Bengale Literature to Cinema part 1 by Madushi Jayasundara
**බෙංගාලි සාහිත්‍යයෙන් සිනමාවට – ලිපිය 1**
“සාහිත්‍ය” යනු නිශ්චිත අර්ථ කථනයක් දිය හැකි යමක් නොවෙයි, මන්ද, පුද්ගලයකුගෙන් ගෙන් පුද්ගලයෙකුට සාහිත්‍ය පිලිබදව ඔවුන් දරනා අදහස් එකෙනෙකට වෙනස්වන බැවිනි. සාහිත්‍ය යනු,විශේෂයෙන්ම උසස් සහ වටිනාකමක් සහිත කල් පවත්නා කලා කුසලතාවයකි.අභිප්‍රායන්ගෙන් කැපී පෙනෙන කාව්‍ය හා ගද්‍ය කෘති සඳහා මෙම නම සාම්ප්‍රදායිකව භාවිත කරයි. කිසියම් වස්තු බීජයක් මත පදනම්ව එයට දැනුම,සංස්කෘතිය,භාශා භාවිතය,එහි ගොඩනගා ඇති ශෛලිය සහ තවත් දේ සහිතව පාඨකයා වෙත කියවුමට ගෙනයන සාහිත්‍ය – “ලේඛන සාහිත්‍යය” ලෙස මා හදුනමි.නමුත් මුද්‍රිත හෝ ලිඛිත සියලුම දේ තුලත් සාහිත්‍ය අඩංගු නොවෙයි.” ලිඛිත දෑ මහා සාගරයක් තරම් නම් “සාහිත්‍ය” ය යනු ඉන් ගත් දියදෝතක් තරම් අල්පයක් බව මා කියවා ඇත්තෙමි.
සාහිත්‍යයේදී,දේශීය සාහිත්‍ය මෙන්ම ලෝක සාහිත්‍යයත් අප විසින් පොත පත ඇසුරෙන් පරිශීලනය කරනු ලබයි.කෘතියක් ලෝක සාහිත්‍යයක් ලෙස සලකන්නේ එය, උපන් රටෙන් ඔබ්බට සංසරණය වීම බව බොහෝ විද්වතුන් ප්‍රකාශ කරනා දෙයකි.අතීතයේදී ලෝක සාහිත්‍යයේ,මූලික වශයෙන් කථාබහට ලක්වූයේ, බටහිර යුරෝපීය සාහිත්‍යයේ විශිෂ්ඨතම කෘති ගැන ය.අදටත් එය බොහෝ දෙනා පිලිගන්නා කාරනයකි.
ලෝකය තුල මුල්බැසගත් නිර්මාන මෙන්ම සාහිත්‍යවේදීන් විශාල ප්‍රමනයක් සිටිනා අතර,සාහිත්‍යමය වටිනාකමක් සහිත කෘතීන් ඇසුරෙන්,ගොඩනගනා ලද,කලා නිර්මානද බොහොමයක් වෙයි.ප්‍රබන්ධ හෝ ප්‍රබන්ධ නොවන කෘති ඇසුරෙන්,වේදිකා නාට්‍ය,ටෙලි සහ වෙනත් නාට්‍යයන්,සිනමා පට,කවි,ගීත ,වැඩසටහන් වැනි බොහෝ නිර්මානයන් එදා සිට අද දක්වාම ලෝකය තුල බිහිවෙමින් පවතී.
අපගේ අසල්වැසියා වු, ඉන්දියානුවන්ගේත් සාහිත්‍ය කලාවන්,අප විසින් අතීතයේ සිට වර්ථමානය දක්වා,වැළදගනිමින් සිටින අතර,ඔවුන්ගේ නවකථා සහ සිනමාපට පිලිබදවත් වැඩි ඇල්මක් අප තුල පවතී.ඉන්දියානු සාහිත්‍ය තුලදී, කාගේත් වැඩි අවධානය යොමුවී ඇත්තේ,බෙංගාල සාහිත්‍ය නිර්මානයන් ගැනයි.බෙංගාල සාහිත්‍යය, 10 වන සියවසටත් පෙර,ඈත අතීතයේ සිට පැවතආවක් ලෙස සැලකෙන අතර,එය පෞරාණික, මධ්‍යතන හා නූතන ලෙස ප්‍රධාන කාල තුනකට අයත් වේ.(පුරාණ කාලය 650-1200 දක්වා, මධ්‍යකාලීන යුගය 1200-1800 සිට සහ නූතන කාලය 1800 සිට වර්තමානය දක්වා)
බෙංගාලි සාහිත්‍යයේ දැනට පවතින පැරණිතම කෘතිය නම් 10 වන සහ 11 වන සියවස් දක්වා දිවෙන,පැරණි බෙංගාලි භාෂාවේ රචිත, බෞද්ධ ගුප්ත ගීත එකතුවක් වන **”චර්යපාදය”** යි.පද්‍ය සහ හින්දු ආගමික ග්‍රන්ථ,ඉස්ලාමීය වීර කාව්‍ය සහ අරාබි, පර්සියානු සහ සංස්කෘත ග්‍රන්ථ වල පරිවර්තන ඇතුළු විවිධ කාව්‍ය ප්‍රභේද වලින් සමන්විත වු බෙංගාලයේ,, “නවකථා” හදුන්වාදෙනු ලැබුයේ, 19 වන සියවසේ මැද භාගයේ දීය.නොබෙල් ත්‍යාගලාභී **”රබීන්ද්‍රනාත් තාගෝර්”** බෙංගාලි සාහිත්‍යයේ ලොව ප්‍රසිද්ධ චරිතය වේ.ආගමික භක්තිය සහ බ්‍රිතාන්‍ය පීඩනයට එරෙහි කැරැල්ල ඇතුළත් තේමාවන් සහිත විශාල කවි හා සංගීත නිර්මාන කල**”කැරලිකාර කවියා” **ලෙස හැදින්වූ,**කාzසි ඉස්ලාම් නස්zරූල්** ද බෙංගාල සාහිත්‍යයේ වර්ධනයට කැපවූ අයෙකි.
බංකීම් චන්ද්‍ර චැටර්ජිගේ “වන්දේ මාතරම්” ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ දී, ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර ඔහුත් ඉන්දියානුවන්ගේ,ගෞරවයට පාත්‍ර වූ සාහිත්‍යවේදියෙකි.සරත් චන්ද්‍ර චට්ඨෝපදාය, 20 වන සියවසේ මුල් භාගයේ බෙංගාලි නවකතාකරුවෙකු සහ කෙටිකතා රචකයෙකු ලෙස සාහිත්‍ය උදෙසා විශාල සේවයක් කල සාහිත්‍යධරයෙකි.ඔහුගේ බොහෝ කෘතීන් ඔස්සේ,ග්‍රාමීය මිනිසුන්ගේ ජීවන රටාව, ඛේදවාචක සහ අරගල මෙන්ම බෙංගාලයේ එකල පැවති සමකාලීන සමාජ භාවිතයන් ගැන හෙලිදරව් කලේය.එමෙන්ම විභූති භූෂන බන්දෝපධ්‍යාය යනුත්,බෙංගාල සාහිත්‍යයේ නිර්මානවේදීන් බොහොමයක් දෙනා අතර සිටි තවත් විශිෂ්ඨයෙකි.
මෙම බෙංගාලි සාහිත්‍ය විසින්, ඉන්දියානු සිනමාව උදෙසා විශාල සේවයක් කල අතර,බෙංගාල සිනමාවට මෙන්ම,හිංදි,සහ දකුනු ඉන්දීය සිනමා කර්මාන්ත සදහාද,බෙංගාලයේ සාහිත්‍ය කෘතීන් රැසක් ඉවහල්විය.එයින් සිනමාව ඔස්සේ සමාජටය,ලෝකයට බලපෑම් කල හැකි,වැදගත් සහ වටිනාකමකින් යුතු චිත්‍රපට අතීතයේ නිශ්පාදනය වූවා මෙන්ම අද දක්වාත් ඒවාගේ ප්‍රතිනිර්මානයන්, අනුවාදනයන් බිහි වෙමින් පවතී.
සිනමාව සහ සාහිත්‍යය යනු, එකිනෙකට වෙනස් කෘති දෙකකි.18 සහ 19 වන සියවස් වලදී සාහිත්‍යය ඉතා ජනප්‍රිය ප්‍රකාශන මෙවලමක් වූවත්, සිනමාව, 20 වන සියවස වන විට,රටේ වැඩි බලයක් තහවුරු කරගන්නට සමත්වුනි. මේ කලාවන් දෙකටම යම් යම් සම්බන්ධකම් හා වෙනස්කම් තිබුණත් එහිදී පාඨකයින්/ප්‍රේක්‍ෂකයින් වෙනස් ලෝකයකට ගෙන යාමේදී,මෙම මාධ්‍යන් දෙකෙහිම සමානකම් තිබේ.
සිනමාවේදී දේව්දාස්, පරිනීතා හෝ කාබුලිවාලා වැනි අනුවර්තනයන් වඩාත් සුලභ හා පිළිගත් ඒවා වන අතර, බෙංගාලි සාහිත්‍යය ඇසුරෙන්,නිර්මානය වූ තවත් වැදගත් චිත්‍රපට ගණනාවක් තිබේ.නවකතා, කෙටිකතා, කවි සහ බොහෝ දේ පදනම් කරගත් චිත්‍රපට මෙයට ඇතුළත් ය. රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සිට සරත් චන්ද්‍ර චතෝපාධ්‍යාගේ සිට අශුතෝෂ් මුඛෝපාධ්‍යාගේ සිට අශුතෝර් දේවිගේ සිට සුභෝද් ඝෝෂ් දක්වා වූ සාහිත්‍යවේදීන්ගේ නවකථා ඔස්සේ ගොඩනැගූ සිනමා නිර්මාන කිසිදා අපට අමතක කල නොහැක.නවකථා ඇසුරෙන් ආභාෂය ලැබූ ප්‍රධාන ඉන්දීය චිත්‍රපට බොහොමයක් අතුරෙන්,මෙම ලිපිය ඔස්සේ,චිත්‍රපට කිහිපයක පමනක් තොරතුරු අද බෙදාගන්නම්,.
## Devdas -By Sarat Chandra Chattopadhyay
බෙංගාල සාහිත්‍ය ඇසුරෙන් කල චිත්‍රපට අතර හැමකෙනෙක්ටම මුලින්ම මතක් වෙන්නේ,**”දේව්දාස්”** චිත්‍රපටයයි.දේව්දාස් නවකථාවෙහි ,දේව්දාස් යනු,1900 ගණන් වල මුල් භාගයේ ඉන්දියාවේ ධනවත් බෙංගාලි බ්‍රාහ්මණ පවුලක තරුණයෙකි.පාර්වතී (පාරෝ) යනු මධ්‍යම පන්තියේ බෙංගාලි බ්‍රාහ්මණ පවුලක තරුණියකි. මෙම පවුල් දෙක ජීවත් වන්නේ බෙංගාලයේ තල්ෂොනපූර් නම් ගම්මානයේ වන අතර දේව්දාස් සහ පාර්වතී ළමා වියේ මිතුරන් ය.ඔවුන්ගේ ලමා වියේ මිතුදමත්,යොවුන් වියේ ආදරයත්,ඔවුන්ගේ වෙන්වීමත් අතර දිවෙනා,මෙම දේව්දාස් නවකතාව බෙංගාලි, හින්දි, තෙළිඟු, දෙමළ, උර්දු, ඇසෑම් සහ මලයාලම් ඇතුළු බොහෝ ඉන්දියානු භාෂාවලින් චිත්‍රපට බවට පත් කර ඇත.
* Devdas (1936) | P C Barua | K L Saigal, Pahari Sanyal, Jamuna Barua
* Devdas (1955) | Bimal Roy | Dilip Kumar, Suchitra Sen, Vyajantimala
* Devdas (2002) | Sanjay Leela Bhansali | Shahrukh Khan, Aishwarya Rai, Madhuri Dixit
* Dev D (2009) | Anurag Kashyap | Abhay Deol, Mahie Gill, Kalki Koechlin
Parineeta – By Sarat Chandra Chattopadhyay
**”පරිනීතා”** යනු 1914 දී රචිත, බෙංගාලි නවකතාවක් වන අතර එය සරත් චන්ද්‍ර චටෝපාධ්‍යා විසින් රචනා කරන ලද,පසුකාලීනව හිංදි සිනමාවටත් දෙමල සිනමාවටත් නැගූ තවත් නවකථාවකි.එය 20 වන සියවසේ මුල් භාගයේදී ඉන්දියාවේ කල්කටා හිදී සැකසුණි. පන්ති ක්‍රමය සහ ආගම හා සම්බන්ධ එම කාලයෙහි ගැටලු පිලිබදව ගවේෂණය කල සමාජ විරෝධතා ඇතුලත් නවකතාවක් ලෙස පරිනීතා හැදින්වේ.”පරිනීතා” යන වචනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කල විට එහි තේරුම වනුයේ “විවාහක කාන්තාව” යන්නය.
නවකථාව ඇසුරෙන් සෑදූ චිත්‍රපට
* Parineeta (1942 film), directed by Pashupati Chatterjee.
* Parineeta (1953 film), directed by Bimal Roy, starring Ashok Kumar and Meena Kumari.
* Manamalai (1958 Tamil Language film), directed by Ch. Narayana Rao, starring Gemini Ganesan and Savitri.
* Parineeta (1986 film), directed by Alamgir Kabir, starring Ilias Kanchan and Anjana Sultana.
* Sankoch (1976 film), directed by Anil Ganguly, starring Sulakshana Pandit and Jeetendra.
* Parineeta (1969 film), directed by Ajoy Kar, starring Soumitra Chatterjee and Moushumi Chatterjee.
* Parineeta (2005 film), (Bollywood version), directed by Pradeep Sarkar, starring Sanjay Dutt, Saif Ali Khan, and Vidya Balan.
## Kabuliwala – By Rabindranath Tagore
**”කාබුලිවලා”** යනු, 1891 සිට රබීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත බෙංගාලි කෙටි කතාවකි.(සගරාවක් සදහා ලියූ) මෙම කතාවේ ප්‍රධාන තේමාව නම් පිය සෙනෙහසයි – දරුවන් කෙරෙහි පියවරුන්ගේ ගැඹුරු ආදරයයි.මෙම කතාවේදී,ඇෆ්ඝනිස්ථානයේ කාබුල් සිට වෙලෙන්දකු, සෑම වසරකම ඉන්දියාවට පැමිණෙන්නේ වියළි පලතුරු අලෙවි කිරීමට සහ මිනී නම් දැරිය හමුවීමට ය. මෙම වෙලෙන්දාට ,ණය එකතු කිරීමේදී පුද්ගලයෙකු සමඟ ගැටුමකට මුහුණ පෑමට සිදු වූ අතර,එම නිසා වෙලෙන්දාට සිරගත වීමට සිදු විය. වසර ගණනාවකට පසු, ඔහුට සමාව ලැබී සිරෙන් නිදහස් විය.ඉන්පසු ඔහු නැවත මිනී හමුවීමට ඇගේ නිවසට පැමිණි අතර, වයසින් වැඩී සිටින මිනීට වසර ගනනාවකට පසු,කාබුල්වාලා හමුවූ නිසා ඔහුව හඳුනා ගැනීමට නොහැකි විය.එම කථාව ඔස්සේ චිත්‍රපට කිහිපයක්ම ගොඩනගා තිබේ.
* Kabuliwala, 1957 Bengali movie
* Kabuliwala, 1961 Hindi movie
* Kabuliwala, 2006 Bengali movie
* Kabuliwala – as a part of television series Stories by Rabindranath Tagore
* Bioscopewala,2018 Hindi movie
## Anandamath -By Bankim Chandra Chattopadhyay
**Anandamath** යනු,බංන්කිම් චන්ද්‍ර චට්ටෝපධ්‍යා විසින් රචිත 1882 දී ප්‍රකාශයට පත් කරන ලද බෙංගාලි ප්‍රබන්ධයකි, එය 18 වන සියවසේ අග භාගයේ සණ්‍යාසි කැරැල්ලේ පසුබිමෙන් ආභාෂය ලබාගෙන සකස් කරන ලද්දකි. මෙය බෙංගාලි සහ ඉන්දියානු සාහිත්‍ය ඉතිහාසයේ ඉතා වැදගත් නවකතාවක් ලෙස සැලකේ.මෙම නවකතාවේන් මාතෘ භූමිය පිලිබදව කතාබහ කල අතර, ජාතිකවාදය සම්බන්ධයෙන් ගත් කල,දේශයට,ඉන්දියානු මාතාව උදෙසා ප්‍රශංසා කිරීමට බෙංගාලය හෝ ඉන්දියාව නියෝජනය කල, ප්‍රථම ගීතය වන “වන්දේ මාතරම්,” ගීතය නවකතාවේ මෙන්ම චිත්‍රපටයටද ඇතුලත් විය.
* Anand Math (1952) | Hemen Gupta | Bharat Bhushan, Predeep Kumar, Geeta Bali
මෙම නවකතාව පසුව 1952 දී හේමන් ගුප්තා විසින් අධ්‍යක්ෂණය කරන ලද, **”ආනන්ද් මාත්”** නමින්ම චිත්‍රපටයකට අනුවර්තනය කරන ලද ,අතර එහි ප්‍රිත්විරාජ් කපූර්, භාරත් භූෂන්, ප්‍රදීප් කුමාර්, අජිත් සහ ගීතා බාලි රංගනයෙන් දායක වූහ.ලතා මංගේෂ්කාර් විසින් ගායනා කරන **”වන්දේ මාතරම්”** ගීතයේ අනුවාදයක් මෙහි ලබා දුන් අතර,හේමන්ත් කුමාර් විසින් සංගීතය රචනා කරන ලද අතර එය විශාල සංස්කෘතික සාර්ථකත්වයක් ලබා ගත්තේය.
## Ashutosh Mukhopadhyay
ඔහුගේ පළමු කතාව වූයේ, බාසුමතී පුවත්පතේ ප්‍රකාශයට පත් කරන ලද **”Nurse Mitra”** ය, පසුව එය චිත්‍රපටයක් බවට පත් විය. (බෙංගාලි භාෂාවෙන් Deep Jwele Jai සහ හින්දි භාෂාවෙන් Khamoshi).එමෙන්ම,Safar (1970) සහ Bemisal වැනි බොලිවුඩ් චිත්‍රපට ද ඔහුගේ නවකතාවලින් නිපදවූ ඒවා ය.ඔහුගේ නවකතාවලින් තැනූ චිත්‍රපට කිහිපයක් වේ. ඔහුගේ බොහෝ නවකතා වෙනත් ඉන්දියානු භාෂාවලට පරිවර්තනය කර ඇත.ආදරය සහ ප්‍රේමය සහ මානව සම්බන්ධතාවය ඔහුගේ නවකතාවල පුනරාවර්තනය වන මාතෘකා වේ.
* Chalachal -1956 Bengali / Safar (1970)HINDI | Asit Sen | Rajesh Khanna, Sharmila Tagore, Feroz Khan
* Deep Jwele Jai (Khamoshi in Hindi)
* Kaal Tumi Aleya (Screenplay also by the author)
* Aami Se O Sakha (1975) (Bemisal in Hindi)
* Saat Pake Bandha (1963) Kora Kagaz (1974) | Anil Ganguly | Jaya Bhaduri, Vijay Anand
* Nabaraag (1971), based on Natun tulir taan
* Sankhabela (1966) from the story ‘Sandesh’
## Ashapoorna Devi
1976 දී තාරාචන්ද් බර්ජත්‍යා විසින් නිෂ්පාදනය කරන ලද **Tapasya**,චිත්‍රපටය පදනම් වූයේ ඇගේ එක් නව කතාවක් පදනම් කරගෙන ය.එම වසර සඳහා විනෝදාස්වාදය සපයන හොඳම ජනප්‍රිය චිත්‍රපටය සඳහා වූ,ජාතික චිත්‍රපට සම්මානය එයට හිමි විය. 1980 දී එය තෙළිඟු භාෂාවෙන් **සන්ධ්‍යා **ලෙස ප්‍රතිනිර්මාණය කරන ලදී.අධ්‍යක්ෂ සුමන් මුඛෝපාධ්‍යායි විසින් Nazarband නම් හිංදි චිත්‍රපටයද නිර්මානය කලේ,ඇයගේ “Chuti Nakoch” නවකථාව ඇසුරෙනි.**Agni Pariksha** නවකතාව ඇසුරෙන් **1954 දී Agni Pariksha** නමින්ම බෙංගාලි චිත්‍රපටයක් නිකුත් කල අතර,**Chhoti si Mulaqat (1967) **යනු එහි හිංදි චිත්‍රපටය ප්‍රතිනිර්මානයයි.ඇයත් විශිෂ්ඨ කෘතින් ඔස්සේ බෙංගාල සාහිත්‍ය පෝශනය කල ලේඛිකාවකි.
* Tapasya (1976) | Anil Ganguly | Rakhee, Parikshit Sahni
* Ek Vivah Aisa Bhi (2008) | Kaushik Ghatak | Sonu Sood, Isha Kopikar
* Agni Pariksha 1954 |Bengali Agradoo |Uttam Kumar,Suchitra Sen
* Chhoti si Mulaqat (1967 )Alo Sircar | Uttam Kumar, Vyajanth
ඉහත සදහන් කල සාහිත්‍යධරයින්ගේ නවකථා ඇසුරෙන් නිර්මානය කල,තවත් චිත්‍රපට බොහොමයක් තිබෙනා අතර,අද මා අවධානය යොමු කලේ ඉන් කිහිපයකට පමනි. ඔවුන්ගේ නවකථා සහ කෙටි කථා ඇසුරෙන් නිර්මානය කල,වෙනත් සිනමාපට මෙන්ම,තවත් නොලියූ බොහෝ දෙනා ගැනත් තොරතුරු සමගින් නැවත ලිපියක් ඔස්සේ හමුවෙන්නම්…