීවිත ගමනේ හැරවුම් ලක්ශයක් සනිටුවහන් කරගන්නවා… එනම් යුද්ධය ඛේන්ද්රගත වූ ප්රස්තුථ හරහා මානව සබදතා අතර රැදුනු දාරක ප්රේමයේ සිට විරුද්ධ ලිංගික ප්රේමය දක්වා දිවෙන සොදුරු මායිම් ස්පර්ශ කිරීමට දක්වන්නා ලද විශිෂ්ඨත්වයයි.
ඔහු රෝජා සමග තම සිනමා ගමනේ ඇති කරගන්නට සමත් වූ පෙරළිය , එතැනින් ඔබ්බට රැගෙන යාමට සමත් වෙන්නේ 1995 වසරෙහි ඔහු විසින් නිර්මාණය කෙරූ “Bombay” සිනමාපටය හරහා වීම බව අතශයින්ම පැහැදිලි කාරණයක්. මනිරත්නම්ගේ ඊළග සිනමාපටය වූ “Dil Se” 1998 හරහා ඔහු තම ආවේණික ප්රභල සිනමා ශෛලිය හා සිනමා භාශා හැසිරවීම දිගුවක් ලෙස ඉදිරියට ගෙන යාමට සමත් වෙනවා… “Roja” , “Bombay” , “Dil Se” යන සිනමාපට ත්රිත්වය අතර මැද කාලය තුල “Thiruda Thiruda” , “Iruvar” වැනි සිනමාපට නිර්මාණය වූවත් , මාර්ටින් වික්රමසිංහයන්ගේ “ගම්පෙරළිය” , “කලියුගය” , “යුගාන්තය” නම් වූ තුන් ඈදුතු නවකතා වගේම , මනිරත්නම් ගේ රෝජා , බොම්බේ , දිල් සේ යන සිනමා වෘතාන්ත ත්රිත්වය පවා එකිනෙකට පෑහෙන විලාසය කැපී පෙනෙන නිසාවෙන් , මෙම සිනමාපට තුන , තුන් ඈදුතු සිනමාපට ලෙස නම් කිරීම , මා ඉතා සාධරණ යැයි සිතමි.
Roja සහ Dil Se අතර මධ්යස්ථ වන ඔහුගේ අද්විතීයම සිනමාපටයක් වූ “Bombay” විශේෂ තැනක් උසුලන්නට පෙළබෙනවා. මන්ද යත් ඊට හේතුව ඔහු බොම්බේ හරහා ගොඩනගන්නා ලද වූ ප්රභල මානව කියවීම සිනමා භාශාවක් ලෙසින් හා සිනමා ආකෘතියක් ලෙසින් , සිනමාත්මක කදු පර්වතයක මුදුන මැදින් ඔහුටම ආවේණික ශෛලියකින් රදවාලන්නට ඔහු සමත් වීමයි.
“Arvind Swamy” සහ සුරූපී “Manisha Koirala” විසින් ශ්රේඛර් නාරායනන්ගේ හා ෂයිරා බානු ගේ චරිත තුලට සමාරෝපගත වී සිනමාවෘතාන්තය අපූර්වත්වයෙන් දෝවනය කරන්නට සමත් වෙනවා… ඒ සොදුරු මෙහෙයුමට සහය වෙන “Prakash Raj” , “Sonali Bendre” , “Tinu Anand” , “Akash Khurana” , “Nassar” ඇතුලු අති දක්ශ ප්රාත්ර වර්ගයක දායකත්වය අමතක කරන්නට බැහැ. “Rajiv Menon” ගේ කැමරා අැස දුටු සොදුරු සිතුවම් රැස රූප රාමු පෙලකින් විත් “Suresh Urs”ගේ සංස්කරණ මේසයෙන් අඩුවැඩිය පුරවාගෙන , “A.R Rahuman” නම් වූ සප්ත ස්වරයේ සුර දූතයාගේ මිහිරි නාදයෙන් නැහිවී , “Maniratnam” ගේ අති සාර්ථක මනනන්දනීය මෙහෙයුමක් ලෙසින් 1995 වසරේ කලඑළි බහින්නට හැකියාව උදාකරගන්නවා. ඒ එතෙක් මෙතෙක් ලෝක සිනමාව තුල සදා අමරණීය මතකයක් බවට පත්වෙන සර්වකාලීන විශිෂ්ඨ සිනමාපටයක් බවට පත්වෙමිනි.
Tu Hi Re… , Kahna Hi Kya , Hamma Hamma , Ekk Ho Gaye Hum වැනි අපූරු ගීත රාශියක් හා විශිෂ්ඨ සිනමා පසුබිම් සංගීතයක් මෙහි ඇතුලත් වන අතර , මනිරත්නම් හා රහුමාන් ගේ අපූරු සුසංයෝගය දැක ගන්නට ලැබුණු තවත් එක සාර්ථක සිනමා නිර්මාණයක් ලෙස බොම්බේ නම් කළ හැක.
ජන වාර්ගික ජාති කෝලහාල මත ගොඩනැගෙන නිසරු අනුවණ අඳුරු ඛේදවාචකයක් සම්බන්ධව ඉතා ඉහල සිනමාරූපී වියමණකින් දිගහැරෙන “බොම්බේ” සිනමාපටය විශේෂය වනුයේ , එම ජන වාර්ගික ජාතිබේද කෝලහාලයන් තුල ගැබ් වූ මානව සහසම්බන්ඳතාවයේ පලුඳු වීම් හා අන්යාවබෝද නොවූ නිසරු සමාජීය අරුථ්සුන් හේතුකාරණා විමසීමකට ලක්කරමින් ප්රශ්ණාර්ථ ගොන්නක් ප්රේක්ශකයා අභියස රදවාලන්නේ , ජාතීන් දෙකක තරුණයෙකු හා තරුණියක් වටා ගොඩනැගෙන ප්රේම වෘතාන්තයක් ක්රේන්ද්රගත කරගත් නිසාවෙනි.
“රැය කෙතරම් කලුවර දැයි යන්න තේරුම් ගන්නටනම් , අද අමාවකම විය යුතුයි.”



“සඳ කෙතරම් සොදුරු දැයි යන්න තේරුම් ගන්නටනම් , රැයම උදාවිය යුතුයි”



“රැය නිමා වී ලොවම එළි වෙන්නටනම් , සඳට සඳක් , සඳට සඳක් , සඳට සඳක් හා සඳට සඳක් , අහස කරා පැමිණෙන්නටම අවශ්යයි”




මනිරත්නම් ඒ සිස්ටම් එක හරියටම දන්නවා සහ ඒක හරියටම සිනමාව තුල ගොඩනගනවා… ඒක හරි අපූරු සොදුරු ක්රියාවලියක්.
ශ්රේඛර් කියන්නෙ තමිල්නාන්ඩුවේ වෙරළබඩ ගම්මානයක අති සාම්ප්රදායික පවුලක තරුණයෙකු ලෙස උත්පත්තියකට උරුම කම් කියා ඉගෙනුම සදහා බොම්බාය කරා ආගමනය වන පුද්ගලයෙක්. ඕතඩොක්ස් හින්දු නාරායන පිල්ලෙයිගේ පුතෙක් වන ඔහු පුවත්පත් කලාවේදියෙකු වන අතර , නැවත සිය පවුලේ අය සමඟ සිටීම සඳහා නිවසට පැමිණේ. ඔහු ආපසු එන එක් සංචාරයකදී, ගමේ මුස්ලිම් පාසල් සිසුවියක් වන ලැජ්ජාශීලී යුවතියක් මුණ ගැහෙනවා…
මීදුමෙන් වැසී ගිය කදුපෙලක මතකයක්හීතලෙන් ලංවෙලා ඇගේ ඇහි බැමි අතරපුදුමයෙන් මත් නොවී කෙසේ මගහරින්නදසලුවකට මුවා වුන ඇගේ අැහි පියන් යට
ෂයිරා………ඇගේ නම ෂයිරා බානු. ඔව් මුස්ලිම් තරුණියක්. ෆර්දාවෙන් අඩක් වැසුනු සදට නොදෙවෙනි සොදුරු වත මඩල , තරුත් පරදින දෑස්වල බැල්ම , හොරෙන් හිනහෙන දසන් මුතු වැස්ස , රෝස පෙති අගට පිනි බින්දු වැටුණ , දෙතොල් සියමැලිද මට බලන්නට අවසර…………….
ඔව් , ශේඛර්ට ඇය ගැන එහෙම නොසිතෙන්නට කිසිම හේතුවක් තිබෙන්නට පුලුවන්ද ? මන්ද යත් එයට ඇති එකම එක හේතුව ෂයිරා බානු යනු ,මනීෂා කොයිරාල වීමය.
මනීශා කොයිරාල කියන සූරූපී නිළියගේ අසීමිත හැකියාව ඉස්මතු කරගැනීමට හා වැඩ ගැනීමට හැකි වූ විශිෂ්ඨතම අධ්යක්ශකවරයා මනිරත්නම් බව අවිවාදාත්මකව පිළිගත යුතු කාරණයක්. බොම්බේ යනු මනීශාගේ රංගන ප්රතිභාව ප්රබලවම පෙන්නුම් කිරීමට හැකි වූ පළමු සිනමාපටයයි. ඊට පෙර ඇය වට්ටෝරු සිනමාවේ අහිංසක පෙම්වතියක් පමණයි. ඇගේ සොදුරු මුහුණෙහි සැගවුනු ගුප්ත හැගීම් ප්රක්ශේපණය තුලින් සිනමාපටය සදහා වෙනමම වර්ණයක් හා තේමාවක් එකතු කරගැනීමට හැකි වුනු හොදම සිනමාකරුවා මනිරත්නම් බව නොරහසක්. “Dil Se” තුල ප්රබල වශයෙන්ම ඒ ගුප්ත භාව ප්රකාශණය ඉස්මතු වී ඇති බව දක්නට ලැබෙනවා…
කෙසේ හෝ හින්දු ජාතික ශේඛර් සහ මුස්ලිම් ජාතික ෂයිරා අතර ප්රේමයක් ඇතිවෙනවා… ඔව් , සුපුරුදු පරිදි ඔවුන් දෙදෙනාට දෙමාපිය දෙපාර්ශවයෙන්ම වැට කඩුලු වැටෙන එක අහන්නත් දෙයක්ද . නමුත් ඔවුන් දෙදෙනා එකතු වෙනවා… මේ ආදරණීය නිර්භීත යුවල වෙසෙන සොදුරු නිවහනට , “කබීර්” සහ “කමල්” නමින් නිවුන් පුතුන් දෙදෙනෙකු සම්ප්රාප්ත වෙනවා… ඉතින් මේ පුංචි පවුල තුල පුදුමාකාර විදියට සෙනෙහස දලුලමින් වැඩෙන ආකාරය නම් හරිම ප්රශංසනීයයි. මේ කාලය අතරතුරම ඉන්දියාවේ හින්දු මුස්ලිම් ජාතිවාදී කෝලහාල දරුණුවටම ඇවිලෙන්න පටන් ගන්නවා… රටේ හතර දිග්භාගයම නිසරු ඛේදවාචකයන්ගෙන් ඇවිලී යනවා… ඉතින් ශේඛර්ට හා ෂයිරාට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්නට සිදු වෙයිද ???
අදටත් ලෝකයේ සියලු ජාතීන්ට පූර්වාදර්ශයක් ලෙස සර්වකාලීන වූ , ජාතික හා අන්තර්ජාතික සම්මාන රාශියකට හා විචාරක , ප්රේක්ශක පැසසුම් මැද ඉහල තලයක වැජඹෙන මේ විශිෂ්ඨ සිනමා කාව්ය , ශ්රී ලංකාව නම් වූ අපේ පුංචි දූපත තුළ පවා ජාතීන් අතර තිබෙන්නා වූ මානව සබඳතා දුර්වල කම් හා ජාති බේද ආදිය තුරන් කිරීම වෙනුවෙන් ඉවහල් වෙන සිනමා පටයක් ලෙස නම් කිරීම , සාධාරන නොවන්නේද ?
“BOMBAY” 1995 ( Maniratnam ) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම , අද්විතීය සිනමා නිර්මාණයක්.
Release date: March 11, 1995 (India)
Language: Tamil