Black Widow (2021) English | Sinhala Article

Black Widow (2021)

 

කොරෝනා නිසා කල් ගිහින් ගිහින් අන්තිමට ඔන්න ෆිල්ම් එක එලියට ආවා.සාමන්‍යෙන් marvel ෆිල්ම් බලන්න ආසාවෙන් ඉදපු හැමෝටම මේක ලොකු ආරන්චියක්. මොකද avengers end game එකේ හැමෝම බලපු අපරාදෙ කියල හිතුනු කොටස් ටිකක් තියනව. ඒව අතරින් ලොකු තැනක් ගන්නව නටාශගෙ මියයෑම. ඉතින් හැමෝම හිතුවෙ එතනින් එහාට ආයෙ black widow marvel එකෙන් බලාගන්න වෙන් නැතිවෙයි කියන එක. ඒත් ටික කාලෙකින් marvel එක conformed කරා නටාශගෙ lifes story එකක් විදියට ෆිල්ම් එක realese කරනව කියල.කොහොම හරි ෆිල්ම් එක මේ වෙනකොට ගොඩක් අය බලල ඇති.

Story එක පැත්තට හැරුනොත් super soldier කෙනෙක් සහ widow කෙනෙක් වෙන ඇලෙක්සි සහ මෙලීනා දෙන්නගෙ සුලු දරුවන් තමා නටාශා සහ යෙලේනා කියන්නෙ. ඔව්න් වැඩ කරේ ජෙනරල් ඩ්‍රෙකෝට. පොර කවුද කියල කට්ටිය දන්නවනෙ. shield එකේ පොඩි කේස් එකක් එක්ක මේ පවුලම කියුබාවට පැනල යනව. එතනදි නටාශට සහ යෙලේනට හදාගත්ත අම්මයි තාත්තගෙනුයි අයින් වෙලා ඩ්‍රෙකෝගෙ red room එකේ ට්‍රේනින් වෙන්න වෙනවා widow ල විදියට. කොහොම හරි නටාශ ඒකෙන් පැනල ගිහින් ඩ්‍රෙකෝව මරන්න ප්ලෑන් කරනව. බොම්බ පිපිරීමක් කරල ඩ්‍රෙකෝවයි එයාගෙ දුවවයි මැරුව කියල හිතුවට කාලයක් එක්ක ඩ්‍රෙකෝගෙ mind controling chemical gas එක ආයෙත් තැන් තැන් වල widow ලව කොන්ට්‍රෝල් කරනව කියල හෙලි වෙනවා. යෙලේනාත් red room එකේ ඉදල හදිස්සියෙ උන දේකින් එයාගෙ mind controlling chemical එක අයින් වෙනවා. එතන ඉන්න අනිත් කෙල්ලො ඔක්කොමත් බේර ගන්න යෙලේනා තමන්ගෙ කුඩාකාලේ හිටිය අක්කගෙන් උදව් ඉල්ලනවා.

ඔය කියන කාලෙ Civil war එක වෙලා avengers team එක වෙන් වෙලයි ඉන්නෙ.හරියටම 2016 වගෙ.ඉතින් තමන් මැරුව කියල හිතපු ඩ්‍රේකෝව,තමන්ව හදා ගත්ත අම්මව තාත්තව හොයන් නන්ගි එක්ක මේ Red Room එකේ ඉන්න අනිත් කෙල්ලන්ව නටාශා කොහොම බේර ගනීද? ඇත්තටම ඔය කියන Red Room එක මෙච්චර කල් හැන්ගිල තිබ්බෙ කොහොමද? ඒකත් බලන්න වටිනම දෙයක්. Super Soldier කෙනෙක් සහ Widow ල තුන් දෙනෙක්. ඇත්තටම ඒක නිකන් family mission එකක් වගේ.

ඩ්‍රේකෝට අමතරව තව සුපිරි villain කෙනෙකුත් බලා ගන්න පුලුවන් ෆිල්ම් එකේදි අපට.ඒ වගේම ආදරය,තම පවුල වෙනුවෙන් කරන කැපකිරීම්,සහෝදර බැදීම් (අක්ක නන්ගි) බලා ගන්න පුලුවන්. ගොඩක් ෆිල්ම් එකේ කට්ටියගෙ ඇහ යෙලේනට ගිහින් තිබ්බ.  End Credit seen එක්කුත් තිබ්බ. ඒක ඊලගට marvel එකේ Hawkeye එකට තමා සෙට් වෙන්නෙ. මොකද end game එකේ නටාශගෙ මරනෙට හේතුව clint barton කියල තමා යෙලේනා හිතන්නෙ. marvel එකේ new avengers team එකට යෙලේනත් අනිවාරෙන් සෙට් වෙයි නටාශගෙ අඩුව පුරවන්න.

සමස්තයක් විදියට ෆිල්ම් එක හොදයි. හැබැයි එහෙම වෙන්න කොහොමටවත් බෑ කියල හිතිච්ච පට්ට කොටස් ගොඩක් තිබ්බ. IMDb rate එක 6.9/10 තාම තියනවා. Scarlett, Florence, David, Rachel, Olga, fagbenle වගෙ අය චිත්‍රපටයට සම්බන්ද වෙලා තියනවා.Widow අක්කව බලන අවසාන අවස්තාවත් මේක වෙන්න පුලුවන්.අනිවාරෙන් නොබලපු අය බලන්න.

සoදීප ලක්ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *