Bhawatharana (2021) Sinhala by Rohan Senevirathne
සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂක මනසට යමක් දිය හැකි පනිවිඩයක් වේ නම් එම සිනමා නිර්මාණය සැබැ සාර්ථක සිනමා නිර්මාණයක් බව පැහැදිලිය.
ශ්‍රි ලංකාවේ රජ කල. කිර්ති ශ්‍රි රාජසිංහ රජු රාජ්‍ය කල අවධියේදී සිදුවූ රාජ්‍ය කුමන්ත්‍රණයක් පිලිබඳව අතීත සිදූවීම් අතර දෝලනය වෙන්නා වූ වර්තමාන යුගයේ එක්තරා සංසිද්ධියක් සිනමා රූපීව ගලපන්නට ගත් සාර්ථක ප්රයත්නයක් ලෙස දේවින්ද කෝන්ගහගේ නවක සිනමාකරුවාහේ “භවතරණ“සිනමා පටය මම දකිමි.
මෙම සිනමා පටය තිරයට එන්නේ අභියෝග රැසක් මැදය
කොවිඩ් වසංගතය නිසා වසර දෙකක් පමන වසා දමා තිබූ සිනමා ශාලාවල මුලින්ම තිරගත වන චිත්‍රපට තුන අතර “භවතරණ”සිනමා පටයද වේ.
මේ සිනමා නිර්මාණය රුපගතවී වසර කිහිපයක් ගත වී ඇතද,මෙවන් ව්‍යසනකාරි වාතාවරනයක් මැද එවැනි සමාජ පසුබිමක මේ චිත්‍රපටය තිරගත කිරීමට එහි නිෂ්පාදකවෙරුන් ගත් අභීත තීරණයට සැබැ සිනමා රසික අප හිස නමා ආචාර කල යුතු වෙමු. මොවුන් නම් සිංහල සිනමාවේ පෝෂනයට උර දෙන සැබැ කලාකාමීන් බව අප පිලිගත යුතුය.ඔවුන්ව අප සිනමා කලාවේ හෙට දින වෙනුවෙන් රැකගත යුතු වෙමු.
මෙම චිත්‍රපටයෙන් මතුවෙන්නේ නිර්මල බුදු දහමේ වටිනාකමය.බුදු දහමේ හරය මැනවින් රිදීතිරය මත විවරණය කරන්නට මේ සිනමාකරුවා සමත් වී ඇත.
චරිත නිරූපනයන් ගැන බලන විට නිළි රැජිණ මාලිනියගේ රංගනය මේ චිත්‍රපටයට ආලෝකයකි. එම රංගනයෙන් ඇයට චිත්‍රපටය පුරා කල හැකි කිසිවක් නොමැති වූවත්,ඇයගේ රංගනය සිනමා රසික අපගේ නෙත පිනවයි. ප්‍රවීන රංගවේදීන් වන ශ්‍රියන්ත මෙන්ඩිස් තම රංගනයට උපරිම සාධාරනයක් කරමින් එය ප්‍රේක්ෂකයින්ට මනා සේ දනවයි.භික්ෂූන් වහන්සේ නමක් ලෙස රංගන ශිල්පී චන්දික නානායක්කාර ඉතා සංයමයකින් තම චරිතය ග්රහනය කර ගැනීම ප්‍රශස්තය. මහේන්ද්‍ර පෙරේරා,රොෂාන් පිලපිටිය අගය කල යුතු රංගනයන් ඉදිරිපත් කිරීමට සමත් වී ඇත.නවක නළුවෙකු ලෙස සජීව රාජපුත්රද තම චරිතයට මැනවින් ප්රවිශ්ට වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
නවරත්න ගමගේ සංගීතවේදියාගේ සංගීතය චිත්‍රපටයේ රිද්මය ඉතා හොඳින් අවබෝධ කර ගෙන තියෙන්නේය. සිනමා සංගීතයක කතා තේමාවට සැසඳෙන භාවාත්මක සංගීත රටාවක් නිර්මාණය වී ඇත.
මේ සිනමා පටය නැරඹීමට මංගල දර්ශනයට ආරාධනා ලැබුනත්, අවාසනාවට නොවැලැක්විය හැකි හේතුවක් නිසා මා හට එම සුන්දර සිනමා මිහිර එදා විඳ ගැනීමට අවස්ථාව ලැබුනේ නැති බව සඳහන් කරන්නේ දේවින්ද කෝන්ගහගේ සිනමා නිර්මාණ ශිල්පියාගෙන් සමාව යදිමිනි. එහෙත් ඊට දින දෙකකට පසු දළුගම කන්ට්‍රාස් සිනමාශාලාවෙන් මා චිත්‍රපටය නැරඹුවෙමි. එම සිනමාශාලාවේ ප්රක්ෂේපන යන්ත්‍රයේ තිබෙන දුර්වල තාවය නිසා චිත්‍රපටයේ නියම ආලෝකය රිදී තිරයේ පිලිඹිඹු නොවුනි. මෙවන් සිනමාශාලා නිසා සිනමා ප්රේක්ෂයින් තව තවත් සිනමාවෙන් ඈත් වීම වලකා ලිය නොහැක. මේවා ගැන සොයා බලන්නේ කවුරුහුද?කියා මට සිතුනි.
හොඳ චිත්‍රපටයකට ප්‍රචාරය අත්‍යවශ්‍ය වුවත්,එදීන චිත්‍රපටය නැරඹීමට ඕ.ඩී.සී.ආසනයන් හී සිටියේ මා ඇතුලුව ප්රේක්ෂයින් පස් දෙනෙක් පමනි. අපේ සිනමාවට ගිය කලක් කියා මා හට සිතුනි. හසරක් නැති හරසුන් ටෙලි නාටක, සමාජ ජාලා විප්‍රයෝග විසින් බහුතර සිනමා ප්‍රේක්ෂක රසඥතාවය මොට කර තිබෙන නිසා හොඳ සිනමාකරුවෙකුගේ නිර්මාණයකට තැනක් නොමැති වුවද, මේ චිත්‍රපටය අන්තර් ජාතික චිත්‍රපට උලෙලවල් දෙකක් ශ්‍රිලංකාව නියෝජනය කරමින් හොඳම චිත්‍රපටයක් ලෙස සම්භාවනාවට පාත්‍ර විම සැබැ සිනමා රසික අපගේ සතුටට හේතු වේ.
නිර්මල බුදු දහමේ හරය තේරුම් කර දෙන ඉතා උසස් සිනමා නිර්මාණයක් ලෙස “භවතරණ”මා දකිමි.
මෙවන් හොඳ සිනමා නිර්මාණයක් සිනමා ප්‍රේක්ෂකයින්ගේ අවධානයට යොමු විය යුතුය. සැබැ සුන්දර සිනමාවක් සොයන ප්‍රේක්ෂකයා “භවතරණ”නැරඹිය යුතුමය. මෙවන් නිර්මාණ කරමින් සිනමාව පෝෂනය කරන නිෂ්පාදකවරුන් සැබැ සිනමා ප්‍රේක්ෂකයා විසින් රැක ගත යුතුය.
සිනමා පටයේ විවේචන පුටුවක හිඳ නරඹා ලිවීම ඉතා පහසු කටයුත්තක් වූවත්, මෙවන් නිර්මාණයක් විශාල පිරිවැයක් දරා නිපදවීමට ගත් වැයමට අප එම චිත්‍රපටයේ ශිල්පීන්ට හිස නමා අචාර කල යුතු වෙමු.
අර්බුදකාරි තත්වයක් මැද තිරයට ආ මේ සිනමා පටයට ත්‍රිවිධ රත්නයේම පිහිට ලැබේවා
මේ චිත්‍රපටයෙන් ගලා යන්නේ බුදු දහමේ පනිවිඩයයි.
“බවතරණ”චිත්‍රපටයට ජයෙන් ජය වේවා.