Best vocalist in the world by Anuja Wickramasingha
තමන්ගේ ගීතයක්, තමන්ටත් වඩා හොඳට වෙන කෙනෙක් ගායනා කරනවා කියලා ලෝකයක් කියද්දී මොන වගේ හැඟීමක් ඇති වෙනවා ඇත්ද.
Dimash Kudaibergen ව ඔහුගේ රසිකයින් විසින් හඳුවන්නේ Best vocalist in the world කියලා.
කට කහනවට කියන කතාවක්ම නෙවෙයි,dimash කියන්නේ ලේසියෙන් මනුස්සයෙක් ට යන්න බැරි රේන්ජ් එකකට ගිහිං,හොඳ පාලනයක් ඇතුව සිංදු කියන කෙනෙක්.සංගීතය ගැන දැනුමක් තියෙන්න ඕනම නැහැ, ඒ ගායනා අහගෙන ඉඳිද්දී තේරෙනවා මේක හැම මනුස්සයෙක්ටම කරන්න බැරි වැඩක් කියලා.Dimash ගැන වැඩියෙන්ම කතා බහට ලක් වෙන්න එක හේතුවක් තමයි Opera 2 කියන සිංදුව.
“singer” කියන චීන ටීවී ශෝ එකකදී පළවෙනි වතාවට ඩිමාශ් මේ සිංදුව කියද්දී ප්‍රේක්ශකාගාරය හෙල්ලිලා යනවා. Opera 2 සිංදුවේ මුල් අයිති කරු Vitas කියන ගායකයා.සමහරු කියන විදිහට නං විටාස් Opera 2 සිංදුව කියද්දී යන රේන්ජ් එක පහු කරලා ඩිමාශ් යනවා.සරලවම කියනවා නං ඩිමාශ්, විටාස් ට වඩා හොඳට විටාස් ගේම සිංදුව කියනවා.
මේ ටීවී ශෝ එකේදී වගේම තවත් තැනකදී ඩිමාශ් විසින් මේ ගීතය ගායනා කරනවා.
ඊට පස්සේ ඩිමාශ් ට විටාස් ගෙන් නීතීඥයකු හරහා ලියුමක් එනවා.ආයේ කවදාවත් vitas ගේ කිසිම ගීතයක්,කිසිම ප්‍රසංගයකදී
ඩිමාශ් ට කියන්න තහනම් බව කියන නීතිමය ලියවිල්ලත් එක්ක.
මේකට හේතුව විදිහට ලියුමේ සඳහන් වෙන්නේ නම් ඩිමාශ් නිසි අවසරයකින් තොරව විටාස් ගේ Opera 2 ගීතය ප්‍රසංග දෙකකදී ගායනා කර නිසා කියලයි.
” With dolphin vocal sound and cute face, Kazakhstan singer Dimash went popular in Chinese TV show “Singer”. However, he received a lawyer’s letter from Vitas which fobid him singing Vitas’s any song in any show. The reason is that Dimash sang the cover version of Vitas’s Opera 2 in the show “Singer” and the Global Chinese Spring Festival Gala without permission or authorization, a song written by Vitas when he was 18 and is also the debut song in the Kremlin when he was 19.
Resource | IPR Daily
ඒත් ප්‍රේක්ශක ප්‍රතිචාර පැත්තෙන් බැලුවහම විටාස් ට වඩා ඩිමාශ් ඉදිරියෙන් ඉන්න එකත් මේකට හේතුවක් වෙන්න බැරි නැහැ.
විටාස්ට වයස අවුරුදු 18ක් වෙද්දී නිර්මාණය කරලා අවුරුදු 21දී එළිදක්වපු මේ අග්‍රගණ්‍ය ගීතය මුළු ලොකයක්ම වසඟ කල සහ පුදුම කල ගීතයක්.අභියෝගයක් විදිහට බාර අරගෙන ගායනා කරන්න කියාපු සිංදුවක්.
ලංකාවේ අපේ කෙනෙකුත් Opera 2 සිංදුව කිවුවා රියැලටි වේදිකාවක.
Original version by Vitas
Dimash performance
Hiran omkar performance – Sri Lanka